මහා භාරකාරතුමා සැලකෙන්නේ මෙරට වැඩිම වත්කම් ප්‍රමාණයක් ඇති පුද්ගලයා ලෙසයි. දරු සම්පත් නොලත් බොහෝ දෙනා තම දේපළ පොදුජන හිත සුව පිණිස උපයෝගීතාවක් ඇතිව ඵල ප්‍රයෝජනයට ගන්නට මහා භාරකාර උන්නාන්සේට තම දේපළ පවරති. දරුවන් සිටින ඇතැම් කෝටිපතින් ද තම දරුවන්ගෙන් පළිගැනීමට මහාභාරකාරතුමාට තම දේපළ පවරන අවස්ථා ද ඇත. තම නංගිලා, අක්කලා, අයියලා සහ මල්ලිලා සිඟා නොකා සිඟා කත්දී ඉන්නට බිම් අඟලක් නැතිව ලතවෙද්දී තම දේපළ මහා භාරකාර උන්නාන්සේට පවරන සත් ගුණවත් කෝටිපතින් ද සිටිති. මේ දේපළ පවරන පුද්ගලයින්ගේ අවසන් අරමුණ තම දේපළ පරිස්සම් කිරීමය. එහෙත් පරිස්සමට තැබූ දෙය ඇලියාවට ගියොත් කොහොමට හිටීවි ද?
මේ භාරකරතුමාට පැවරූ දේපළ ගැන දිග කතාන්දරයක් කියන්නට වුණේ පසුගියදා කළුතර රිච්මන්ඩ් කාසල් මන්දිරය නඩත්තුවක් නැතිකම ගැන ප්‍රවෘත්තියක් අපට දැකගත හැකි වූ නිසාය.

ලංකාවේ ලොකු ගෙවල්වලට කියන්නේ බංගලා හෝ වලව්ව කියාය. එහෙත් කවුරුත් රිච්මන්ඩ් කාසල් එකට රිච්මන්ඩ් වලව්ව හෝ රිච්මන්ඩ් බංගලාව යයි නොකියයි. රදල කුලයේ පුද්ගලයින් වාසය කරන නිවහන් වලව් යනුවෙන් හැඳින්වේ. අපේ මේ වලව් සංස්කෘතිය එංගලන්තයේ වංශවත් පුද්ගලයින්ගේ වාසභවන වූ මැනර් හවුස් (Manor House) සමග සමගාමීය. නානායක්කාර රාජ්‍ය සමයේ අධිකරණ ශාලාව හැඳින්වීමට ව්‍යවහාර වූ ‘වලවුම්’ යන දෙමළ ෙහා් තෙළිඟු ශබ්දයෙන් බිඳී සිංහලයට ආ ‘වලව්ව’ මුල් කාලීනව කන්ද උඩරට ගොවිගම කුලයේ අයට පමණක් සීමා වූවකි. රොනල්ඩ් ලෙව්කොක් ඇතුළු පිරිස නුවර යුගයේ වලව්ව යනු එහි පුනර්භාවිතය (Repetition) මගින් සකසා ගත් වඩා විශාල ප්‍රමාණයේ නිවාස ලෙස විග්රහ කොට තිබේ. එසේ නම් බංගලාව යනු කුමක් ද? ඇන්තනි ඩී කින්ග් විද්වතා කරන විග්‍රහය අනුව එය ඉංග්‍රීසි පාලකයින් විසින් හඳුන්වා දුන් සංකල්පයකි. ඉන්දියානු අර්ද්ධද්වීපයේ ඉංග්‍රීසි අාධිපත්‍ය ව්‍යාප්ත වන්නේ 19 වැනි ශතවර්ෂයේ මුල් කාලයේදීය. සුද්දා ඉන්දියාවට හඳුන්වා දුන් වතු අාර්ථිකයන් සමග බංගලාව (Bungalow) බිහිවිය. එහෙත් මෙහිදී විමසිය යුතු ප්‍රශ්නයක් වන්නේ පිටකෝට්ටේත් ඇතුලුකෝට්ටේත් අතර මීට වසර 150කට එහා තේ වතු තිබුණා ද යන ප්රශ්නයයි. ලංකාවේ පළවැනි පාසල වූ සී.එම්.එස්. පාසල CMS Catholic Methodist School පිහිටි හන්දිය අදත් වරනැගෙන්නේ ‘බංගලා හන්දිය’ ලෙසය.

මෙරට ප්‍රභූ නිවාස ගැන ලිඛිතව සටහන් කොට ඇති පුද්ගලයින් දෙදෙනකු නම් මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආනන්ද කුමාරස්වාමි යන ශූරීන් දෙදෙනාය. රිච්මන්ඩ් කාසල් මන්දිරය තිබෙන්නේ කළුතර ප්රදේශයේය. මොවුන් දෙෙදනාගේ කෘතිවල ප්‍රාදේශීය වෙනස්කම් (Reginol Varidtions) පදනම් කොටගත් ගෘහයක් ගැන සඳහන් වුවත් රිච්මන්ඩ් කාසල් සැලැස්මේ එකකටවත් අනුගත වන්නේ නැහැ. මෙම මන්දිරය ගැන නිර්වචනය කළ හැක්කේ ස්වභාව ධර්මයට සමීපව ජීවත් වීමට (Vernacular) තැත්දැරූ සොඳුරු වංශවතකුගේ නිමැවුමක් ලෙසය. එසේ නම් වලව්වකත් මන්දිරයකත් ඇති වෙනස කුමක් ද? මන්දිරයක කවර දෙසින් බැලුවත් වහලයේ අවසානයක් දැකගත නොහැකිය. එහෙත් වලව්වක කොයි අතින් බැලුවත් වහලයේ කොන නොහොත් ‘එඩ්ජ්’ එක සුටුස් ගා බලාගත හැකිය.
කළුතොට පලාතොට පාරේ ඇති රිච්මන්ඩ් කාසල් මැඳුර තැනුවේ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාය. කලිසම කළු රෙද්ද හා කබාය මුදලිවරයාගේ නිල ඇඳුම විය. කලිසමට උඩින් රෙද්ද ඇඳි නිසා ඒ සන්දියේ මුදලිවරුන් හැඳින්වූයේ රෙද්ද අස්සේ මහත්තුරු ලෙසය. මුදලිතුමාගේ පියා නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් පවුලිස් ද සිල්වාය. ඔහු පරාක්‍රමබාහු රජුට නෑකම් ඇත්තෙකි. ඔහු ඒ යුගෙය් කෝට්ටේ විසූ ප්‍රභූවරයකු විය. එහෙත් බෞද්ධ ප්‍රභූවරුන්ට වූ මරණ තර්ජන හමුවේ මුදලිතුමාගේ පියා බද්දේගම දක්වා පසුවන්නේ ජීවිත ආරක්ෂාව උදෙසාය. අපේ මේ මුදලිතුමාගේ මව වූයේ ඉසබෙලා ද සිල්වාය. මීට වසර 35කට පෙර මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ගැන සිළුමිණ පුවත්පතේ ලිපියක් පළකොට තිබුණේ කළුතර දිවාකර මොහොට්ටි විසිනි. වසර 1982 යි. අද 89 වැනි වියේ පසුවන මොහොට්ටි මහතාගෙන් විමසූ විට දැන ගත හැකිවූයේ කොල්ලුපිටියේ ඉසබෙලා මන්දිරය මුදලිතුමාගේ පියා ගොඩනැගූ එකක් බවය.
මුදලිතුමාට අයියා කෙනෙකු සහ නංගි කෙනෙකු සිට ඇත. අයියා හෙක්ටර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන නම් විය. මුදලිතුමා සහ අයියා ඉංගිරිසි අධ්‍යාපනය සඳහා සහ යටත් විජිතවාදීන්ගේ සංස්කෘතිය උගත්කමට නැව් නගින්නේ කුඩා කලදීමය. පර සුද්දන්ගේ අධ්‍යාපනයෙන් පසු විවිධ විදේශීන්හි කරක් ගැසීමට අප මේ මුදලිතුමා අමතක කළේ නැත. මුදලිතුමාගේ ජීවන චරිතය අධ්‍යාපනයේ පැහැදිලිවම පෙනී යන කරුණක් නම් ඔහු අධිරාජ්‍යවාදීන්ගේ කීකරු ගෝලයකු බවය. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔහු ලත් තාන්න මාන්න ඊට කදිම සාක්කියකි. එංගලන්තයේ ජීවත් වූ 5 වැනි ජෝර්ජ් රජුගේ පිළිරුවක් මුදලිතුමා ගොඩනැගුවේ මේ බ්‍රිතාන්‍ය කිරීටය සමග වූ සබඳියාව නිසා විය යුතුය. එය විවෘත කොට ඇත්තේ එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් ජෝන් ඇන්ඩර්සන් උතුමානන් විසිනි. එම විවෘත කිරීම ගැන සොයිසා පරම්පරාවේ පුවත්පතක් වූ Morning Leader පුවත්පතේ ඡායාරූප වාර්තාවක් ඇත. එහෙත් අද ඉතිරිව ඇත්ෙත් කළුතර ඔරලෝසු කණුව වටා ඇති සිංහ රූප පමණි.

චාල්ස් හැන්රි ද සොයියා චරිතය නමින් 1904 දී සවිස්තරව පළ කරන ලද්දේ ඡායාරූප විශාල සංඛ්‍යාවක් සමග පිටු 900ක මහා ග්රන්ථ රත්නයක් ලෙසය. එහි ඔහුගේ මරණයට තුඩුදුන් කරුණු ගැන සඳහන්ව ඇත. එහෙත් නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා ද තම ජීවන චරිතය ග්‍රන්ථාරූඪ කර තිබුණේ නම් එතුමාගේ විවාහය දරුපල මෙන්ම අවුරුදු 31 පවුල් කෑ බිරිඳගෙන් වෙන්වූ හැටි ගැන සමාජයේ ඇති දුර්මත දුරුකළ ගත හැකිව තිබුණි.
මුදලිතුමා එංගලන්තයේ ඉගැනුම ලබත්දී විවිධ රටවල යටත්විජිතවල ප්‍රභූවරුන්ගේ දරුවන් ද ඔහුගේ සමකාලීනයින් වූහ. ඉන්දියාවේ රවින්ද්‍රනාත් මහරාජාගේ පුතා සමග මුදලිතුමා දැක්වූයේ දැඩි සබඳතාවයකි. එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු ලංකාවට ඒමට පෙර මුදලිතුමා රාම්නාද් මහරාජාගේ මන්දිරයට ගොඩවන්නේ ආරාධනයෙනි. මන්දිරයේ සැලැස්ම දැක අන්දමන්ද වූ මුදලිතුමා එහි සැලැස්ම මහරාජාගෙන් ඉල්ලූ මුත් ලංකාවේ කබ්බන්ට මෙවැනි මාලිගාවක් තැනීමට කාසි නැතැයි කියමින් මුදලිතුමාගේ ඉල්ලීම අවඥාවෙන් බැහැර කරන ලදී. ලංකාවට පයින්ඩයක් යැවූ මුදලිතුමා මන්දිරය දැක බලා ගැනීමට ලංකාවෙන් ගෙන්වා ඇති බව කියවේ. අසල්වාසීන් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියකු සහ මේසන්වරයකු මෙසේ කුඩලිගම ප්‍රදේශයෙන් ඉන්දියාවට නැව් නැගි බවයි. කෙසේ නමුත් මෙම මන්දිරයේ වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය නම් මේ ගිය ඇත්තන් බොහොමයක් ඉහළින් අධ්‍යයනය කොට තිබූ බව නම් නොකිය බැරිය.
ලංකාවට ආ අපේ කතානායකයාට කළුතර මහමුදලි තනතුර ලැබෙන්නේ ඉන්පසුවය. ඔහුට යටහත් ප්‍රාදේශීය මුදලිවරු 12ක් සහ හේවායන් පිරිවරාගත් ඡායාරූපයක් රිච්මන්ඩ් කාසල් මැඳුරේ ඇත. ඔහුගේ ඊළඟ අරමුණ වූයේ ඉන්දියාවේදී තමන් දුටු මාලිගාව තැනීමයි. ඔහු මේ සඳහා තෝරා ගත්තේ කළුතර පලාතොට කලුගං මිටියාවතට මායිම් වූ තරමක් උසින් පිහිටි බිම් තීරුවකි. ලේඛනවල දැක්වෙන්නේ මේ භූමිය අක්කර 42ක් බවය.
මන්දිරය තැනීමට ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත්තේ ආනයනය කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය බව පැහැදිලිව පෙනී යයි. මන්දිරය තැනීමට ලංකාවෙන් හුණු, වැලි, කළුගල් පමණක් යොදාගෙන ඇති අතර මෙහිදී ප්‍රධාන කාරණයක් වන්නේ මෙම විස්මිත නිමැවුම මුළුමනින්ම හැදීමට මුල් වූයේ ඉන්දියන් තාක්ෂණය වීමයි. මෙහි ගඩොල් හා උළු පවා ආනයනය කොට ඇත්තේ ඉන්දියන් සැලැසුමක් අනුව මෙය නිර්මාණය කළ නිසා විය යුතුය.

මෙහි ඇතැම් බිත්ති අඩි 2 ඝනකමින් යුක්තය. මේ සඳහා බුරුම ෙත්ක්ක නැවක්ම කොළඹ වරායේ සිට කළුතරට ගෙනවිත් එතැන් පටන් පාරු සහ බත්තල් මගින් කළු ගඟ හරහා ගෙන ආ බවට ජනප්රවාදයේ ඇතැයි අප කලින් සංවාදයට එක්කරගත් මොහොට්ටි මහතා පවසා සිටී. මෙහි ජනෙල් වීදුරු ඉතාලියෙන් හා ප්‍රංශයෙන් ද නාන කාමර උපකරණ සහ ගෙබිම ඇතිරූ ටයිල් වැනි මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන්වා ඇත. අවසානයේ ඉන්දියාවේ රවිනාත් මහරජාගේ මාලිගයටත් වඩා විශාල මන්දිරයක් ගොඩනගන්නට ලංකාවේ සූර මේසන්ලා, වඩුබාස්ලා සමත් වී ඇත. මොවුන් බොහොමයක් මුදලිතුමා යටතේ වූ මුදලිවරුන් 12 දෙනාගේ යටත් වැසියන් මෙන් දිවි ගෙවූ පුද්ගලයෝ වූහ.
මෙම මන්දිරයේ උළුවහු 99කුත් ජනෙල් 38කුත් තිබූ බව මුල් ලේඛනවල ඇත. කාමර 14ක් උඩුමහලේ සහ පහත මහලේ ඇත. මහා සිසිලසක් දැනෙන නෘත්‍ය ශාලාවක් ඇත. මෙය “නැචුරල් ඒ සී” ලෙස ද සමහරු විග්රහ කරති. වේදිකාවක් මත ඉදිකර ඇති දැවමය බිම ටෙනිස් බෝලයකට වඩා තරමක් කුඩා සිදුරු දක්නට ඇත. මෙම සිදුරු බට මාර්ගයෙන් කළුගඟ තෙක් දිවයන අතර කළුගඟේ සිසිල් වාතාශ්‍රය ශාලාවට ගෙන ඒම එහි අරමුණ විය. මේ බිම සඳහා යොදා ඇත්තේ ආනයනික ඕක් ලීය.
තම මන්දිරයට ගෙවැදීමත් තම විවාහයත් එකම දිනක පැවැත්විය යුතු බවට මුදලිතුමා දැරුවේ තදබල මතයකි. එහෙත් ඔහු ජ්‍යොතිෂ විශ්වාස කළ බවක් දක්නට නැත. ඔහුගේ ව්‍යාපාර අතර රේන්ද, වැවිලි, මැණික් හා මිනිරන් පතල් වෙයි. ඔහුට වැවිලි රජ්ජුරුවෝ යැයි කියූ බව එක් ගැමියකු කියූව ද තවත් ගම්වැසියකු අප සමග පවසා සිටියේ රබර් රජ්ජුරුවෝ ලෙස සඳහන් කරන ලද්දේ විල්මට් ඒ. පෙරේරා මහතාගේ පියා බවය. නමුත් උත්පත්තියෙන් පිරිසිදු බෞද්ධ පවුලක දරුවකු වූ මුදලිතුමා කුඩා කලම කතෝලික දහම වැළඳ ගත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් ද නැත්නම් ඉංගිරිසි ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගැනීමට දැයි තීරණය ඔබ සතුය.
මුදලිතුමා කරකාර බඳින්නට තෝරා ගත්තේ මහනුවර රදල පවුලක දෙවැනි දියණියයි. එවකට එම ළමා තැනීගේ පියා කළුතර නඩුකාර උන්නාන්සේ ලෙස සේවය කොට තිබිණි. ‘පාතයෙක්’ වූ මුහන්දිරම් ගොයියාට හිර දෙන්නට රදලයෝ කැමති වූයේ නැත. එහෙත් ඔහු ගොඩනැගූ රිච්මන්ඩ් මැඳුර දුටු උඩරට රදලයන් අන්දුන්කුන්දුන් වූහ. මහමුදලිගේ ප්‍රෞඩත්වය හමුවේ රදලයෝ පසුබා ක්ලැරිස් මෝඩ් මැටිල්ඩා සූරිය බණ්ඩාර ළමා තැනී මනමාලිය ලෙස රිචම්න්ඩ් මැඳුරට කැඳවාගෙන යෑමට අවසර දෙන ලදී.
වජිර ලියනගේ
ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න
රාවණා යුගයේ යෝගී ධර්ම වඩවන සුසන්ත සත්‍යා යෝගීතුමා මේ හෙළිදරවු කරමින් සිටිනුයේ වඩවාලු ආධ්‍යාත්මික ශක්තීන් මතින් විශ්වය කියාදුන් පාඩම් සමූහයයි. එහිදී යෝගීතුමා එක් න්‍යායක් උකහාගෙන සිටියි. ඒ මෙයයි. තම ශරීරය තුළටම සවන් දෙන්න. එයට බාහිර පරිසරයෙන් සවන් මුදවන්න. සැබැවින්ම, ඔබට එය කළහැකි නම් විශ්වය මැනැවින් වටහාගත හැකියි.
විශ්වයේ දිව්‍යමය ගුණය මනාව විඳගත හැකියි. එවිට ඔබට විශ්වය සමඟින් මනා සබඳතාවක් ඇතිකරගත හැකියි. ඒ සඳහා පෙළගස්වන ආධ්‍යාත්මික කණ්ඩායමට එකතුව, ආධ්‍යාත්මික ශක්තීන් වඩවා, ආධ්‍යාත්මික ගමනක් යෑමට, හෙළ දිවයිනේත්, හෙළයාගේත්, රාවණ පරපුරේ යක්මහ රැජනගේ නීලකුම්බිලා ශක්තියත් අවදි කෙරුමට ඔබ කැමැත්තක් දක්වනුයේ නම්, හෙළයේ ශක්තියෙන් ලොව ජය ගැනුමට කැමැතිනම්, සුසන්ත සත්‍යා යෝගීතුමා සමඟ එක්වීමට ඔබට අවස්ථාව හිමිවී තිබේ. දුරකතන අංක 081-5654647න් යෝගිතුමා ඇමතීමෙන් මේ මහා ජාතික කර්තව්‍යයට ඔබටද සම්බන්ධ විය හැකියි.
මේ හෙළිදරව් කරනුයේ පිටවලපතන පිළිබඳ වන පුළුල් රහසයි. මෙම රහස තුළ ඔබ කියවනුයේ පිටවලපතන හෙවත් රිවර්ස්ටන් ආශ්‍රිතව පවත්නා වූ සවිස්තරාත්මක විස්තරයයි. ඒ තුළ තිඛෙනුයේ නැරඹුම් හා සංචාරක පරිසර පද්ධතිය තුළ සැඟැවුණා වූ ශක්ති සමූහයයි. ආධ්‍යාත්මිකව වඩවා ගනු ලැබූ මනැස් සංඥා පණිවුඩ හරහා ලැබුණු එමඟින් කියැවුණේ මෙබන්දකි.
රිවර්ස්ටන් කන්ද බලන්න. එහි කඳු මුදුනට යන්න. ඒ යන ඔබට එක් ස්ථානයකදී ශක්ති ගලක් හමුවනු ඇති. ඔබට එය දැනෙනු ඇති. එහි නවතින්න. එය ගලකි. ශක්ති කළා වූ ගලකි. එම ගල මත සිට ඔබ යෝගධර්ම වඩන්න. එය ඔබට විශ්වය සමඟ බැඳීම් ඇතිකරගැනුමටත්, විශ්ව රහස් දැනගැනුමටත් උපකාර කරයි. ඔබ එය ලොවට වටහා දෙන්න.
එහිදී ඔබ විශ්වයේ ගුප්ත රහස් බලය හඳුනාගනී. ඒ අඳුර, ආලෝකය, ශබ්දය සහ නිහ~ බවයි. මෙය විශ්ව නිර්මාපක න්‍යායයි. විශ්ව නිර්මාපකයා මෙය සාධක සතරකින් ඔබට ගෙනහැර දක්වයි. ඝන, ද්‍රව, වායු සහ ශක්ති එම සාධක සතරයි.
යෝග විද්‍යාවේ මූලධර්ම මෙවන් දෙයක් කියයි. ඒ මිනිසා සහ විශ්වය එක හා සමාන වන බවයි. විශ්වය නිර්මාණය කළා වූ සාධකම මිනිසාද නිර්මාණය කෙරුමට දායක වූ බවයි. මිනිස් සිරුර ඝන, ද්‍රව, වායු, ශක්තීන් එකතුවෙන් නිර්මාණය වූ බවයි. විශ්වය නිර්මාණය කළා වූ මිනිසා නැවතත් විශ්වයටම එකතුවන බවයි.
මේ විශ්වයේ සත්‍යයයි. මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ කල්හි මිනිසාගේ ඝන, ද්‍රව, වායු, ශක්ති යළි විශ්වයටම එකතුවීම, එය සනාථ කරවන හොඳම සාක්ෂියයි. මිනිසා විශ්වයට පොදුවන සාධකයක් මිස, මම හෝ අපි යනුවෙන් කියැවෙන පෞද්ගලික වස්තුවක් නොවන බවයි. මෙය නිවැරැදිව වටහා ගැනුම සිදුකළ කල්හි විශ්වය හා එක්විය හැකි බව, විශ්වය තුළ පවතින්නා වූ ශක්තීන් සමඟ එකතුවීම සිදුකළ හැකි බව යෝග විද්‍යාව පෙන්වා දෙයි.
මෙම එකතුවීම මූලිකවම කියනුයේ මිනිස් සිරුර ගැනයි. එහි ශක්තීන් තුනක් පිළිබඳවයි. එය වම් නාඩිය, දකුණු නාඩිය, සුෂුම්නා නාඩිය ලෙසින් හඳුන්වයි. සුෂුම්නා නාඩිය මෙහිදී විශේෂ වෙයි. ඒ නිලයක් හෙවත් චක්‍රයක් සම්බන්ධවයි. එය කියනුයේ සුෂුම්නා නාඩිය ඇසුරෙහි. නිලයන් හෙවත් චක්‍ර පහක් තිඛෙන බවයි. මූලාධාර, ස්වාධිෂ්ඨාන, මණිපුර, අනාහත, විසුද්ධ එම චක්‍ර පහයි. මෙහි තවත් වැදගත් චක්‍රයක් තිබේ. ඒ ආඥා චක්රයයි. එය තිඛෙනුයේ නළලේ දෙබැමට යටිනුයි. මෙහි යෝග විද්‍යාවේ බලවත් ශක්තියක් ගැබ්ව තිබේ. ඒ කුණ්ඩලීනි ශක්තියයි. එය සැඟව පවතිනුයේ මූලාධාර චක්‍රය තුළයි. ප්රාණයාම වැඩවීම තුළින් කුණ්ඩලීනි ශක්තිය වඩවාගත හැකියි.
පිටවලපතන අයත්වනුයේ මධ්‍ය කඳුකරයටයි. නකල්ස් කඳු පන්තිය යනු ඉහළ අහසයි. එය ඉහළ ශක්තිය සපයමින් සිටියි. දුම්බර මිටියාවත යනු පහළ පොළෝතලයයි. එය පහළ ශක්තිය සපයමින් සිටියි. මෙය විශේෂ ශක්තියකි. මෙම ශක්තීන් යෝග වැඩීමේදී විශේෂිත අගයක් ගනියි. එයට එක් හේතුවක් තිබේ. ඒ පිටවලපතන හෙළයේ පරිසර කඳු පන්තියේ මධ්‍ය කේන්ද්‍රයේ පිහිටීම නිසයි. එය දෙආකාරයකට හැඳින්විය හැකියි. සූර්ය ශක්තියෙන් බැබළීම, ගන මීදුමෙන් සීතලවීම එම හැඳින්වීමයි. මෙම ත්‍රිත්ව අවස්ථාවන් ශක්ති විශේෂයන් තුනක් සපයයි. ඒ රිවර්ස්ටන් කාල හෝරාව සම්බන්ධවයි. රිවර්ස්ටන් පැය විසිහතර පුරාවට නොබිෙඳන රටාවකින් යුතුව, නියමිත කාල හෝරා ගණනයෙන් විශ්වයේ කාල නියමයන් සමඟින් බද්ධ වෙයි. එමඟින් ශක්ති බිමක් බවට පත්වෙයි.
රිවර්ස්ටන්හි විශ්වීය ක්‍රියාකාරිත්වයක් පවතියි. එහි ආධ්‍යාත්මික බලයක්ද තිබේ. එතුළ හෙළ ඉතිහාසයේ සැඟව ගිය යටගියාව පවතියි. ඒතුළ අවස්ථාවන් දෙකක් තිබේ. ඒ මනුෂ්‍ය වාසයෙන් තොරවූ විට අදෘශ්යමානවන්නා වූ, දෘශ්යමානවන්නාවූ ක්රියාකාරීත්වයන් සමූහයක් මෙහි පිරී පැවතීමයි. පිටවලපතන හා බැඳී පවතින ප්‍රබල සාධකයක් ගැනද මෙහිදී හෙළිදරවු කෙරෙයි. එනම්, රාවණා නිරිඳුන් පිටසක්වළ හා සම්බන්ධකම් පැවැත්වීමට රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රය උපයෝගී කරගත් බවයි.
ආදී ශක්ති වරමින් යෝග ධර්ම වැඩවීම සඳහා වන ශක්ති කේන්ද්‍ර කිහිපයක් රිවර්ස්ටන්හි තිබේ. ඒ මහා ශිව ශක්තියයි. මහා ශිව ශක්තිය මෙහිදීත් ප්‍රබල වනුයේ ශිව දෙවිඳුන් හරහායි. එමඟින් කෙරෙනුයේ ලෞකික බවේ ආධ්‍යාත්මික ශක්තීන්හි ප්‍රබලත්වය වැඩවීමයි. ශිව ශක්තිය මුදාහරිමින් සිටින ශිව දෙවිඳුන් වැඩ සිටින භූමිය වනුයේ හිමාලයයි. හිමාලය ආධ්‍යාත්මික ශක්තිවන්තයන්ගේ සහ ශක්ති වඩවන්නන්ගේ නිජබිමයි.
මේ හිමාලය සහ රිවර්ස්ටන් අතර පැතිර තිඛෙන්නා වූ තවත් රහස් හෙළිදරව්වකි. හිමාලයේ කේන්ද්‍රීය රේඛාව සිරස්ව විහිදෙනුයේ හිමාල නාභිය ස්පර්ශ කරගෙනයි. හිමාල නාභිය යනු, හිමාලය සතු සියලූ ශක්තින් ඒකරාශී කරගන්නා වූ ගබඩාවයි. එය ස්පර්ශ කරමින් දිවයන සිරස් රේඛාව නාභියෙන් මුදාහරිනු ලබන යෝග ශක්තීන්ගෙන් පිරෙමින් පවතියි. මේ පිරෙමින් පවතින්නා වූ ශක්ති සමූහය සිරස් රේඛාවට කාවැදී සිරස් අතට ගමන් කරයි.
හිමාල නාභිය ස්පර්ශ කරමින් විහිදෙන සිරස් රේඛාවේ අනෙක් කෙළවර සම්බන්ධ වනුයේ හෙළ දිවයිනටයි. හෙළ දිවයිනේ නාභියටයි. හෙළ දිවයිනේ මෙම නාභිය වූ කලී රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රයයි. හිමාලයේ ශක්තිය ස්පර්ශ කරන සිරස් රේඛාව හරහා රිවර්ස්ටන් නාභිය ස්පර්ශ වීම තුළින් හිමාලය සතු සියලූ යෝග ශක්තීන් රිවර්ස්ටන් නාභිය තුළින් පිටවල පතනට ගලායයි. හිමාලය යෝගිවරුන්ගෙන් පිරී පවතින තාක් කල් මෙම ශක්ති වීම සිදුවෙයි. එමතාක් කාලයක් එම ශක්තීන් රිවර්ස්ටන් බිම ශක්ති කරවයි. විශ්වයේ රහස වනුයේ මෙයයි.
රිවර්ස්ටන් හෙළ ඉතිහාසයට සම්බන්ධ ශක්ති බිමක් වනුයේ එම ආකාරයටයි. එම ශක්ති බිම තුළ ආදි ශිව ශක්තිය, මානස පුත්තු හත්දෙනාගෙත්, සප්ත මහා සෘෂිවරුන්ගෙත්, හෙළයට සම්බන්ධ මුනිවරයන් තිදෙනාත්, රාවණා නිරි¼දාත්, ඉන්ද්‍රජිත් කුමාරයාත්, නීලකුම්බිලා දේවතාවියත් රැඳී සිටි බව ආධ්‍යාත්මික සංඥා සහ පණිවුඩ කියාපායි.
මෙහි සිට යෝග ධර්ම වැඩීමේදී බලපාන විශේෂිත කරුණක් තිබේ. ඒ වේගය සම්බන්ධවයි. වේගයේ ප්‍රමාණය පිළිබඳ වන හැඳින්වීම කෙරෙනුයේ ආලෝකයේ වේගයෙන් යන්නයි. රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රය මත යෝග වැඩීම තුළින් ආලෝකයේ වේගයෙන් ආධ්‍යාත්මික භාවය ලැබිය හැකි බව එහි සරල අරුතයි. මෙය පැහැදිලි ලෙසම කියනුයේ රිවර්ස්ටන් යනු විශ්වය හා බලපැවැත්වීමට අවශ්‍ය ශක්තීන් ක්ෂණිකවම ලබාදෙන කේන්ද්‍රස්ථානයක් බවයි. එය එසේ වනුයේ ආධ්‍යාත්මික දැනුමක් සහ හැකියාවක් ඇත්තවුනට පමණක් බව ඒ සමඟම කියයි.
රාවණා නිරිඳුන් විසින් විශ්වයේ ශක්තීන් බලගැන්වීම සඳහාත්, ආලෝකයේ වේගයෙන් ලොව වටා යා හැකි ගමන් වේගයක් නිර්මාණය කරනු ලැබුවේත් මෙම ශක්ති කේන්ද්‍රය තුළ සිටිමිනුයි. මෙය විශ්වයේ සක්වළ දොරටු ක්‍රියාත්මක වීමේ ශක්ති කේන්ද්‍රයක් බවද ලැඛෙන සංඥා සහ පණිවුඩ කියාපායි. ඒ සමඟම කියනු ලබන අනෙක් කාරණය වනුයේ පිටසක්වළ තොරතුරු හෙළ ඉතිහාසයේ මහා රාවණා විසින් ලබාගනු ලැබුවේ සහ රාවණා විසින් සක්වළ තරණය කරනු ලැබුවේ මෙම ස්ථානයේ සිට බවයි. ලැඛෙන වෙනත් සංඥා පණිවුඩවලින් තවත් අදහසක් මතුකර පෙන්වයි. රාවණ නිරිඳුන් ද~ුමොනර විමාන සක්වළ තරණය කළ ස්ථානයෙදී මෙය වන බවයි.
රිවර්ස්ටන් ශක්ති ගල ගල්කුළක් මැද පිහිටි කුඩා ගල්කුළකි. එහි ගියවිට එහි විශේෂත්වය දැකීමට හැකියි. පිටවලපතනේ හානිය වන එහි සිට අවට බැලීමේදී පිටවලපතනත්, එහි පැතිර පවත්නා වූ සියලූ ශක්ති කේන්ද්රස්ථානත් මනාව දර්ශනය වෙයි.
ඉන් ප්‍රධානම තැන් කිහිපයක් වෙයි. මානිගල, ඉලක්කගල, ලග්ගල ඉන් ප්‍රධාන තැනක් ගනියි. මෙහිදී ශක්ති වඩවන ගල සහ මානිගල විශේෂයක් දක්වයි. ඒ එම ස්ථාන එකිනෙක සමඟින් කේන්ද්‍ර වන හෙයිනි. මානිගල යනුවෙන් හැඳින්වෙනුයේ යම් හැඩතලයකට පිහිටි ගල් කැපුමකි. මේ පිළිබඳ වෙනස් වූ පාරම්පරික විශ්වාසයක් මෙන්ම මතවාදයක්ද තිබේ. ඒ කාල හෝරාව හෙවත් දවසේ වේලාව ගණනය සඳහා කරන ලද්දක් බවයි.
මෙවන් ස්ථාන තිඛෙනුයේ දෙකකි. ඉන් එකක් වනුයේ හෙළ දිවයිනේ මානිගලයි. අනෙක වනුයේ පේරු රටේ තිඛෙන මේ හා සමාන ගල්කැපුමයි. බැලු බැල්මට මේ දෙකෙහිම වෙනසක් නොපෙනෙයි. නොදැනෙයි. මේ තුළ තවත් විශේෂත්වයක් දැක්වේ. ඒ හෙළ දිවයින ගුරුත්වාකර්ෂණය අඩු රටක් වශයෙන් වන හැඳින්වීමයි. පේරු රට ගුරුත්වාකර්ෂණය වැඩි රටක් ලෙසින් වන හැඳින්වීමයි. මේ දෙය තුළ කියැවෙන කතාවක් තිබේ. එනම්, මෙම කැපුම්තල අතර යම් ශක්තියක් ක්‍රියාත්මක වන බවය. ක්‍රියාත්මක වන එම ශක්තිය මතින් මෙම කැපුම්තල ස්ථානයත් ශක්ති වන බවය.
රිවර්ස්ටන්හි ක්‍රියාත්මක වන ශක්ති විශේෂයන් ගැනද පණිවුඩ ලැඛෙමින් පවතියි. ඒ තුළ සූර්ය ශක්තිය, පංච මහා භූත ශක්තිය, විශ්වයෙන් එන ප්රාණවේග, ඥානයෝග නම් ශක්තීන් කිහිපයයි.
රිවර්ස්ටන් ශක්තිගල තුන්පසෙකින් සහ වක්රාකාර ලෙසින් සුවිශේෂී බලවේගයන් ක්‍රියාත්මක කරමින් සිටියි. ශක්ති ගල ඉදිරිපසින් හිමාලයේ සිට එන්නා වූ ශක්තීන් සමූහයද, වම්පසින් මානිගල සිට එන්නා වූ ශක්තීන් සමූහයද, ඉහළින් විශ්වයෙන් එන්නා වූ ශක්තීන් සමූහයද හේතුවෙන් ශක්තිවෙමින් තිඛෙයි.
රිවර්ස්ටන් සමඟින් ඒකාත්මික වන තවත් ශක්ති කේන්ද්‍රයක් වනුයේ නාලන්දා ගෙඩිගෙයයි. නාලන්දා ගෙඩිගෙය රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රය සමඟින් රේඛීයව ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම ඒකීය රේඛාව කොටස් දෙකකින් සමන්විතයි. ඒ රත්තොටින් උඩකොටස රිවර්ස්ටන් හා මානිගල වශයෙන්. මේ හරහා ක්‍රියාත්මක වූයේ ශාන්ති කර්මයයි. ශාන්ති කර්මය අදටත් මුල්තැන් ගෙන තිඛෙනුයේ රණමුරේ ගමටයි. ඒ යක්කම ශාන්ති කර්මය ලෙසිනුයි. යක්කම ශාන්ති කර්මයත් එක්කම එන්නේ පිරිමිඩ ශක්තියයි. එය ත්රිකෝණාකාරයි. මේ හරහා සිදුවූයේ සූර්ය නමස්කාරයයි. එය සරලව ගත්විට අග්නි පූජාව ලෙසින් කියැවෙයි.
රිවර්ස්ටන් ඒකීය රේඛාවෙන් පහළ කොටස අයත්වනුයේ ලග්ගල පල්ලේගමටයි. මේ යටතේ ලග්ගල කඳු පන්තිය විශේෂයි. මෙහි විශේෂත්වය වනුයේ මෙයයි. පිටවලපතන සම්පූර්ණවම මුළු සක්වළවල් සමඟින් බලවත් වන ඒකීය කේන්ද්‍රයක් වීමෙනුයි. මෙම ඒකීය කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍ය ලෙසින් මෙම ස්ථානය සැලකිය හැකියි. නිතරම වායු ශක්තිය ප්රබලව හැසිරෙන පිටවලපතන තුළ යෝගයන් වඩවන විට පමණක් වෙනත් පරිසර පද්ධතියක් නිර්මාණය වන බව කිව හැකියි. එම නිර්මාණය කෙරෙන පරිසර පද්ධතිය වනුයේ හිමාලයේ යෝගී අවස්ථාවන්හිදී මතුවන පරිසර පද්ධතියයි.
පරිසරයේ සිදුවන වෙනස්වීම් ප්රබලව දැනෙන ස්ථානයක් වනුයේ ශක්ති ගලයි. ශක්ති ගල මත සිට ඕම් නමස්කාරය කීමෙන් පියවරෙන් පියවර ළඟාවන්නා වූ යෝගී ධර්මයන් පරිසරය පියවර කිහිපයකින් වෙනස් කරවයි. රිවර්ස්ටන් හැමවිටම වෙනස් වන්නාවූ පරිසර සාධක තුනකින් මිශ්‍රව පවතියි. වරෙක තද මීදුමද, තවත් වරෙක තද සුළඟට, යළිත් වරෙක සුළඟින් ගසාගෙන යනු ලබන වැහි පොදෙන්ද යුක්තයි. මෙම තත්ත්වයන් සියල්ල මැද යෝගී ධර්මයට පිවිසෙන ශක්ති ගල මත යෝගී නොවන සාමාන්‍ය අයකුට විසීම තදබල අපහසුතාවක් ගෙනදෙනු ලබයි.
යෝගිවරයකුට වඩවන ලද යෝගිධර්ම හරහා මෙම තත්ත්වයට ඉතා පහසුවෙන් මුහුණ දිය හැකියි. රිවර්ස්ටන් ශක්ති ගල මත යෝග වැඩීමේදී සිදුවන ක්‍රියාකාරකම් මෙලෙසින් දැක්විය හැකියි. එනම් පළමුව රිවර්ස්ටන්හි ස්වාභාවිකවම පවතින පරිසර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. එම තත්ත්වයන් ඉතා දැඩි සහ දරාගත නොහැකි කටුක සහ දුෂ්කර බවින් යුක්ත බවද කිවයුතු නොවෙයි. මෙම තත්ත්වය යටතේ වැඩිය යුතු එක් යෝගයක් තිබේ. එම යෝගය සියලූ බාධක මැ~ගෙන නියමිත කාලයක් තුළ වඩවාලිය යුතුයි. මෙහිදී ප්‍රධාන වනුයේ ඕම් කාරයයි. ඕම්කාරය උච්ච ස්වරයේ සිට ශබ්ද නඟමින් මන්ද ස්වරය කරා ගෙන යා යුතුයි. මෙහිදී වරනැඟීම් සහ ස්වර රටා හැ~වීම පිළිබඳ වන නියමයන් අනුගමනය කළ යුතුයි. පැහැදිලිව කියනුයේ නම් මෙම ඕම්කාරය හැ~වීම ශබ්දය සහ නිහ~ත්වය අතර වන සංයමයක්.
ශබ්දයෙන් ශබ්ද නඟා අවදි කරවන රිවර්ස්ටන් විශ්ව ශක්තිය, එම ශබ්දය මඟින් සිරකර නිහ~ බව දක්වා රැගෙන යා යුතුයි. මෙම නිහ~ බව යනු ආධ්‍යාත්මිකව වන එකතුවීමයි. මෙම එකතුවීම කියනුයේ සැඟව පවත්නා බල ශක්තීන් සමඟ පණිවුඩ හුවමාරුකර ගැනුමට සූදානම් බව දන්වන කාල හෝරාවයි.
වඩවාලනු ලබන සියලූ යෝග ශක්තීන් සහ ලැඛෙමින් පවත්නා වූ යෝග ශක්තීන් දෙනු ලබන පණිවුඩ සංඥා ලෙසින් එකට මුණගැසෙනුයේ මෙම අවස්ථාව තුළදීයි. මෙහිදී සිදුවන දෙය වනුයේ පණිවුඩ සහ පණිවුඩ අතර හුවමාරුව සිදුවීමයි.
මේ මොහොත ඉතාමත් විශේෂිත වූවක් බව කිව හැකියි. ඒ පරිසර තත්ත්වයන් පිළිබඳ වන විමසීම තුළදීයි. මෙහිදී සිදුවනුයේ රිවර්ස්ටන් ශක්ති ගල වටා යම් සීමාවක් දක්වමින් යෝගී ශක්තිය වළල්ලක් මෙන් පැතිර යෑමයි. එහිදී සිදුවනුයේ රවුම් වළල්ල නිර්වායු තත්ත්වයකට පත්වීමයි. රිවර්ස්ටන් පොදු පරිසර තත්ත්වය තුළ තිබුණා වූ දැඩි සීතල, අධික වේගවත් වායු ධාරාව, දැඩි වැහි බින්දු කවය තුළින් ඉවත්වීම සිදුවෙයි. වෙනස්වන පරිසර තත්ත්වය තුළ මඳ රස්නයක්, තෙත් නොවූ පරිසරයක, වාතය රහිත ස්ථානයක් නිර්මාණය වෙයි.
ආධ්‍යාත්මිකභාවය ලබන යෝගියකු හට පමණක් මෙම අවස්ථාව හිමිවෙයි. එම අවස්ථාව තුළ ආධ්‍යාත්මික භාවයක් නොලැබූ, යෝගී ධර්මයන් වඩවාලීමට කැමැත්තක් දක්වන අයකු සිටියේ නම් එම වෙනසද එම අයටත් හිමිවෙයි. මෙය යෝගධර්ම විද්‍යාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. එනම් යෝගිවරයකු සමඟ ආධ්‍යාත්මික ගුණවත් බව නොලබා වුවත්, ආධ්යාත්මිකභාවයෙන් ලබාගත හැකි, එමෙන්ම එය ප්‍රායෝගිකව අත්විඳිය හැකි එකම අවස්ථාව එය වන බවයි. එවන් අවස්ථාවන්ට යම් අයකු අකැමැතිවන්නේද එය පෙන්වාදෙනුයේ තමන් ආධ්‍යාත්මිකව යම් පිරිහීමක් ලබන්නට කැමැත්තක් දක්වන බවයි. මෙම තත්ත්වයන් කියාපානුයේ එම අය විශ්වයේ පවත්නා වූ ගුප්ත බලයන් හඳුනා නොගත් බවයි. එමඟින් දුරස්ව සිටින බවයි. අඳුර, ආලෝකය, ශබ්දය, නිහ~තාව වටහා නොගත් බවයි. විශ්ව නිර්මාපකයා නොහඳුනන බවයි. විශ්ව නිර්මාපකයා සෑදීමට හේතුවූ ඝන, ද්‍රව, වායු, ශක්ති සාධකවලින් නිර්මාණය වූවකු වුවත්, විශ්ව නිර්මාපකයා සමඟින් නොපෑහෙන බවයි. වම් නාඩිය, දකුණු නාඩිය, සුෂුම්නා නාඩිය නොමැති බවයි. ආඥා චක්‍රය, කුණ්ඩලිනී ශක්තිය නොමැති බවයි. ප්රාණයාම වැඩීම සිදුනොවන බවයි. එනම් ප්‍රාණය නොමැති බවයි. ඔබ රිවර්ස්ටන් කියැවීමෙන් වටහාගත යුතු වනුයේ මෙයයි.
-අරුණඩේල් විජේරත්න-
ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න
තමන්ට මොන තරම් සැප සම්පත් උරුම හිමිකම් තිබුණත් සසර පුරුද්දට හොරකම් කළ, මං පැහැරූ දාමරිකයන්ගේ කතා අපේ අතීත රාජාවලියේ ද හමු වෙයි. ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් රාජ්‍ය පාලනයේ යෙදුණු මහා චූලික තිස්ස රජුගෙන් පසු මේ රටේ රාජ්‍ය බලය ගන්නේ වළගම්බා රජුගේ පුත්‍රයකු වූ මහානාග කුමාරයාය. මොහු හොරුන්ගෙත් හොරෙකි. මහා චෞරයෙකි. නම ඇසූ පමණකින්ම ගැමියන් බියපත්ව දුවන මහානාග කුමාරයා මං පහරන දාමරිකයෙකු මෙන්ම අග්‍රගණ්‍ය සොරෙකු ලෙස ප්‍රකට ව සිටියේය. මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළත් සොර දෙටුවකු බව හඳුනාගනු ලැබීමෙන් පසු ගැමියෝ ඔහුට ‘චෝරනාග’ යැයි කීහ.
ඔහුගේ හිතුවක්කාර ක්‍රියා හා දේහ විලාසය කෙනෙකු භීතියට පත්කරවන තරම් බියමුසු එකක්ම විය. මහානාග සොර කැල සමඟ කඳු, හෙල්, මුකලාන්, පර්වතවලට සැඟැවී සිට ඇතැම් අවස්ථාවල බෞද්ධ සිද්ධස්ථානවල රැකවරණ පැතීය. තම ආරක්ෂාව පතා ඔවුහු එවන් අවස්ථාවල භික්ෂුන් හමුවට ගියහ. එහෙත් භික්ෂුහු ඔවුනට උදවු කිරීම ප්‍රතික්ෂේප කළහ.
එහෙත් මහානාග හෙවත් චෝරනාග ක්‍රිස්තු පූර්ව 63 සිට 51 දක්වා රාජ්‍යත්වයට පත්වූයේ කිසිවකු නොසිතූ පරිද්දෙනි. මේ රජතුමා රටේ පාලකයා වීමත් සමඟම තමා සොරකු ලෙස සිටි කාලයේ තමන් හා පිරිසට නවාතැන් නුදුන් සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් පලිගැනීමට ආරම්භ කළේය. ඔහු මේ භික්ෂුනට නොයෙක් වදහිංසා පමුණුවා නොනැවතී ඒ ඒ විහාරවල නිධාන ද කොල්ල කෑවේය.
එහෙත් දෛවය කරකැවී එන්නේ පුදුමාකාර ලෙසිනි. ඔහු රජවීමෙන් පසු රාජ දේවිය ප්‍රධාන අගබිසව ලෙස පත්කැරගත්තේ අනුලා දේවියයි. අනුලා රූමත්ය. කාමාශක්තය. තමා සිතූ දෙයක් ලබා ගැනීමට ඕනෑම කුදු මහත් කැපවීමක් කරන්නීය. කාම කලාවේ ඉසියුම් තැන් දන්නීය.
චෝරනාග ද සියලු කම් සැපතට ලොල් කළ සොර දෙටුවකු නිසාම අනුලා දේවියට බෙහෙවින් ඇලුම් කළේය.
චෝරනාග සිත් සේ මධු බී අඳුර තුනී සළු එළන්ට අනුලාවන් ද සමඟ සිරි යහන් ගැබට යන්නේය. දින සති මාස ගත වී යන බවක්වත් නොදැනෙයි. එහෙත් චෝරනාගගේ පහසින් ප්‍රබෝධ වීමට අනුලාට බැරිය. එය තවත් විවිධ පැතිකඩ ඔස්සේ රාගාධි කලාවන් උගැනුමට ඈ සිත් පෙලැඹැවිණ. ඇය රහසින් රජ වාසලේ නොයෙක් ඇත්තන් දෙස බලා සිටින වග චෝරනාගට පෙනිණ.
මේ අතර රජ වාසලේ කසළ ශෝධකයකු තම රාජකාරිය නිමවා සැඳෑ යාමයේ රජ මිදුල හරහා ගමන් කරමින් සිටියේය. අනුලා බිසව හිටියේ රජ මාලිගයේ උඩු මහලේය. කසළ ශෝධකයාගේ මනාව වැඩුණු ආරෝහ පරිණාහ දේහය, ජවසම්පන්න මස්පිඬු යදඬු වන් බාහු හා තෙදවත් ගමන් විලාසය ඇගේ සිත ඔහු කෙරෙහි වසඟ කරවන්නට සමත් විය.
...ෂහ්... මේ කසළ ශෝධකයා සමඟ රතිසුව විඳිය හැකිනම් එය මොන තරම් අගනේදැයි අනුලා කල්පනා කළාය. ඇය අතින් සන් කරමින් පහළින් ගමන් කරන තම සේවකයා කැඳවූවාය. එහෙත් මොහොතකින් සියල්ල වැරැදී ගියේය. රජුගේ උකුසු ඇස් ඒ වන විටත් මේ සිදුවීම කෙරෙහි යොමු වී පැවැති බව අනුලා නොදත්තාය. රජු දුටු සේවකයා වහ වහා වාසල් දොරකඩින් නික්ම ගියේය.
එහෙනම්... මට ලැබුණ තොරතුරු හරි... තීට... කසළ ශෝධකයකුගේ පහස පවා අවශ්‍යයි.. කී රජු තී කුමන විදිහේ කාමධේනුවක්දැයි ඇගෙන් ප්‍රශ්න කළාය.
නුඹ තක්කඩි හොරෙක්... නුඹ මේ රාජ්‍යයේ අද රජු වුවත් මා වැනි රූප ශෝභාපන්න යෞවනියකගේ සිත කියවීමට නොදනී.
එසේ හෙයින් මා බලවත් තැවුලට පත්ව සිටිමි... අනුලා ද කීවාය. එහෙත් මේ රජු අනුලාගේ පහසට බෙහෙවින් ලොල් බැඳ සිටි බැවින් ඇය නොමරා බිසව් තනතුරේම තබාගත්තාය.
රජ වාසලේ ගින්න බුර බුරා නැංගේය. ඒ අනුලාගේ කාමාග්නිය සමඟ එක්වෙමිනි. මුලින් කී සේවකයා කෙසේ හෝ කැඳවා රහසේ කම් සැප විඳීමට අනුලා වග බලා ගත්තාය. නුඹ මා සමඟ සැමදා මෙසේ සිටීමට කැමැතිදැයි... එවන් අවස්ථාවක අනුලා බිසව ඒ තරුණ සේවකයාගෙන් ඇසුවාය. සේවකයා ද ඇගේ පහසට ලොල් විය. ඇය කියන්නක් ඔහු නොපමාව කැර දෙයි. ඒ අනුව සේවකයා ලවා භයානක වස වර්ගයක් ගෙන්වා ගත් අනුලා බිසව චෝරනාග රජුගේ මධු පානය මොහොතේ ඒ බඳුනට ඒවා ද මුසු කළාය.
චෝරනාග සිහි විසඥව මියගිය බව සඳහන් වුවද ඔහු මිය ගියේ වස ශරීරගත වීමෙන් බව දැන සිටියේ අනුලාවන් පමණකි. නැවතත් රටේ රාජ්‍ය සඳහා මහ කලිකලහයක් ඇතිවිය. කලින් රජකම් කළ මහා චූලික තිස්ස රජුගේ පුත්‍රයකු වන මකලන් තිස්ස මේ වන විට සිටියේ සිවුරු පොරවා භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැඟැවීගෙනය. ඒ චෝරනාගට හා සටකපට අනුලා දේවියට බියෙනි. එහෙත් මහා චූලික තිස්ස රජුගේ තවත් පුත්‍රයකු වන කුඩා චූලික තිස්ස රාජ්‍ය ලබා ගැනීමට අනුලාගේ උදවු පතා කිට්ටු විය. කුඩා තිස්ස මේ ආකාරයට අනුලාගේ උපකාර ලැබ ක්‍රි. පූර්ව (51 - 48) වසර 3ක් පමණ රජකම් කළේ තම අගබිසව ලෙස අනුලාවන් ද තබාගෙනය.
අනුලාවන් ඒ අවසාන අවුරුද්ද වන විට තවත් අලුත් පෙම් හබයක පටලැවුණාය. ඒ ‘ශිව’ නමැත්තකු සමඟිනි. ඇය ශිව සමඟ රතිසුව විඳින අතරතුර කුඩාතිස්ස මරන්නේ කෙලෙසදැයි කල්පනා කළාය. ඇය කුඩාතිස්ස රජු මරණයට පත් කළේ ඔහුගේ රාජකීය භෝජනවලට වස මුසු කරමිනි.
‘ශිව’ ඒ සඳහා ඇයට උදවු කළේය. අනුලාට රාජ්‍ය ලෝබය නැත. ඒ නිසා ඊළඟ රජු වශයෙන් කිරීටය මාරු වී ගියේ ශිවටය. ශිව වසරක් පමණ නාමික රජු වශයෙන් රාජ්‍ය කළත් ක්‍රියාත්මක වූයේ අනුලාගේ නියෝගය. ශිවගේ පහසින් ද ඇයට සෑහීමකට පත්වන්නට බැරි තැන ඇය ශිවට ද මල පුඩුව ගැස්සුවේ පෙර පුරුදු ආකාරයටමය.
ශිව මිය ගොස් දවස් ගණනක් ගතවෙද්දී අනුලා බිසව වඩු කාර්මිකයකු වූ ‘වටුක’ නම් තැනැත්තකුගේ පහසට ළංවූවාය. ඔහු ද රජකමට පත් කළ අනුලා ඒ රජකමට ආයුෂ දුන්නේ ද මාස 14ක් පමණි. වටුක රජුගේ කාම පහස ද ඇයට රුචි වූයේ නැත. ඔහුට ද වස කැවීමෙන් මරණය ළඟා කැරිණ.
මේ රැජන සිංහල රාජාවලියේ එන පළමුවැනි රැජනය. ඇයගේ කාම ලොල් ජීවිතය නිසාම ඇයට කුල, නිල, මල, කිසිත් නොපෙනිණ. ඇය ඊළඟට තම ග්‍රහණයට ගන්නේ මාලිගාවට දර සපයමින් සිටි දරකැටියාය. දරකැටියාතිස්ස නමින් ඔහු ද මේ රටේ රජ විය.
දර පැළීමට වඩා රජකම් කිරීම කෙතරම් වටීදැයි ඔහුට සිතුණත් ඔහුගේ රාජ්‍ය කාලය ද මාස 13ක් විය. වස මිශ්‍ර ආහාරය ගැනීමෙන් ඔහු ද මරුමුව වැටිණ.
දරකැටියාතිස්ස රජුගේ ආභාවයෙන් පසු අනුලා වසඟයට ගන්නේ ‘නිලිය’ නම් වූ බ්‍රාහ්මණයෙකි. ඔහුට ද රජකම ලැබිණ. ඔහු රති කෙළියේ ද දක්ෂයෙකි. එහෙත් නිලියටත් ලැබුණේ සුළු කාලයකි.
ඊළඟට රටේ තත්ත්වය බොහෝ අරාජික විය. වසර 06ක් පමණ (ක්‍රි. පූ. 48 - 42) රටේ පාලනය අවිධිමත් විය. රට කැරවීම පසෙක තබා ඉබාගාතේ යන රටක් නිර්මාණය විය. ‘නිලිය’ නමැති බමුණා මරා දැමීමෙන් පසු අනුලා තවත් පුරුෂයන් ඇසුරු කළද, ඒ කිසිවකු රජ බවට පත්කළේ නැත.
කාම සම්භෝගයට, වශි වූ අනුලා නිසා රටේ රාජ්‍ය භාණ්ඩාගාරය පවා හිස් විය. මේ වසර 06 ඇතුළත ද ඇයගේ කාම පහසට ගොදුරුව මියගිය සමස්ත පුරුෂයන් ගණන 20 කි. ඒ චෝරනාගගේ සිටය.
මහා චූලිකතිස්ස රජුගේ පුත්‍ර සිවුරු පොරවා සැඟැවී සිටි මකලන්තිස්ස සිවුරු හැර බළසේනා කැටුව අනුලා රැජනගේ මාලිගය වට කළේ මේ අතරය. ඇය වසර 6ක් පමණ ඉබාගාතේ රට මෙහෙයවමින් සිට කිරීටය පලදා ගතවූයේ මාස හතරක් පමණකි. නිසි කල එලැඹ සටනට පිවිසි මකලන්තිස්සගේ සේනාව විසින් වාසල හතරවටින් වටලනු ලැබීය. ඔවුන් විසින් වාසලට ගිනි තබනු ලැබිණ.
මේ මහා ගින්න වාසල මුළුමනින්ම ගිනිබත් කළේය. සිංහලයේ පළමුවැනි රැජන අනුලා ඒ ගිනි අතරම දැවුණාය. රාග ගින්නෙන් එතෙක් දැවී ගිය අනුලා තවත් මහා ගින්නකින් ජීවිතයට සමු දුන්නාය.
මකලන්තිස්ස ක්‍රි. පූ. (42 - 20) දක්වා වසර 22ක් මේ රටේ රජකම් කළේය.
මේ කතාවේදී තේරුම් ගත යුතු කාරණා කිහිපයක් ඇත්තේය. අනුලා රැජන කාම ගින්නෙන් දැවුණ රැජනක ලෙස රජකතාවේ නිරූපිතව අැතත් අපේ ජනකතාවල ඇය ගැන සඳහන් වන්නේ වෙනත් ආකාරයට බවය.
ඇය ස්ත්රීවාදිනියකි. දැඩි පුරුෂාධිපත්‍යයට එරෙහිව සූක්ෂ්ම ලෙස රජුන් මැරූ බව ඔවුහු කියති.
අපේ ගැමියන් කෙතරම් නීති තහංචි තිබුණත් රජවරුන් අමතා තිබුණේ ඔවුනගේ ඇවතුම් පැවතුම් ගති සොබා අනුවය. කාවන්තිස්ස යනු “කාකවණ්ණ තිස්ස” යන්නය. “කාක වර්ණ තිස්ස” යන්න එහි තේරුමකි. ගෝඨාභය කීවේ “මිටි අභය” යන්නය. “වංක නාසික තිස්ස” කීවේ වක් නැහැයක් ඇති තිස්ස යන්නය. සොර දෙටුවකු වූ මහානාගට “චෝර නාග” යැයි ඔවුහු බය නැතිව කීහ. එහෙත් ඔවුහුම “අනුලා රැජන” පමණක්ම ඇයට කීහ.
එසේනම් මෙබඳු කාමාගින්නෙන් දැවී අළු වී ගිය රැජනක් ගැන එවන් පටබැඳීමක් ජනකතාවල නොඑන්නේ ඇයි? එය තවත් වරක් හොඳින් සිතා බැලිය යුත්තක් බව සඳහන් කරමි.
silumina -
 |
නලින් මුණසිංහ |
ඈත ඈත අතීත ඉතිහාස සුවඳ නලින් මුණසිංහගේ හදවතට දැනෙන්නට ගත්තේ ඔහු පුංචි අවදියේ පටන් ය. ඉස්කෝලේ ප්‍රදර්ශනවලට අනෙකුත් ළමුන් විවිධාකාර වූ නව නිර්මාණ ඉදිරිපත් කරද්දී නලීන් අමුතු වැඩක් කළේය. ඒ පැරණි කාසි, පැරණි මුද්දර, ජනකලා භාණ්ඩ මෙන්ම පාසල් ළමුන්ට වැදගත් විය හැකි පොතපත වැනි දේ ප්‍රදර්ශනයට තැබීමයි. පුංචි හිතින් ඔහු කළ ඒ ක්‍රියාව බොහොමයක් දෙනාගේ කතාබහට ලක්වුණේය.
ඔහුගේ පැරණි බඩු භාණ්ඩ, කලාප තරග දක්වාත් ගියේය. එයම ඔහුගේ අතීත ඇල්මට දිරියක් කරගත් නලින් උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබද්දී 1999 වසරේදී ඉගෙනගත් පාසලේ අඩි 100ං30 ශාලාවක් පිරෙන්න තනිවම විශාල ප්‍රදර්ශනයක් කළේය. ඒ ප්‍රදර්ශනයට ඔහු රැුස්කළ පැරණි බඩු භාණ්ඩවලට අමතරව අතීතයේ අපේ මුතුන් මිත්තන් පාවිචිචි කළ මුළුතැන්ගෙය, දුම් මැස්ස, වී බිස්ස වැනි පැරණි සාම්ප්‍රදායික භාණ්ඩ සහ ජනකලා භාණ්ඩ වැනි දේද නරඹන්නට එක්කර තිබුණි. කාගෙත් කතා බහට, ඇගයීමට, පැසසුමට ලක්වුණ මේ ප්‍රදර්ශනය නලින්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. ඒ ඔහු ඇලූම් කරන ඉතිහාසයෙන් අපට ඉතිරිව ඇති අතීත ජනකලා භාණ්ඩ සහ සංස්කෘතික භාණ්ඩ සහ අතීත වටිනාකම් ජීවිතයට බද්ධ කරගෙන ඔහුගේ ජීවිත ගමන යන්නටයි.
එතැන් පටන් පාසල් සිසුවකු වූ නලින්ට ලංකාව පුරාම පාසල්වලින් හා විශ්ව විද්‍යාලවලින් ඇරයුම් ලැබෙන්නට ගත්තේය. ඒ ඔහුගේ ප්‍රදර්ශනය පාසල්වල සහ විශ්වවිද්‍යාලවල පෙන්වන්නටයි. මිතුරන් සමග ඒ හැම තැනකටම සිය බඩු භාණ්ඩ රැුගෙන යන නලින් නොමිලේ ප්‍රදර්ශන පැවැත්වුවේය. ඒ ‘හෙළ අරණේ මං සලකුණු’ නමිනි. එදා මතුගම සාන්ත මේරි මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින්‘ හෙළ අරණේ මං සලකුණු ‘ ප්‍රදර්ශන පවත්වමින් රටවටා ගිය නලීන් අද අධ්‍යයන කෞතුකාගාරයක හිමිකරුවකු ද වී සිටියි.
”අපේ ජනකලා භාණ්ඩවලට, පැරණි බඩු භාණ්ඩවලට මං ආදරේ කරන්න ඇලූම් කරන්න ගත්තෙ පුංචි කාලේ ඉඳලා. ඒ ඇයි කියන්න මං දන්නෙ නෑ. මං යන්නෙ කොහෙද, මගෙ අත යන්නේ, ඇහැ යන්නේ, හිත යන්නෙ එතැන තියෙන පැරණි බඩුභාණ්ඩ වලටයි. ඔය යන එන ගමන්වලදී ඒ ගෙවල්වල අයට ප්‍රයෝජනයක් නැත්තම් මං ඒවගේ තියෙන කඩදාසි කොළයක් හරි ඉල්ලගෙන එනවා. පුංචි කාලෙ නම් මම පාරෙ ගියත් හේදිලා ගිය වළං කටු, පිඟන් කටු, පරණ ඇණ වගේ ඒවා ඇහිදලා එකතු කරනව. මුල්කාලේ ඉස්කෝලවල ප්‍රදර්ශන තිබ්බම සමහරු ප්‍රදර්ශනය අවසානේ එවැනි වටිනාකම් ඇති කාසි, මුද්දර, ලිපිලේඛන, පොතපත, පින්තූර වගේ ඒවා ගෙනල්ලම මගෙ අතට දෙනවා. එහෙම එකතු වුණ ගොඩක් දේවල් මං ළඟ ඒ වෙනකොට තිබුණා. ජන ජීවිතේ ගැමි සුවඳ විඳිමින් අතීතයට යන්න පුළුවන් මේ පැරණි භාණ්ඩයක් අතේ තියාගෙන හිටියම..”
නලින් පාසල් සිසුවකු කාලයේදීම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරා විද්‍යා අංශයත්, ජාතික කෞතුකාගාරයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, පුස්තකාලත් ඇසුරු කළේ ඒවාට යමිනි එමිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ සමහර ගවේෂණවලට ඔහුව සම්බන්ධ කොට ඒ පිළිබඳ මූලික දැනුමක් ද එකල ගවේෂණ අංශයේ ප්‍රධානී සෙනරත් දිසානායක මහතා ඔහුට ලබා දුන්නේය. නලීන් බස්නාහිර පළාත්, වයඹ පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පළාත් ප්‍රදර්ශනවලට ද දායක වුණේය.
මේ සියලූ දෙනා සමග අත්වැල් බැඳගෙන ඉතිහාසයේ ඈතට යන්නට පුළුවන් බවක් නලින්ට දැනුණේය.
”එක කාලයක් මම අනුරාධපුරය, පොළොන්නරුව වැනි පැතිවලත් ඇවිද්දා. ගිනි සිසිල, යාතුකර්ම, ශාන්ති කර්ම පිළිබඳ සොයා බැලූවා. මතුගම සෙනෙවිරුවන් අයියා එක්ක එකතුවෙලා පස්දුන් කෝරලේ වැළලී ගිය ඓතිහාසික ස්ථාන ගැන හොයලා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට දුන්නා. මම උසස් පෙළට ඉගෙන ගත්තේ කලා අංශෙන්. ඒ වෙනකොට මම බාලදක්ෂ ව්‍යාපාරෙටත් සම්බන්ධයි. බාලදක්ෂයෙක් විදිහට ජනාධිපති පදක්කමයි, මානවක බාලදක්ෂ පදක්කමයි දෙකමත් ගත්තා. පරිසරය ගහකොළ ඇළදොළ එක්ක බැඳීම ඇතිවෙන්න ඒකත් හේතුවක් වුණා.
උසස් පෙළින් පස්සෙ මතුගම ප්‍රාදේශීය ලේකම් සිසිර ප්‍රියදර්ශන මහතා මාව ජනකලා කේන්ද්‍රයට සම්බන්ධ කළා. එතැන අධ්‍යක්ෂවරිය වූ සෝමා ගුණසේන මහත්මියට ඕනැවුණේ එතැනට ජනකලා කෞතුකාගාරයක් හදන්න. මාව එතැන රඳවගෙන හිටියෙත් ඒකයි. ඒත් එතුමිය අකාලෙ නැතිවෙනවා. මම එතැනින් අයින් වෙනවා. ඒ කාලෙ පැරණි ශිල්ප ගම්මානවල සම්බන්ධතා ඇතිකරගන්න පුළුවන් වුණා.මේ අතරතුරෙත් මම පාසල්වල මගේ පුරුදු ප්‍රදර්ශනයත් තියාගෙන ගියා..”
පියා කුරුණෑගල ප්‍රදේශයේ වතුපාලකයෙකුව සිටියද නලින්ගෙ මව සිටියේ සිංගප්පූරුවෙ රැුකියාවක් කරමිනි. දියණියන් සිව්දෙනා ගැන බියක් ඇති කර නොගත් ඇය නලින්ව එරටට ගෙන්වාගෙන උගන්වන්නට හැදුවාය. නලින් ඉගෙනීමේ යෙදුනේ මාස තුනක් පමණය. ඔහු ඒවා අතැර යළි ලංකාවට ආවේය.
” මට තොරතුරක් ලැබෙනවා රත්නපුරේ පතල්වලින් වඳවී ගිය සත්ත්ව කොටස් හම්බවෙනවා කියලා. මම ඒ ගැන පර්යේෂණයක් කරන්න රත්නපුරේට ගියා. ගමින්ගමට ඉබාගාතෙ වගේ මාස තුන හතරක් ඇවිද්දා. පතල්වල කෑම කකා ඔවුන් එක්ක නැවතිලා ඉඳපු ඒ කාලෙ අපතේ ගියෙ නෑ. වඳ වී ගිය රයිනෝසිරස්, කඟවේනා, ගවරා,හිපපොටේමස්, අලිවර්ග, විවිධ ක්ෂීරපායි සතුන්ගේ ප්ලයිස්ටෝසීන අවදියේ දත් වර්ග, අස්ථි කොටස් එකතුවක් මට හම්බ වුණා. ඒවත් මගේ කෞතුක භාණ්ඩ එකතුවට එක්වුණා.
මං මුලින්ම අවබෝධයක් ඇතිකරගත්තා කෞතුක භාණ්ඩ විදිහට මට මොනවද ළඟ තියාගන්න පුළුවන්, බැරි මොනවද කියලා. ආසාව තිබ්බට පුරා විද්‍යා වටිනාකමක් ඇති කිසිදෙයක් අපට ළග තියාගන්න බෑ කියලා ඒ කාලෙත් මං දැන සිටියා. මම ගොඩක් දුරට එකතු කළේ ගම්බද මිනිස්සු විසිකරන, නැත්තම් එයාලා ළඟ තියාගෙන ඉඳලා කැමැත්තෙන් මට දුන්න ඓතිහාසික, සංස්කෘතික වටිනාකමක් තියෙන දේවල්.
දවසක් මම ලොකු වැස්සක බයිසිකලෙන් එද්දි පාරෙ විසි කරපු කුණු බෑග් එකකින් පිටට පේනවා පරණ මුද්දර, කුවිතාන්සි, ලියකියවිලි වගේ ඒවා. මම තෙමි තෙමීම බයිසිකලේ අයිනක නවත්තලා කුණු බෑග් එක ඇවිස්සුවා. මට වැදගත් වසර ගණන් පැරණි මුද්දර ඇතුළු මට වටිනා පැරණි ලිපි ලේඛන රැුසක් එතැනින් ලැබුණා. ඒ වගේම මගෙ සීයගෙන් මට වෙද පුස්කොළ පොත් රැුසක් ලැබුණා. ඒ වගේම ගමේ මුල් යුගයේ හිටපු අයගෙ පුස් කොළපොත් ලැබුණා. පරම්පරා 10 ක පුස්කොළ පොත් පොත්පත් අපේ කෞතුකාගාරය සතුයි. ”
ඒ අයුරින් වර්ග කළහොත් නලින්ගේ කෞතුකාගාරයේ අපේ ජනකලා භාණ්ඩ, පැරණි ගොවි උපකරණ, කාසි හා නෝට්ටු, පබලූ හා වෙස් මුහුණු, එක්දහස් අටසිය ගණන්වල පටන් අත් පිටපත් හා මුද්‍රිත ලියවිලි, පැරණි පුස්කොළ පොත්, එදා සාමාන්‍ය ජනජීවිතයෙ ගෙදරක තිබූ භාණ්ඩ, සත්ත්ව පොසිල,පාෂාණ වර්ග වැනි වටිනා කෞතුක භාණඩ රැුසක් ඇත. කෞතුක භාණ්ඩ එකතු කරමින් පාසල් දරුවන්ගේ දැනුමට නොමිලේ ප්‍රදර්ශන පවත්වමින් සිටි නලින් ඒ සියල්ලෙන් ඈත්ව 2005න් පසු වසර කීපයකට බැ?රුම් රාජකාරියකට යොමු වුණේය. ඒ වැදි ජනතාව වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්නට දඹානට යෑමයි.
”මතුගම සෙනෙවිරුවන් අයියා උදුල බණ්ඩාර ඖෂධහාමි මහත්තයාව සම්බන්ධකරලා දුන්නා. මේ කෞතුකාගාරෙ අභ්‍යන්තර ප්රදර්ශනාවලිය සැලසුම් කරලා දෙන්න කියලයි කිව්වෙ. මම දඹානට ගියාම ලොකු ආසාවක් ඇතිවුණා. 2005 දෙසැම්බර් 12 දඹානට ගිහින් 2006 අගෝස්තු 09 ආදිවාසීන්ගෙ දිනයට කෞතුකාගාරෙ හදලා ඉවර කරන්නත් ඕන වුණා. ”
නලින් ඒ අභියෝගය ජයගත්තේ මහත් වෙහෙසක් දරා ඒ කෙටි කාලය තුළ වැදි ජනජීවිතයට සම්බන්ධ කෞතුක වස්තූන් ද සොයා ගනිමිනි.එතෙකින් නොනැවතුණ නලීන් වැදි ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්න ගැටලූ නිරාකරණය කරදෙන්නට රජය සමග ද සම්බන්ධ වුණේය.
”ඒ අතරේ නැගෙනහිර පළාතෙම ඇවිද්දා වැදි ගම්මාන හොයමින්. ඊට පස්සෙ දඹානෙ, රතුගල, පොල්ලෙබැද්ද කලාපය නැවත ආවරණය කරලා වාකරේ ලොකු වැදි උත්සවයකුත් තියන්න පුළුවන් වුණා. 2011 මම නැවත දඹානෙන් ආවා ඒ රාජකාරියෙන් අයින් වෙලා. ඊට පස්සෙ කැලණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා වැදි ජනතාව සම්බන්ධව පොත්පත් ලිව්වා. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාත් මහාචාර්ය මහලියනාආරච්චි මහතාත් එක්ක ජන අධ්‍යයන කේන්ද්‍රයක් පටන් ගත්තා. ඒ අතරතුරෙත් මම වරින්වර පාසල්වල ප්‍රදර්ශන තිබ්බා දැයේ දුවා දරුවන්ගෙ දැනුම පුළුල් වෙන්න. ඇත්තටම මම මේ ප්‍රදර්ශන තැබීමත් සේවයක් කොට කරන්නෙ. එහෙම ප්‍රදර්ශන තියන තැන්වලින් අපි ඉල්ලන්නෙ භාණ්ඩ ප්‍රවාහන පහසුකම සහ ඒ ප්‍රදර්ශන කමිටුවේ සහභාගිවන කීප දෙනාට කෑම ටිකක් විතරයි. සමහර භාණ්ඩ ප්‍රවාහනයේදී විනාශවන නිසා අපි හැමදේම ගෙනියන්නෙ නෑ. ඒ හැම දේම බලන්න ඕන නම් මෙතන කෞතුකාගාරයට එන්න පුළුවන්. මෙතන තවත් වැඩසටහන් කෙරෙනවා. මාසෙකට දෙකකට වරක් පැරණි වෙදවරු ගෙන්නලා අපි වෛද්‍ය සාකච්ඡුා තියනවා. ඒවා පටිගත කරලා මෙතන එකතුවක් හදනවා. මේ වෙනකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ක අවබෝධතාවයකට ඇවිත් එකතුවෙලා වැඩ ටිකක් කරගෙන යනව. පර්යේෂණ කටයුතුවලට සහ උපාධි අපේක්ෂකයන්ට නිබන්ධන සඳහාත් මේ සම්පත්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මෙතන ඉගෙනගන්න ඕන කෙනෙකුට විවෘතයි. මට ඕන ඇත්තටම මේක අධ්‍යයන කෞතුකාගාරයක් කරන්නයි..”
තනි මිනිසකු ලෙස බොහෝ වෙහෙස වෙමින් අවුරුදු විසි පහකටත් වැඩි කාලයක් තිස්සේ නලින් ගොඩනැගූ මේ අධ්‍යයන කෞතුකාගාරයේ අනාගතය ගැන දැන් ඔහු සිත ඇත්තේ අවිනිශ්චිත තාවයකි. ඒ ඔහුගෙන් පසුව මෙය රැුක ගන්නේ කෙසේද කියාය.
”ලංකාවෙ කෞතුකාගාර ඕනතරම් තියෙනවා. මට ඕන ඉදිරියටත් මේක” ”ජනකලා අධ්‍යයන කෞතුකාගාරයක්” විදිහට හැමදාමත් පවතිනවා දකින්නයි. මගෙ දරුවෙක් මේක පවත්වගෙන යයිද නොයයිද කියන්න මං දන්නෙ නෑ. මට බැරිකාලෙක මේක රටට බාර දෙන අදහසක් මට තියෙනවා.
ඒ දවස්වල මගෙ වත්කමේ හැටියට මගෙ පන්ති ගාස්තු පවා වැය කරලා ගත්ත පුංචි පුංචි දේවල් මෙතන තියෙනවා. මේවා විකුණලා ජීවත්වෙන්න මගේ අදහසක් නෑ.
සමහර මිනිස්සු මේ දේවල් එකතුකරලා ලොකු ගෙවල් ඇතුළෙ විසිත්ත කාමරවල. තියාගෙන තනියම රස විඳිනවා. එසේ විය යුතු නෑ. මේවා අපේ මුළු ජාතියටම අයිතියි. මම මේවා එකතු කළාට මට අයිති නෑ. ආරක්ෂා කරන එක විතරයි මම කරන්නේ.
මට ජනතාවගෙනුත් ඉල්ලන්න එක දෙයක් තියෙනවා. මේ වගේ පුංචි පුංචි අතීත දේවල් ඔබ සතුව තියෙනවා නම් විනාශ කරන්න එපා. අවශ්‍ය නැත්තම් මේ වගේ තැනකට ලබාදෙන්න. අපට ලැබෙන හැමදේකම ලිඛිත තොරතුරු අපි ළඟ තියෙනවා..”
එවන් තොරතුරක් නලින්ට ලබා දෙන්නට කෙනෙකුට අවශ්‍ය වුවහොත් 0770768807 දුරකථන අංකයෙන් ඔහුව ඇමතිය හැක. නලින් මුණසිංහ ඔහුගේ ජීවිතෙන් වැඩි කාලයක් මෙකී ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් වෙහෙසෙන අතර පවුලේම පොලිතීන් සහ කඩදාසි ප්රතිචක්රීයකරණ ව්‍යාපාරයක රැුකියාව ලෙස නියැළී සිටියි. කිරම ධම්මානන්ද විද්‍යාලයේ ගුරුවරියක වන චන්දිමා අබේවික්‍රම සමග විවාහ වී සිටින නලීන් තිස් හත් හැවිරිදි වියේ පසුවන්නෙකි. නුදුරේම දරුසුරතල් බලන්නට මග බලා හිඳින නලින්ගේ හෙට උපදින පුංචි පුතුද තාත්තා මෙන්ම මේ රටේ ඉතිහාසයට ආදරේ කරන දරුවෙකු වේවා…එසේ වූවොත් තවත් දශක ගණනාවක් මේ කෞතුකාගාරය සුරැුකිව පවතිනු ඇත.
බියංකා නානායක්කාර
ඡුායාරූපය – මයන්ත පෙරේරා
ශී‍්‍ර ලංකාවේ පැරණි පාරම්පරික භාණ්ඩවලින් කිහිපයක් පිළිබඳ විස්තර කරමින්
කස්තානයක්
ලාක්ෂා නිර්මාණයක්
ඉපැරණි පැන් කෙණ්ඩියක්
පැරණි මුළුතැන්ගෙයි උපකරණ
පැරණි ලේඛන
ග්රැමෆෝන් යන්ත්‍ර, පළමුව පැමිණි පරිගණක සහ පැරණි ගණක යන්ත්‍ර
පැරණි පොසිල පිළිබඳව විස්තර කරම්න්
ශත දහයේ නෝට්ටු
ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න
පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හිමි
ගිලීමලේ රජ මහා විහාරය සිරිපා භිමේ ට ඉතා කිට්ටු අතීත පූජා භූමියකි. ඒ අවට ප්‍රදේශයේ උඩුකුලාන, මස්කෙළිගඟින් එහා බටේපොළ, ලබුවාව, මාපලාන, පලාබද්දල, ගල්කඩුවමඩම, ඇඳිරිකැලේ ආදී ගම්මානවලත් ගැමියෝ එකාවන්ව අපට තොරතුරු බෙදති. එය අපට මහත් ම සතුටකි. ඒත් පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේව මිත්ත හිමියන්ගේ තොරතුරු කෝෂ්ඨාගාරය තවමත් එහෙම ම ය . කල්තොට බුදුගල රජ මහා විහාරාධිකාරි බුදුගල සෝමරතන හිමියන් ද මා වෙනුවෙන් බොහෝ තොරතුරු සපයනු ඇත. රත්ගඟ විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හාමුදුරුවන්ට යළිත් ඉඩ හසර හදමු.
“සබරගමු පළාතේ තිබෙන විශාලත ම ඒ වගේ ම ගුප්ත ම වන රක්ෂිතය මේ සිරිපාද වන රක්ෂිතයයි. මනුෂ්‍යයන් වගේ ම විවිධාකාරයේ අමනුෂ්ය්යන් ද ඉන්නවා. සමහරුන් තිසරණය රකින අය. සමහරුන් මස් මාංශ කන ජනතාවට හිරිහැර කරන අය. ඒත් මා විශ්වාස කරන අන්දමට මේ සිරිපා හිමේ එවැනි කෲරතර අමනුෂ්‍යයන් අඩුයි. වැඩිහරියක් ඉන්නෙ සමන් දෙවියන්ට ආවතේව කරන උන්වහන්සේ වෙනුවෙන් මේ වනය හා කූඨය රකින යක්ෂයින්.
l අමනුෂ්‍ය හූ හඬ තුනක්
බෑණ සමනළට දකුණු පැත්තට වෙන්නට තිබෙන ගල්ගුහාවේ අපේ බේබි සිඤ්ඤෝ නැවතුණ දවසක එක්තරා යක්ෂයෙක් පිළිබඳ අපූරු දෙයක් අසන්නට ලැබුණා. කෙම්මුර දවස්වලට මෙයා මේ කැලේ ගමන් කරනකොට මහා බියක් ඇති වන අන්දමේ යටිගිරියෙන් හූ හඬ තළමින් යන්නේ. මේ හූ හඬ ඇසුණු මහා හිමේ රාත්තිරියට ලගින මල් කපන්නන්, හකුරු හදන්නන් බොහෝ දෙනකුට පහුවෙනිදාට අනිවාර්යයෙන් ම සහලෝල උණ. මෙයා මා මුලින් කී අය අතර තෙරුවන් සරණ නොගිය කෙනෙක්. සමහරුනට දර්ශනය වෙලත් තියෙනවා. හැඩපලු ගෙතුණා වගේ දිග අවුල් සහගත කොණ්ඩයක්, රතු පාට ඇස් සහිත මේ යක්ෂයා දවසක් බේබි සිඤ්ඤෝ නිදා උන් ගල්ලෙන උඩටත් ඇවිත් යටිගිරියෙන් හූ තැළුවා. මෙයා හූ හඬ තළමින් යනකොට ගමේ මිනිස්සුත් ඒ හූ හඬට හිමිහිට වචනයක් මතුරනවා. ආයු බෝ වේවා! කියලා. ආයුෂ වර්ධනය වේවා. එහි අරුත. එහෙම නොකියා මේ හූ හඬ තුනට බීරන්තට්ටු වුණොත් එයාට පහුවැනිදාට උණ බස්සන්න ඇදුරෙක් හොයන්න වෙනවා. ඒත් කොච්චර දේවල් දන්නවා වුණත් මේ මර හඬට මිනිස්සු බයයි. යක්ෂයින්ගේ කතන්දර පටන් ගත් නිසා මේ හිමේ වසන යකුන් යක්ෂණියෝ ගැන තවත් පැත්තක් කියන්න අවශ්‍යයි.
l සියවටුක නම් යක් සේනාධිපති
සමන් දෙවියන් බුදුන්ගෙන් බණ අසා සෝවාන් වූ උත්තමයෙක්. උන්වහන්සේ මේ සිරිපා කූඨය හා මහා හිමය රැක ගන්නවා. එය වනසන්න එහි වැරැදි ක්‍රියාකාරකම් කරන්න පෙලැඹෙන සමහරුනට දඬුවම් කරන්නට යන්නෙ නෑ. එහෙම දඬුවම් කරන්න එතුමා නොගියත් ඒ කටයුතු කරන්න පිරිසක් මෙහි ඉන්නවා. සමන් දෙවියන් වෙනුවෙන් ඒ කටයුතු කරන්නෙ යක්ෂ සේනාපතියෙක්. එයාගෙ නම සියවටුක. බෑණ සමනළට උඩින් තිබෙන වන තලාව හා ගල්තලා තමයි ඒ යකුන් යක්ෂණියන්ගේ රජදහන. මා මේ ගැන කියාගෙන යන්නෙ හිතළුවට නොවේ. අදත් ධර්මරාජගලේ බවුන් වඩනා යෝගී භික්ෂුවක කියන තොරතුරු අනුවයි. උන්වහන්සේ තමන්ගේ නම හෙළිකරන්න එපා කීවා. ඒ වගේ ම ඡායාරූප ලබා දෙන්නත් කැමැති නෑ, මේ සිරිපා හිමේ අසිරිය රැකගන්න ඒවා සැඟවීම තිබෙන්න ඕනෑ බවයි උන්වහන්සේගේ අදහස.
l කරජ ශරීර
මේ යක්ෂයින් අතර බණ භාවනා වඩන අයද ඉන්නවා කිවහොත් ඔබ පුදුම වෙයි. මා මුලින් කී යෝගී භික්ෂුවට වියළි ආහාර හා වෙනත් කළමනා දායකයො ගිහින් තියන්නෙ වෙන ම තැනක. උන්වහන්සේ බවුන් වඩන ස්ථානයට පහසුවෙන් වන්දනාකරුවනට යන්න බෑ. ඒ නිසා උන්වහන්සේ ගේ අනුදැනුම අනුව වෙන ම ස්ථානයක මේ වියළි ආහාර ආදිය තබන්නේ. කොටින් ම සමහර විට මේ ආහාර උන්වහන්සේට උයා පිහා දෙන්නෙත් යක්ෂයින්මයි. මේ හිමියන් දවසට එක වේලයි වළඳන්නේ. උදේ ආහාර වේල පමණයි. ඒකත් උදේ හතයි තිහත් අටයි තිහත් අතර විතරයි. 20 වැනි සියවසේ ඔබ මේ කතා විශ්වාස නොකළත් කතාව ඇත්තයි. පෝය දාට ගමට වඩින මේ යෝගී හිමියන් කියන කතා අනුව අපට ඒ බව විශ්වාසයි. බුදු රජාණන් වහන්සේගේ සිරිපා ලකුණ හා සමන් දෙවියන් කෙරෙහි භක්තිය පෙරදැරි කරගෙන ඉතා ම සැදැහැවත්ව කටයුතු කරන යකුන් යක්ෂණියන් මෙහි ඉන්නවා. ඒ අයට තිබෙන කරජ ශරීර කියලා තමයි උන්වහන්සේ හඳුනා ගන්නේ. ඉතාම කළු දුෂ්කර ලකුණු පෙන්වන, මහ විශාල අවලස්සන ශරීර ඔවුනට තිබෙනවා. ඒ අතීත අකුසල කර්ම නිසා. ඒ නිසා ඔවුන් ඉන් මිදීමටයි මේ වතාවත් කරන්නේ. මේ යකුන් යක්ෂණියන්ට වලසුන් කොටි ආදී වශයෙන් වෙස් මාරු කරගන්නත් පුළුවන්. අවස්ථාමය වශයෙන් සියවටුක නම් සේනාධිපති අණ අනුව ඔවුන් සත්ත්ව ස්වරූප ගන්නවා.
l යක්ෂයා සමඟ කතා බහක්
මේ යෝගී හිමියන් ධර්මරාජ ගල ළඟ එක්තරා ගුහාවක වැඩ වාසය කරන විට හිමියන්ට හිත එකඟ කරගන්න බැරිව ගියා මුල් දවස්වල. යකුන්ගේ බෑඟිරියත් නිසාම. ඒ නිසා උන්වහන්සේ රකින ශීලය භාවනාවට කැමැති යක්ෂයෙක් උන්වහන්සේ ගේ දෑස් මානයේ පෙනෙන්නට ම ඇවිත් හිමියන් භාවනා කරන තැනට සමීපයෙන් දහවල් කාලයේ නිදා ගන්නවා. රාත්‍රියට පිටවී යනවා. මේ විදියට දවස් ගණනක් ගතවෙද්දී උන්වහන්සේ හිතට ශක්තිය අරන් අර යක්ෂයා සමඟ කතා කළා. ඇයි? දවල්ට මෙහි නිදියන්නේ. රාත්‍රියට පිටවී යන්නේ... උන්වහන්සේ එසේ ඇසුවා. දහවල් මා ඔබ වහන්සේගේ භාවනාවට කවුරුන් හරි හිරිහැර කරාවි යැයි ඔබ වහන්සේ ආරක්ෂා කරනවා. රාත්‍රියට ඔබ වහන්සේට සැතපෙන්න දීලා මං ආහාර සොයාගෙන යනවා. යක්ෂයාගේ පිළිතුර වුණා. මෙය අදත් සිදුවෙන්නක් කිවහොත් නිවැරැදියි.
l දිවා ගුහාව
පලාබද්දල පතිරාජ පිරිවෙනේ තිබිලා මට හමුවූ පුස්කොල පොතක තියෙනවා. සමන් දෙවි හාමුදුරුවොයි බුදු හාමුදුරුවොයි දිවා ගුහාවේ තරමක සාමිචීයක සිටි බව. එහි කියැවෙනවා. පසුව එහි ම බුදුන් දිවා විහරණය කළ බවත්. සියවටුක කියන යක්ෂ සේනාධිපතියා තමයි මේ ස්ථානය සාමාන්‍ය ජනතාවට දැනගන්න ඉඩ නොතබන්නේ. රත්නපුර මහා සමන් දේවාලයේ ඇතුළු වන තැනම මකර තොරණේ සියවටුක නම් යක්ෂ සේනාධිපතියාගේ රූපයක් කොටා තිබෙනවා. ඕනෑ ම කෙනෙකුට බලාගන්න පුළුවන්. මේවා නිකමට මේ තැන්වල කෙටෙන්නෙ නෑ.
l ධර්මරාජගල
ධර්මරාජගල ගැන මේ පළාත්වල අපූරු ජනප්‍රවාද රැසක් තිබෙනවා. ඒවායින් සමහර ඒවා පිළිගන්නත් බෑ. ඒත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය තබන්නට මෙහි වැඩි අවස්ථාවේදී සමන් දෙවි ප්රමුඛ දේව, බඹ, යක්ෂ සමූහයාට බණ කීවේ ධර්මරාජගල මුදුනතයි කියන මතයක් ද තිබෙනවා. පුරාණ ගැමියන් ඒ කතාව අදහනවා.
තවත් විශේෂ කතාවක් තියෙනවා. කහවත්ත බමුණුගම පැත්තෙ නිලමේ කෙනෙක් රාජ උදහසට ලක්ව දඬුවමක් ලැබුවා. ඒ සිරිපා නඟින්න එන බැතිමතුනට පහසු වන විදියට මේ ධර්මරාජගල කියන පෙදෙස සිට ඉහළට පඩිපෙළ කපන්න කියලා. මේ ගල් පඩිපෙළ සකස් කළේ ඒ නිලමේ. මේ ගල්පඩි පෙළ කපන්න කෙතරම් කාලයක් ගියාද කියන්නෙ නිලමේ වයසට පත්වුණා. අන්තිමේ නිලමේ ධර්මරාජගල තමන්ගෙ අසපුව කරගෙන තපස්වරයෙක් ලෙස ජීවත්ව මිය ගියා. ධර්මය වෙනුවෙන් ම කැප වී අවසාන මොහොත දක්වා ජීවත් වූ මිනිසා ජීවත් වූ ගල ධර්මරාජගල වූ බවයි ඒ මතය.
l මැද ඉන්න ගල්ගුහාව
මේ යකුන් යක්ෂණියන් තවත් රැඳෙන ගල්ගුහාවක් තමයි මැදඉන්න ගල් ගුහාව. එරත්න පාර හරහා සිරිපා වන්දනාවෙ යන විට මේ ගල් ගුහාව දකින්නට පුළුවන්. යෝගී චන්දිම හිමියන් අපවත් වන තුරු ම වැඩ උන්නෙ මේ ගල් ගුහාවෙ. මීට පෙර ලිපියක වලහා කෑ හාමුදුරුවෝ නමින් අප හැඳින්වුවෙ ඒ හිමියන් තමයි.
l වැඩ සිටි ඉසව්ව
ඒ හිමියන් වැඩ හිටි ඉසව්වට එදා මිනිසුන් වඳින්න ගියා. ඒක පසුව කරදරයක් වුණා. ඒ නිසයි අදත් වැඩ ඉන්න හිමිවරුන් තම ඉසව්ව නම් ගම් නොකියන්නෙ. අද වගේ නොවේ එදා ගෙත්තම් කිරීම පවා සිදුවුණේ. මට ඒ ගැන මතකයට ආවෙ හැරමිටිපාන හරියෙ අම්බලම් ගැන ඔබ ඇසූ නිසයි.
එදා පැමිණි පිරිස් නවතින්නේ මේ විශාල අම්බලම්වල. ඒ අය මේ අම්බලම්වල දවස් තුන හතර නවතිනවා. නැවතිලා උයා පිහාගෙන කාලා තමන් ගෙනාපු සුදු රෙදි මේ දවස් තුනේ ම මහලා ඒවා සීත ගඟුලේ සෝදලා වේලාගෙන නියම පිළිවෙලට අන්දාගෙනයි එදා මළුව කරුණා කළේ. අද එහෙම කරන්න බැරි බව ඇත්ත. දැන් නිකම් නූලක් ඇදගෙන යාමයි කරන්නේ.
l ලිහිණිහෙළ වලස් ප්‍රහාරය
මාතර ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ඩොලැක්කි, මවුත්ඕගන් හා වෙනත් සංගීත භාණ්ඩ වයමින් ගී කියමින් විනෝදයට සිරිපා වන්දනාවට ආපු වෙලාවක සිදුවූ දෙයක් මේ. පලාබද්දල පාරේ සිරිපා රජ මාවත ඔස්සේ මහත් ඝෝෂා නංවමින් සිගරට් බොමින් මේ කට්ටිය එනවා. පහළ සිට හමුවන මිනිසුන් නොයෙක් අවවාද කළා. “ෙම්ක දෙයියන්ගෙ රට. මෙහෙම යන්න එපා. කරදර වෙයි දරුවනේ! කියා කෙස් පැහුණු වැඩිහිටියන් ද කීවා. ඒ කතාවලට කොලුවන් මේක කන්දක්. අපි ජොලියට යන්නෙ. ලොක්කා යන්න කියලා. ඒ මිනිසුන්ට සමච්චල් කැර කැර තවත් ඝෝෂා නංවමින් මේ අය ඉහළට එනවා. ලිහිණිහෙළ හරියට කිට්ටු කළා විතරයි. කොහෙන් ආ වලසුන් දෙදෙනකු ද දන්නේ නෑ. ෙම් තරුණ පිරිස අතරට පැනලා අර වාචාල කතා කී මුලින් ම එන තරුණයාව හපා කනවා. එක් වලසෙකුගේ තියුණු දත් පහර වැදිලා අර තරුණයා ඇද වැටෙද්දි අනෙක් කට්ටිය යළිත් පහළට දිව්වා. අනෙක් කටමැත දෙඩවූ තරුණයා දිව්වෙ ඉහළ පැත්තට.
l ලේ පෙරන තුවාල
බිම වැටුණු තරුණයාව ඉවක් බවක් නැතිව හපා කෑ එක් වලසෙක් ආපසු හැරුණා පහළට දිවූ කට්ටිය අල්ලා ගන්නට වගේ. ඒ අය වැඳ වැටුණා සමන් දෙවි හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන. ඒ වතාවෙ වලසුන් දෙන්නා ම කැලයට වැදුණා. උඩට දිවූ පුද්ගලයාව සොයා බලන්න වෙලාවක් නෑ, නඩයේ කට්ටිය ලේ පෙරන තුවාලකරු අරගෙන පහළට වේගයෙන් ආවා.
ටික වේලාවකින් කන්දේ ඉහළ නැඟුණු උඩ පැත්තට දිවූ තරුණයා දැන් ආයිත් පහළට එනවා. වැඩි දුරක් එන්න ට ලැබුණේ නෑ වලස්සු නැවත මතු වුණා. එයාගේ තට්ටම් පෙදෙස, කලවා බරු ගහන්න පටන් ගත්තා. එයාගෙ මර විලාපය පහළ තුවාලකරු රැගෙන යන පිරිසටත් ඇහුණා. එයාත් වැඳ වැටුණා වලසුන් දෙදෙනාට. තරමක් හප කළාට පස්සෙ තමයි එයාව නම් අතෑරියෙ.
නඩය තුවාලකරුවන් ගෙන ගියා මිසක් සමනළ අඩවිය පැත්තට කවරදාවත් ආවෙ නෑ.
l කෑම වරදින්නේ නෑ
සිරිපා හිමේ අතරමං වන අය බොහෝවිට බේරෙනවා. ඒ බේරිච්ච අයගෙන් අහලා බලන්න. කවරදටත් ඒ අය දවස් 3 - 4 අතරමං වෙලා හමුවුණත් බඩගින්නෙ නම් ඉඳලා නෑ. ඔවුනට කොහොම හරි ආහාර ටික ලැබෙනවා. ඒකත් මේ හිමේ තවත් අසිරියක්. ඉදුණු අන්නාසි ගෙඩියක් හෝ කිසියම් පලතුරක් මේ අයට පෙනිලා තියෙනවා ඒ වෙලාවට.
මෙවැනි කතා පුවත් මේ ප්‍රදේශයේ බහුලය. සුමන සමන් දිව්‍ය රාජයා ලෙඩට දුකට බොහෝ පිහිට වන දෙවිඳකු බව බොහෝ දෙනා කියති. “ඔය ආරුඪකාරයො, භූත, දිෂ්ටි, ආත්ම වැහුණු කට්ටිය සිරිපාදෙ ගෙනාවොත් ඒ අය එක්ක මළුවට නැංඟොත් ඒ ලෙඩ සනීප වෙනවා... සමනළ අඩවියේ අත්තම්මලා කියති.
l මහ ලොකු දේවි
සමන් දෙවියන්ගේ සහෝදරියක් ගැන ද බොහෝ ජනකතා මෙහි ප්රකටය. මහ ලොකු දේවිය නම් එතුමිය ද ලෙඩට දුකට පිහිටවන්නියක බව කියැවේ.
කල්තොට බුදුගල සෝමරතන හිමි වදාළ කරුණකින් අදට තිත තබමු.
එක්තරා දුප්පත් අහිංසක අම්මා කෙනෙක් තමන්ගෙ දුවට සිරිපා වන්දන්න කාලයක් තිස්සේ ම පෙරුම් පුරමින් හිටියා. ඒත් මේක කරගන්න බැරි මේ දුවට “ෆිට්” එක කියන ලෙඩේ හැදෙනවා. ඒත් මේ අම්මා හිතට දහිරිය අරන් දුවත් අරන් සිරිපා කරුණා කරන්න හිත හදාගත්තා. නඩේ ගුරාටත් කීවා. ගුරාත් සමන් දෙවියන්ට මහත් පුද පූජා පවත්වන කෙනෙක්. මේ අය කරදරයක් නැතිව උඩමළුව හරියට එන කොට ම අර තරුණියට ‘ෆිට්’ එක හැදුණා.
lඅපස්මාරෙ
නඩේ ගුරා එතැන ම ඉඳන් සිරිපා පද්මය වඳින ගාථාව කියලා සමන් දෙවි අණයි. ආඥාවයි. මින් පස්සෙ ජීවත්ව සිටින තාක් දුවේ නුඹට මේ අපස්මාරය කියන ලෙඩේ හැදෙන්නෙ නෑ. ඒක සත්තයි. සහතිකයි. කියලා තමා හා පිරිස මෙහි පැමිණි රථයේ යතුරු කැරැල්ල ඇගේ අත තැබුවා. ඇය සනීප වුණා. දැන් අවුරුදු 8ක් පමණ ගතවෙලා තියෙනවා. මේ තරුණිය විවාපත් වෙලා දරුවොත් ඉන්නවා. එයාට ඉන් පස්සෙ ඒ ලෙඩේ නම් හැදුණේ නෑ. මේවා පුදුමාකාර දේවල්. කුඩා දවසේ ඉඳලා තුරුණු විය දක්වා ම නිතර හැදුණ ලෙඩේ එදායින් පස්සෙ අතුරුදන් වුණේ කොහොමද? කියලා ඔය විද්‍යාවට නම් හොයාගන්න බෑ.
සිළුමිණ
ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න
අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය වර්තමානයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඈත අතීතයේ පටන් පැවත ආ මෙම මන්ත්‍ර ශාස්ත්‍රය අද භාවිතයට ගැනෙන්නේ නැත. ඊට එක් හේතුවක් ෙවන්නේ ඒවා සිදුකළ යකැදුරන් හෝ මන්ත්‍ර ශාස්ත්රඥයින් ජීවතුන් අතර නොමැතිවීමයි.
අංගම් පිඹීම මීට දශක පහකට හයකට පමණ පෙර ඉතා තදින් ක්‍රියාත්මක වූ ප්‍රදේශ ගණනාවක් විය. පහළ ඌවේ බුද්ධම වැනි ප්‍රදේශවලත් දිගාමඩුල්ලේ වැව්ගම්පත්තු ප්‍රදේශයේත් මෙය ඉතා බහුලව ක්‍රියාත්මක වී ඇති ආකාරය අප කළ ගවේෂණයේදී දැන ගන්නට ලැබුණි.
අංගම් පොර ක්‍රීඩාවක් මෙන්ම මාරාන්තික සටන් කලාවකි. අංගම් පිඹීම මාරාන්තික කටයුත්තකි. එය ක්‍රීඩාවක් නම් නොවේ. තරහකාරයින්ගෙන් පළි ගැනීම පිණිසත්, තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්වීමටත් ඊර්ෂ්‍යාව නිසාත් එකල මෙය භාවිත කර තිබේ. මෙය අංගම් ඇරීම ලෙස ද හඳුන්වති. අංගම් ඇරීම සඳහා විවිධ ක්‍රම මෙන්ම විවිධ ද්‍රව්‍ය ද භාවිත කරන අතර අංගම් වර්ග කීපයක් ද වේ.
ගම් වැසියන් භීතියට පත් කරමින් කාලාන්තරයක් පුරා පැවත ආ මෙම මාරාන්තික කටයුත්ත ඇසූ දුටු බොහෝ දෙනෙකු තවමත් උතුරු වැව්ගම්පත්තුවේ සහ දකුණු වැව්ගම්පත්තුවේ ජීවත්ව සිටිති. මෙම මාරාන්තික කටයුත්ත නිසා අතීතයේදී බොහෝ දෙනෙකු රෝගී තත්ත්වයට පත් වූ අතර ඇතැමුන් මිය ගොස් ඇති බව ද ඔවුහු පවසති.
අංගම් පිඹීම පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති දකුණු වැව්ගම්පත්තුවේ (දමන) පදිංචි ඒ.එම්. ගුණරත්න මහතා (81) ඒ පිළිබඳව සඳහන් කළේ මෙසේය.
‘‘අංගම් පිඹීම ගැන අපි කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා. ඒ වගේම මම අවස්ථා කීපයකදීම දැකලා තිබෙනවා. මීට අවුරුදු පනහකට හැටකට එහාදී තමා මේ වැඩේ අපේ පැත්තේ කෙරුණේ. අංගම් ශාස්ත්‍රය දන්න ගුරුන්නාන්සේලාව කොයිම අවස්ථාවක දී හරි නොසලකා ඇරියොත් ඒ ගොල්ලෝ පළිගන්නේ අංගමක් ඇරලා තමයි. ඒ නිසා මුළු ප්‍රදේශයම ඒ ගුරුන්නාන්සේලාට බයයි.
එයාට අභියෝග කරන්න කවුරුවත් නෑ. ඒ නිසා එයා එක්ක කටයුතු කරන්නේ බොහෝම පරිස්සමින්. සමහර අය ගුරුන්නාන්සෙට කීයක් හරි දීලා තරහාකාරයෙකුට අංගමක් යවනවා. එක්කෝ තරහකාරයා මැරෙනවා නැත්නම් සදාකාලිකව රෝගාතුර වෙනවා.’’
‘‘හොඳට වේළිච්ච ගම්මිරිස් අැට කීපයක් අතට අරගෙන කිසියම් මන්තරයකින් 108 වාරයක් මතුරනවා. ඊට පස්සේ ඒ ගම්මිරිස් ඇට කීපය කටේ දාලා හපලා කුඩු කර ගන්නවා. කුඩු ටික අතට අරගෙන අල්ලේ තියාගෙන අංගමට හසුකර ගන්න ඕනෑ කෙනා හෝ කණ්ඩායම ඉන්න පැත්තට පිඹිනවා. හැබැයි හුළං අත බලලයි පිඹින්නේ. එහෙම නොවුණොත් ඒ කුඩු තමන්ට හෝ තමන් ඉන්න පැත්තේ සිටින වෙන කාට හරි ආග්‍රහණය වුණොත් තමන් ඇතුළු හැමෝටම අංගම වදිනවා.
අංගම පිම්ඹට පස්සේ ඒ කුඩු ආග්‍රහණය වෙන කෙනා හෝ පිරිස නහයෙන් කටින් ලේ දාගෙන වැටෙනවා. ඊට පස්සේ මී මැස් මොරය හැදුනා වගේ දඟලනවා. ඒ කාලෙ අංගම් ඇරීම වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ පන්සල්වලදී. පිංකම් දවස්වලදී පන්සල්වල සෙනග වැඩියි. ඉතින් අඩ අඳුරේම සෙනග අතර ඉඳගෙන තමා මේ දේ කරන්නේ. එතකොට කරන කෙනාව හොයා ගන්න බෑ. ඉතින් මේ විදිහට අංගමක් වැදිලා දඟලන කෙනෙක් ළඟට වෙනත් කෙනෙක් ලේසියකට කිට්ටු නොවෙන්නේ බයටමයි.
අංගම වැදුනට පස්සේ බය නැති කවුරුන් හෝ ඔහු ළඟට කිට්ටු වෙලා උදව් කරන්න උත්සහ කරනවා. ඔය අතරේ කවුරු හරි ගුරුන්නාන්සේ කෙනෙක්ව හොයනවා. ඉතින් ඒ මොහොතේ පන්සලේ ගුරෙක් හිටියොත් මතුරලා අර පුද්ගලයට හෝ කීප දෙනාට වතුර ඉස්සහම ඒ අය නින්දෙන් අවදි වුණා වගේ නැගිටිනවා.
ඒ මොහොතෙ පන්සල් බිමේ හිටියේ අංගම ඇරපු ගුරුන්නාන්සෙ විතරමනම් කවුරුත් දන්නවා මේක කළේ එයා කියලා. නමුත් ඒ බවක් අඟවන්නේ නැතිව එයාටම ගිහින් කියනවා, කවුදෝ අංගමක් පිඹලා තියෙනවා. සනීප කරලා දෙන්න කියලා. ඉතින් එයා වීරයා වගේ ඇවිල්ලා මතුරලා රෝගියා සුව කරනවා. එහෙම නොවුණොත් රෝගියාව ගෙදර එක්කරගෙන ඇවිල්ලා වෙනත් ගුරුන්නාන්සෙ කෙනෙකුට කියලා සනීප කරවනවා.’’
‘‘ඒ කාලෙ අංගම් අරින ගුරුන්නාන්සෙ කෙනෙක් අපේ පැත්තේ හිටියා. එයාගෙ අතේ නිතරම රෙදිවලින් මහපු පොඩි බෑග් එකක් තියෙනවා. ඒ කාලෙ මේක හැඳින්වුණේ බුලත් කොක්කනේ. නැත්නම් කූරුපයිය කියලා. බොහෝ දෙනෙක් මේ වගේ බෑග්වල බුලත් පුවක් හුණු දුංකොළ දාගෙන යනවා. මේ නිසා බුලත් කොක්කනේ කියලත් හඳුන්වනවා. මේකෙ කට වටේට නූලක් තියෙන්නේ. වහන්න ඕනෑ වුණාම හොඳට ඇඳලා ගැටයක් ගහනවා. ඉතින් මේ ගුරුන්නාන්සේ මේක ඇතුළේ අංගම් අරින්න ඕනෑ කරන දේවලුත් දාගෙන තමා ඉන්නේ. ගම්මිරිස් ඇට, ඉඟුරු අල, කුඩු වගේ බෝල හතුවල වේළුණු බෝලය වැනි කොටසත් දාගෙන ඉන්නවා. මේ බෝලය වගේ කොටස දාගෙන ඉන්නේ හුළං අත බලා ගන්න. ඒක අතින් මිරිකුවාම ඒකෙ තියෙන දූවිල්ල දුමක් වගේ හුළං අත තියෙන පැත්තට පාවෙනවා. තමන්ට අවශ්‍ය පැත්තට හුළං හමනවානම් අංගම අරිනවා. ගම්මිරිස් කුඩු ඇරුණම ඉඟුරු කුඩුත් මතුරලා පිඹිනවා. සමහර විට මේ ද්‍රව්‍ය කලින් මතුරගෙනත් යනවා. සමහර වෙලාවට මේ ගුරුන්නාන්සේ තමන්ට අරියාදුවක් වෙන තැනකදී වුණත් අංගමක් අරිනවා.’’
‘‘අංගම් වැදිලා මිනිස්සු නහයෙන් කටින් ලේ දාගෙන වැටුණු අවස්ථාවක් මම දීඝවාපි පන්සලේදී දැකලා තියෙනවා. ඒ වෙලාවේ ගුරුන්නාන්සේ කෙනෙක් ඉදිරිපත් වෙලා වතුර මතුරලා මූණට ඉස්සට පස්සේ වැටුණු කෙනා පියවි තත්ත්වයට ආවා. ඉස්සර ගොඩක් මිනිස්සු පින්කම්වලට දීඝවාපි යන නිසා ගොඩක් සෙනග ගැවසෙනවා. ඔය අතරේ තමන්ගේ තරහාකාරයා හිටියොත් අංගම අරිනවා. අංගමක් නිසා රෝගී වුණ අයෙක් සනීප කරන ගුරුන්නාන්සේට තෑගි බෝග පුද පඬුරු දෙනවා’’
අංගම් පිළිබඳ කරුණු සොයා බැලීමේ දී එකල මේවා සිදු කළ ගුරුන්නාන්සේලා කීප දෙනෙකු පිළිබඳව ද කරුණු වාර්තා විය. පහළ ඌවේ කඳංකැටිය ගමේ නංහාමි නම් ගුරුන්නාන්සේ ද දිගාමඩුළු දකුණු වැව්ගම්පත්තුවේ සුදු බණ්ඩා නම් වූ ගුරුන්නාන්සේ කෙනෙකු ද තොට්ටම ගමේ රද්දැල්ලේ නම් ගුරුන්නාන්සේ කෙනෙකු ද මෙම අංගම් ඇරීම බහුලව සිදුකර ඇත. සුදු බණ්ඩා ගුරුන්නාන්සේව එකල හඳුන්වා තිබෙන්නේ ‘පරිෂාරි’ ලෙසිනි. වෙද මහතාව දෙමළෙන් හඳුන්වන්නේ පරිෂාරි යනුවෙන් නිසා එනම ලැබී ඇත. යාබද දෙමළ මුස්ලිම් ගම්වල අය ද ඔහුෙගන් යම් ප්‍රතිකාර ලබාගෙන ඇත. පරිෂාරි පහළ ඌවේ යකුන්නොහෝ නම් ගම්මානයක සිට පැමිණි අයෙකු නිසා යකුන්නැහේ ලෙසින් ද හඳුන්වා ඇත. ඔහු යකුන් බැඳගෙන වැඩ ගන්නා නිසා මේ නම ලැබී ඇති බව ද එකල ඇතමුන් පවසා තිබේ.
පැරැන්නෝ පවසන ආකාරයට අංගම් වර්ග කීපයකි. ‘උඩ තිරිංග’ නම් අංගම යැවූ විට එය වදින කෙනා තරමක් උඩ විසි වී බිම වැටේ. ‘සූරිය තිලක්කම’ අංගම රාත්‍රි කාලයේ යැවූ විට හිරු පායන විට අංගම ක්‍රියාත්මක වේ. ‘නර වැදීමේ’ අංගම තවත් අංගමකි. රත් හඳුන්, සුදු හඳුන් ගල හා මතුරා ඒවා අත්ලේ ගා අංගම යැවිය යුතු පුද්ගලයාට දෑත් එකතු කර ‘ආයුබෝවන්ඩ’ කියමින් ඔහුගේ සෙවනැල්ල පෑගු විට ඔහුට අංගම වැදේ. එසේම නූල් මතුරා යන එන පාරේ තැබූ විට ඊට උඩින් පා තබා යන කෙනාට එම අංගම වැදේ. පරැන්නෝ පවසන ආකාරයට ‘රීරිකඩවර පුපුරාඩිය යක්ෂණියගේ පුපුරාඩිය අංගම’ නම් වූ අංගම වැදුණු විට කන් අඩි පුපුරා ලේ ගලනා බව ද කියැවේ.
අංගම් පිළිබඳ ඉතා හොඳින් දන්නා තවත් අයෙකු දකුණු වැව්ගම්පත්තුවේ කීනවත්ත ග්‍රාමයේදී මට හමු විය. හෙතෙම රන්පටබැඳි මුදියන්සේලාගේ ගුණවර්ධන (85) මහතාය.
‘‘දමන හිටපු පරිෂාරි තමා අංගම් පිඹින්න දක්ෂයා. හැබැයි කවුරුවත් ඒක අනුමත කළේ නෑ. අංගමක් පිම්ඹම පරිෂාරි ඒකටත් වෙදකම් කරනවා. නූල් දානවා, වතුර මතුරනවා. දෙහි මතුරනවා. මිරිස් වතුර මතුරනවා. අංගම් පිඹිනකොට ඒකෙ බලය අඩු වැඩිවෙන්නේ මතුරන වාර ගණන අඩු වැඩි කරන ප්‍රමාණය අනුවයි. අංගමක පිඹින්න ගම්මිරිස් ඇට තුනක් මතුරන අවස්ථාවලුත් තියෙනවා. සමහරු 27 වාරයක් 54 වාරයක් 108 වාරයක් මතුරන්නේ බලය අඩු වැඩි වෙන්න. 27 වාරයක් මතුරලා පිම්ඹම ඇති වෙන්නේ සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඒ කාලේ නඛා වෙහෙර (දීඝවාපියේ) හරි මහියංගණයේ හරි පින්කම් බලන්න යනකොට හුඟාක් ගෑනු පිරිමි ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා දෙහි ගෙඩියක් මතුරගෙන අරගෙන තමයි යන්නේ. සමහරු ඒක ඉනේ ගහගන්නවා. එහෙම කරන්ෙන් අංගමක් වැදුණත් වෙන හානිය වළක්වා ගන්න. අංගමක් වැදිලා තිබුණනම් ඒ දෙහි ගෙඩිය දුඹුරු පැහැ ගැන්විලා තියෙනවා. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය හදන්න කලින් අපි හිටියේ සේරුවත්ත කියන ගමේ. ඒ ගමෙත් අංගම් පිඹින ගුරෙක් හිටියා.’’
අංගම් පිළිබඳව ඉතා හොඳින් දන්නා උතුරු වැව්ගම්පත්තුවේ පරගහකැලේ ගෙම් පදිංචි කේ.ඇම්. අප්පුහාමි (81) මහතා අදහස් පළ කළේ මෙසේය.
‘‘අංගම් කියන්නෙත් හූනියං, කොඩි විනවලට අයත් දෙයක්. මේ අංගම් පිඹීම පහසුවෙන්ම කරන තවත් තැනක් තමා තොවිල් පොලවල්. ඒ කාලෙ වැව්ගම්පත්තුවේ මිනිස්සු ලෙඩට බෙහෙත් හොයනවාටත් වඩා කළේ තොවිල් කටයුතු සහ වෙනත් ශාන්ති කර්ම. ඉතින් ඒ තැන්වලට ගමම එනවා. වැඩි වශයෙන්ම මේවා කළේ රාත්‍රි කාලයේදී මේ තැන්වලට එන අංගම් පිඹින ගුරෝ ගමන්ගේ කාරිය කරගන්නවා. උඩු හුළඟ බලා ගන්න ක්‍රමයක් තමා සුරුට්ටුවක් හරි බීඩියක් හරි පත්තු කර ගන්න එක. ඒකේ දුම යන පැත්ත අනුව උඩු හුළඟ හොයාගන්න පුළුවන්. සමහර ගුරුන්නාන්සේලා අංගම සැරට වද්දන්න ඕනෑ වුණාම අඨෝ රාශියක් මතුරනවා. අඨෝ රාශියක් කියන්නේ 108 ඒවා තුනක්. අංගමක් වැදුණ කෙනෙකුට මතුරලා පියවි සිහිය ගත්තාට වැඩක් නෑ. ඒක තාවකාලිකයි. ඒ නිසා පසුව හොඳ ගුරෙකුට කියලා සනීප කරව ගන්න ඕනෑ.’’
‘‘අංගමක් වැදුණම සමහරු උමතුවෙන් වගේ හැසිරෙනවා. කන්නේ බොන්නේ නෑ. දොඩවනවා. මහ හයියෙන් කෑ ගහනවා. නිතර ක්ලාන්තය සිහිය නැතිවීම වගේ රෝගාබාධ සිදු වෙනවා. ඒ නිසා හරි ප්‍රතිකාරයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒක දිගු කාලයක් නිධන් ගත රෝගයක් බවට පත්වෙලා ලෙඩා මිය යනවා. එහෙමත් නැත්නම් සදාකාලික රෝගියෙක් බවට පත්වෙනවා. ඒ කාලේ මේවට ගරුන්නාන්සේලා මඟින් තමයි ප්‍රතිකාර කළේ. එක්කෝ දෙහි මතුරලා ලෙඩාගේ හන්දිවලට අල්ලලා කපනවා. මතුරනකොට ලෙඩාගේ ඔළුවේ නළල දෙපැත්තේ නිළ අල්ලලා තමා මතුරන්නේ. නැත්නම් නූලක් මතුරලා ලෙඩාගේ ඉනේ හෝ කරේ ගැටගහනවා. ලෙඩා සනීප කළාම ගුරාට ශත 25ක් හෝ පනහක් දෙනවා. තව තව තෑගි භෝග දෙනවා.
මතු සම්බන්ධයි...
සටහන
දිගාමඩුල්ල සමන් දිසානායක
ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න
ගැල් හෙවත් කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනයට ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරමටම දිගුවූ ඉතිහාසයකි.
ගවයින් බැඳි ගැල් 500ක් පිරිවරාගෙන වෙළඳාමේ යෙදුණු වෙළඳුන් පිරිසක් පිළිබඳව අප කුඩා කල දහම් පාසලේදී කියවූ පන්සිය පනස් ජාතක පොතේ එන අපණ්ණක ජාතකයේද සඳහන් වෙයි.
අද මෙන් රථවාහන බහුල නොවූ සියවසකට පමණ පෙර මෙරට භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම තැපැල් ප්‍රවාහනය සිදුවූවේද ගොනුන් බැඳි කරත්ත මගිනි. එකල කොළඹ ගැල්කරුවන් දියත් කළ මහා වැඩ වර්ජනයක් ගැනද අපි අසා ඇත්තෙමු.
අදින් දශක ගණනාවකට පෙර මෙරට මාර්ග පද්ධතියේ සැලකිය යුතු තැනක් කරත්තයට හිමිව තිබුණද අද වනවිට මහමඟ ගමන් ගන්නා කරත්තයක් දක්නට ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.
එසේ වුවද කෙමෙන් වියැකී යන පාරම්පරික කරත්ත රස්සාව රැකබලා ගනිමින් එයට ජීවය දෙන මිනිසුන් පිරිසක් වියලුවේ ගම්මාන කීපයක අදටත් ජීවත්වෙති.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් බෝලියද්ද, මීගහකිවුල, මකුල්ගොල්ල, තල්දෙන, පරගස්තැන්න, පුස්සල්ලාව ආදී ගම්මානවල වෙසෙන පාරම්පරික කරත්තකරුවෝ අදටත් සිය ජීවිකාව ගෙන යන්නේ කරත්ත මගින් බදුල්ල නගරය වෙත දර ප්‍රවාහනය කිරීමෙන් ලැබෙන්නා වූ ආදායමිනි.

බදුල්ල-මහියංගණ මාර්ගය ඔස්සේ බදුල්ල බලා ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට මීගහකිවුල බදුල්ල අතර වූ කිලෝමීටර් 22ක් පමණ වූ මාර්ග කොටස තුළදී මෙලෙස දර රැගෙන යන කරත්තකරුවෙකු මුණ නොගැසුනේ නම් ඒ බොහෝ කලාතුරකිනි.
එසේ වුවද අදින් දශක එක හමාරකට දෙකකට පෙර මෙම මාර්ගය ඔස්සේ ගමන් ගත් කරත්ත ප්‍රමාණය දෙසීයය ඉක්මවූවද අද වනවිට එම සංඛ්‍යාව බෙහෙවින්ම පහත වැටී ඇති බව මෙම ගැල්කරුවන් සමඟ අප කළ කතාබහේදී අනාවරණය විය .
වියලුවේ පාරම්පරික දර කරත්තකරුවන්ගේ පරම්පරාවේ අවසන් පුරුක් කීපය යැයි සිතිය හැකි මෙම කරත්තකරුවන්ගේ බහුතරය අද වනවිට සිය ජීවිතයේ අවසන් භාගය ගෙවා දමමින් සිටිති. අත්දැකීම් සපිරි කරත්තකරුවෝ බොහොමයක් මේ වනවිටත් මෙලොව හැර ගොස් ඇත්තේ ඔවුන් සතු අත්දැකීම් බොහොමයක්ද ඔවුන් සමඟම පොළව යට සඟවා තබමිනි.
මේ වනවිට සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ආර්.එම්. රත්නායක මහතා වසර 50ක පමණ කාලයක් තිස්සේ කරත්ත රස්සාවේ නිරතවන අත්දැකීම් සපිරි කරත්තකරුවෙකි.
අද තරුණයින් අතර යතුරුපැදිය ජනප්‍රිය වී ඇති තරමටම එකල තරුණයෝ ගවයින් බැඳි කරත්තවලට ප්‍රිය කළ බව රත්නායක මහතා අප සමඟ කියා සිටියේ දිගු කතාවකට මුල පුරමිනි.
‘‘මහත්තයෝ මම පාසල් යන එක නැවැත්තුවෙත් මේ කරත්ත රස්සාවට තියෙන ආදරේටමයි.’’ ඔහුට කතාව කියන්නට ඉඩ දී අපි නිහඬ වීමු.
‘‘මම මේ රස්සාව අවුරුදු 50ක විතර කාලයක් තිස්සේ කරනවා. මම උපන්නේ බෝලියද්දේ. ඒ කාලේ බදුල්ල-මහියංගණ මාර්ගයේ වාහනේකට ගියේ බස් එකක් විතරයි. බස් එක උදේ ගියාම ආයේ එන්නේ හවසට. වෙන කිසිම වාහනයක් නැහැ.
මේ ගමේ කීප දෙනෙක්ම කළේ කරත්තවලින් බදුල්ලට දර ගෙනියන එක. මම පොඩි කාලේ අපේ ගෙදර තාත්තට වගේම සීයටත් කරත්ත දෙකක් තිබුණා. ඒ අය හරිම උජාරුවෙන් තමා මේ රස්සාව කළේ. ගමේ අය කතා කළෙත් බාස් උන්නැහේ කියලයි. මොකද කරත්තේ එළවන එකත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකටත් හොඳ දැනුමක් පුහුණුවක් තියෙන්න ඕනෑ. ඒ වගේම මේ අය කරත්තෙට හරකුන්ට සැලකුවේ දෙවියන්ට වගේ. අනවශ්‍ය විදිහට කරත්තෙට තට්ටුවක්වත් දාන්න බැහැ. කේන්ති යනව.
කොහොම උනත් මේව දකිද්දී මට පාසල් ගමනත් එපා වුණා. යන්තම් අවුරුදු 10–12 වෙද්දී පාසැලට ආයුබෝවන් කියල මමත් කරත්ත පස්සේ යන්න පුරුදු වුණා. හැබැයි තාත්තවත් සීයවත් මේ වැඩේට කැමැති උනේ නැහැ. ඒ අයගේ කරත්ත අල්ලන්නවත් මට දුන්නේ නැහැ.
කරත්ත පස්සේ යන්න මට තිබුණේ පුදුම ආසාවක්. බෝලියද්දේ ඉඳල බදුල්ලට හැතැම්ම අටක් දහයක් දුරයි. සීයවත් තාත්තවත් කරත්ත රස්සාවට මම ගත්තේ නැති නිසා මම කරන්නේ ගමේ කෙනෙකුගේ කරත්තෙක පස්සෙන් බදුල්ලට යන එක. ඒ යන අතරේ ඒ අය මටත් කරත්තේ දක්කන්න දෙනව. මම ඒ අයට දර බාන්න උදව් කරනව. මට කන්න බොන්න අරන් දීල ශත 35කුත් දෙනව. ඒ කාලේ තේ එකක් ශත පහයි.
මේ වැඩේ නිසා කීපවිටක්ම තාත්ත මට ගැහුවා. හැබැයි ඒත් මම ආය පාසල් ගියේ නැහැ. හොරෙන් හොරෙන් කරත්ත පස්සෙ යන්න පටන් ගත්තා. අන්තිමට තාත්ත මාව ගෙදරිනුත් එළෙව්ව. මොන දඬුවම දුන්නත් මම නෙමෙයි මේ රස්සාව අත් ඇරියේ.
මොකද ඒ කාලේ කරත්තයක් දක්කනව කියන්නේ අද කාලේ කොල්ලො මෝටර්සයිකලේක නැගල රවුම් ගහනව වගේ වැඩක්. මිනිස්සු බාස් උන්නැහේ කියල කතා කරද්දී පුදුම ආඩම්බරයක් තමා දැනුණේ.
කොහොම හරි අන්තිමට අපේ බාප්ප කෙනෙක් මට එයාගේ කරත්තේ කුලියට දුන්න. ගමන් දෙකකට මම එයාට රුපියල් 15 ගානේ දෙන්න ඕනෑ.
මම දැන් ගෙදර නොගිහිල්ලම කරත්ත රස්සාව කරනව. කොහෙන් හරි කාල කරත්තෙම නිදාගන්නව. මගේ ජීවිතේම වුණේ කරත්ත රස්සාව. මම මේ විදිහට මාස 6-7ක් යන කොට අම්ම ඇවිත් මාව එක්ක ගියා. ඊට පස්සේ සීයවත් තාත්තවත් ආය මට මුකුත් කීවේ නැහැ.
ටික කාලයක් යද්දී රුපියල් 700ක් එකතුකරගෙන පරණ කරත්තයක් අරන් මටම කියල එකක් හදා ගත්ත. එදා මට දැනුණ සතුට මෙච්චරයි කියන්න බැහැ.
කරත්තෙ හදා ගත්තත් මට හරක් හිටියේ නැහැ. තාත්ත මට හරකෙක් දුන්නා. මම එකෙක් කුලියට ගත්ත. සීයත් පැටියෙක් දීල කීව පුරුදු කරගනින් කියල.
දැන් ඉතින් මට රටක් හම්බ වුණා වගේ තමයි. අනිත් උන් සතියට සැරයක් යනකොට මම තුන් පාරක් බදුල්ලට යනව.
මම මේ කරන වැඩේට මිනිස්සු එච්චර කැමැති වුණේ නැහැ. ‘මිනිස්සු මට කීවා උඹ නම් යකෙක් ගහල හරි කරත්තෙට යටවෙලා හරි තමා මැරෙන්නේ කියල.’
 |
දුංහිඳ වංගුව
|
ඒ කාලේ අපේ ගමේ ඉඳල බදුල්ලට යනකම් ගෙවල් 10-15 කට වඩා නැහැ. දුන්හිඳ පැත්ත හොඳටම පාළුයි. පාරේ සමහර තැන්වල මිනිස්සු පිදුරු අට්ටි ගහල තියාගෙන ඉන්නව විකුණන්න. මොකද ඒව තමා අපි හරකුන්ට කන්න දෙන්නේ. පිදුරු කට්ටයක් ශතයයි.’’
‘මොකක්ද අර යකා ගහනව කියපු කතාව’ මම රත්නායක මහතාගේ කතාව වෙනතකට හැරවූවෙමි.
‘අප්පා, මහත්තයො ඒ කතා මතක් වෙනකොටනම් මට දැනුත් බය හිතෙනව. ඒ කාලේ ඔය පාරේ හොල්මන් අවතාර විමානේ.
දවසක් මම දර විකුණල මඟට ඇවිත් හරකුන්ටත් හොඳට කවාගෙන එන්න පිටත් වුණා. ඒ වෙනකොට වෙලාව රාත්‍රි 10-11ට විතර ඇති. ඔය 13 කණුව හරිය අද වගේ නෙමෙයි හරිම පාළුයි. 88 භීෂණ කාලේ මිනිස්සු පුච්චපු තැන නිසා දවල්ටවත් කවුරුත් එතන තනියෙන් ඉන්නේ නැහැ.
මටත් මේ වෙලාවේ කවදාවත් නැති පොඩි අමුත්තක් දැනුණ නිසා මම හයියෙන් සීපදයක් කියාගෙන තමා ආවේ. එළියකට තිබුණේ කරත්තේ යට තිබුණු ලන්තෑරුම විතරයි.
කරත්තේ 13 කණුවට ආව විතරයි එක පාරටම කරත්තේ පාරෙන් අනිත් පැත්තට හැරිල කැලේ පැත්තට වේගෙන් යන්න පටන් ගත්ත. මම තිරිංග තද කළත් හරි ගියේ නැහැ. හරක් දෙන්න දැන් එක පාරම කරත්තෙත් අරන් කැලේටම තමා යන්නේ. මම මොන වැඩ දැම්මත් හරි ගියේ නැහැ.
අන්තිමට කැලේ මැදට ගිහින් හරක් නතර වුණා. දැන් කිසි සද්දයක් නැහැ. මෙන්න ටික වෙලාවක් යනකොට මම ඉන්න තැනට උඩහ පැත්තෙන් කැලේ කඩනව ඇහෙනව. කැලේ කඩාගෙන අතු බිඳගෙන කවුදෝ පහළට එනව වගේ දැනුණත් කිසි කෙනෙක් නැහැ. අතේ තියෙන ලන්තෑරුම ඇරුනම වෙන කිසි දෙයක් ඇත්තෙත් නැහැ.
මට දැන් කරන්න දෙයක් නැහැ. මම බය පැත්තක තියල අර නරක වචන දෙක තුනක් හයියෙන් කියන්න පටන් ගත්ත. ඔන්න එතකොට අර සද්දේ නතර වුණා. මම හෙමීට ගොන් දෙන්නා ලිහල කරත්තේ පාර පැත්තට හරවල ආයෙත් ගොන් දෙන්න ගැටගහල කරත්තේ පාරට ගන්න ලෑස්ති උනා. වෙනද ගහක් උඩ උනත් නගින ගොන් දෙන්න දැන් හෙලවෙන්නේවත් නැහැ.
මහත්තයො මම කිසිම දවසක ගොන්ට ගහන්නේ නැහැ. අත්දෙක අතගාල යමං පුතා කීවම උන් බදුල්ලට යනකං යනව. හැබැයි එදා මොනව කීවත් මේ දෙන්න හෙල්ලුනේවත් නැහැ. අන්තිමට මගේ කේන්තියයි බඩ ගින්නයි ඉවස ගන්න බැරිව මම හොඳටම හරක් දෙන්නට ගැහුවා. ඒත් මුන් දෙන්න හෙලවෙන්නේවත් නැහැ.
මම ආයෙත් හරක් දෙන්න ලිහුවා. පාරට ආවා. මට මතකයි මෙතන්ට හැතැම්මක් විතර එහා ගෙයක් තියෙනවා. ඒ ගෙදර මාම යන්තර මන්තරත් දන්නවා. දැන් මම එහෙට යනව නම් අර මිනී පුච්චපු ඇට කටු අලු උඩින් තමා යන්න ඕනෑ. මොනා කොරන්නද මම එතනින් පැනල ගියා.
මම ගිහින් ඒ ගෙදර හිටිය මාමට මට උන කරදරේ ගැන කීව. උන්දැ ඒක අහල ඔළුවේ අත තියාගෙන මට කීව ‘මෙන්න මෙහෙන් නිදා ගනින් උදේට පලයං’ කියල.
ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. පස්සේ උන්දැ අදිමදි කරල තව කෙනෙකුත් එක්ක කරත්තේ ගාවට ඇවිත් මොනවදෝ කියල මට කීව හා දැන් කරත්තේ ගනින් කියල. අනේ පුදුමේ කියන්නේ ගොන් දෙන්න සරස් ගානකොට පාරට ආවා. මම එතනින් එනකොට රෑ එකත් පහුවෙලා.
හැබැයි මම ගෙදරට ආව විතරයි මතක, මට හොඳටම උණ ගැනුණා. ඒ විතරක් නෙමෙයි මුළු ඇඟපතම රිදෙන්න පටන් ගත්ත. දවස් ගාණක් ගිහින් තෙල් බේත් කරල තමයි සනීප වුණේ’’
ඔහු මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ ඔහු මුහුණ දුන් තවත් එවැනිම අත්දැකීමකි.
‘‘අපි යන පාර හරිම පාළුයි. හුඟ දෙනෙක් රාත්‍රි 8.00-9.00 පහු වුණාට පස්සේ ඔය පාරේ යන්නේ නැහැ. මොකද දවල්ටත් පාරේ හොල්මන් තියෙනව. ගියත් යන්නේ කරත්ත හත අටක්වත් එකතු වෙනකම් ඉඳල තමයි.
හැබැයි මම ඉතින් යකෙකුටවත් බය නැති මිනිහා නිසා මම දැන් කරත්තේ අරන් දුන්හිඳ කන්ද නගිනවා. වෙලාව රාත්‍රි 10.00ට විතර ඇති. මෙන්න එක පාරටම දිඩි දිඩි ගාල කැලේ පැත්තෙන් සද්දයක් එනවා. මේ සද්දෙත් එක්ක දැන් කරත්තෙත් නැවතිල. හරක් අදින්නෙත් නැහැ. දැන් සද්දේ ළඟ ළඟම එනවා. සද්දේ එන පැත්තකුත් නැහැ. මම දන්නව මොකාටද එන්නේ කියල. මම කලින් දවසේ වගේම හොඳ දෙකක් කියල කෑ ගැහුවා. අනේ සද්දේ නැත්තටම නැති වුණා.
ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ බෝදිලිමා කියන අවතාරේ තමා. බෝදිලිමා ලන්තෑරුම් එළිය දැක්ක ගමන් පස්සෙන් එනවා කියල තමයි සීය අපට කියල දීල තිබුණේ.
ඕකා එක එක විදිහට කෑ ගහනව. හරිම භයානක සද්දයක් තමා එන්නේ. දවසක් මම මේකා කෑගහන සද්දෙට බය වෙලා පාර අයිනේ තිබුණු ඉලුක් මඩුවකට රිංගල තමා බේරුණේ.
හරක් බාන කරත්තේ අනික් පැත්තට හැරිල ආපස්සට යනව’’
හෙල මකුල්ගොල්ලේ ඩී.එම්. ලොකුබණ්ඩා මහතාද හොල්මන් අවතාරවලින් හොඳ හැටි බැට කෑ කරත්තකරුවෙකි.
‘‘මහත්තයො දවසක් අපි දුන්හිඳ කන්ද නගිනවා. මට ඉස්රහින් කරත්ත තුනක් යනවා. එතන තියෙන සයිඩල් වංගුව කියන්නේ කරත්තකාරයො හරිම අමාරුවෙන් බයෙන් යන තැනක්. හරියට අවතාර හොල්මන් තියෙනවා. මම ඉතින් පොඩි කාලේ ඉඳලම හරක් එක්ක කැලේ හිටිය මිනිහ නිසා මට බයක් නැහැ.
ඔන්න මම සයිඩල් වංගුවට උඩින් තියෙන අලිපාර ළඟට ආව විතරයි, එක පාරටම කළු පාට මිනිහෙක් ඇවිත් කරත්තේ ඉස්සරහින් හිට ගත්තා. මේක දැන් බලා ඉද්දී උස යනව. ඒ එක්කම හරක් බාන කරත්තේ අනිත් පැත්තට හරවගෙන ආපස්සට කාර් එක වගේ යනව. මට කරන්නම දෙයක් නැහැ. මම කඳ යටින් රිංගල ගොන්ගේ නාස් ලණුවෙන් ඇද්දත් උන් නෙමෙයි නවතින්නේ. ටික දුරක් යද්දී හරක් දෙන්නා ඇදගෙන වැටිල කරත්තෙත් උන්ගේ උඩින් ගියා. මම එළියට පැනල අනූ නමයෙන් තමයි ජීවිතේ බේර ගත්තේ. අන්තිමට මම කෑ ගහන සද්දෙට ඉතිරි කරත්තකාරයො ටික ඇවිත් තමා කරත්තේ හිට්ටව ගත්තේ. එතන ඒ වගේ කීපදෙනෙකුටම වෙලා තියෙනවා.
ආයේ දවසක් මම තනියම දුන්හිඳ කන්ද නගිනව. වෙලාව රෑ 12.00-1.00ට විතර ඇති. වංගුව හරවල කරත්තේ නවත්තල බලද්දී මෙන්න ලස්සනට ඇඳ ගත්ත ගෑනියෙක් කරත්තේ පිටිපස්සෙන් එනව මට ලන්තෑරුමට පේනව. මම බය වුණේ නැහැ. මම ඉතිපිසෝ ගාථාව කියාගෙන උඩහටම දැක්කුව. ටික වෙලාවකින් බලද්දී එයා අතුරුදහන් වෙලා’’
ගැමියන් මෝහිණීය ලෙස හඳුන්වන අවතාරය බොහෝ විට කරත්තකරුවන්ට මුණ ගැසෙන බව කරත්තකරුවෝ පවසති.
මේ මුතුබණ්ඩේ මාමාට දවසක් මෝහිණිය මුණගැසී සිදුවූ අරතැබ්බයකි.
 |
දර රස්සාවේ යෙදෙන කතුන් |
‘‘අර අසූ අටේ කලබල කාලේ තමා මේක වුණේ. අපි එන පාර දිගට ඒ කාලේ මිනී පුච්චනව. ඔය 12 කණුව හරියෙ කීප සැරයක්ම මිනිස්සු පුච්චල තිබුණා.
එදා මම ඔන්න දර විකුණල ගෙදර එනව. වෙලාව රාත්‍රි 11.00- 12.00 ට ඇති. තල්දෙන බෝගහ ළඟ කඩෙන් තේ එකක් බීල මම එන්න පිටත් වුණා. ඒ කඩේ අයත් කීව දැන් රෑ වෙලා ඔය මිනී පුච්චන තැන්වලින් යන්න එපා කියල. මම ඒක නාහ ආවා. පාර හරිම පාළුයි. වාහනයක්වත් නැහැ. දැන් ඔන්න මම අමාරු ගල ළඟ වංගුවෙන් එනවා. මට කව්දෝ කතා කරනව ඇහෙනවා. වටපිට බැලුවත් පේන්න නැහැ. මම හිතුව පහළ ගමේ කාටහරි ලෙඩවෙලා උස්සගෙන එනව ඇති කියල.
මම ඉතින් ගානක් නැතිව ඉස්සරහට යනව. ඔන්න දැන් හිනා වෙන සද්දෙකුත් ඇහෙනව. පස්සෙන් එන ගොනත් උඩ පැනගෙන දඟලනව. මම පස්ස හැරිල බැලුව ලන්තෑරුම් එළියෙන් මට දැන් ලස්සන ගෑනියෙක් පේනව. මම දැනගත්ත වැඩේ. මම පාඩුවේ ආව. ටිකක් දුර එද්දී මෙන්න පස්සෙන් ආවා ගෑණි ඒ පාර ඉස්සරහින් එනවා. මාර ලස්සන ගෑනි. මට ඉතින් කතා කරන්නත් හිතුනා. හැබැයි මම කතා කළේ නැහැ.
මහ පාරේ ආව මම දැන් ගමට එන්න අතුරු පාරට හැරෙන්න ඕනෑ. යකෝ මෙන්න මේ ගෑනිත් අතුරු පාරට හැරුණා. මම ඒ පාර නම් බය වුණා. මම කරත්තේ කඳ යටින් රිංගල කරත්තේ යට තිබුණූ පඩංගුවේ දිගා උනා. කරත්තේ වංගුව හැරෙනවත් එක්කම එක පාරටම ලන්තෑරුමේ චිමිණිය පුපුරල ඒක නිවුනා. මොනව කරන්නද? ඔන්න මම දැන් මහ කරුවලේ කරත්තේ යටට වෙලා එනවා. ගෑනිත් එනවා මට පේනව. මම ඔහොම ඇවිත් ගෙවල් කිට්ටුව තිබුණු ගෙයක් ළඟ නවත්තල ගෙදර අයට කතා කළා. එදා ඒ ගෙදර හිටියේ අපේ නෑදෑවෙන නංගි කෙනෙක් විතරයි. මම කතා කරද්දී නංගි ලාම්පුවත් අරං පාරට ආව. මම විස්තරේ නොකිය ලාම්පුව නිවුන කියල විතරක් කීවා. පස්සේ මම එතන හරක් ටික දිගේලි කරල කරත්තෙත් දාල ගෙදර ආවා.
හැබැයි පහුවෙනිද මට නැගිට ගන්නවත් බැරි තරමට උණ ගැනුණා. ආරංචි කරල බලද්දී අර මට උදව් කරපු නංගිටත් උණ. ඒ වගේම විකාරෙන් දොඩවන්න පටන් අරං. අන්තිමට මන්තර ගුරුකම් කරන රනාගල මාමා එක්ක ඇවිත් යැදල තෙල් මතුරල තමයි අපි දෙන්නටම සනීප වුණේ’’
ප්‍රදේශයේ කරත්තකරුවෙකු වූ ඩී.එම්. කිරිබණ්ඩා මහතාද කීපවිටක්ම කරත්ත රස්සාවේදී හොල්මන් අවතාරවලින් බැට කෑ අයෙකි.
‘‘දවසක් මම 13 හරියෙන් යනව. බාගෙට හඳ පායල තිබුණා. වෙලාව 12.00ට විතර ඇති. මෙන්න මම ඉස්සරහින් කළුපාට බල්ලෙක් යනවා. මේක බලා ඉද්දී උස යනව. හැබැයි මම දන්නව මේක බල්ලෙක් නෙමෙයි කියල. මම හොඳ දෙකක් කියල තෝ හිටපිය අපි යනව කියල යන්න ගියා. ටික දුරක් ඇවිත් ඒක අතුරුදහන් වුණා’’
බොහෝ කරත්තකරුවෝ තමන් ජීවත්කරවන හරකුන්ට දැක්වූයේද අපමණ සෙනෙහසකි. රත්නායක මාමා ඒ ගැන මෙසේ කීවේය.
‘‘මහත්තයො මම කවදාවත් හරකුන්ට ගහන්නේ නැහැ. හොඳට කවනවා. නාවනව. ඊට පස්සේ කරත්තෙට බැඳල අත්දෙක අතගාල යමං පුතා කීවම මම නවත්තනකම් යනවා. මඟදිගටත් ලිහ ලිහා කන්න දිදී තමා මම කරත්තේ අරන් යන්නේ.
මහත්තයෝ පස්සේ කාලේ මට කරත්ත දෙක තුනක් තිබුණා. එකක් මම දුන්නා මගේ සහෝදරයෙකුට. ගොන් ටිකත් දුන්න. එයා හරිම සැර පරුෂ කෙනෙක්.
දවසක් මම දර අරන් යනකොට මිනිස්සු කීව මල්ලී එක හරකෙක් වයසයි කියල මස් කඩේට දුන්න කියල. මම දර ගෙනියන එක තියල කරත්තෙත් දාල දුවන්න පටන් ගත්තා. දුවල දුවල මග දිගට හම්බ වෙන අයගෙන් ඇහුව හරකෙක් අරන් යනව දැක්කද කියල. මිනිස්සු නැහැ කීව. පස්සේ හොයල බලන කොට හරක ගෙනියන්න බැරුව කැලේ බැඳල තියල ඉන්නව. මම ගාස්තුව දීල හරක ආයෙත් බේර ගත්තා. මේ සත්තු මහත්තයො මතු ආත්මෙ නිවන් දකින්න ඕනෑ’’ රත්නායක මාමා එසේ කියා සිටියේ දෙනෙතින් ගලා හැලුණූ කදුළු කැට කීපයක් වම් අතින් පිස දමමිනි.
බදුල්ල බලා ගමන් ගන්නා කරත්තකරුවෝ බෙහෝ විට සිය ගමන් බිමන් සඳහා යොදා ගන්නේ උදෑසන හා සවස් කාලයයි. දිවා කාලයේදී පාර රත්වීමත් සමඟ ගොනුන්ට දැනෙන අපහසුව නිසා ඔවුහු දිවා කල ගවයින් ලිහා දමා කොහේ හෝ ගස් සෙවණකට වී ගිමන් හරිති.
‘‘බදුල්ලට යන්න හැතැම්ම 15-20 ක් දුරයි. මේ දුර එක පාරම යන්න බැහැ. හුඟ දෙනෙක් රෑ වෙද්දී කරත්ත ලෑස්ති කරගෙන උදේ 5-6 වෙනකොට පාරට බහිනවා. උදේ 10.00 විතර වෙනකොට ගමනෙන් බාගයක් විතර යන්න පුළුවන්. සමහරු තල්දෙන පිහිල්ල ළඟදී හරක් ලිහල වතුර පොවනවා. ඊට පස්සේ වල් කන්න දානව. කරත්තවල එන අය කරන්නේ ගේන දෙයක් කාල කොහේට හරි වෙලා නිදා ගන්න එක. සමහරු නම් ඉතිං ඕමි බලනවා. බුරු ගහනවා.
ඔන්න ඉතින් හවස 2.00-3.00 විතර වෙද්දී ආයෙත් හරක් ගැටගහගෙන ගමන පටන් ගන්නවා. එක පෙළට කවි සීපද කියාගෙන කරත්ත ටික යන කොට පුදුම ලස්සනක් තියෙන්නේ.
කරත්ත පෙළේ සිටින නාහෙට නාහන ඉලන්දාරියෙකු හරකුන්ට ඉඳහිට වැරෙන් පහරක් දෙකක් එල්ල කළද වැඩිහිටියෝ එසේ නොකරති. කරත්ත දක්කන වැඩිහිටි බොහෝ දෙනෙකු සිය ගවයින්ට මග පෙන්වන්නේ කවි සීපදවලිනි. ඒ කවි සීපදවලින් බොහොමයක්ද තම ගම් ප්‍රදේශයන් අලලා ඔවුන් විසින්ම නිර්මාණය කර ගත් ඒවා වීමද විශේෂයකි.
රත්නායක මාමා එවැනි කවි සීපද කීපයක්ම ගායනා කළේ පැරණි මතකයන් යළි සිහි ගන්වමිනි.
සසඳ සසඳ කඳ මහ පාරේ යනවා
අත් වැල් බඳට රෝදය කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ යනවා
හත් හරියට අපි නාරංගල යනවා
බදුලු යන්න මහ පාරක් තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය තියෙන්නා
වතුර බොන්න ගංඟාවක් තියෙන්නා
සාදු සාදු මුතියංගණ පෙනෙන්නා
නාවාලා ගොන් බානක් බැඳල ගියා
සෝදාලා සුදු සරමක් ඇඳල ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල ගියා
හතර වරම් දෙවි රැකපං බදුලු ගියා
මෙහෙම කවි සීපද කියාගෙන ඇවිත් කොහොම හරි හවස 7.00-8.00 වෙනකොට ඔන්න ඉතින් ඔක්කොම රිදීපානෙ දොරගාවට කරත්ත ටික ගාල් කරනව’’.
‘මොකක්ද දොරගාව කියන්නේ’ මගෙන් යළිත් බාධාවකි.
‘ඉස්සර ඔය බදුලු ඔය හරහා මහ පුස්වැලක් තිබිල තියෙනව. එක කාලෙක ඔය පුස්වැල හරස්වෙලා බදුල්ලම යට වුණාලු. අන්තිමට ඔය වතුර පාර පිට වුණ තැනට තමා මිනිස්සු දොරගාව කියල කියන්නේ.’
බදුල්ල නගරය බලා පැමිණෙන කරත්තකරුවන්ගේ එකම නවාතැනවන්නේ බදුල්ල නගරය පෙනෙන තෙක් මානයේ පිහිටි රිදීපාන හංදියයි.
කරත්තකරුවන්ගේ රාත්‍රි නවාතැන්පල වන මෙහි කරත්තකරුවන් වෙනුවෙන්ම විවෘතව තැබෙන වෙෙළඳසැල් කීපයක් මෙන්ම අබලන්වූ කරත්ත අලුත්වැඩියාව සඳහා කම්මල් කීපයක්ද එකල තිබූ බව රත්නායක මාමා අපට කීවේය.
සටහන සේයාරූ
වියලුවේ නිශාන්ත කුමාර
තිසා වැව ඉස්මත්තෙන් මෝදු වූ පුන් ස`ද හාත්පස ආලෝකවත් කරමින් බැබළෙයි. රජවාසල නිහ`ඩය. විටින් විට මහ වාසල ගෙමිදුලෙහි ඇවිද යන රාජපුරුෂයෝ තම විමසිලිමත් දෙඇස් හාත්පස යොමු කරති. ඡායාවක වෙනසක් පවා ඔවුන්ගේ තීක්ෂණ ඇස්වලට නතුවන්නේ නිරායාසයෙනි.
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යයි. මෙතෙක් සිය අනේක විවිධ ස්වර්ණාභරණයෙන් විරාජමානව සිටි මහ රජු වඩාත් සැහැල්ලූ ඇ`දුමකින් සැරසී සිය අග බිසව සිටින කුටිය වෙත යාමේ අපේක්ෂාවෙන් එළියට බැස්සේය. සිරිපොද වැස්ස හාත්පස පැතිර යද්දී ඔහු කඩිනම් ගමනින් සිය චර පුරුෂයන් ද සමඟ බිසෝ මාළිගයට යන්නට විය.
මේ ගමනේ විශේෂත්වයක් තිබේ. රජු තම අග බිසව හමුවට මාස ගණනකින් එහි ගොස් නැත. රජු එහි යන විට බිසවගේ මාළිගයේ මද ආලෝකයක් දක්නට ඇත. මලානික පහන් එළියකින් බිසවගේ යහන් ගැබ ආලෝකවත් වී තිබේ.
පිටත සිටි සේවිකාවක රජු දැක මහත් කලබලයට පත්ව අග බිසවගේ කුටිය වෙත දිව ගියාය. රජු ඇය පසු පසින් කඩිනම් ගමනින් එහි යන විට ඇතුලතින් ඇසෙන සිනා හ`ඩ තව තවත් උස්ව නැගෙයි. රජු මදක් වික්ශිප්තව බලා සිටියි. බිසවගේ සිනා හ`ඩත් තවත් පුරුෂයකුගේ සිනා හ`ඩත් ඇගේ යහන් ගබඩාවෙන් ඇසෙමින් තිබේ.
sdgcb
ෙදාර විවර කළ මහරජු වහා එහි ඇතුළු විය. පුදුමයකි. රජු සමඟ ඉතා සමීපව කටයුතු කරන අමාත්‍යවරයෙක් රජුගේ අග බිසව සමඟ යහන් ගබඩාවේය. වහා කි‍්‍රයාත්මක වූ රජු රාජපුරුෂයෝ කැඳවීය. අමාත්‍යවරයා අත්අඩංගුවට ගැණිනි. බියෙන් මුසපත්ව කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටින අග බිසව දෙස රවා බැලූ මහරජු කිසිවක් නොකියාම පිටව ගියේ කෝපයෙන් වෙව්ලමිනි.
රජුගේ නියෝගය මත අමාත්‍යවරයා රහසිගත කුටියක සිරකෙරිණි. අග බිසවට යළි කිසි දිනක සිය කුටියෙන් එළියට එන්නට ඉඩ ලැබුණේ නැත.
අත්‍යවශ්‍ය කටයුත්තකට රජු හමුවීමට බව කියමින් පොහෝ දිනයේ මාළිගාවට පැමිණි අමාත්‍යවරයා යළි නිවසට නොපැමිණීම ගැන ඔහුගේ බිරි`දත් දරුවෝත් කලබලයට පත්ව සිටියහ. අමාත්‍යවරයාට වූ දෙයක් කිසිවෙකු දන්නේ නැත. ආහාර නොමැතිව කුසගින්නේම මියගිය අමාත්‍යවරයාගේ සිරුර හොර රහසේම මාළිගාවෙන් ඉවත් කැරිණි. අමාත්‍යවරයාගේ මරණය කිසි දිනෙක හෙළිවූයේ නැත.
කිසිදා තම අග බිසව හමුවීමට නොගිය මහ රජු තමන්ගේ සිත්ගත් අන්තඃපුර බිසවක් දිගටම ඇසුරු කළේය. රජු අග බිසවගෙන් ඈත්වීමත් අමාත්‍යවරයාගේ හදිසි අතුරුදන්වීමත් කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. දින සති මාස අවුරුදු වී අවුරුදු දහසකට වැඩි කාලයක් ගෙවී ගියේය. නමුත් මළවුන් කිසිදා බොරු නොකියන්නේය යන වදන යළිත් ප්රත්යක්ෂ කරමින් මේ අභිරහස ගාල්ලේ නිවසකින් සාක්ෂි සහිතව ඉදිරිපත් වන්නට විය.
ඒ ගුරු ගෙදරකිනි.
අපි ඔහුට සිසිර යැයි කියමු. සිසිරට පාසල් වියේදීම පෙම්වතියක් සිටියාය. තම නිවස ආසන්නයේම නිවසක යුවතියක වූ ඇය සමන්මලීය. මේ දෙදෙනාගේ ආදරයට නිවෙස්වලින් ද ආශිර්වාද ලැබුණේ ඔවුන් දෙදෙනාම එකට අධ්‍යාපනය ලැබූ නිසාවෙනි. එකම විශ්වවිද්‍යාලයකට ගිය ඔවුන්ට එකම වර්ෂයේදී ගුරු පත්වීම් ලැබිණි. ඒ එකිනෙකට ආසන්න වූ පාසල් දෙකටය.
සිසිරගේත් සමන්මලීගේත් විවාහය ජයටම සිදුකැරිණි. සමන්මලීගේ පියාගේ ත්‍යාගය වූයේ අලූතෙන් ඉදිකළ නිවසකි. මේ දෙදෙනා එහි පදිංචි වූහ. එහෙත් ඒ කැදැල්ලේ සතුට පැවතියේ ටික දිනක් පමණි. සමන්මලී සිසිර සමඟ අඹු සැමියන් සේ සිටීම ටිකෙන් ටික ප්‍රතික්ෂේප කරන්නට වූවාය. එකිනෙකා හා බැ`දුණු ආදරයෙන් වසර දහයක් පමණ ඇසුරු කර විවාහපත් වූ මේ යුවළගේ සතුට පෑල ෙදාරින් පළා ගියේය.
හිසරදය, කැරකිල්ල, ඇ`ගපත රිදීම, අද අසනීපයි වැනි වදන් කියා සමන්මලී තම සැමියාගෙන් නිතර නිතර ඈත් වූවාය. මේ යුවළට දරුවකු නොමැතිවීම ගැන මාපියන් ප්‍රශ්න කරද්දී සිසිර සහ සමන්මලී නිහඬ වූහ.
මේ අතර සිසිරගේ දුර ඥාති සොයුරියක් හදිසියේම සිසිරගේ පාසලකට ගුරුවරියක ලෙස පැමිණියාය. ඇය රෝෂිණීය. රෝෂිණී සමන්මලීටත් වඩා හැඩකාරියකි. කොළඹ හැදුණු වැඩුණු ඇය වඩාත් සමාජශීලී යුවතියකි. අවිවාහක තරුණියක වූ ඇය නතර වූයේ සිසිරගේ අම්මාගේ නිවසේය.
තම පාසලට ආ රෝෂිණී නංගීට සිසිර බොහෝ උදව් කළේය. කොළඹින් ආ රෝෂිණී ගුරුතුමිය පාසලේ සිටි අනෙක් ගුරුවරියන්ට වැඩිය ඇල්ලූවේ නැත. නිතර අ`ගර ද`ගර පාමින් ඉ`ගි මරමින් කතා කරන ඇයගේ මුකුළුව බොහෝ් දෙනෙක් ප්‍රතික්ෂේප කළහ. ඒ නිසාම ඇයට පිහිටට සිටියේ සිසිර පමණි.
සමන්මලී රෝෂිණී ප්‍රතික්ෂේප කළේ නැත. විශ්වවිද්‍යාලයට යන කාලයේදී ද තමන්ට වඩා වසර දෙකකට පමණ පසු කණ්ඩායමක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකව සිටි රෝෂිණී හ`දුනන සමන්මලී රෝෂිණීට සිය නිවසේම නවාතැන් දුන්නාය.
සිසිර සහ රෝෂිණී එකිනෙකා හා වැඩි වැඩියෙන් සමීපවීම බොහෝ ගුරුවරු දැක්කේ ඔවුන් දෙදෙනා වරදේ බැෙ`දන අයුරිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධය ටිකෙන් ටික වඩාත් සමීප වෙද්දී ඔවූහු වරදේ බැඳුනහ. සමන්මලී ලිංගික සම්බන්ධතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිසිර රෝෂිණී වෙත තල්ලූ වී ගියේය. ඔහු එය තම සිතින් සාධාරණීකරණය කරගත්තේ සමන්මලීට සිතින් බැණ වදිමිනි. එසේ වුවද මෙය කිසිවකු පිටතට පෙන්නුවේ නැත.
සමන්මලීට ද මේ ගැන ඉව වැටී තිබිණි. ඇයට බොහෝ දෙනා ඒ ගැන කියා සිටියාය. සමන්මලීගේ අම්මාත් තාත්තාත් පැමිණ ඒ
ගැන සිය දියණියට අවවාද කළහ. ඒත් ඇය ඒ කිසිවකට කන් දුන්නේ ද නැත.
මාස කිහිපයක් මේ ආකාරයෙන් ගෙවී යද්දී හදිසියේම රෝෂිණී වෙනත් භාෂාවකින් කතා කරන්නට වූවාය. මේ භාෂාව සිංහල බස හා බොහෝ සමාන වුව ද තේරුම් ගැනීම අපහසුය. තතු දන්නවුන් කීවේ රෝෂිණීට යම් ආවේෂයක් පැමිණ ඇති බවයි. එය පිරිමි කටහ`ඩකි. ගැඹුරු පිරිමි කටහ`ඩකින් ඇය කතා කරන්නේ භූතයකුගේ බලපෑම හේතුවෙන් යැයි සිතූ සමන්මලී තම සැමියා සිසිර සමඟ එක්ව ප්‍රදේශයේ ගුරුකම් දන්නා අයකු වෙත රැුගෙන ගොස් නූල් බැන්ද වූහ. ටික දිනක් සුපුරුදු පරිදි සිටි රෝෂිණී යළිත් අමුතු බසකින් කතා කරන්නට වූවාය.
ඇය හිටි හැටියේ පිරිමියකු සේ කටයුතු කරමින් පවසන්නේ තමන් අනුරාධපුරයේ රජ මාළිගාවේ දී මරා දැමූ සෝරථ නම් අමාත්‍යවරයකු බවයි.
”මම සෝරථ, රජ්ජුරුවෝ මාව කුටියක හිරකරලා මරා දැම්මා. මට කන්න නොදී මැරුවේ. අන්තිමේ දී මගේ සිරුර කාටත් හොරා තිසා වැව ළ`ග වළ දැම්මා. මම හැම ආත්මයකම මේ රජ්ජුරුවන්ගෙන් පළිගන්න එනවා. දැන් මේ මගේ වාරය.” රෝෂිණීගේ සිරුරට ආරූඪ වී සිටින සෝරථ නම් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ තම අග බිසව තනිකර ඇය පිළිකුල් කරමින් අන්තඃපුර බිසවක් ළ`ගින් ඇසුරුකරමින් සිටි රජු තමන් මරා දමා අනුරාධපුර රජ මාළිගයේ අග බිසව තනිකැර දැමූ බවයි. ඔහු පවසන්නේ කුසගින්නේ මියගොස් භූත ආත්මයක වසර දහසකට වඩා කාලයක් එක දිගට දිවි ගෙවන තමන්ට පෙර ආත්මය මතක ඇතත් රජුත් ඔහුගේ අග බිසවත් ආත්ම ගණනාවක් උපත ලබා ඇති බැවින් ඔවුන්ට ඒ භවය අමතක වී ගොස් ඇති බවයි.
3
සෝරථ අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් භූතයා පවසන්නේ එකල රජු සිය අග මෙහෙසිය ප්‍රතික්ෂේප කරමින් අන්තඃපුර බිසවක් කෙරෙහි යොමු වූ බැවින් අග බිසව තමන් හා අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවයි. එය පොහෝ දිනක දී රජුගේ අතටම අසුවීමෙන් තමන්ට කුසගින්නේම මියයාමට සිදුවූ බව ද මේ භූතයා අතීත අනුරාධපුරයේ භාවිත කළා යැයි කියන අමුතු බසකින් කතා කරමින් පවසයි. මේ භාෂාව තේරුම් ගැනීම පවා අපහසු කාර්යයකි.
එදා රජු අද සිසිරය. භූතයා පවසන්නේ අතීතයේ තමන්ව කොතෙක් ප්‍රතික්ෂේප කළ ද රජු හා ආලයෙන් බැ`දී සිටි අග බිසව දැන් ඉපද සිටින්නේ රෝෂිණී ලෙස බවය. එදා රජුට පිටුපා සෝරථ සෙනෙවියා හා සබ`දකම් පැවැත්වීමේ වරද හේතුවෙන් ආත්ම ගණනක් ඇයට එදා රජු හමුවුව ද විවාහ වීමට නොලැබුණු බව ද සෝරථ කියයි. එදා රජු අන්තඃපුර ස්ති‍්‍රයකට ඇති කැමැත්ත හේතුවෙන් තම අග බිසව ප්‍රතික්ෂේප කිරීමේ පාපයේ ප්‍රතිඵලය වී ඇත්තේ උපදින ආත්මයක් ආත්මයක් පාසා තවමත් ඔහු සිය බිරි`දගෙන් ප්‍රතික්ෂේප වීමයි.
සෝරථගේ මේ කතාව සමන්මලී ද අදහාගත නොහැකිව අසා සිටියාය. සිදු වූ සියල්ල දැන් සියලූදෙනා හමුවේ නිරාවරණය වී ඇත.
සැමියා හා සම්බන්ධතා නොපවත්වමින් ආගමික කටයුතුවලට නැඹුරුවෙමින් සිටි සමන්මලී තවදුරටත් තම සැමියා සිසිරට හා ඔහුගේ අනියම් බිරි`ද වී සිටින රෝෂිණීට ඉඩ දී පසෙකට වූවාය. සමන්මලීගේ පියා ඉදිකළ නිවසේ අඹු සැමියන් වී සිටින්නේ එදා අනුරාධපුරයේ රජු හා බිසව ලෙස සිටියා යැයි කියන සිසිර හා රෝෂිණීය. එදා සිය අග බිසව ප්‍රතික්ෂේප කළ වරදට සිසිරට ද`ඩුවම් වි`දින්නට වීමේ ප්‍රතිඵලය වූයේ සමන්මලී තනි වීමයි. නමුත් ඒ ඇයගේම කැමැත්තෙනි.
මෙසේ තවත් මාස ගණනක් ගෙවී ගියේය. සෝරථ අමාත්‍යවරයා ද විටින් විට එදා අග බිසව වූ රෝෂිණීගේ සිරුරට අරක්ගෙන මදවේලාවක් ෙදාඩව ෙදාඩවා සිට නැවත ආපසු යයි.
මෙය කොතෙක් ඉවසා සිටිය ද සමන්මලීට තවදුරටත් දරාගත නොහැකි වූවාය. අවසානයේ ඇය තම මානසික අසහනයට පිළියම් සොයා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා හමුවට ගියාය.
එම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙලෙස විග්රහ කළේය.
”මෙය ඇත්තටම රජ කතාවක් නොවෙයි. සෝරථ කියා භූතයෙක් නැහැ. මේ වගේ දේවල් අපේ සංස්කෘතියේ පවතිනවා. ඒ වගේ ම එවැනි දේ අපි කතාන්තර ලෙස අසා ඒවා යටිසිතේ තැන්පත්ව තිබෙනවා. විටින් විට එවැනි දේ මතුවිය හැකියි. මුලින්ම වරද සිදුව තිබෙන්නේ සමන්මලී අතින්. ඇය විශාදය කියන රෝග තත්ත්වයෙන් පෙළුණු නිසා තමන්ගේ සැමියා සමඟ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලය වූයේ සැමියා වෙනත් යුවතියක් වෙත ඇඳී යාම. ඒ ස`දහා රෝෂිණීට අවස්ථාව ලැබෙනවා. සමන්මලී තමන්ගේ රෝගී තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඇය ප්‍රතිකාර නොගෙන සිසිරට හා රෝෂිණීට ඉඩ දී බලා සිටියා.
රෝෂිණී නැවතී සිටියේ සිසිර හා සමන්මලී දෙදෙනාගේ නිවසේ. ඇයගේ සිතේ ඇයටත් නොදැනීම ඇතිවූ තත්ත්වයක් තමයි මතුවන්නේ. ඇය සිසිරට ආලය කරනවා. ඒ අතර සමන්මලී කියන නීත්‍යනුකූල බිරි`ද මේ සම්බන්ධයට විරුද්ධත්වයක් නොපෙන්නුවත් ඇය සිටීම රෝෂිණීට කරදරයක්. ඒ නිසා මේ රජ කතාව ඇතැම් විට රෝෂිණී හිතාමතාම ගොතා සැලසුම් සහගතව ඉදිරිපත් කළ දෙයක් වෙන්නත් පුළුවන්. නැතිනම් ඇගේ අවශ්‍යතාව අනුව ඇගේම යටි හිතෙන් උපන් කාන්තාවක් වෙන්නත් පුළුවන්. මේ ආවේෂය ආවේ ඇගේ පාලනයකින් තොරව විය හැකියි. කෙසේ වෙතත් ආවේෂයට බ`දුන් වන්නේ පරලවීම කියන මානසික රෝගය හේතුවෙන්. මේ ආවේශය විසින් අපූරු කතාවක් පිළිබිඹු කරනවා. නමුත් මෙය මානසික රෝගයක්. අප එයට ප්‍රතිකාර කළා.
සමන්මලීට විශාදය තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් පසු ඇය යථා තත්ත්වයට පත්වුණා. සිසිරව ලිංගිකව ප්‍රතික්ෂේප කළ ඇය දැන් සිසිර සමඟ ඉතා සතුටින් කල්ගත කරනවා. රෝෂිණීට ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඇය දැන් මේ නිවසින් ඉවත්ව ගොස් පසුව ගුරුවරියක ලෙස වෙනත් රටක සේවයට ගියා. ඒ නිසා දැන් සිසිර හා සමන්මලී දෙදෙනා ඉතා සතුටින් කල්ගත කරනවා.