තිසා වැව ඉස්මත්තෙන් මෝදු වූ පුන් ස`ද හාත්පස ආලෝකවත් කරමින් බැබළෙයි. රජවාසල නිහ`ඩය. විටින් විට මහ වාසල ගෙමිදුලෙහි ඇවිද යන රාජපුරුෂයෝ තම විමසිලිමත් දෙඇස් හාත්පස යොමු කරති. ඡායාවක වෙනසක් පවා ඔවුන්ගේ තීක්ෂණ ඇස්වලට නතුවන්නේ නිරායාසයෙනි.
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යයි. මෙතෙක් සිය අනේක විවිධ ස්වර්ණාභරණයෙන් විරාජමානව සිටි මහ රජු වඩාත් සැහැල්ලූ ඇ`දුමකින් සැරසී සිය අග බිසව සිටින කුටිය වෙත යාමේ අපේක්ෂාවෙන් එළියට බැස්සේය. සිරිපොද වැස්ස හාත්පස පැතිර යද්දී ඔහු කඩිනම් ගමනින් සිය චර පුරුෂයන් ද සමඟ බිසෝ මාළිගයට යන්නට විය.
 

මේ ගමනේ විශේෂත්වයක් තිබේ. රජු තම අග බිසව හමුවට මාස ගණනකින් එහි ගොස් නැත. රජු එහි යන විට බිසවගේ මාළිගයේ මද ආලෝකයක් දක්නට ඇත. මලානික පහන් එළියකින් බිසවගේ යහන් ගැබ ආලෝකවත් වී තිබේ.

පිටත සිටි සේවිකාවක රජු දැක මහත් කලබලයට පත්ව අග බිසවගේ කුටිය වෙත දිව ගියාය. රජු ඇය පසු පසින් කඩිනම් ගමනින් එහි යන විට ඇතුලතින් ඇසෙන සිනා හ`ඩ තව තවත් උස්ව නැගෙයි. රජු මදක් වික්ශිප්තව බලා සිටියි. බිසවගේ සිනා හ`ඩත් තවත් පුරුෂයකුගේ සිනා හ`ඩත් ඇගේ යහන් ගබඩාවෙන් ඇසෙමින් තිබේ.
sdgcb
ෙදාර විවර කළ මහරජු වහා එහි ඇතුළු විය. පුදුමයකි. රජු සමඟ ඉතා සමීපව කටයුතු කරන අමාත්‍යවරයෙක් රජුගේ අග බිසව සමඟ යහන් ගබඩාවේය. වහා කි‍්‍රයාත්මක වූ රජු රාජපුරුෂයෝ කැඳවීය. අමාත්‍යවරයා අත්අඩංගුවට ගැණිනි. බියෙන් මුසපත්ව කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටින අග බිසව දෙස රවා බැලූ මහරජු කිසිවක් නොකියාම පිටව ගියේ කෝපයෙන් වෙව්ලමිනි.

රජුගේ නියෝගය මත අමාත්‍යවරයා රහසිගත කුටියක සිරකෙරිණි. අග බිසවට යළි කිසි දිනක සිය කුටියෙන් එළියට එන්නට ඉඩ ලැබුණේ නැත.
අත්‍යවශ්‍ය කටයුත්තකට රජු හමුවීමට බව කියමින් පොහෝ දිනයේ මාළිගාවට පැමිණි අමාත්‍යවරයා යළි නිවසට නොපැමිණීම ගැන ඔහුගේ බිරි`දත් දරුවෝත් කලබලයට පත්ව සිටියහ. අමාත්‍යවරයාට වූ දෙයක් කිසිවෙකු දන්නේ නැත. ආහාර නොමැතිව කුසගින්නේම මියගිය අමාත්‍යවරයාගේ සිරුර හොර රහසේම මාළිගාවෙන් ඉවත් කැරිණි. අමාත්‍යවරයාගේ මරණය කිසි දිනෙක හෙළිවූයේ නැත.


කිසිදා තම අග බිසව හමුවීමට නොගිය මහ රජු තමන්ගේ සිත්ගත් අන්තඃපුර බිසවක් දිගටම ඇසුරු කළේය. රජු අග බිසවගෙන් ඈත්වීමත් අමාත්‍යවරයාගේ හදිසි අතුරුදන්වීමත් කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. දින සති මාස අවුරුදු  වී අවුරුදු දහසකට වැඩි කාලයක් ගෙවී ගියේය. නමුත් මළවුන් කිසිදා බොරු නොකියන්නේය යන වදන යළිත් ප‍්‍රත්‍යක්ෂ කරමින් මේ අභිරහස ගාල්ලේ නිවසකින් සාක්ෂි සහිතව ඉදිරිපත් වන්නට විය.

ඒ ගුරු ගෙදරකිනි.
අපි ඔහුට සිසිර යැයි කියමු. සිසිරට පාසල් වියේදීම පෙම්වතියක් සිටියාය. තම නිවස ආසන්නයේම නිවසක යුවතියක වූ ඇය සමන්මලීය. මේ දෙදෙනාගේ ආදරයට නිවෙස්වලින් ද ආශිර්වාද ලැබුණේ ඔවුන් දෙදෙනාම එකට අධ්‍යාපනය ලැබූ නිසාවෙනි. එකම විශ්වවිද්‍යාලයකට ගිය ඔවුන්ට එකම වර්ෂයේදී ගුරු පත්වීම් ලැබිණි. ඒ එකිනෙකට ආසන්න වූ පාසල් දෙකටය.

සිසිරගේත් සමන්මලීගේත් විවාහය ජයටම සිදුකැරිණි. සමන්මලීගේ පියාගේ ත්‍යාගය වූයේ අලූතෙන් ඉදිකළ නිවසකි. මේ දෙදෙනා එහි පදිංචි වූහ. එහෙත් ඒ කැදැල්ලේ සතුට පැවතියේ ටික දිනක් පමණි. සමන්මලී සිසිර සමඟ අඹු සැමියන් සේ සිටීම ටිකෙන් ටික ප‍්‍රතික්ෂේප කරන්නට වූවාය. එකිනෙකා හා බැ`දුණු ආදරයෙන් වසර දහයක් පමණ ඇසුරු කර විවාහපත් වූ මේ යුවළගේ සතුට පෑල ෙදාරින් පළා ගියේය.

හිසරදය, කැරකිල්ල, ඇ`ගපත රිදීම, අද අසනීපයි වැනි වදන් කියා සමන්මලී තම සැමියාගෙන් නිතර නිතර ඈත් වූවාය. මේ යුවළට දරුවකු නොමැතිවීම ගැන මාපියන් ප‍්‍රශ්න කරද්දී සිසිර සහ සමන්මලී නිහඬ වූහ.

මේ අතර සිසිරගේ දුර ඥාති සොයුරියක් හදිසියේම සිසිරගේ පාසලකට ගුරුවරියක ලෙස පැමිණියාය. ඇය රෝෂිණීය. රෝෂිණී සමන්මලීටත් වඩා හැඩකාරියකි. කොළඹ හැදුණු වැඩුණු ඇය වඩාත් සමාජශීලී යුවතියකි. අවිවාහක තරුණියක වූ ඇය නතර වූයේ සිසිරගේ අම්මාගේ නිවසේය.

තම පාසලට ආ රෝෂිණී නංගීට සිසිර බොහෝ උදව් කළේය. කොළඹින් ආ රෝෂිණී ගුරුතුමිය පාසලේ සිටි අනෙක් ගුරුවරියන්ට වැඩිය ඇල්ලූවේ නැත. නිතර අ`ගර ද`ගර පාමින් ඉ`ගි මරමින් කතා කරන ඇයගේ මුකුළුව බොහෝ් දෙනෙක් ප‍්‍රතික්‍ෂේප කළහ. ඒ නිසාම ඇයට පිහිටට සිටියේ සිසිර පමණි.
සමන්මලී රෝෂිණී ප‍්‍රතික්‍ෂේප කළේ නැත. විශ්වවිද්‍යාලයට යන කාලයේදී ද තමන්ට වඩා වසර දෙකකට පමණ පසු කණ්ඩායමක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකව සිටි රෝෂිණී හ`දුනන සමන්මලී රෝෂිණීට සිය නිවසේම නවාතැන් දුන්නාය.

සිසිර සහ රෝෂිණී එකිනෙකා හා වැඩි වැඩියෙන් සමීපවීම බොහෝ ගුරුවරු දැක්කේ ඔවුන් දෙදෙනා වරදේ බැෙ`දන අයුරිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධය ටිකෙන් ටික වඩාත් සමීප වෙද්දී ඔවූහු වරදේ බැඳුනහ. සමන්මලී ලිංගික සම්බන්ධතා ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිසිර රෝෂිණී වෙත තල්ලූ වී ගියේය. ඔහු එය තම සිතින් සාධාරණීකරණය කරගත්තේ සමන්මලීට සිතින් බැණ වදිමිනි. එසේ වුවද මෙය කිසිවකු පිටතට පෙන්නුවේ නැත.

සමන්මලීට ද මේ ගැන ඉව වැටී තිබිණි. ඇයට බොහෝ දෙනා ඒ ගැන කියා සිටියාය. සමන්මලීගේ අම්මාත් තාත්තාත් පැමිණ ඒ
ගැන සිය දියණියට අවවාද කළහ. ඒත් ඇය ඒ කිසිවකට කන් දුන්නේ ද නැත.

මාස කිහිපයක් මේ ආකාරයෙන් ගෙවී යද්දී හදිසියේම රෝෂිණී වෙනත් භාෂාවකින් කතා කරන්නට වූවාය. මේ භාෂාව සිංහල බස හා බොහෝ සමාන වුව ද තේරුම් ගැනීම අපහසුය. තතු දන්නවුන් කීවේ රෝෂිණීට යම් ආවේෂයක් පැමිණ ඇති බවයි. එය පිරිමි කටහ`ඩකි. ගැඹුරු පිරිමි කටහ`ඩකින් ඇය කතා කරන්නේ භූතයකුගේ බලපෑම හේතුවෙන් යැයි සිතූ සමන්මලී තම සැමියා සිසිර සමඟ එක්ව ප‍්‍රදේශයේ ගුරුකම් දන්නා අයකු වෙත රැුගෙන ගොස් නූල් බැන්ද වූහ. ටික දිනක් සුපුරුදු පරිදි සිටි රෝෂිණී යළිත් අමුතු බසකින් කතා කරන්නට වූවාය.

ඇය හිටි හැටියේ පිරිමියකු සේ කටයුතු කරමින් පවසන්නේ තමන් අනුරාධපුරයේ රජ මාළිගාවේ දී මරා දැමූ සෝරථ නම් අමාත්‍යවරයකු බවයි.

”මම සෝරථ, රජ්ජුරුවෝ මාව කුටියක හිරකරලා මරා දැම්මා. මට කන්න නොදී මැරුවේ. අන්තිමේ දී මගේ සිරුර කාටත් හොරා තිසා වැව ළ`ග වළ දැම්මා. මම හැම ආත්මයකම මේ රජ්ජුරුවන්ගෙන් පළිගන්න එනවා. දැන් මේ මගේ වාරය.” රෝෂිණීගේ සිරුරට ආරූඪ වී සිටින සෝරථ නම් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ තම අග බිසව තනිකර ඇය පිළිකුල් කරමින් අන්තඃපුර බිසවක් ළ`ගින් ඇසුරුකරමින් සිටි රජු තමන් මරා දමා අනුරාධපුර රජ මාළිගයේ අග බිසව තනිකැර දැමූ බවයි.  ඔහු පවසන්නේ කුසගින්නේ මියගොස් භූත ආත්මයක වසර දහසකට වඩා කාලයක් එක දිගට දිවි ගෙවන තමන්ට පෙර ආත්මය මතක ඇතත් රජුත් ඔහුගේ අග බිසවත් ආත්ම ගණනාවක් උපත ලබා ඇති බැවින් ඔවුන්ට ඒ භවය අමතක වී ගොස් ඇති බවයි.

3

සෝරථ අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් භූතයා පවසන්නේ එකල රජු සිය අග මෙහෙසිය ප‍්‍රතික්‍ෂේප කරමින් අන්තඃපුර බිසවක් කෙරෙහි යොමු වූ බැවින් අග බිසව තමන් හා අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවයි. එය පොහෝ දිනක දී රජුගේ අතටම අසුවීමෙන් තමන්ට කුසගින්නේම මියයාමට සිදුවූ බව ද මේ භූතයා අතීත අනුරාධපුරයේ භාවිත කළා යැයි කියන අමුතු බසකින් කතා කරමින් පවසයි. මේ භාෂාව තේරුම් ගැනීම පවා අපහසු කාර්යයකි.

එදා රජු අද සිසිරය. භූතයා පවසන්නේ අතීතයේ තමන්ව කොතෙක් ප‍්‍රතික්ෂේප කළ ද රජු හා ආලයෙන් බැ`දී සිටි අග බිසව දැන් ඉපද සිටින්නේ රෝෂිණී ලෙස බවය. එදා රජුට පිටුපා සෝරථ සෙනෙවියා හා සබ`දකම් පැවැත්වීමේ වරද හේතුවෙන් ආත්ම ගණනක් ඇයට එදා රජු හමුවුව ද විවාහ වීමට නොලැබුණු බව ද සෝරථ කියයි. එදා රජු අන්තඃපුර ස්ති‍්‍රයකට ඇති කැමැත්ත හේතුවෙන් තම අග බිසව ප‍්‍රතික්‍ෂේප කිරීමේ පාපයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ උපදින ආත්මයක් ආත්මයක් පාසා තවමත් ඔහු සිය බිරි`දගෙන් ප‍්‍රතික්‍ෂේප වීමයි.

සෝරථගේ මේ කතාව සමන්මලී ද අදහාගත නොහැකිව අසා සිටියාය. සිදු වූ සියල්ල දැන් සියලූදෙනා හමුවේ නිරාවරණය වී ඇත.

සැමියා හා සම්බන්ධතා නොපවත්වමින් ආගමික කටයුතුවලට නැඹුරුවෙමින් සිටි සමන්මලී තවදුරටත් තම සැමියා සිසිරට හා ඔහුගේ අනියම් බිරි`ද වී සිටින රෝෂිණීට ඉඩ දී පසෙකට වූවාය. සමන්මලීගේ පියා ඉදිකළ නිවසේ අඹු සැමියන් වී සිටින්නේ එදා අනුරාධපුරයේ රජු හා බිසව ලෙස සිටියා යැයි කියන සිසිර හා රෝෂිණීය. එදා සිය අග බිසව ප‍්‍රතික්‍ෂේප කළ වරදට සිසිරට ද`ඩුවම් වි`දින්නට වීමේ ප‍්‍රතිඵලය වූයේ සමන්මලී තනි වීමයි. නමුත් ඒ ඇයගේම කැමැත්තෙනි.

මෙසේ තවත් මාස ගණනක් ගෙවී ගියේය. සෝරථ අමාත්‍යවරයා ද විටින් විට එදා අග බිසව වූ රෝෂිණීගේ සිරුරට අරක්ගෙන මදවේලාවක් ෙදාඩව ෙදාඩවා සිට නැවත ආපසු යයි.

මෙය කොතෙක් ඉවසා සිටිය ද සමන්මලීට තවදුරටත් දරාගත නොහැකි වූවාය. අවසානයේ ඇය තම මානසික අසහනයට පිළියම් සොයා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා හමුවට ගියාය.









එම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙලෙස විග‍්‍රහ කළේය.

”මෙය ඇත්තටම රජ කතාවක් නොවෙයි. සෝරථ කියා භූතයෙක් නැහැ. මේ වගේ දේවල් අපේ සංස්කෘතියේ පවතිනවා. ඒ වගේ ම එවැනි දේ අපි කතාන්තර ලෙස අසා ඒවා යටිසිතේ තැන්පත්ව තිබෙනවා. විටින් විට එවැනි දේ මතුවිය හැකියි. මුලින්ම වරද සිදුව තිබෙන්නේ සමන්මලී අතින්. ඇය විශාදය කියන රෝග තත්ත්වයෙන් පෙළුණු නිසා තමන්ගේ සැමියා සමඟ ලිංගිකව එක්වීම ප‍්‍රතික්‍ෂේප කළා. එහි ප‍්‍රතිඵලය වූයේ සැමියා වෙනත් යුවතියක් වෙත ඇඳී යාම. ඒ ස`දහා රෝෂිණීට අවස්ථාව ලැබෙනවා. සමන්මලී තමන්ගේ රෝගී තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඇය ප‍්‍රතිකාර නොගෙන සිසිරට හා රෝෂිණීට ඉඩ දී බලා සිටියා.

රෝෂිණී නැවතී සිටියේ සිසිර හා සමන්මලී දෙදෙනාගේ නිවසේ. ඇයගේ සිතේ ඇයටත් නොදැනීම ඇතිවූ තත්ත්වයක් තමයි මතුවන්නේ. ඇය සිසිරට ආලය කරනවා. ඒ අතර සමන්මලී කියන නීත්‍යනුකූල බිරි`ද මේ සම්බන්ධයට විරුද්ධත්වයක් නොපෙන්නුවත් ඇය සිටීම රෝෂිණීට කරදරයක්. ඒ නිසා මේ රජ කතාව ඇතැම් විට රෝෂිණී හිතාමතාම ගොතා සැලසුම් සහගතව ඉදිරිපත් කළ දෙයක් වෙන්නත් පුළුවන්. නැතිනම් ඇගේ අවශ්‍යතාව අනුව ඇගේම යටි හිතෙන් උපන් කාන්තාවක් වෙන්නත් පුළුවන්. මේ ආවේෂය ආවේ ඇගේ පාලනයකින් තොරව විය හැකියි. කෙසේ වෙතත් ආවේෂයට බ`දුන් වන්නේ පරලවීම කියන මානසික රෝගය හේතුවෙන්. මේ ආවේශය විසින් අපූරු කතාවක් පිළිබිඹු කරනවා. නමුත් මෙය මානසික රෝගයක්. අප එයට ප‍්‍රතිකාර කළා.

සමන්මලීට විශාදය තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමෙන් පසු ඇය යථා තත්ත්වයට පත්වුණා. සිසිරව ලිංගිකව ප‍්‍රතික්ෂේප කළ ඇය දැන් සිසිර සමඟ ඉතා සතුටින් කල්ගත කරනවා. රෝෂිණීට ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු ඇය දැන් මේ නිවසින් ඉවත්ව ගොස් පසුව ගුරුවරියක ලෙස වෙනත් රටක සේවයට ගියා. ඒ නිසා දැන් සිසිර හා සමන්මලී දෙදෙනා ඉතා සතුටින් කල්ගත කරනවා.
පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ  පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි.

වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය.
ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත‍්‍රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය.
‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය.
‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’
යානය යාත‍්‍රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි.
අසාමාන්‍ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය.
‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත‍්‍රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’
1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය.
මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය.
‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත‍්‍රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්‍ෂිතවී තිබේ.
1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්‍රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය.
මේ සිද්ධිය ද ගුවන් නියමු ප‍්‍රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය.
ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත.
‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක‍්‍රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත.
1970 දී බි‍්‍රතාන්‍ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත‍්‍රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට‍්‍රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය.
මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප‍්‍රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය.
‘‘මිත‍්‍රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්‍ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්‍යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත‍්‍රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ‍්‍ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත‍්‍රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ.
1979 දී ස්පාක්‍ද්ක්‍ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත‍්‍රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්‍ද්ක්‍ද ප‍්‍රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි.
ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප‍්‍රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්‍ෂක විධි ක‍්‍රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්‍ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත‍්‍රවල පැහැදිලිව සටහන් විය.
එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්‍යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්‍ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත‍්‍රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත‍්‍රවල මේ තත්වය සටහන් වෙත්ම ප‍්‍රහාරක ජෙට් යාත‍්‍රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත‍්‍රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප‍්‍රහාරක ජෙට් යානා යැවීමත් සමඟය.

ආචාර්ය නිමල් සේදර
සිහින් සිරුරකට හිමිකම් කියන්නට  ඕනෑම කාන්තාවක කැමතිය. යොවුන් වියේ තරුණියෝ මෙන්ම මැදිවියට එළැඹෙන කාන්තාවෝද තම සිරුර සිහින්ව තබා ගැනීමේ සිහිනයෙන් පෙළෙති. ඒ ස`දහා ඔවුහු විවිධ ක‍්‍රම අනුගමනය කරති. ඇවිදීම, දිවීම, එරෝබික්ස්, සුම්බා වැනි නර්තන ව්‍යායාමවල නිරත වීම මෙන්ම සිරුරේ මේදය තැන්පත් වීම අවම කර ගැනීම ස`දහා ආහාර පාලනය, විවිධ පාන වර්ග, පෙති වර්ග හා ආලේපන භාවිතයටද පුරුදු වී සිටිති.

ඇතැම් විට මෙය උන්මාදයක් බවට පත්වන අවස්ථාද ඇත. එම උන්මාදය බොහෝ කාන්තාවන්ට ජීවිත තර්ජන පවා එල්ල කරන්නට සමත්ය. එකී උන්මාදය වැල`දුණු කාන්තාවෝ ආහාර නොගෙන සිරුර කෙට්ටු කර ගැනීමට පෙලඹෙති.

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ 37 හැවිරිදි නිළියක වූ රේචල් ෆරොක්ද මුහුණ පෑවේ එවැනි තත්ත්වයකටය. මෙයින් දස වසරකට ඉහත ආහාර පාලනය කිරීම මගින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කළ රේචල්, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන්නීය. රාත්තල් 125 පමණ බරකින් යුතු වූ ඇයගේ ශරීරය ආහාර පාලනය හේතුවෙන් රාත්තල් 40 දක්වා අඩු වී තිබේ. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ඇයට තනිව කිසිවක් කර ගැනීමට නොහැකි තරමට ඇය දුර්වල වීමයි. කලක් තිස්සේ දැඩි ලෙස ආහාර වර්ජනය කිරීම හේතුවෙන් මේ වන විට ඇය ගන්නා කිසිදු ආහාරයක් ජීර්ණ කරගත නොහැකි වී ඇති අතර ගන්නා සියලූ ආහාර ශරීරය මගින් ප‍්‍රතික්ෂේප කරනු ලබයි.

රේචල් විසින් දැඩි ලෙස ආහාර පාලනය ස`දහා යොමු කරනු ලැබුවේ ඇයට වැල`දී ඇති මානසික රෝගයක් හේතුවෙනි. ඇනොරෙක්සියා  නර්වෝසා නමින් හැ`දින්වෙන එය ආහාර ගැනීමේ අක‍්‍රමිකතා මතු කරවන රෝගයකි. කලක් මු`ඵල්ලේ චිත්තාභ්‍යන්තරයේ බලපෑ කටුක අත්දැකීම් හා නොවිස`දුණු මානසික ගැටලූ මෙම රෝගය වැල`දීමට මුල් විය හැකියැයි වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඇනරොක්සියාව වැල`දුණු රෝගීහු ආහාර ගැනීම හැකිතරම් ප‍්‍රතික්ෂේප කරති. එහි ප‍්‍රතිඵලය වනුයේ එම පුද්ගලයා ඉතා කෙසඟ ඌන වර්ධිත පුද්ගලයකු බවට පත් වීමය. තමා කෙතරම් කෙසඟ වුවද එකී පුද්ගලයා සිතනුයේ තමාට තරබාරු සිරුරක් ඇති බවය. දැඩි ලෙස දුබල වුවද රෝහලකට යාම පවා මොවුන් ප‍්‍රතික්ෂේප කරනුයේ තමා තුළ කිසිදු රෝගයක් නොමැති බැව් පවසමිනි.

ඇනොරෙක්සියා නර්වෝසා රෝගය වර්ධනය වනුයේ වැඩිවිය පැමිණීමත් සමඟිනි. මෙම රෝගයට බ`දුන්වන දස දෙනකුගෙන් නව දෙනකුම කාන්තාවන් වීම විශේෂත්වයකි. ඇමෙරිකානු කාන්තාවන් සිය දෙනකු අතුරින් එක් අයෙක් මෙම රෝගයට ගොදුරු වන බව සොයාගෙන ඇත. කිසිවකු මෙම රෝගයට ගොදුරු වී ඇති බව හ`දුනාගත හැක්කේ එම පුද්ගලයා ක‍්‍රමයෙන් ආහාර පාලනයට යොමුවීම සමඟිනි. සිරුර කෙතරම් කෘෂ වුවද තමා තවමත් තරබාරුය යන අනියත බියක් මොවුන් තුළ පවතී.

ඇනොරෙක්සියා  නර්වෝසා රෝගයේ ප‍්‍රභේද දෙකකි. එක් ප‍්‍රභේදයක් වනුයේ බුලිමියා නමින් හැ`දින්වෙන ආහාර ප‍්‍රතික්ෂේප කිරීමේ කි‍්‍රයාවලියයි. එයට ගොදුරු වූ රෝගියා ආහාර අනුභව කොට ම`ද වේලාවකින් සියලූ ආහාර වමනය කොට ඉවත දමයි. ආහාරවල පෝෂණය සිරුරට උරා ගැනීම වැළැක්වීම මෙහි අරමුණය. අනෙක් ප‍්‍රභේදය දැඩි ලෙස ආහාර පාලනය කොට ශරීරයට ලැබිය යුතු පෝෂණය අවම කිරීමය. බුලිමියා රෝගයට බොහෝ විට බ`දුන්වනුයේ ලිංගික අපයෝජනයට ලක්වූවන් බැව් විශ්වාස කෙරේ.

මොවුහු තමනට ආවේණික වූ ආහාර රටාවකට පෙළැඹී සිටිති. පිරිසක් ඉදිරියේ ආහාර නොගන්නා අතර පිළිවෙළකට ආහාර බෙදාගැනීමද ප‍්‍රතික්ෂේප කරති. එහෙත් තමා ආහාරවලට දැඩි ගිජු බවක් දක්වන බව පෙන්වීමට මොවුන් කැමතිය. සූප ශාස්ත‍්‍ර පොත් විශාල වශයෙන් එකතු කිරීමට සහ තම හිතවතුනට සහ මිතුරනට භෝජන සංග‍්‍රහ පැවැත්වීමට කැමැත්තක් දක්වන මොවුහු පිරිසත් සමඟ එක්ව ආහාර ගැනීමෙන් වැළකී සිටිති. වැඩි වැඩියෙන් ව්‍යායාමවල නිරත වීමටද මොවුහු කැමැත්තෝය.

ඇනොරෙක්සියා රෝගයට බලපාන හේතුසාධක මොනවාදැයි ස්ථිර වශයෙන් හ`දුනාගෙන නොමැති වුවද බොහෝ විට දැරියක වැඩිවිය පත්වීමත් සමඟ ඇතිවිය හැකි රෝගයක් මෙන්ම පවුලේ එවැනි රෝගියකු සිටීනම් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි රෝගයක් විය හැකියැයි වෛද්‍යවරු නිගමනය කරති. ඒ අනුව මානසික, පාරිසරික හා සමාජීය හේතු සාධක මත මෙම රෝගය වර්ධනය වන බව පෙනී යන්නකි. මෙම රෝගයට ගොදුරු වූවන් සිතනුයේ සිහින් සිරුරක් පවත්වාගෙන යෑම මගින් තමන් සාර්ථක පුද්ගලයකු වන බවකි. තමන් සර්වතෝභද්‍ර පුද්ගලයන් බවත් සියල්ල මුදුන්පත් කරගත් පුද්ගලයන් බවත් මොවුහු සිතති. මොවුන් පාසලේදී දක්ෂ සිසුන් විය හැකිය. සමාජයේ යහපත් කි‍්‍රයාකාරිකයන් විය හැකිය.

ඇනොරෙක්සියාව වැල`දුණු රෝගියා දැඩි ලෙස ආහාර පාලනය කිරීම හේතුවෙන් ඌන පෝෂණයට ලක්වන අතර, එමඟින් සිරුරේ බර අඩුවීම ආරම්භ වෙයි. ඌන පෝෂණය හේතුවෙන් මොළයේ ෙසෙල සහ ශරීර ධාතූන් ව්‍යාකූලවීමට පටන් ගනී. ආහාර රුචිය නොමැති වන අතර ධාරණ ශක්තිය හීන වෙයි. වෙනත් රෝගවලට පහසුවෙන් ගොදුරු වන අතර ඔස්ටියොපොරොසීස්, අවිධිමත් හෘද ස්පන්දන රටා, විවිධ අතුරු ආබාධ සහ විෂාදිය වැනි මානසික රෝගී තත්ත්වයනට ලක්විය හැකිය.

ඇනොරෙක්සියා රෝගියකුට කිසිවකුගේ උපකාරයෙන් තොරව යළි යථා තත්ත්වයට පත් විය නොහැකිය. ආරම්භක අවධියේ රෝගය හ`දුනාගෙන නිසි ප‍්‍රතිකාර ලබා දීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි වන අතර එසේ නොවුණහොත් කඩිනමින් මරණය ළඟාවිය හැකිය.

37 හැවිරිදි රේචල් ෆරොක් මෙම රෝගයට ගොදුරු වූයේ මින් වසර 10කට පමණ ඉහතය. ‘‘මට අවශ්‍ය වූයේ රාත්තල් කිහිපයකින් සිරුරේ බර අඩු කර ගැනීමටයි. ඒ ස`දහා මා ව්‍යයාම කළා. මගේ සැමියා වන රොඞ් එඞ්මන්සන් මට හමුවුණේ එලෙස ව්‍යායාමවල නිරතවීමට ගිය අවස්ථාවකයි. පසුව ඔහු මගේ ව්‍යායාම උපදේශක ලෙස කටයුතු කළා. මගේ රැුකියාව අහිමි වූයේ මේ කාලයේ. එයින් මා දැඩි මානසික කම්පනයකට පත් වුණා. මා මේ රෝගයට ගොදුරු වූයේ එම කම්පනය නිසයි’’ යනුවෙන් රේචල් පැවසුවාය.

රේචල්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇගේ සැමියා වන රොඞ් තම රැුකියාවෙන් ඉවත්ව පූර්ණ කාලීනවම ඇය රැුකබලා ගැනීමට පියවර ගත්තේය.  කලකට ඉහත රේචල්ගේ හෘදයේ සහ අක්මාවේ කි‍්‍රයාකාරීත්වය හීන වූ අතර අවස්ථා ගණනාවකදී වරින්වර ඇයගේ රුධිරය මාරු කිරීමට සිදු විය. ඇගේ මනසේ පාලනයද ඇනහිටි අතර මොහොතකට පෙර පැවසූ දෙයක් ඊළඟ මොහොතේ අමතක වන තරමට එය පහත වැටිණි. කිසිදු
රෝහලක් ඇයට ප‍්‍රතිකාර කිරීම භාර නොගත්තේ ඇය එතරමටම දුර්වල තත්ත්වයට පත්ව සිටි හෙයිනි. ඇයගේ ජීවිතය පිළිබ`ද වගකීම තමනට භාර ගත නොහැකි බව බොහෝ රෝහල් ප‍්‍රකාශ කොට තිබිණි. මේ වන විට ඩෙන්වර්හී හෙල්ත් මෙඩිකල් සෙන්ටර් නම් රෝහල ඇයට ප‍්‍රතිකාර කිරීම ආරම්භකොට තිබේ. රෝහල කරා රැුගෙන යාමට සුදුසු තත්ත්වයක නොසිටින හෙයින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ නිවසටම පැමිණ ප‍්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇත. ඇගේ වෛද්‍ය වියදම් ස`දහා ඩොලර් 140,000 අවශ්‍ය වූ බැවින් තමාට උපකාර කරන මෙන් ඉල්ලා එක්තරා සමාජ වෙබ් අඩවියක් මගින් රේචල් කළ ඉල්ලීමට බොහෝ ප‍්‍රතිචාර ලැබිණි. මේ වන විට ඩොලර් 200,000 පමණ සොයා ගැනීමට හැකි වී ඇති අතර තම ප‍්‍රතිකාර සඳහා වැය වන මුදලට අමතරව ඇති මුදල් මෙම රෝගයට ගොදුරුව ලැබී ඇති වෙනත් රෝගීන් වෙනුවෙන් ලබා දීමට රේචල් සූදානමින් සිටින්නීය. තමාට උපකාර කළ සියලූ දෙනාට ස්තුති කළ රේචල් ‘‘ඔබ දැනගතයුතු දෙයක් තිබෙනවා. ඔබේ ආධාරයෙන් යළි ජීවත් වන්නේ මා පමණක් නොවෙයි. තවත් බොහෝ දෙනකුගේ ජීවිත ගලවා ගැනීමට මෙම මුදල් උපකාරී වනවා. මෙම රෝගයට ගොදුරු වූවන් පමණක් නොව පිළිකා රෝගයට ගොදුරු වූ ජීවිතය අයැදින මිනිසුන් සුවපත් කිරීම ස`දහාද ඔබේ ආධාරයට හැකි වේවි. ඔබ සැමට ස්තුතියි’’ යනුවෙන් තම වෙබ් අඩවියේ ස`දහන් කොට තිබිණි.
සුප‍්‍රකට ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවක් වන ‘එක්ස් ෆයිල්ස්’ ජනපි‍්‍රය වූයේ ද පිටසක්වළ ජීවීන්ගේ රහස් සහ ඇමෙරිකා රජයේ කුමන්ත‍්‍රණ ඊට පාදක වීම නිසාය. ‘එක්ස් ෆයිල්ස්’ නිෂ්පාදනය කළේ ෆොක්ස් රූපවාහිනී නාලිකාවය. දැන් යළිත් වරක් එෆ්.බී.අයි. පරීක්ෂකයන් වන මෝල්ඩර් සහ ස්කලීගේ වික‍්‍රම ඇතුළත් නවතම එක්ස් ෆයිල් කතා මාලාවක් නිර්මාණයට ෆොක්ස් නාලිකාව සූදානම් වන බව ද පැවැසෙයි.


මේ වනවිට බොලිවුඩයේ වාර්තා පිහිටුවමින් මුළු ලොවේ අවධානය දිනාගත් අමීර් ඛාන් ප‍්‍රධාන චරිත නිරූපණය කරන ‘පීකේ’ චිත‍්‍රපටයට ද පාදක වන්නේ ඉන්දියාවට පැමිණෙන පිටසක්වළ ජීවියකු ගැන වෙනස් විදියේ කතාවකි.

පසුගිය සතියේ ඇමෙරිකන් රජය, එරට ගුවන් හමුදාව විසින් එක් රැුස් කරගන්නා ලද රහස් වාර්තා, ඡායාරූප සහ වීඩියෝ 12,000 ක් ප‍්‍රසිද්ධියට පත් කළේය. ඒ, අන්තර් ජාලය ඔස්සේ ය. 1947 සිට 1969 තෙක් කාලයේ දකින්නට ලැබුණු ‘හඳුනා නොගත් ආකාශ වස්තු’ ගැන විස්තර මෙම රහස් වාර්තාවලට ඇතුළත් වෙයි. හඳුනා නොගත් ආකාශ වස්තු, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා මවිතයට පත් කිරීමට මෙම විස්තර සහ ඡායාරූප සමත් වී ඇතැයි ද පැවැසෙයි. අන්තර් ජාලයට එක් කෙරුණු මේ විස්තර සහ ඡායාරූපවලින් බොහොමයක් ඇමෙරිකන් රජයේ සහ ගුවන් හමුදාවේ රහස් ඇතුළත් වන ‘බ්ලූ බුක්’ හෙවත් ‘නිල් පොත’ ට අයත් ඒවාය. අතීතයේ රහසක් වූ මේ විස්තර දැන්  ඕනෑම කෙනකුට අන්තර් ජාලය හරහා නැරැුඹිය හැකිය.

07හඳුනා නොගත් ආකාශ වස්තූන්(Unidentified
Flying Objects - UFO) සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය සහ එරට ගුවන් හමුදාව උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇත්තේ 1945 වසරේදීය. 1947 දී සහ 1949 දී හඳුනා නොගත් ආකාශ වස්තූන් ගැන සොයා බැලීම සම්බන්ධයෙන් ව්‍යාපෘති දෙකක් කි‍්‍රයාවට නැංවිණි. ඒ, ‘සයින්’ සහ ‘ග‍්‍රජ්’ නමැති ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති අවසන් වීමෙන් පසු ‘බ්ලූ බුක්’ ඇරැුඹිණි ඒ, 1952 දීය.

‘බ්ලූ බුක්’ ව්‍යාපෘතිය නිමාවට පත් කිරීමට අණ කෙරුණේ 1969 දීය. එය මුලූමනින්ම අවසන් වූයේ 1970 දීය. බ්ලූ බුක් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු දෙකක් තිබුණි. ඉන් පළමු වැන්න නම්, හඳුනා නොගත් ආකාශ වස්තූන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද නැද්ද යන්න සෙවීමය. දෙවැනි අරමුණ, හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධ දත්ත විද්‍යාත්මක විශ්ලේෂණය කිරීමය. ඒ අනුව, ඇමෙරිකාවේ නන්දෙසින් හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් විස්තර, ඡායාරූප සහ වීඩියෝ දසුන් දස දහස් ගණනක් එක් රැස් කෙරුණි. එයින් බොහොමයක් සාමාන්‍ය වැසියන් ඡුායාරූප ගත කළ ඒවාය. ඇමෙරිකන් ගුවන් හමුදා නියමුවන් කිහිප දෙනකුට ද අවස්ථා ගණනකදී හඳුනා නොගත් ආකාශ වස්තූන් හමුවුණු බව වාර්තා වී ඇත.

011968 දී, බ්ලූ බුක් ව්‍යාපෘතිය සම්බන්ධ රහස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් විය. එදා එනම් 60 දශකයේ වඩාත් ප‍්‍රබල සන්නිවේදන මාධ්‍ය වූයේ රූපවාහිනිය, පුවත්පත් සහ ගුවන් විදුලියයි. අද මෙන් විශ්ව ගම්මානයකට අප යා කරන අන්තර් ජාලයක් නොතිබුණි. බ්ලූ බුක් ව්‍යාපෘතියේ රහස් අනාවරණය වූයේ ‘කොන්ඩොන්’ නමැති වාර්තාව ඔස්සේය. 1969 දී බ්ලූ බුක් තහනම් කිරීමට හේතු වූයේ එම හෙළිදරව්වය. ඒ අනුව, බ්ලූබුක් ව්‍යාපෘතිය තහනම් කරමින්, ඇමෙරිකන් ගුවන් හමුදාව මෙසේ නිගමන ද ඉදිරිපත් කළේය.

ගුවන් හමුදාව පරීක්ෂාවට ලක් කළ කිසිදු හඳුනා නොගත් ආකාශ වස්තුවක් රටේ ආරක්ෂාවට එසේත් නැතිනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ. හඳුනා නොගත් ආකාශ වස්තූ යැයි කී බොහොමයක් නව තාක්ෂණයෙන් නිපදවූ ආකාශ යානා වන අතර, නූතන විද්‍යා පරයා ගිය දෙයක් නොවේ. හඳුනා නොගත් ආකාශ වස්තූන් පිටසක්වළින් පැමිණෙන යානා නොවේ.

බ්ලූ බුක් ව්‍යාපෘතිය අවසන් වෙද්දී හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ වාර්තා 12,618 ඊට ඇතුළත් විය. හඳුනා නොගත් ආකාශ වස්තූන් යැයි කී බොහෝ දේ අසාමාන්‍ය කාලගුණ විපර්යාස බව අනාවරණය විය. (උදාහරණයක් ලෙස වලාකුළු සහ තරු වැනි) බ්ලූ බුක් වාර්තා අතරට එක් වී ඇති ‘ලූබ්බොක් එළි’ සිද්ධිය ඉතා ප‍්‍රසිද්ධය. එය සිදුවූයේ 1951 වසරේ අගෝස්තු 30 වැනිදා ය. සිද්ධිය වාර්තා වන්නේ ටෙක්සාස් ජනපදයෙනි. සිද්ධිය දුටුවේ මහාචාර්යවරුන් තිදෙනෙකි.

සැන්දෑවේ 7 ට පමණ එම මහාචාර්යවරු තිදෙනා යහළුවකුගේ නිවෙසේ ගෙවත්තේ අසුන් ගෙන සතුටු සාමීචියේ යෙදෙන්න වූහ. සීතල සුළඟකින් ඔවුන්ගේ සිරුරු කිළිපොළා යද්දී ඈත අහසේ විදුලි ආලෝක 20ක් හෝ 30 ක් දිස්විණි. එක් මහාචාර්යවරයකු පවසා ඇත්තේ, පීරිසියක් තරමට ලොකු එළි කිහිපයක් තමන්ට ඉහළින් පියඹා ගිය බවය. කොළ මිශ‍්‍ර නිල් පැහැයක් එම එළියේ දකින්න ලැබුණු බවත් එය ඉතා දීප්තිමත් නිල් පැහැයක් බවත් මහාචාර්යවරයා පැවැසීය.

06


‘ඒ වෙලාවේ හොඳට සඳ පායා තිබුණා. අපට දීප්තිමක් එළි 15 ක් පමණ පැහැදිලිව දකින්න ලැබුණා. ඒවා හරියටම වෘත්තාකාරයි. ඒවා අපට ඉහළින් ඇදී යද්දී මගේ කොඳු ඇට පෙළ සීතල වුණා දැණුනා’ යැයි ඔහු පවසා ඇත.

මෙම එළි සම්බන්ධයෙන් ඇමෙරිකන් ගුවන් හමුදාව කළ පරීක්ෂණ සහ විමර්ශන අවසන් වූයේ අපූරු නිගමනයක් ද සමඟය. එනම්, එසේ දීප්තිමත්ව පෙනෙන්න ඇත්තේ ප්ලෝවර්ස් නමැති කුරුල්ලන් යැයි ගුවන් හමුදාව පවසා ඇත. එම අවස්ථාවේදී සඳ රැස් හොඳින් වැටී තිබුණු හෙයින් කුරුල්ලන්ගේ දීප්තිමත් නිල් සහ කොළ වර්ණ දකින්න ලැබෙන්න ඇතැයි ද ඇමෙරිකන් ගුවන් හමුදාව වැඩි දුරටත් කීවේය.

බ්ලූ බුක් වාර්තා අතරට ‘වින්ටර් 1951’ යනුවෙන් නම් කළ ඡුායාරූපයක් ද ඇතුළත්ය. එහි දිස්වන්නේ පියාඹන පීරිසියක් යැයි කියමින් ඡායාරූප ශිල්පියකු ලබා ගත් ඡායාරූපයකි. එම ඡායාරූපයට පැහැදිලි කිරීමක් එක් කරමින් විද්‍යාඥයන් පවසන්නේ එය අසාමාන්‍ය හැඩයෙන් යුත් වලාකුළක් කියාය.
උෂ්ණත්වයේ වෙනස්වීම් සහ වායු පීඩනයේ වෙනස් වීම් හේතුවෙන් විවිධාකාරයේ හැඩයන්ගෙන් යුත් වලාකුළු නිර්මාණය වන බව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. සැඬ සුළං පවතිද්දී මෙම වළාකුළු ගමන් ගනී. එවිට එය ආකාශ වස්තුවක් යැයි සිතෙන බව ද ඔවුහු පැහැදිලි කරති.

බ්ලූ බුක් තහනම් කිරීමෙන් පසු, 1974 වසරේදී රොස්වෙල්හි සිදුවූ කිසියම් ආකාශ වස්තුවක් අනතුරට පත්වී කඩා වැටුණි. කඩා වැටුණේ පිටසක්වළ යානයක් එසේත් නැතිනම් පියාඹන පීරිසියක් යැයි පැවැසෙයි. එහෙත් ඒ බව මෙතෙක් තහවුරු වී නැත. බ්ලූ බුක් ව්‍යාපෘතියට සම්බන්ධ සහ ඊට පසු සිදුවුණු රහස් තොරතුරු එක් කර ගැනීම් පවා අපට වාර්තා වී ඇත. මීට වසර කිහිපයකට පෙර, ජුලියන් ඇසෙන්ජ් පරිගණකකරුගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය හරහා ඇමෙරිකාවේ රාජ්‍ය රහස් ලොවට හෙළි විය. ඇමෙරිකාවේ එම රහස් අතර පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධ රහස් ද ඇතුළත් විය.

ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ රොස්වෙල්, පිටසක්වළ ජීවීන් නිසා මේ වනවිට සංචාරක ආකර්ෂණයක් වී හමාරය. එපමණක් නොව, ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාරය මැද ඇතැයි පැවැසෙන ‘ඒරියා 51’ නමැති කලාපය ද අභිරහසකි. අභිරහසක් යැයි කීවත් ‘ඒරියා 51’ අධි ආරක්ෂක කලාපයේ ඇත්තේ ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරකි. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් මෙම කලාපයේ රඳවාගෙන සිටිනවා යැයි පැවැසෙන කටකතා ඔප්පු කිරීමට තවමත් කිසිවකුට හැකියාව ලැබී නැහැ. එම ‘කටකතා’ උලූප්පා දක්වන්නේ විද්‍යා ප‍්‍රබන්ධ කතා නිර්මාණකරුවන් සහ සිනමාකරුවන් පමණි.
2013 වසරේදී වරක්‌ මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවල, තුන පහ කුඩු වැනි ලංකාවට ආවේණික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය. මෙය කඩයක්‌ කීවද සුපර් මාර්කට්‌ එකකි. එහි නම එස්‌. පී. සුපර්මාර්කට්‌ ය. එස්‌. පී. සුපර්මාකට්‌ එකේ භාණ්‌ඩ මිලදී ගනිමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්‌නා..... .. කියා ද්‍රවිඩ ගීතයක්‌ වාදනය විය. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක්‌ බව මම අනුමාන කළෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා මිත්‍ර විරාඡ් ප්‍රනාන්දුගෙන් මෙම එස්‌. පී. සුපර්මාකට්‌ එක ගැන ඇසුවෙමි. විරාඡ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳසල එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක්‌ කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඥාතීන්ටය.

තමිල් සෙල්වන් උපත ලැබුවේ 1967 වසරේ මද්දුවිල් ග්‍රාමයේ දුගී පවුලකය. උතුරේ කරණවෑමි කුලයකට අයත් වීම නිසා ඔවුන් ද්‍රවිඩ උසස්‌ වෙල්ලාල කුලවතුන්ගේ බොහෝ සමාජ පීඩනයන්ට ලක්‌වූ අතර පසුකාලයක ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණේය. ඊට පෙර තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියකු ලෙසටද වැඩ කොට තිබුණි.

තමිල් සෙල්වන් විවාහ වන්නේ ප්‍රභාකරන් විසින් නියම කරන ලද මනාලියක සමඟය. ප්‍රභාකරන් යාපනයේ කුලවත් පවුලක දියණියක වූ සසිරේඛා නමැත්තිය තමිල් සෙල්වන්ට විවාහ කර දුන්නේ වෙල්ලාලයන්ට එරෙහි පහරක්‌ ලෙසටය. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී ප්‍රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමවුපියන් ලෙස ද ඇන්ටන් බාලසිංහම් හා ඇඩෙලා මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර බ්‍රාහ්මණ චාරිත්‍රවලින් තොරව විවාහය කිරීමට ප්‍රභාකරන් විසින් නියෝග කරන ලදී. විවාහය පිළිබඳ තමා දැනගත්තේ විවාහයට දින හතරකට ඉහතදී බැව් තමිල් සෙල්වන් විසින් පසු කාලයක ප්‍රකාශ කොට තිබේ.

සුප්පයියා පරමු තමිල් සෙල්වන් හෙවත් තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායකයා ලෙස කටයුතු කළ අතර ඔස්‌ලෝ සාම සාකච්ඡා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ප්‍රකට චරිතයක්‌ බවට පත් විය.

රණ මඟ ඔස්‌සේ නන්දිකඩාල් පොත ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තමිල් සෙල්වන් හඳුන්වන්නේ සටකපට සිනහවකින් යුත් තැනැත්තා වශයෙනි . ඒ කාලයේ "දිවයින" පුවත් පතේ ලියුම්කරුවකු තමිල් සෙල්වන් හැඳින්වූ අන්වර්ථ නාමය වූයේ "සිනහසෙන ඝාතකයා" වශයෙනි.

2005 වසරේදී මා සමග සංවාදයේ යෙදුනු ශ්‍රී ලංකා යුද හමුදාවේ ද්‍රවිඩ හමුදා නිලධාරියකු වූ ජෙනරාල් වයි. බාලරත්නරාජා තමිල් සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසට වැඩ කළ කාලයේ තම නිවසේ සේවකයන්ගේ කොණ්‌ඩා කපා තිබෙන බව කීවේය.

කුලීන ද්‍රවිඩයන් අම්බට්‌ටන් හෙවත් කරණවෑමි කුලයේ පුද්ගලයන්ට අවඥාවෙන් සලකන බව නොරහසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී සිංහලයන්ට විරුද්ධව සටන් කොට ද්‍රවිඩ ප්‍රජාව අතර තමන්ට ගරුත්වයක්‌, පිළිගැනීමක්‌ ලබා ගැනීමට තමිල් සෙල්වන්ට ඇතිවූ අභිප්‍රේරණය වෙනම අධ්‍යයනය කළ යුතු දෙයකි.

2007 වසරේදී මා විසින් වෛද්‍යවරුන් සඳහා සංවිධානය කරන ලද තරුණයන් ගේ ගැටලු වැඩමුළුව ඇමතීමට පැමිණි වික්‌ටර් අයිවන් මහතා තමන් වරක්‌ තමිල් සෙල්වන් හමුවූ අවස්‌ථාවේදී කුඩා දරුවකු මෙන් තමිල් සෙල්වන් ඔහුට අලුතින් ලැබුණු පැජරෝව අතගාමින් එහි උපාංග අගය කරමින් කළ හැසිරීම දුටු අයුරු විස්‌තර කළේය. තමිල් සෙල්වන් ගේ එම ළාමක හැසිරීම දුටු විට ඔවුන්ගේ අරගලයේ මහා හිස්‌ බවක්‌ තමන්ට දැනුණු බව වික්‌ටර් අයිවන් ප්‍රකාශ කළේය.

2007 වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක්‌ වී තමිල් සෙල්වන් මිය යන ලදී. මරණින් පසු තමිල් සෙල්වන් බ්‍රිගේඩියර් තනතුරකට පත් කිරීමට ප්‍රභාකරන් විසින් ක්‍රියා කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ "බ්‍රිගේඩියර්" තනතුරට පත් ප්‍රථම සාමාජිකයා ලෙස සනිටුහන් වන්නේ තමිල් සෙල්වන් ය. තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ උසස්‌ම නිලයකට පත් කිරීම තුළින් ප්‍රභාකරන් තම ප්‍රජාවට තවත් පණිවිඩයක්‌ ලබා දුන්නේය.

ප්‍රභාකරන් ජීවත්ව සිටි කාලයේ පවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන නායකයන් සංවිධානයේ නම යොදාගෙන විදෙස්‌ගත ද්‍රවිඩ ප්‍රජාවගෙන් එකතු කරගත් මුදල් වලින් යම් ප්‍රතිශතයක්‌ තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගත් බව පෙනෙන්නේ එකතු කරගත් මුදල් වලින් සමහර නායකයන් මිලට ගත් ව්‍යාපාර දෙස බැලීමෙනි. එස්‌. පී. සුපර්මාර්කට්‌ එක මෙන්ම ටොරොන්ටෝහි පෙට්‍රල් ෂෙඩ් ගණනාවක්‌ තමිල් සෙල්වන් සතුව තිබුණු අතර ඒ පිළිබඳව හමුදා බුද්ධි අංශ පවා දැන සිටියේද යන්න සැකය.

කෙසේ නමුත් දුගී සහ කුලහීන ජන්මයක්‌ ලැබුවද අරගලයක්‌ හරහා තමිල් සෙල්වන් බොහෝ දේවල් අත්පත් කර ගත්තේය. බලය, මුදල්, කීර්තිය, වෙල්ලාලයන් ගේ ගරුත්වය යනාදී මේ සියල්ල ඔහු ලබා ගත්තේ තුවක්‌කුව හරහාය. එසේම ද්‍රවිඩ ප්‍රජාවට ඔහු තවමත් තමිල් සෙල්වන් අණ්‌නා ය.

 * වෛද්‍ය රුවන් එම්. ජයතුංග
කළු වළාවක් එකපාරට ඇවිල්ලා නිල් අහසම වසා ගත්තා. හිතන්නවත් වෙලාවක් නැහැ. වැටෙන වැහි බිංදු හරියට හීසර වගේ. මහ පොළවට ඒවා දරාගන්න පුළුවන් වේද දන්නෙ නැහැ. හමාගෙනඑන සැඩ සුළඟ ජීවිතේ තනිකම හදවත පසාරු කරගෙන යන්න හදනවා. ඉකි ගසන ඇගේ හදවතට ළං වෙන්න මම උත්සාහ ගත්තා.


ඇගේ කතාව අපට ඇහුණෙ දෙහිවල ප‍්‍රදේශයෙන්. වාසනා කියන්නෙ වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් උරුමකරගත් යුවතියක්. සුමුදු මොලොක් වෙච්ච හිතක් ඇයට තිබුණෙ නැහැ. ඒ වෙනුවට ඇයට ලැබුණෙ දරදඬු වෙච්ච සිතක්. මේ ලෝකෙට බිහිකරපු මාපියො දෙන්නා ගැන සදහටම වෛරයක් හිතේ තදකරගෙන නොදන්න ඉසවුවක ඇය තනිවෙලා.


මගේ තාත්තා මල්ලියි, මමයි පුංචි කාලෙදිම අම්මාව අත්හැරලා වෙන විවාහයක් කරගත්තා. තාත්තා අපිව අතෑරලා ගියාට පස්සේ ජීවත් වෙන්න අම්මා මත්පැන් පෙරුවා. කුඩු විකුණුවා. ඒත් ඒ දේවල් පිට සමාජයට පෙන්නුවෙ නැහැ. අම්මා ඒ දේවල් කළේ හොර රහසේ. සල්ලි හම්බකරන්න මොන රැුකියාව කළත් පිටට පේන්න නම්බුකාර විදිහට ජීවත් වෙන්න අම්මා උත්සාහ කළා. ඒත් ටික කාලයක් ගත වෙද්දි උසාවි පොලිසි අපේ ජීවිතේට හුරු පුරුදු තැනක් වුණා.

ඒත් අම්මා ජීවත් වෙන්න කියලා කරපු කිසිම දේකට මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. අම්මගේ නීති විරෝධි වැඩ නිසා ඉස්කෝලේ ළමයි, ගුරුවරු මට හිනා වෙන්න ගත්තා. මාව හෑල්ලූවට පත් කළා. අම්මට කොච්චර කිව්වත් ඒ දේවල්වලින් මුදවන්න පුළුවන් වුණේ නැහැ.

අම්මා කිව්වෙ උඹට ඉස්කෝලෙ යන්න බැරිනම් ගෙදර ඉඳපං ‘‘උඹලට කන්න දෙන්න තමයි මේ රස්සාව කරන්නෙ කියලා.’’

අම්මගෙ කුඩු ව්‍යාපාරය නිසා ලොකු සල්ලිකාරයො අපේ ගෙදර නිතර ආවා. මට අම්මා ගැන පුදුම විදිහෙ පිළිකුලක් ඇති වුණා. ඒ අම්මගෙ දුව කියන්නත් මට ලජ්ජ හිතුනා. නෑහිතවත් හැම කෙනෙක්ම අම්මගෙ ක‍්‍රියාකලාප නිසා අපිව ඈත් කළා. අම්මා නිතරම සාප කළේ තාත්තට. මිනිස්සු අම්මගෙ වැරදි කියකියා හංවඩු ගහන කොට මට වහ ටිකක් බීලා මැරෙන්න හිතුණ වාර අනන්තයි. ඒත් මල්ලි නිසා මම නිතරම ඉවසුවා. මල්ලි ගියෙත් වැරදි පාරෙමයි. එයා ගැන අම්මා වැඩිය සෙවුවෙ බැලූවෙ නැහැ. යාළුවො එක්ක ගිහින් එයා නාස්ති වුණා. එයත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. එයාට ඒ දේවල්වලට සල්ලි නැති වුණාම ගෙදර තිබුණ වටින බඩු ගෙනිහිල්ලා විකුණන්න ගත්තා. දවසක් අපේ ගෙවල් ළඟ ගෙදරක පිටින් ආපු මහත්තයෙක් නතර වෙලා හිටියා. මල්ලි ඒ මහත්තයගෙ ලැප්ටොප් එක හොරකම් කරලා විකුණලා ඒක අහුවුණා. මල්ලිව පොලීසියට ගෙනිච්ච වෙලාවෙ අම්මා කිව්වා මල්ලි හිතුවක්කාරයි හදාගන්න බැහැ කියලා. පස්සෙ මල්ලිව පරිවාසෙට දැම්මා. ගෙදර ජීවත් වුණේ අම්මයි මමයි විතරයි. අම්මගෙ නීති විරෝධි ව්‍යාපාර නිසා අම්මා අන්වර්ථ නාමයකින් ප‍්‍රසිද්ධ වුණා. මම ගෑනු ළමයෙක්. පාරේ ගියත් පිරිමි ළමයි අම්මගෙ නම කියලා හිනා වෙනවා.

මම අම්මගෙ කකුල් දෙක අල්ලලා වැඳපු වාර අනන්තයි. ඔය දේවල්වලින් ඈත්වෙලා කොහේහරි ගිහින් ජීවත් වෙමු කියලා. අම්මගෙ මේ ක‍්‍රියාකලාප නිසා අපි ඉඳපු ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. පස්සෙ අපි ගෙවල් විකුණලා කැලණිය පැත්තෙ ගෙදරක කුලියට හිටියා. ඒ ගියත් අම්මගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාර නතර වුණේ නැහැ. ගෙවල් මාරු වීමත් එක්ක ඉස්කෝලත් මාරු වුණ නිසා ප‍්‍රශ්නයක් නැතුව ස්කෝලෙත් ගියා. මේ හැමදේම එක්ක මගේ ජීවිතෙත් වෙනස් වුණා.

චරිත්ගෙ මුණ ගැසීමත් එක්ක මගේ ජීවිතේ තිබුණු දුක තනිකම හැමදේම මොහොතකට සීමා වුණා. මම චරිත් ගැන අම්මා එක්ක කිව්වා. චරිත්ට අපේ ගෙදර එන්න අම්මා අවසර දුන්නා. නිතරම වගේ අපේ ගෙදර ආවත් අම්මගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ගැන චරිත් දැනගෙන සිටියෙ නැහැ.

අම්මගෙ කුඩු ව්‍යාපාර, මත්පැන් ව්‍යාපාර චරිත් දැනගත්තොත් මේ සම්බන්ධය නතර කරාවි කියලා මට බය හිතුණා. ඒ නිසා හැමදේම චරිත්ගෙන් වසන් කරන්න මම උත්සාහ කළා.
6_RASA_P_3

ඒත් වැඩි දවසක් වාසනාට මේ දේවල් චරිත්ගෙන් රහසක් විදිහට රැකගන්න පුළුවන් වුණේ නැහැ. දවසින් දවස දළුලා වැඩුණු චරිත්ගෙත් වාසනාගෙත් ආදර කතාව ඒ වෙනකොට බොහෝ දුර ගිහින් තිබුණේ. පාසල් යන වාසනාට චරිත් ගෙදර ගෙන්වා ගැනීමට අම්මාගෙන් ලැබුණු අවසරයත් සමග ඇගේ හිසේ මල් දහසක් පිපුණා. පාසල නිම වී නිවෙසට පැමිණෙන වාසනාගේ බලාපොරොත්තුව වුණේ සවස් යාමයේ චරිත්ගෙ පැමිණීම.

ආදරයෙන් මත්වුණු චරිත් සහ වාසනා ආදරයේ පෙම්බස් දෙඞීමට කුලී කාමර සොයාගෙන ගියේ නැහැ. වාසනාගේ අම්මා ආගන්තුක පිරිමියකු මේ විදිහට ගෙදරට ගෙන්වා ගත්තේ ඒ අම්මාගේ හිතේ එතනින් එහාට තිබුණු තහනම් බලාපොරොත්තුවක් නිසා.

ලොකු කාලයක් ගත වුණේ නැහැ. වාසනාගෙ අම්මා තමන්ගෙ දුවගේ පෙම්වතා වෙච්ච චරිත් සමඟත් අනියම් ඇසුරක් පටන් ගත්තා. චරිත් කියන්නේ අවුරුදු 20 තරුණයෙක්. ඒ වෙනකොට වාසනාට හදිසියේම දරුවෙකු ලැබීමේ ලක්‍ෂණ පහළ වෙනවා. වාසනාගෙ අම්මා තමන්ගෙ දරුවගෙ කුසට ආපු දරුවව නැති කරන්න යෝජනා කරනවා. අවුරුදු දහතුනක් කියන්නෙ අම්මෙක් වෙන්න පුළුවන් වයසක්ද? වාසනාගෙ අම්මා ඒ දරුණුතම පාප කර්මෙට අතගහනවා. චරිත් සමග වාසනා අඹුසැමියන් ලෙස ජීවත් වුණේ තම මවගේ අනුදැනුම ඇතිව.


චරිත් කවුද කියලා අහන ගොඩක් දෙනාට කිව්වෙ ඥාතිවෙන අයියා කෙනෙක් කියලා. ඒ වුණත් චරිත් අපේ ගෙදර නිතර යන එන නිසා ගමේ මිනිස්සු විවිධ කථා කිව්වා. දවසින් දවස මට චරිත්ගෙ යම් යම් වෙනස්කම් දැනුණා. මම ඒ දේවල්වලට නිතරම වගේ රණ්ඩු වුණා. අම්මගේ කුඩු ජාවාරම්වලට සම්බන්ධයිද කියලා සැකේකුත් තිබුණා. ඇත්තටම මම හිතුවෙ චරිත්ට තියෙන්නෙත් මගේ වගේම අදහස් කියලා. මට නිතරම  ඕන වුණේ කාගෙන්වත් වචනයක් අහන්නෙ නැතුව ජීවත් වෙන්න. මගේ මල්ලි පුංචි කාලෙදිම නරක වැඩවලට යොමු වුණේ අම්මා නිසා. අම්මයි තාත්තයි නිසා මල්ලියි මමයි පුදුම විදිහට මේ සමාජයෙන් අපවාද වින්දා.

මට දුක කියන්න හිටියෙ චරිත් විතරයි. මම ඒ දේවල් චරිත්ගෙන් වසන් කරේ එයාට බොරුවක් කරන්න නෙමෙයි. මම දවසක් හිනා වුණොත් සතියක් අඬනවා. මට මගේ වයසේ යාළුවන්ගෙ මූණ බලන්න බැහැ. ඒ ළමයි මාත් එක්ක කථා කරත් එයාලගෙ ගෙවල්වලින් මාත් එක්ක කථා කරනවට කැමති නැහැ. පාසල් ගමනක් නතර වුණාට පස්සෙ මම ඇඟලූම් කර්මාන්තශාලාවක රැුකියාවකට යන්න හැදුවා. ඒත් මට වයස නැහැ කියලා රස්සාවට ගත්තෙ නැහැ. පස්සෙ මම ඇඳුම් මහන අක්කා කෙනෙක් ළඟ නූල් කපන්න ගියා. එයා මට සුළු ගානක් දුන්නා. මම වැඩට ගියාට පස්සෙ චරිත් අපේ ගෙදර එනවා කියලා මගේ යාළුවො කතා කරලා කියද්දි මගේ හිතට මහ වදයක් වුණා. අම්මා එක්ක චරිත්ගෙ සම්බන්ධයක් තියෙනවා කිව්වාට මම කවදාවත් ඒක විශ්වාස කළේ නැහැ.

වාසනාගේ අම්මා කියන්නේ දෙහිවල ප‍්‍රදේශයේ කුඩු ව්‍යාපාරයට නම ගිය කාන්තාවක්. පොලිස් නිලධාරින් සමග පවා ඇය අනියම් සබඳතා පැවතුණා. නීතියේ රැුහැනට හසුවුණු යම් යම් අවස්ථාවල හේතු කාරණා නොමැතිව නිදොස් වුණා. වාසනා රැුකියාවක් සොයාගෙන ගියෙත් ගෙදරට වෙලා අපා දුක් විඳින්න බැරි කමට. වාසනා අම්මගෙ නීති විරෝධි මුදල්වලින් බත් කටත්වත් කන්න කැමති වුණේ නැහැ. මොකද ඇය කුඩා කාලේ ඉඳලම අම්මගෙ වැරදි නිසා දුක් කරදර දහසක් විඳපු දරුවෙක්.

‘‘මට අම්මව හදන්න බැරි නිසා පස්සෙ පස්සෙ මම අම්මගෙ වැරදිවලට රණ්ඩු වෙන්න ගියේ නැහැ. හැබැයි මම චරිත් එක්ක හරියට රණ්ඩු වුණා අම්මගේ කුඩු ජාවාරම සම්බන්ධ වෙන්න එපා කියලා. ඒත් එක දවසක්.... එහෙම කිය කිය ඉඳිද්දි ඇගේ හඬ එකවරම බාල වුණා. හදවතේ හිරවුණු දුක ඇස් ඉදිරියේ කඳුළින් බොඳ වෙලා ඉකි ගසන ඇගේ වත දෙස බලා සිටි අපගේ නෙත් වලටද කඳුළු ඉනුවේ ඉබේටමය. මුදු මොලොක් වූ අදහස් වෙනුවට ඇගේ සිත තුළ ඇත්තේ වෛරයෙන් පිටවන සිතුවිලි පමණය.

කාලය ගත විය. දිනක් ඇය රැුකියාවට ගොස් නැවත නිවසට පය තැබූ වාසනාට දුටු දර්ශනයත් සමග මුළු ජීවිතයම දෙපතුලට කඩා වැටුණේය. තමන් පණමෙන් ආදරය කළ චරිත් තමාගේ මව සමග යහනේ පෙම් සුව විඳි දර්ශන ඇයගේ මනසට ගෙන දුන්නේ දැඩි වෛරයකි. ඇයට එය ඉවසා ගැනීමට නොහැකිව වාසනාගේ අතේ රැඳුණු මන්නා පිහිය ජීවිතයක කෙළවර ගෙන දෙන්නට හේතුවිය.

තුවාල ලැබූ මව රෝහල් ගත කෙරිණි. පොලිස් භාරයට පත්වූ වාසනා සියල්ල හෙළි කළාය. මිනීමැරීමේ චෝදනාව ඇතිව බාලවයස්කාර දැරියක වූ වාසනා පරිවාසභාරයට පත්විය. ඇගේ මව වැල්ලවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයකද සැපයුම්කාරියන් ලබාදෙන ප‍්‍රසිද්ධ කාන්තාවක් බවටද හෙළි විය. වාසනාගෙ කථාව ඇතුළෙ දෑසින් වැටුණු හැම කඳුළක් ගානෙම කියවෙච්ච ලොකු කතාවක් තියෙනවා. මේ වචන ඇතුළෙ හිතන්නට බොහෝ දේ ඉතිරිවෙලා තියෙනවා. සමාජය එන්න එන්නම මේ තරමට පිරිහෙන්නෙ ඇයි? වාසනාගෙ ලස්සන ජීවිතේ විනාශ වුණේ ඇගේ අම්මා නිසා. මාපියො ගැන මහා වෛරයක් හිතේ තදකරගෙන වාසනා මේ මහ පොළවේ සෙවණක් යට ජීවත් වෙනවා.

මාපියන් අතරේ ගට්ටන, හැලහැප්පීම් දෙන්නට දෙන්නගෙ වැරදි  ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ දේවල් දරුවන්ට දෙන්න එපා. මාපියන්ගෙ වැරදිවලට දරුවො පලි නැහැ. දරුවො යන්නෙ මාපියන්ගෙ අඩිපාරේ. තමන්ගෙ අම්මා තාත්තගේ වැරදි කිය කිය සමාජය ඒ දරුවන්ව හංවඩු ගසද්දි දරුවන්ට දරාගන්න බැහැ. ගොඩක් දරුවො ජීවිතේ වන්දි ගෙවන්නෙ දෙමාපියන්ගෙ වැරදි නිසා. හැම දෙමාපියෙක්ම රැකියාවක් කරලා මුදල් හම්බ කරන්නෙ තමන්ගෙ දරුවන්ට කන්න අඳින්න දෙන්න. දරුවන්ට කන්න දෙන්න හිඟා කන අය ඉන්නවා. දරුවො එක්ක බඩගින්නෙ මැරුණත් සල්ලිවලට ආත්ම ගරුත්වය විකුණන්න එපා. දුප්පත් වුණත් අහිංසක දරුවන්ට පාරේ තොටේ බැහැලා යන්න පුළුවන් විදිහට හැසිරෙන එක මාපියන්ගෙ වගකීමක්.

අම්මා කියන උතුම් පදවියෙ ගරුත්වය රකින්න. අම්මෙක් කියන්නේ දරුවෙකුගේ සෙවනැල්ලක්. අද දරුවව පෙරපාසලට අරන් යන අම්මා තහනම් ගහේ ගෙඩි කන්න පෙළඹෙන්නෙ ඇයි? අනියම් පේ‍්‍රම සම්බන්ධතා අද දවසින් දවස වැඩි වෙලා. අසරණ වෙන දරුපැටව් ගණන සීමාවක් නැහැ. ඒ ජීවිතවලට උත්තර සොයන්න දරු පැටව් අරන් කෝච්චියට, ළිඳට පනිනවා. අසරණ දරුවො ගැන කථාකරන්න කවුරුත් නැහැ. මේ දේවල්වලින් දුක් විඳින්නෙ ඔයාගෙ අහිංසක දරුවො.

පාසල් වියේ දරුවා පිටුපස හඹා එන පේ‍්‍රමයට කවමදාවත් ඔබේ අවසරය දෙන්න එපා. ඒ වයසට ජීවිතේ වරද්දගන්න ස්වභාවය වැඩියි. ඇයට ආදරේ සීමා මායිම් පනින්නට ඉඩහසර ලබාදුන් ඇගේම මව නිසා ඇය බාලවයස්කාර ගැබිනියක් වුණා. ඇය ඇයට ජීවිත අවධානමක් වගේම ලස්සන අනාගතයක් විනාශ කර දැමීමක්.

ආදරණීය අම්මේ,
අතීතයේ ලේන් අම්මා ඇගේ වලිගයෙන් මුහුද ඉසින්නට තැත් දැරුවේ ඇගේ දරු පැටියා බේරගන්න. එයයි මාතෘ සෙනෙහස. ඔබ ඔබව හඳුනාගන්න. ඔබේ කෙටිකාලීන ආශාවන් නිසා අහිංසක දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්නට එපා. කෙදිනක හෝ ඔවුන්ගේ ජීවිතවල දුක දැක ඔබට අඬන්නට සිදුවේවි. ඔබ ඔබේ චරිතයේ ගරුත්වය රකින්න.

නදීෂා අතුකෝරළ
එකිනෙක පරයමින් නැග ඒන දැවැන්ත රළ ගෙඩි ඔවුන්ගේ යාත‍්‍රාව ඒ මේ අත පද්දන්නේ වේගයෙනි. ප‍්‍රචණ්ඩ මුහුදු රළ සමඟ පොර බදමින් මසුන් අල්ලා සිය ජීවිකාව කරගෙන යන වසන්තත් ඔහුගේ සහචරයන් කණ්ඩායමත් වඩාත් යුහුසුළුව සිටිති.
මාළු අහිනක් වට කර දැමූ දැල දැන් ඔවුහු යළි එකතු කරමින් සිටිති. පුදුමයකි. මේ දැලේ පැටලී තහඩු කැබැල්ලක් බෝට්ටුව වෙත පැමිණ ඇත. මාළු ද ගැහෙමින් පණ අදිමින් සිටියි. දැලේ සිටින මාළු එකිනෙකා වෙන්කැර පසෙක ගොඩගසන වසන්ත මේ අමුතු තහඩු කැබැල්ල අතට ගත්තේය. එය ඇළුමිනියම්වලින් සාදා ඇත. ඔහුගේ අදහස වූයේ එය ගුවන් යානයක කොටසක් විය හැකි බවයි.
ඔහුට මේ තහඩු කැබැල්ල හමුවූයේ 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ය. ඔහු මේ ගැන තවත් අපූරු මිත‍්‍රයකුට කීවේය. ඒ මිත‍්‍රයා සිටියේ කායන්කනි ප‍්‍රදේශයේය. කොළඹගේ ජගත් ලාල් නමැති ඔහු මුහුද යට ගිලී ඇති නැව් සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති තැනැත්තෙකි. ඒ ස්ථානයන්හි කිමිදී ගවේෂණය කිරීමෙන් විශාල අත්දැකීම් සම්භාරයක් සහිත ජගත් ලාල්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයන් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ද පවත්වාගෙන යන්නෙකි. පුරාවිද්‍යාඥයෝ ද මුහුදු ගවේෂණ කටයුතුවල දී ජගත් ලාල් මහතාගේ සහයෝගය නිරන්තරවම ලබා ගනිති.
වසන්තට කල්කුඩා මුහුදේ දී ඇළුමිනියම් තහඩුවක් ලැබී ඇතැයි යන පුවත ජගත් ලාල් මහතා දර්ශන ජයවර්ධන මහතාට කීවේය. දර්ශන ජයවර්ධන යනු මෙරට සමුද්‍ර ආශි‍්‍රත ගවේෂණ කටයුතුවල දීර්ඝ කාලයක සිට නියැලෙන පර්යේෂකයෙකි.
මුහුදු පත්ලේ ගිලී ඇති නෞකා හා සුන්දර ස්ථාන ගවේෂණය කරමින් තොරතුරු රැුසක් ඒකරාශී කරන ජයවර්ධන මහතාට ජගත් ලාල්ගෙන් ලැබුණු තොරතුර වැදගත් දෙයක් වූයේය.


කල්කුඩා මුහුදේ ඇළුමිනියම් තහඩුව හමුවූ ස්ථානය ගවේෂණය කිරීමේ කටයුතු දර්ශන ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් මස 21 වැනි දින දීය.
මුහුද යට ගවේෂණයට උපයෝගී කරගන්නා සෝනාර් යන්ත‍්‍රයක් ඔහු සතුව තිබේ. එය ද රැුගෙන කල්කුඩා ගිය ඔහු ගවේෂණ කටයුතු ආරම්භ කළේය. බෝට්ටුව ඒ මේ අත ධාවනය කරවමින් සෝනාර් යන්ත‍්‍රයෙන් සොයා බැලූව ද ඔහුට අදාළ ප‍්‍රදේශයෙන් කිසිදු ආගන්තුක වස්තුවක සලකුණක් හෝ සොයාගත නොහැකි විය.
ඔහු යළි ආපසු පැමිණීමට සූදානම් වෙද්දී වේගයෙන් ආ දිය වැලකට හසු වූ බෝට්ටුව මීටර 150ක් 200ක් පමණ ඈතට ඇදී ගියේ නිරායාසයෙනි. ඒ වන විටත් කි‍්‍රයාත්මකව තිබූ සෝනාර් යන්ත‍්‍රයේ යම් ආගන්තුක වස්තුවක සලකුණක් සටහන් විය. දර්ශන සිතුවේ එය ගල් පර්වතයක් විය හැකි බවයි.
කෙසේ වෙතත් හදිසියේම සලකුණු වූ මේ ආගන්තුක දෙය පරීක්ෂා නොකර අතහැර නොදැමිය යුතුයැයි සිතූ දර්ශන එම ස්ථානයේ බෝට්ටුව නැංගුරම් දැමුවේය. අනතුරුව තම ඔක්සිජන් ටැංකිද පැළඳ ජලයට බැස කිමිදෙද්දී මීටර 38ක් පමණ ගැඹුරට යද්දී සෝනාර් යන්ත‍්‍රයේ සලකුණු වී ඇත්තේ ගලක් නොව සෘජු රේඛාවක් වැනි සෙවනැල්ලක් සහිත දෙයක් බව ඔහු දුටුවේය.
ඒ සම්බන්ධයෙන් දර්ශන ජයවර්ධන මහතා මෙසේ කියයි.
‘‘මම ඇන්කර් එක අතඇරලා තව ටිකක් පහළට ගියා. මීටර 42ක් පමණ ගැඹුරු මුහුදේ ලොකු ගුවන් යානයක තටුවක් වැනි යමක් පෙනෙනවා. මා ඒ අසළටම ගියා. යානයේ අවර පෙත්තක් දක්නට ලැබුණා. මෙය විශාල යානයක කොටසක් බව පැහැදිලියි. තටුවට මැදින් කැඞී බි`දී ගිය කොටස් රැුසක් දක්නට ලැබෙනවා. ඒ වටේ බලන විට රෝදයක් පෙනෙන්නට තිබුණා. එන්ජිමේ කොටසක් දක්නට ලැබුණා.’’
දර්ශනට වැඩි වේලාවක් මුහුදු පත්ලේ ගවේෂණ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඔහු සතුව තිබූ ඔක්සිජන් ටැංකි තුනම අවසන් වෙමින් තිබීම හේතුවෙන් මුහුදු ජලය මතට පැමිණීමට අවශ්‍යව තිබිණි. යළි එතැන ගවේෂණය කිරීමේ අපේක්ෂාවෙන් දර්ශන සිය බෝට්ටුවට පැමිණියේය.
ඔහු පවසන්නේ එතැන ඇත්තේ මුහුදට කඩා වැටුණු ගුවන් යානයක කොටස් බවයි. ඒ යානය එක් එන්ජිමක්  සහිත යානයක් විය හැකියැයි අනුමාන කළ දර්ශන ජයවර්ධන මහතා ඒ ගැන ගවේෂණය කරන්නට වූවේය.
බැලූ බැල්මට මේ යානය දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කරන ලද්දක් යැයි අනුමාන කළ දර්ශන ඒ කාලයේ දී නැගෙනහිර වෙරළ තීරයට කඩා වැටුණු යානා සම්බන්ධයෙන් සොයා බැලූහ. කල්කුඩා ආසන්න මුහුදේ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට අයත් බි‍්‍රටිෂ් සාජන් නමැති තෙල් නැවකට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළ ජපන් හමුදා එය මුහුදු බත් කළේය. මේ නැවේ පිටුපස කොටසේ සිටි කාල තුවක්කුකරු ප‍්‍රහාරයට ආ ජපන් යානා හයෙන් තුනක් විනාශ කළේය. තමන්ට හමුවූ යානය එලෙස විනාශ වූ යානයක් විය හැකියැයි දර්ශන විශ්වාස කළේය.
දිය යට ඇති යානයේ ඡුායාරූප කිහිපයක් ඔහු තම හිතවතකු වූ ජපන් ජාතික ජෝර්ජ් එලිපතෝරු මහතාට යැවුවේය. එලිපතෝරු මහතා කියා සිටියේ මේ යානය ජපන් හමුදාවට අයත් මාදිලියක් විය නොහැකි බවයි.


ඒ අනුව මේ යානය බි‍්‍රටිෂ් සාජන් නැවට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි යානයක් නොවන බව ඔහු තහවුරු කර ගත්තේය.
දර්ශන ඉන්පසු කළේ තමන් මුහුද යටදී දුටු යානයේ ඡුායාරූප කිහිපයක් තම ෆේස්බුක් වෙබ් අඩවියේ පල කිරීමයි. එය දුටු ඇන්ඞ් ජර්බෙට් නමැති දකුණු අපි‍්‍රකානු ජාතිකයකු කියා සිටියේ මෙය කැටලිනා වර්ගයේ ගුවන් යානයක් බවයි. කැටලිනා යානා යනු දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ යානා අතර තරමක් විශාල ගුවන් යානා විශේෂයකි. ඒවා යුද සමයේ ඔත්තු බැලීම ස`දහා භාවිත කැර ඇත.
 ඒ යානාවලට එන්ජින් දෙකක් තිබෙන බවත් පිස්ටන් 14ක් සහිත රේඩියල් එන්ජින් තිබූ බවත් ජර්බෙට්ගෙන් ලැබුණු තොරතුරට අනුව දර්ශන යළි මුහුදේ ගවේෂණ කළේය. ඔහුට අවශ්‍ය සාධක ලැබිණි. දෙවැනි එන්ජිම හමුවිය. ඒ එන්ජිමේ රේඩියල් 14ක් උඩින් හා යටින් පිහිටා තිබේ. ඔහුට ලැබී තිබූ තොරතුරු නිවැරදිය. ඒ අනුව මේ යානය කැටලිනා වර්ගයේ යානයක් බවත් ඔහුට තහවුරු විය.
වඩාත් ඉහළ අහසට නැගී පැය 18ක් පමණ පියාසර කිරීමේ හැකියාවෙන් යුතු මේ යානා ලංකාව අවට මුහුදේ දී අනතුරට පත්ව ඇද්ද යන්න දර්ශන සොයා බැලූවේය.
එහිදී ඉතා වැදගත් තොරතුරක් ඔහුට හමුවී තිබිණි. ඒ ගාල්ල වරායට කිලෝ මීටර 300ක් නැගෙනිර දෙසින් පියාසර කරමින් සිටි කැටලිනා යානාවක් විසින් ජපන් ගුවන් යානා ලංකාව දෙසට පැමිණෙමින් තිබෙන බවට ගුවන්විදුලි සංඥාවක් කොළඹට ලබා දී ඇති බවයි. මේ යානය මොහොතකින් ජපන් ගුවන් යානා ප‍්‍රහාරයෙන් විනාශ වී ගොස් ඇත.
ඒ යානය පිහිටි ස්ථානයත් විනාශ වී ගිය බව පැවසෙන ස්ථානයත් සැලකූ විට කල්කුඩා මුහුදෙන් හමුවූ යානය එම යානය යැයි විශ්වාස කිරීමට හැකියාවක් ලැබී නැත. එම යානයේ සිටි ගුවන් නියමුවා අනතුරට පත්ව දිවි ගලවාගෙන ඇතත් ඔහු ජපන් හමුදා අත්අඩංගුවේ පසවූ බව ද වාර්තා වී තිබිණි.
මේ යානා දෙකෙහි තවත් වෙනසක් තිබිණි. ගාල්ලට නුදුරේ දී අනතුරට පත්ව ඇති යානය ගොඩබෑමට හැකියාව තිබී ඇත්තේ මුහුදු ජලය මත පමණි. එහි රෝද තිබී නැත. දර්ශනට හමුවූ යානයේ රෝද තිබෙන බව පැහැදිලිය.
මේ අතර දර්ශනගේ ඡුායාරූප දුටු බි‍්‍රතාන්‍ය ගුවන් සමාජයේ රොබ්ස් නමැති මහත්මයකු පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ තවත් කැටලිනා කණ්ඩායමක් තිබූ බවයි. ඉන්දුනීසියාවේ ආරක්ෂක කටයුතුවල යොදවා තිබිණි. ජපානය විසින් ඉන්දුනීසියාව ආක‍්‍රමණය කිරීමෙන් පසු මේ කැටලිනා යානා සමූහය ලංකාවට ගෙනවිත් ඇත.
ශ‍්‍රී ලංකාවේ තිබූ බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ 321 ඒකකය ලෙස නම් කරන ලද එම යානා සමූහය ති‍්‍රකුණාමලය වරායේ සිට දුරදිග මෙහෙයුම් ගණනාවක යෙදී තිබිණි. ඔවුන්ගේ ප‍්‍රධාන අපේක්ෂාව වී ඇත්තේ ලංකාව අවට මුහුදේ සැරිසරන සතුරු සබ්මැරීන පිළිබ`ද සොයා බැලීමයි.
මේ ඒකකය පිළිබ`ද දැනගත් දර්ශන ජයවර්ධන මහතා ඒ යානා අතර අනතුරට ලක්වූ යානා තිබේදැයි පැරණි වාර්තා අධ්‍යයනය කළේය.
මින්නේරිය ගුවන් හමුදා ක`දවුරෙන් වයි-x78 නමැති කැටලිනා යානය 1943 දෙසැම්බර් මස 09 වැනිදා ගුවන්ගත වී ඇත්තේ  පැය 18 ක ඔත්තු බැලීමේ ගමනක් වෙනුවෙනි. ගුවන්ගත වී පැය එකහමාරක කාලයක් ගතවෙද්දී එම යානය ගුවන්තොටුපොළට දුන් පණිවිඩයකින් පවසා ඇත්තේ යානයේ එක් එන්ජිමක් අකි‍්‍රය වී ඇති බවයි. මේ අනුව යානය ආපසු හරවාගෙන පැමිණෙන බව ද එහි නියමුවා ක`දවුරට දන්වා ඇත.
‘‘මේ යානය ගැන සොයා බලද්දී අපි දැන ගත්තා එය ති‍්‍රකුණාමලයට කිලෝ මීටර 80ක් තිබිය දී යානය තවදුරටත් පියාසර කිරීමට නොහැකි වීම නිසා හදිසියේම මුහුදට ගොඩබැස්සූ බව. මේ ස්ථානය ඉතා කරදරකාරී තැනක් බවත් හදිසි ගොඩබෑමක දී ප‍්‍රයෝජනයට ගැනීමට යානයේ තිබූ ඩිංගි බෝට්ටු දෙකෙන් එකක් ගැනීමට නොහැකි වූ බවත් ඒ වාර්තාවක දැක්වුණා. කෙසේ වෙතත් මේ යානයේ සිටි නියමුවා ඇතුළු 11 දෙනාම තනි ඩිංගි බෝට්ටුවේ නැගී අපහසුවෙන් ගොඩබිම දක්වා පැමිණ තිබෙනවා. යානය මුහුදේ ගිලී ගිය බව වාර්තා කර තිබුණා.’’
දර්ශන පවසන්නේ ගුවන් හමුදා වාර්තාවල දැක්වෙන්නේ යානය ති‍්‍රකුණාමලයට කිලෝ මීටර 80ක් පමණ දුරින් මුහුදට වැටී ඇති බවයි. දර්ශනට යානය හමුවී ඇත්තේ ති‍්‍රකුණාමලයට දකුණින් කිලෝ මීටර 85ක් ඈතිනි. එය කල්කුඩා වෙරළට කිලෝ මීටර 10ක් ඈතින් මුහුදුබත් වී ඇත.
යානයේ අනන්‍යතාව දැන් හෙළි වී තිබේ. දෙවැනි ලෝක යුද්ධයේ දී කඩා වැටුණු යානය නිවැරදිව හ`දුනාගෙන ඇත.
දර්ශන පවසන්නේ මෙය සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් ස්ථානයක් බවයි. වෙරළට නුදුරු මුහුදේ ඉතා පහසුවෙන් දැකගත හැකි ස්ථානයක එය පිහිටා තිබේ. මුහුදේ ගිලීයන නැව් කාලයාගේ ඇවෑමෙන් මසුන් අභිජනන ස්ථාන බවට පත්වන ආකාරයෙන් ම මේ යානය ද මසුන් අභිජනන ස්ථානයක් බවට පත්ව ඇත.
දහස් සංඛ්‍යාත මුහුදු ජීවීන්ට අපූරු තෝතැන්නක් වෙමින් ගිලී ගිය යානය අනාගතය උදෙසා සුරක්ෂිත කිරීමේ කාර්යයට අත ගැසීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීහු ද කටයුතු කරමින් සිටිති.
මාදම්පේ පොලිස් වැයික්කියේ පදිංචි ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකි. කළණ මිතුරෙක් ඔහුගේ බිරිඳ ද සමග පසුගිය දවසක ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණියේ කාලයකට පස්සේය.

ව්‍යපාරිකයා සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එදින රාත්‍රිය නිවසේ ගතකර යන ලෙසය. ආරාධනයට පිටුපා යාමට නොහැකි නිසා මිතුරාගේ ගෙදර එදා රෑ ගතකර යාමට ඔවුහු තීරණය කළහ.
රෑ බෝවන තෙක් මේ හතරදෙනා ආගිය තොරතුරු කතාබස් කරමින් අල්ලාප සල්ලාපයේ නිරතව සිටියේ ගොඩක් කාලයකට පස්සේ හමු වූ නිසාය. කාලය ගෙවී යනවා ඔවුනට දැනුනේවත් නොමැත. ඒ තරමට කතාබහ ලෙන්ගතුවිය. රසබර වී ඇත.

හෝරා ගණනාවක් තිස්සේ ඇදීගිය කතාබහ නතර කර නින්දට යාමට ගියේ පසුදින පාන්දරින්ම අවදි විය යුතු නිසාය.

ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ මිතුරාගේ බිරිඳ වෙනම කාමරයක ද මිතුරන් දෙදෙනා තවත් කාරමයකට ද ගියේ නිදා ගැනීමටය.

රෑ දෙගොඩ ජාමයේ ඇසුණු ශබ්දයකින් ව්‍යාපාරිකයාගේ බිරිඳ තිගැස්සී අවදි වී ඇත. දුටු දර්ශනයෙන් ඇය භය බිරාන්ත වී ගියාය.

කොච්චර බය වුණා ද කියනවා නම් ඇයගේ මුළු ගතම ගැහෙන්න පටන්ගෙන තිබෙන බව සඳහන් කරයි. ව්‍යාපාරික සැමියාගේ මිතුරාගේ බිරිඳ සුවබර නින්දකය.

ඇඟේ නූල් පොටක්වත් නොමැති හැඩි දැඩි පුද්ගලයෙක් විදුලි පන්දමක් දල්වාගෙන ඒ වෙත සීරුවට අඩි තබමින් යන අයුරු ව්‍යාපාරිකයාගේ බිරිඳ භය බිරාන්ත වී යාමට හේතු වී තිබිණි.  මුහුණ ටී ෂර්ට් එකකින් වසාගෙන සිටින අයුරු ද ඇය දුටුවාය. කොච්චර බියට පත්ව සිටියත් ඇය හිතට ධෛර්ය ගත්තාය.

දුටු දර්ශනයෙන් ඇය බියට පත්ව කෑගසන්නට නොගියේ වෙන කිසිවක් නිසා නොව තමා කෑ ගැසුවොත් නිවසට ඇතුළු වී සිටින අද්භූත පුද්ගලයා තමාට පමණක් නොව ගෙදර ඉන්න අනෙක් අයටත් ජීවිත අනතුරක් සිදු කරාවි යැයි සිතූ නිසාය.

ඇත්තෙන්ම කියනවා නම් ඇය අවස්ථාවේ හැටියට ගත්තේ ඉතාම බුද්ධිමත් තීරණයකි.

නිරුවතින් සිටින අද්භූත පුද්ගලයා දොරකින් පිටව ගිය බව සැකහැර දැනගත් ව්‍යාපාරිකායගේ බිරිඳ වහාම ඇර දමා තිබූ දොර වසා දමා කෑගැසුවාය.
බිරිඳගේ කෑගැසීම ඇසී තද නින්දේ පසු වූ ගෙදර සිටි සෑම දෙනාම අවදි වූහ.

ව්‍යාපාරිකයාගේ බිරිඳ තමා දුටු අද්භූත පුද්ගලයා ගැන විස්තර කරද්දී අනෙක් අය ඒ කතාව අසා සිට ඇතැයි කියන්නේ ගල් ගැසීය. නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාව පරීක්ෂාකර බැලීමේදී ව්‍යාපාරිකයාත් ඔහුගේ මිතුරාගේ හා ඔහුගේ බිරිඳගේත් ඇස් උඩගොස් තිබුණේ එහි ඇති රූප රාමු පෙළක් දැකීමෙනි.

ඒ රූප රාමු බෙහෙවින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලය යටතේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපටියක රූප රාමු පෙළකට සමානය. මුහුණ ටී ෂර්ට් එකකින් වසාගත් නිරුවත් පුද්ගලයෙක් විදුලි පන්දමක් ද අතැතිව එහා මෙහා යන අයුරු ඒ රූප රාමු පෙළ නැරඹීමේදී දක්නට ලැබී ඇත.

නිවසට හොර රහසේ ඇතුළු වූ හොරෙක් ගෙදර රන් භාණ්ඩ සහ මුදල් තියෙන තැන් සොයමින් ඔබ මොබ හිමිං සීරූවේ සැරිසරන බව ඔවුන්ට අවබෝධ කර ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඒත් මේ විදියට ඇඟේ නූල් පොටක්වත් නොමැතිව හොරා ගෙට ඇතුළුවූයේ මන්ද කියන එක ඔවුන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබිණි. කෙසේ වෙතත් කාටවත් කරදරයක් හිරිහැරයක් වී නොතීබීම ගැන ඔවුන් සැනසුම් සුසුම් හෙලූහ.

නිරුවතින් ගෙට ඇතුළුවී සිටි අද්භූත පුද්ගලයාට අරගෙන යාමට පුළුවන් වී තිබුණේ රුපියල් 20,000ක පමණ මුදලක් පමණකි. ගෙදර තිබූ වෙනත් වටිනා කියන කිසිවක් ඔහුට අසු වී නොතිබුණේ වාසනාවකට වගේය. අද්භූත පුද්ගලයා හොරාගෙන ගොස් තිබුණේ ද ව්‍යාපාරිකයාගේ මිතුරාට අයත්ව තිබූ මුදල්ය.
ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලිසියට ගොස් පැමිණිලි කළේය.

පොලිසිය පැමිණ සී.සී.ටී.වී කැමරාවේ පටිගතව තිබූ ඒ රූපරාමු ද නැරඹුවේය. මේ අරුම පුදුම හොරා ගැන තවම කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ.එම්.කේ. විජේබණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යති.


හැම ආදර කතාවක් වගේම චානකගෙත් පවිත‍්‍රාගෙත් ආදර කතාවටත් හුඟක් සුන්දර මතක සැමරුම් එකතුවක් තිබුණාද කියන්න අපි දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සුන්දර මතක සැමරුම් විඳින්න ඔවුන්ට අවස්ථාවක් නොතිබුණා වෙන්න පුළුවන්. මේ ඔවුන්ගේ කතාව.


පවිත‍්‍රා චානක සමඟ විවාහ වුණේ විවාහ යෝජනාවක් මඟින්. පවිත‍්‍රාට විවාහවීමට ඒ තරම් අවශ්‍යතාවක් සහ ආශාවක් තිබුණෙ නැහැ. එහෙත් මව්පියන්ගේ වචනවලින් බේරෙන්නට බැරිම තැන ඇය ඒ සඳහා ඉදිරිපත් වුණා. චානක වෘත්තියෙන් ඉංජිනේරු සැලසුම් ශිල්පියෙක්. තලෙළු කෙට්ටු සිරුරකට උරුමකම් කී ඔහු සැබවින්ම කාර්යශූර පුද්ගලයෙක්. ඔහු තමන්ට පැවරුණු  ඕනෑම රාජකාරියක් නොපැකිළිව ඉටු කළා.

චානකගේත් පවිත‍්‍රාගේත් විවාහයෙන් පසුව චානකටදාව පවිත‍්‍රාට දරුවකුද ලැබුණා. ඔවුන් අතර බැඳීම ශක්තිමත් වුණේ ඔවුන්ගේ දරු උපතත් සමඟින් කිව්වොත් නිවැරදියි. ඉන් අනතුරුව තමයි පවිත‍්‍රාගේ කැදැල්ලේ සතුට එන්න එන්නම වැඩිවුණේ.
5656
චානක සහ පවිත‍්‍රා සිටියේ චානකගෙ මහගෙදර, චානකගේ පියා මියගියේ චානක තරුණ අවධියේමයි. එතැන් පටන් ඔහුව බලා ගැනුණේ ඔහුගේ මව විසින්. චානක මේවගේ ලොකු තත්ත්වයකට ගෙන එන්න සියළු කැපකිරීම් කළේ ඇයයි. රජයේ ආයතනයක ඔහු හොඳ තනතුරක් දැරූ නිසා ඔහු අලූතින් නිවසක්ද ඉදි කරන්න පටන් ගත්තා.

එසේ අවුරුදු දෙක තුනක් ගෙවී ගොස් චානක විසින් ඉදි කරනු ලැබූ නිවසෙහි වැඩකටයුතු අවසාන වුණා. නමුත් ඒ වන විට ඔහුගේ මවත් ජීවතුන් අතර හිටියෙ නැහැ.

ඒ සියල්ලත් සමඟින් ඔවුන් මහගෙදරින් ඉවත්ව අලූත් නිවහනට ගියා. අලූත් නිවස සාදා තිබුණේද පැරණි නිවසට මීටර් 200 පමණ දුරකින්. එහි තිබූ බඩු භාණ්ඩ සියල්ලක්ද ඔවුන් අලූත් නිවහනට ගෙන ගියා. එසේ දින සති මාස ගෙවී ගියා. දිනක් පවිත‍්‍රා චානකට අලූත් යෝජනාවක් ගෙනාවා.

‘‘ඔයාගෙ මහගෙදර දැන් කව්රුත් නෑනේ... ඒ නිසා ඒ ගෙදර බෝඩිමකට දුන්නොත් හොඳයි නේද? පවිත‍්‍රා දෙවරක් නොසිතාම චානක දෙස බලා පැවසුවා.
ඒවා බෝඩිම්වලට දීලා ගෙදර විනාශ කරයි... චානක පවසා සිටියේ දැඩි අකමැත්තකින්.

ගෙදර විනාශ කරන්න අපි ගන්නෙ පොඩි උන්යෑ... ලොකු කට්ටියනෙ...

හ්ම් බලමු බලමු...

රජයේ රස්සා කරන කව්රුන්හරි ගනිමු...

ඔය ගෙවල් නිකං තියෙනවට වඩා හොඳයි කව්රුහරි නතර කරන එක... නැත්තම් ඔය ගෙවල් පාළුවට යනවා... කුලියට දුන්නම කීයක් හරි හම්බකරගන්නත් පුළුවන්නේ....

පවිත‍්‍රාට ඇත්තටම උවමනා වුණේ මහගෙදරට බෝඩිම්කාරයෙක් ගෙනැත් එයින් ආදායමක් ලබා ගැනීම... ඇය ඒ ගැන කියා දිගින් දිගටම චානකට පෙරැුත්ත කරන්න වුණා.

ඔයාගෙ කතාව හරි... චානකද පවිත‍්‍රාගේ කතාවට එකඟතාව පළ කළා.

ඉන් අනතුරුව නිවසේ නැවතීම සඳහා බොහෝ දෙනෙක් පැමිණියද චානක ඒ කිසිම කෙනෙකුට කැමැත්ත ප‍්‍රකාශ කළේ නැහැ.

එලෙසට ටික කලක් ගතවෙද්දී ඔවුන්ගේ නිවසේ නවාතැන් ගැනීම සඳහා තරුණ ගුරුවරයකු පැමිණියා.. ඔහු තමයි ගාමිණි. ඔහු පාසලට අලූතින් පත්වීමක් ලබා පැමිණි අයෙක්. චානක ඔහුව නවතා ගැනීමට අකමැත්තක් දැක්වුවේ නැහැ. බැලූ බැල්මටත් ගාමිණීගේ අහිංසක ප‍්‍රියමනාප බවක් දක්නට ලැබුණා.
ඔහුට පත්වීම ලැබූ පාසල පිහිටා තිබුණේද චානකලාගේ නිවසේ සිට මීටර් 800 පමණ දුරකින්....

ඒ විදියට දින සති මාස කෙමෙන් කෙමෙන් ගතවෙද්දි චානකලාගේ බෝඩිමේ නතර වෙන්න ආව ගාමිණි ඔවුන්ගේ නිවසේම කෙනෙක් වුණා. ඔවුනොවුන්ට විවේකයක් ලැබුණු සෑම අවස්ථාවක එකට එකතු වී සුහද පිළිසඳරෙහිද යෙදුණා.

ඒ ඇතැම් දවසක ගාමිණි කෑම පවා ගත්තේ චානකලාගේ නිවසින්.

පවිත‍්‍රාත් චානකත් සතුටින් යුක්තව කල්ගත කළා. ඔවුන් දෙදෙනාගේ අවශ්‍යතා ගැන ඔවුනොවුන් සැලකිලිමත් වුණා. මුලදී පවිත‍්‍රා චානකට අකමැති වුණත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් දෙදෙනාම දැඩි ආදර ස්නේහයකින් බැඳිලයි හිටියෙ.

දරුවාගේ වැඩත්, නිවසේ වැඩත් සියල්ල ඉටු කරමින් පවිත‍්‍රා නිවසට වී කල්ගත කළා. චානකත් ඇයට අවශ්‍ය හැමදේම සහ නිවසට අවශ්‍ය සියලූ දේ නොපැකිලිව ඉටු කළා.

චානකගේ ජීවිතයේ ඉරණම සිදුවුයේ මේ අතරවාරයේ.... තම දරුවා පාසලට ඇරලූ චානක සුපුරුදු පරිදි තම කාර්යාලය බලා පිටත් වෙමින් හිටියා. ඒ යන අතරතුර බස් රථයක් ඉස්සර කිරීමට ගිය ඔහු ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටුණා.

ඉන් ලිස්සා ඉදිරියට ගිය චානකගේ දෙපා ටිපර් රථයේ රෝදවලට හසුවුණා. අනතුර දැක එතනට රැස් වූ පිරිස් ඔහුව වහාම රෝහලට රැුගෙන ගියත් ඒ වන විටත් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන් බිඳිලයි තිබුණේ.

සිද්ධිය ආරංචි වුණු සැණින් රෝහල වෙත ගිය පවිත‍්‍රාට දැක ගත හැකිවුණේ සිහිසුන්ව ඇඳ වැටී සිටින චානක. එය දුටු පවිත‍්‍රාට අදහාගත නොහැකි වුණා. දැඩි සේ ශෝකයට පත් වූ ඇය පිස්සියක මෙන් හඬා වැළපෙන්න පටන් ගත්තා.

මරුවාගේ කටින් ගොඩ ඒමට චානකට හැකි වූ නමුත් ඔහු සදාකාලික අබ්බගාතයෙක් බවට පත්වූණා.

මාස ගණනාවක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගත් ඔහු නිවස වෙත රැගෙන ගියා. චානක රෝහලේ සිටින කාලය පුරා ගාමිණි ඔහුව බලන්න නිතරම ආවා ගියා. ඔහුට සුව වූ පසුවද නිවසට රැුගෙන ආවේ ගාමිණී....

නිවසට රැුගෙන ආ චානක රෝද පුටුවෙන් යන විට පවිත‍්‍රාට ඇතිවුණේ දැඩි සිත් වේදනාවක්. කර කියා ගත හැකි දෙයක් නොමැතිව ඇය කල්පනා කරන්න වුණා. තම දරු පැටියාත් තුරුළු කරගෙන පපුවෙ පත්තුවෙන ගින්දරත් එක්ක ඇය නොමැරී තමයි ජීවත් වුණේ. අහස උසට මාලිගා තැනුවත් ඒවා කැඞී වැටෙන්නට ගියේ තත්පර ගාණයි.

චානක සදාකාලික අබ්බගාතයකු වූ බැවින් මාස්පතා වැටුපක් ඔහුට ලැබුණා. චානකගේ වැඩත්, දරුවාගේ වැඩත් හැමදේම ඉටු කරන්න වුණේ පවිත‍්‍රාට..... ඒ සෑම කාර්යක්ම ඇය ඉතා හොඳින් ඉටු කළා. කිසිම දේකින් අඩු පාඩුවක් කළේ නැහැ.

චානකට ලැබුණු වැටුප් ප‍්‍රමාණයද ඒ සඳහා ප‍්‍රමාණවත් වුණා. චානකගෙ අනතුරත් සමඟ පවිත‍්‍රාට ජීවිතයේ තනිකමක්, අසරණකමක් දැනෙන්න වුණා. වයස අවුරුදු 26ක් වුණු පවිත‍්‍රා හිටියෙ තරුණ වයසෙ.

ඉඩක් ලැබුණු හැම වෙලාවකම චානකගෙ ලෙඩදුක් බලන්න ගාමිණි නිතරම ආව ගියා. අඩුපාඩු හැමදේම සොයා බැලූවා. දරුවාගේ වැඩකටයුතුත් හොඳින් සොයා බලා ඉෂ්ඨ කළා. හැම පැත්තකින්ම ඔවුන්ට උදව් කළා.

ගාමිණිගේ මේ හිවත්කම පවිත‍්‍රාට ගෙන දුන්නෙ ලොකු සතුටක්... තරුණ කඩවසම් පුද්ගලයෙකු වූ ගාමිණි තාම අවිවාහකයි. ඔහුට දෙවරක් හැරිලා බලන්න පුළුවන් තරමේ පි‍්‍රයමනාප සිත් ඇඳගන්නා සුළු පෙනුමක්ද තිබුණා. ගාමිණි කෙරෙහි පවිත‍්‍රාටද තිබුණෙ දැඩි කැමැත්තක්... ඒ ඔහුගෙ තිබුණු පෞරුෂත්වය නිසා.

දින සති එසේ ගතවෙද්දි ගාමිණිගේත් පවිත‍්‍රාගේත් හිතවත්කම ආදරයක් දක්වා පෙරළුණා. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ගොඩක් දුර ගිහින් තිබුණා.

ගාමිණි සහ පවිත‍්‍රා අඹු සැමින් ලෙස ජීවත්වීමේ පුවත චානකටද ආරංචි වීමට ගතවුණේ ඉතා ටික කලක් පමණයි.

චානකටදාව පවිත‍්‍රාට උපන් පුතා ගිහාන් මේ වෙද්දි කොළඹ පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබනවා. චානක තවමත් රෝද පුටුවෙන් ඇවිදිමින් ජීවිතය හොයනාව. මේ කතාවෙ විදිහට පවිත‍්‍රා වරදකාරියක්. ඇය වරදකාරියක් වෙන්න හේතු බොහෝමයක් තියෙනවා. ඒ කොහොම වුණත් හැඟීම්වලට ඉඩදීලා ආශාවන් එක්ක ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න එපා කියලනම් පවිත‍්‍රලාට කිව යුතුමයි.

නම් ගම් මන:කල්පිතයි.

ධනු විජේරත්න -
ජීවිතය යනු තක්ෂලාවකි. දිනෙන් දින මොහොතින් මොහොත අත්දැකීම්වලින් එය පෝෂණය වෙයි. ඉන් ජීවිතයට පන්නරයක් ලැබෙයි. ජීවිතයේ හරිගිය තැන්, ජීවිතයේ වැරදුණ තැන් අලූත් පරපුරකට පාර කියාදෙයි. අදත් මම අන්ධකාරය තුළින් තාරුකා සොයමි. දීප්තිමත් ලස්සන තරුකා සොයමි. ඒ තාරුකා කොතරම් සොඳුරුදැයි විමසමි. සුපුරුදු සන්ඳ්‍යාව පැමිණ ඇත. මම ඇය එනතුරු ගංඟාරාම වැව අසබඩ අසුන්ගෙන සිටියෙමි. පාට පාට වර්ණාවලි දියරැුලි මත දඟකරයි. අපූරු දසුනකි. ඒත් ඒ සොඳුරු බව විඳගැනීමට සීතල සුළඟත් සමඟ හමා ආ දුර්ගන්ධය බාධාවක් විය. සැබැවින්ම සුන්දර සැමදේම සොඳුරු නොවන බව මම පසක් කරගතිමි. ජීවිතයේ හැඩය එයයි.


‘‘හායි කොහොමද’’
ඇය පැමිණ සිටියාය. තද රතුපාට ඇඟටම තදවන ගවුමකින් සැරසී ඇය පැමිණ සිටියාය. මම ඇය හා සිනාසුනෙමි. ඇගේ හිනාවත් ළෙන්ගතු විය. සැබැවින්ම ඇය පිරිපුන් යෞවනියකි. එක් වරක් ඈ දෙස බලන අයෙකු තවත් වරක් ඇය දෙස හැරී බලනවා නොඅනුමානය.

‘‘ඉතිං කොහොමද ජීවිතේ’’ මම ඇය හා දොඩමළු වුනෙමි.

‘‘අපි ඉතින් කඳුළු හංගාගෙන හිනාවෙන අයනේ නංගී.’’

ඇයගේ සිනහව අව්‍යාජ විය. ඒත් ඒ සිනහව තුළ වේදනාවක සේයා සැඟවී ඇති බව මට වැටහිණි.
1

‘‘මම කැමතියි ඔයාගේ කතාව අහන්න.’’ මම මගේ අවශ්‍යතාව පැවසුවෙමි. දිගු සුසුමක් ගත් ඇය ඇගේ කතාව මෙසේ දිග හැරියාය.

‘‘මගේ නම නේරංජි. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මට එක අක්කා කෙනෙක් හිටියා. පවුලේ බාලයා වෙච්ච මම ගොඩක් දඟ චරිතයක්. උසස් පෙළ කරන දවස්වල පංති කට්කරලා චිත‍්‍රපටිබලන්න ගිහින් අහුවෙලා තාත්තගෙන් ගුටි කාලත් තියෙනවා.

ඉස්සර අපේ පන්තියේ කෙල්ලෝ ටික එකතුවෙලා හොරෙන් බලපු චිත‍්‍රපටිවල චරිත රඟපානවා. ඒ කාලේ ජීවිතේ කිසිම බරක් පතළක් තේරුණේ නෑ. හරිම සැහැල්ලූයි.

මගේ අම්මා ගොඩක් අහිංසකයි. අපි පාලනය කරන්නේ අපේ තාත්තා. ඒත් අපට රැුකවරණය  ඕනෑම කාලය වෙනකොට හදිසියේ හෘදයා බාධයක් හැදිලා තාත්තා නැතිවුණා. ඒ වෙද්දි අක්කා විශ්වවිද්‍යාලයේ හිටියේ. අම්මයි මායි ගෙදර තනිවුණා. අම්මා ඉස්කෝලේ ගියපුවාම එයා එනකම්ම මම ගෙදරට වෙලා ටී.වී. බලනවා. නැත්නම් පත්තර බලනවා.

එක දවසක් මම වෙළඳ දැන්වීමකට ගෑණු ළමයි ගන්න දැන්වීමක් දැක්කා. ඉස්කෝලේ අපේ කෙල්ලෝ සෙට් එකත් එක්ක රඟපාපු මට ඒක සිම්පල් කේස් එකක් කියලයි හිතුණේ.
6

ගෙදර කාටවත්ම නොකියා මම ඒ වෙළෙඳ දැන්වීමට තෝරගන්න ආයතනයට අයදුම්පත‍්‍රයක් දැම්මා. ඒකට පිළිතුරු ලියුමකුත් එවලා තිබුණා. මට සම්මුඛ පරීක්‍ෂණයට යන්න දවසකුයි වෙලාවකුයි දීලා තිබුණා. මම ඒ කිසිදෙයක් අම්මටවත් අක්කටවත් කිව්වේ නෑ. මගේ තිබුණ මුරණ්ඩුකමට තනියම මම කොළඹ ආවා. පළමුවෙනි දවසෙම මාව ඒ දැන්වීමට තෝරාගත්තා. මට අත්තිකාරම් මුදලකුත් ලැබුණා. මම ගෙදර ගියේ අම්මට අක්කට තෑගි ගොඩක් අරගෙන.

එදා ගෙදර යද්දි ? වුණා. අම්මගෙන් බැණුම් අහන්නත් වුණා. මම කොළඹ ගියපු කාරනේ අම්මට කිව්වට පස්සේ මම අරගෙන ගියපු තෑගි භෝග කිසිම දෙයක් එයා ගත්තේ නෑ. එයා මට කිව්ව එකම දේ. ‘‘අපි මේ ගමේ වැදගත් විදියට හිටපු මිනිස්සු. කාගෙන්වත් කයිකතන්දර ඇහුවේ නෑ..... ලෝකයා හිනස්සන්න එපා’’ කියලා. මම මුකුත් කිව්වේ නෑ. ඒත් මගේ හිතුවක්කාර හිත අම්මා කියපු කිසිදේකට ඇහුන්කන් නොදෙන්න එපා කියලයි කිව්වේ.

මම අම්මා ඉස්කෝලේ ගියාට පස්සේ ඇඳුම් කීපයකුත් දාගෙන කොළඹ නැන්දලගෙ ගෙදර ගියා. මම එච්චර මුරණ්ඩු වුණේ කොහොමද කියලා අද මටම පුදුම හිතෙනවා. අද මට මගේ අම්මාගැන පුදුම දුකක් හිතෙන්නේ නංගී. මම නිසා එයා කොච්චර හිතින් අඬන් ඇද්ද? ඒත් මොනා කරන්නද? ඉරණමේ තිබුණ විදියට හැමදේම සිද්ධ වුණා. මම වෙළෙඳ දැන්වීමට කැමතිවෙලා ලියුමක අත්සන් කළා. සල්ලිත් ගත්තා. ඒ නිසා අම්මා අකමැති වුණත් මට ඒ දැන්වීමට යන්නම වුණා. ඒ තමයි මගේ ජීවිතයේ වෙනස්කරපු මංසන්ධිය.

ඇය දිගු සුසුමක්ගෙන මොහොතකට නිහඬ වූවාය. ජීවිතේ හරිම පුදුමාකාරය. අපි පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් හෝ රියැලිටි ෂෝ වලින් හඳුනා ගන්නා තරුවලට කොතරම් ළෙන්ගතුවෙමුද? ඔවුන්ගේ හඬට ඔවුන්ගේ රුවට කොතරම් වශීකෘත වෙමුද? ඒත් ඒ ජීවිත තුළ කොතරම් කටුක දේ සැඟවී ඇතිද? ඇය යළිත් ඇගේ හඬ අවදි කළාය.

‘‘මම මගේ හිතුවක්කාරකම් හින්දම ජීවිතේට ආ අභියෝගවලට කිසිදු බියක් නැතිව මූණ දුන්නා. කෙල්ලෙක් වුණත් වැඩකළේ කොල්ලෙක් වගේ. ඒ නිසාම ස්කින් ටෙස්ට් එකටත් ගියේ තනිවමයි. ඒක පුංචි කාමරයක් පාට පාට ලයිට් දාලා තිබුණා. කැමරා කීපයක් තිබුණා. මට වාඩිවෙන්න, හිටගන්න කියලා එක එක විදියේ පින්තූර ගත්තා. ඒ හැම වෙලාවකම එතන හිටපු අයියා මම ඉන්න  ඕන විදියට අතපය, ඇඳුම සකස් කළා. සමහර වෙලාවට එකපාරටම කාමරය අඳුරුවෙනවා. ආයේ ලයිට් එනවා. පිරිමි දෙතුන් දෙනෙක් විතරයි හිටියේ.

ඒත් මට කිසිම බයක් හිතුණේ නැහැ. එතැන හිටිය අයත් මගේ හොඳ මිත‍්‍රයෝ වුණා. ඊට පස්සේ දවස් කීපයක්ම මම ෂූටින් ගියා. මගේ ඒ තිබුණ එඩිතරකම හින්දම පිරිමි අයත් එක්ක සුහදතාව ගොඩ නගා ගනිමින් මගේ කොටස් හොඳට රඟපෑවා. හැමෝම මට හොඳයි කිව්වා. ඒ මගේ පළමුවෙනි වෙළඳ දැන්වීම. එතනදී මට කිසිම කරදරයක් වුණේ නෑ. මුදලූත් ලැබුණා. ප‍්‍රසිද්ධියත් ලැබුණා. ඒ නිසා මට බයක් තිබුණෙත් නෑ.

මම මාස ගණනක් ගෙදර ගියේ නෑ. අම්මා නැන්දලාගේ ගෙදර ඇවිත් මාව බලලා ගියා. මම හිතුවක්කාර නිසා අම්මා මට වැඩි බලපෑමක් කරන්න ආවෙත් නෑ. එයා දන්නවා කොච්චර එපා කිව්වත් මම කරන්නේ මට  ඕන දේ කියලා. මම රඟපාපු වෙළඳ දැන්වීම දැකලා මට එක කලාකෘතියක රඟපාන්න අවස්ථාවකුත් ලැබුණා. මම ඒක ගොඩක් සතුටින් භාරගත්තා. ඒ තමයි මට මාව නැතිවුණ මූසල මංසන්ධිය.

ඒක වැඩිහිටියන්ට පමණයි නිර්මාණයක්. මට ලොකු මුදලක් දෙන්න පොරොන්දු වුණා. කතාවේ පිටපතත් කියවන්න දුන්නා. සමහර දර්ශන කැමරා ටි‍්‍රක්ස් කියලා කිව්වා. ජීවිතේ ගැන අබමල් රේණුවකවත් බයක් තිබ්බේ නැතිමම කිසිම චකිතයක් නැතිව ඒ නිර්මාණයට කැමති වුණා.

මට හිටපු එකම භාරකාරයා අම්මා. එයා ඉන්නේ ගමේ. මම ඉන්නේ ලොකු නැන්දලාගේ ගෙදර මම ගැන හොයන්න කවුරුවත් හිටියේ නෑ. ඒ නිසා භාරගත්ත චිත‍්‍රපටියේ වැඩ ටික කරන්න නුවරඑළිය පළාතට තනියම යන්න මම දෙපාරක් හිතුවේ නෑ. මමයි, මගේ පාට්නයි, කැමරා ශිල්පියොයි, අධ්‍යක්‍ෂකයි, නිෂ්පාදකයි තවත් දෙදෙනෙකුයි නුවරඑළියේ ගියා. අපි ලස්සන කන්දක් උඩ තිබුණ ගෙදරකයි නැවතුණේ. මාත් එක්ක තව ගෑණු කට්ටිය දෙන්නෙක් හිටියා. අපි එක කාමරේක හිටියේ. අනෙක් පිරිමි අය වෙනමයි හිටියේ.

එදා අපි නුවරඑළියට යද්දී හවස් වෙලා තිබුණේ. පිරිමි අයත් ගෑණු අයත් දෙගොල්ලොම ‘ඩි‍්‍රන්ක්ස්’ ගත්තා. මට ඩි‍්‍රන්ක්ස් අරගෙන පුරුද්දක් තිබුණේ නෑ. ඒත් මගේ ජීවිතේ නෑ, බෑ කියලා දෙයක් තිබුණේ නෑ කවදාවත්. ඒ නිසා මමත් පුරුදුකාරියක් වගේ එයාලත් එක්ක බිව්වා.

අනෙක් දවසේ කරන වැඩ ටික කතා කරලා කාලා බීලා අපි නිදාගන්න කාමරවලට ගියා. මම මත්වෙලා හිටියේ. අපේ කාමරයට ආපු එක අයියා කෙනෙක් අපේ අධ්‍යක්‍ෂතුම මට කතා කරනවා කිව්වා. මම එදා වැනි වැනීම කාමරයෙන් එළියට ගියා. එයා හිටියේ එළියේ බංකුවක වාඩිවෙලා මම එතනට ගිහින් වාඩි වුණා.

‘‘ඔයා මහ පුදුම කෙල්ලෙක්. ගමේ කෙල්ලෙක් කියලා කියන්නවත් බෑනේ වස්තුවේ....’’ ඔහු මගේ අතකින් අල්ලලා ළඟින්වාඩි කරවා ගත්තා.

‘‘එදා මට හිතුණේ ඒක මහ ලොකු දෙයක් කියලා. මම හිතුවේ එයා මහ ලොකු මිනිහෙක් කියලා. එයා මට කිව්වා.... කවදාකහරි මම ජනපි‍්‍රයම තරුවක් කරනවා කියලා. අර ඈත අහසේ පායලා තියෙන ලස්සන තරුවක් කරනවා කියලා. මම ඒ කතා අහලා ගොඩක් සතුටු වුණා. පාට පාට ලයිට්දාපු, ලොකු ස්ටේජ් එකක අත්පොළසන් නාදය මැද්දේ සම්මාන ගන්න හැටි එයා මට එදා ලස්සනට පෙන්නුවා. මම ඒ හීනේ අතරමං වුණා. මම ලස්සන සුරංගනාවියක්, මට තියෙන්නේ තාරුකා වගේ ලස්සන ඇස් දෙකක් කියලා එයා කිව්වා. එදා මට එයා මගේ ලෝකේ වීරයෙක් වුණා. එයාගේ පිහිටෙන් ජීවිතේ දිනන්නයි මට  ඕන වුණේ....

මත්වෙලා හිටපු මම එදා රැුය ගතකළේ එයාගේ තුරුලේ. කෙල්ලෙක් විදියට ගෙදරින් එළියට බැහැපු මම එදා ගැහැණියක් වුණා....

උදේ ඇහැරෙද්දි මම හිටියේ එයා ළඟ. මගේ හිස කැරකෙන්න ගත්තා. ජීවිතේ කිසි දේකට බයවෙච්ච නැති මම, කවදාවත් ඇස් දෙකට කඳුළක් නගාගත්තේ නැති මම ජීවිතේ පළමුවෙනි වතාවට ගෑණුකම ගැන තේරුම් ගත්තා. එදා මම හොඳටම ඇඬුවා. ඒත් ළිඳට වැටුණ මිනිහා ළිං කටින්ම ගොඩ වෙන්න  ඕන කියලා කියමනක් තියෙනවානේ. මමත් මාව විනාශ කරපු ඒ නරුමයාගේ කරේම එල්ලිලා එයා මට පෙන්නපු හීනය දකින්න අධිෂ්ඨාන කරගත්තා. ඒත් මම ඒ මිනිහාට දෙවනි පාරටත් රැුවටුණා කියාල හිතන්න තරම් මොළයක් එදාමට තිබුණේ නෑ. ඇගේ දෙනෙත් වියරුවෙන් මෙන් දිලිසුණා. මම ඇය දෙස බලා සිටියෙමි. අපි කාටත් සිහින ඇත්තෙමු. ඒත් ඒ සිහින සපුරා ගැනීමට යන මාවත් දුෂ්කරයි. සුදන ජනයාසේම දුදන ජනයාද එම මංමාවත්වල ගැවසෙති, සැරිසරති.

තාරුකාගේ ගිනි පුළිඟුවන් දෑස් ඇගේ ජීවිතයේ කිසිවකුත් නොදන්නා අඩවියක නැවතී ඇත. ඒ නිමේෂයට ඇය සදාකාලිකව වෛරකරන බවට ඇගේ මුවින් නික්මුණු දිගු සුසුම්වලින් කියැවුණි.

‘‘ඔයා දන්නවද මගේ ජීවිතෙත් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ....’’ ඇය යළිත් ඇගේ හඬ අවදිකළාය. මම නිහඬවම ඇගේ කතාවට සවන්යොමු කළෙමි.

‘‘එදා උදේ ඒ මිනිහා මට තවත් කාලකණ්නි යෝජනාවක් ගෙනාවා. ඔයා දන්නවද ඒ මොකක්ද කියලා. සමහර විට ඔයාට හිතාගන්නවත් බැරිවෙයි. මීට අවුරුදු කීපයකට ඉස්සරවෙලා තිබුණ සමාජ පරිසරයත් එක්ක මම ඒ තත්ත්වයට කොහොම මූණදුන්නද කියලා.’’

මම ඇය දෙස බැලූවෙමි. ඇය කියන්නට උත්සහ ගන්නේ කුමක්දැයි සිතුවෙමි. ඒත් මට එය නිශ්චය කරගත නොහැක. එහෙත් එය ඇගේ ජීවිතයේ එක අවාසනාවන්ත ඇත්දැකීමක පෙර නිමිත්තක් බව නම් මට පසක් විය. මම ඇගේ ඒ දුක්බර පුවත ඇගේ මුවින් වචන වනතුරු නිහඬව බලාසිටියෙමි.

‘‘මම මේ නිර්මාණයට දායකවුණේ ඒකෙ තියෙන සමහර දර්ශන කැමරා ටි‍්‍රක්ස් කියලා කියපු නිසා. ඒත් මේ නරුම මිනිහා ඒ දර්ශනවලට මට සජීවීව ඉන්න කිව්වා. මම මගේ තිබුණු හිතුවක්කාරකම් නිසා අම්මගේ හිතරිද්දලා තනියම කොළඹ ඇවිල්ලා කෙල්ලක් විදියට ආරක්‍ෂා කරපු හැමදේම නැතිකර ගත්තා. ඊට පස්සේ ඒ ගින්නත් එක්කම මුළු ලෝකයකට පේන්න සෑහෙන පිරිසක් ඉදිරියේ නිරුවත් දර්ශනවලට පෙනී සිටින්න කියලා බලපෑම් කළා. ඒ වගේම ඒ නිර්මාණයට වුවමනාවටත් වඩා මම වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ කියලා චෝදනා කළා.

අන්තිමට මම ගොඩක් අසරණ වුණා. මට කරකියාගන්න දෙයක් නැතිවුණා. නන්නාඳුනන තැනක මට කාගේ පිහිටක්ද? මගේ තිබුණ දඟකාරකම්, කෙළිගති, සියල්ලක්ම හීන වුණා. මට ඒ මිනිස්සු කියපු දේ කරන්න වුණා. හැමෝම ඉස්සරහා මම මගේ ලජ්ජාභය වෙන්දේසි කළා.

ඇයගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු ඇල්ලක් ගලාගෙන හැලූණාය. අපේ ජීවිතවල නොකියූ රහස් කොතෙක් නම් ඇත්දැයි මම සිතුවෙමි. ලොවට පේන්නට සිනාසෙන හදවතින් විඳවමින් ජීවත්වෙන චරිත කොතෙක් නම් වේදැයි මම සිතුවෙමි. සැබැවින්ම ඇය කවුරුන්ද? ඇය ලොව දකින්නේ කේසේද? අවබෝධ කරගන්නේ කෙසේද? ජීවිත මිථ්‍යාවෙන් වැසී ඇති ආකාරය නම් හරි අපූරුය. මම කඳුළු වියළුණු ඇගේ මුව දෙස බලාසිටියෙමි.

‘‘එදා මට මාව නැත්තටම නැතිවුණා. ජීවිතේ පළමුවෙනි වතාවට මත්පැන් බිව්වා. එදා ඒ ඊට පස්සේ දවසේ මුළු ලෝකෙටම පේන්න මම නිරුවත් වුණා. මම තවත් මොනවා රකින්නද? මට මගේ අම්මාගේ මූණ බලන්න බෑ. ආයෙත් ගමට ගිහින් ජීවත් වෙන්න බෑ. මම මගේ ජීවිතය මාව විනාශ කරපු ගෙන්දම් පොළොවෙන්ම හොයාගන්න  ඕන. ඒ නිසා මම මාව විනාශ කරපු නරුම මිනිහවම මගේ ඉලක්කයට යන්න පාවිච්චි කළා. ඒ මිනිහා බැඳපු මිනිහෙක්. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. මට තවත් දරු පවුලක් අනාථවෙයි කියලා හිතන මානසිකත්වයක් තිබුණේ නෑ. ඒ මිනිහාගේ බිරිඳගේ කඳුළු මම පිච්චියකට මායිම් කළේ නෑ. ඒ දරුවන්ගේ පුංචි හිත් ගැන අංශු මාත‍්‍රයක තරම්වත් අනුකම්පාවක් ඇතිවුණේ නෑ. මම මාව විනාශ කරපු මිනිහගේ ජීවිතේ එල්ලූණා. ඔහුගේ අනියම් බිරිඳ වුණා. නිත්‍යානුකූල බිරිඳටයි දරුවන්ටයි ලොකු ගින්දරක් දැනෙන්න ඇති. ඒත් මම ඒ ගැන හිතන්න කාලයක් මිඩංගු කළේ නෑ.

ඒ මිනිහා මාව කරළියට ගෙනවා. දීප්තිමත් නවක තරුවක් විදියට සමාජයට හඳුන්වලා දුන්නා. මමත් ටික ටික සමාජයේ ජනපි‍්‍රය තාරකාවක් බවට පත්වුණා. ඒ ආපු ගමනේ දේශපාලන අංශයේ ප‍්‍රධාන චරිත මට මුණගැහිලා තියෙනවා. අධ්‍යක්‍ෂකවරු, නිෂ්පාදකවරු මුණ ගැහිලා තියෙනවා. මම මගේ ටාගට්එකට යන්න  ඕනම දෙයක් කරන සුදානමින් හිටියේ.

සමහර අවස්ථාවල රුපියල් සීයට දෙසීයට විකිණෙන ගණිකාවක් නොවුණත්, දාස් ගණන්වලට විකිණෙන රෑ සමනලියක් වෙලා තියෙනවා. ලස්සන ගෙවල්, සුඛෝපභෝගී වාහන, රටරටවල සංචාර, විවිධ ඇඳුම් පැළඳුම්, පාර්ටිස්, නයිට් ක්ලබ් යන්න, විස්කි බ‍්‍රැන්ඩි බොන්න හොඳට සල්ලි  ඕන. මට මගේ රූපේ ඒකට ගොඩක් උදව් වුණා.

කවදාවත් කොල්ලෙකුට ආදරේ නොකරපු මම ආදරය මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑ. මම ආදරය කියලා හඳුනා ගත්තේ ලිංගික සූරාකෑම. අද මට හොඳ නමක් තියෙනවා. සල්ලි තියෙනවා. ව්‍යාපාර තියෙනවා. ඒත් තාම මම තනිකඩයි. මම කාවද විශ්වාස කරන්නේ. මට ආදරේ කරපු මාව රැකගත්තු මගේ අම්මා තාත්තා ඇරුණුකොට මේ ලෝකේ කිසිකෙනෙක් මම විශ්වාස කරන්නේ නෑ. හැමෝම අවස්ථාවාදියෝ ගෑනු ගෑනියෙක් උඩට එනවට කැමති නෑ. පිරිමි උදව්වක් කළොත් තවත් දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ අයත් ඇති. ඒත් මට එහෙම අය මුණ ගැහිලා නෑ. ආදරය කියන්නේ බොරුවක්. අවස්ථාවාදී කියමනක්.

ඇය නිසල දිය දෙස බලාගෙන වියරු සිනහවක් නැගුවාය. සැබැවින්ම ඇයට ජීවිතය වැරදුනේ කොහේදිද? කවදාද? ඇය චෝදනා කරන්නේ කවුරුන්ටද? සිතීමට බොහෝ දේ ඇත.

‘‘ඔයා මොනවද කල්පනා කරන්නේ’’ ඇය මොහොතකට කල්පනාවේ වැටුණු මගේ සිත් දැහැනට එබී බැලූවාය.

‘‘ජීවිතේ ගැන’’ මම නිහඬ පිළිතුරක් දුනිමි.

‘‘ඔයාට මොනාද මම ගැන හිතෙන්නේ’’ ඇය මගේ සිතුවිලි උරගා බලන්නට සැරසුණාය.

මම කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියෙමි.

‘‘දන්නවද කාන්තා හිංසනය ගැන හැමෝම කතා කරනවා. ඒත් කවද්ද කොතනදිද කාන්තාවන් හිංසනයට පත් නොවුණේ. මම පුංචි කාලේ ගොඩක් දඟයි. ඒත් නරක නැහැ. මගේ තාත්තා ගොඩක් සැරපරුෂයි. සමහර විට එයා ළමයෙකුට දරාගන්න බැරි දඬුවම් මට දීලා තියෙනවා. ඒ වෙලාවට මට පුදුම තරහක් ආවේ. සමහර විට මම හිතුවක්කාර වැඩ කරන්න පුරුදු වුණෙත් ඒ නිසා වෙන්න ඇති. අපේ ගෙදර කි‍්‍රයාත්මක වුණේ තාත්තා ගේ නීතිය. අම්මා හැමවෙලාවෙම තාත්තාගේ නීතිවලින් හෙම්බත්වෙලා හිටියේ. ඒවා දැකපු මම ගෑනියෙක් අහිංසක වීම නිවටකමක් කියලයි හිතුවේ. අන්තිමට තාත්තා නැතිවුණාම මට ලොකු නිදහසක් ලැබුණා. මම මගේ ජීවිතය හොයාගෙන ගියේ තනියම. මට මම ගෑනියෙක් කියන එක අමතක වුණා. පිරිමි එක්ක එකට වාඩිවෙලා මත්පැන් බිව්වා. මගේ ගැහැනුකම ඔවුන් ව්‍යාජලෙස උදුරාගත්තා. මාව සමාජයේ වෙන්දේසි කළා. ප‍්‍රසිද්ධ තරුවක් වෙන්න එක එක්කෙනා සතුටු කරන්න වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා. කවුද මම දිහා අනුකම්පාවෙන් ලැබුවේ. කවුරුවත් නෑ. හැමෝම අවස්ථාවාදියෝ. ඒ නිසා මගේ හිතේ කවුරුවත් වෙනුවෙන් අනුකම්පාවක් උපදින්නේ නෑ. මම මගේ ඉලක්කයට යන්න  ඕනම දෙයක් කරනවා.

ඇය දිගු සුසුමක්ගෙන පිට කළාය. මම ඇගේ නළියන දෑස්වලට එබුනෙමි.

‘‘ජීවිතේට හොඳ මිනිස්සුත් මුණ ගැහෙනවා. ඒ නිසා හැම වෙලේම අශුභවාදී වෙන්න එපා.’’ ඇය මගේ දෑත් තදින් අල්ලාගත්තාය.

‘‘ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරන්නේ කොහොමද? මට එහෙම අය මුණ ගැහිලා නෑනේ.’’ ඇගේ සැහැල්ලූ සිනාව යළිත් මතුව ආවාය.
‘‘පුංචි දරුවන්ගේ ලෝකේ ලස්සනයි. එයාලට අම්ම තාත්තාගේ ආදරේ දැනෙනවා නම් එයාලා හිතුවක්කාර වෙන්නේ නෑ. අනෙක් අය ගෑනු ළමයෙක් කාගේ හරි දුවක්, සොයුරියක් කියලා හිතනවා නම් මේ ලෝකේ ලස්සන වෙයි. ඒත් ඒක එක කතන්දර පොතක පිටුවක් විතරයි නංගී..... මිනිස්සු ඒ ගොල්ලන්ගේ සිතුවිලි වෙනස් නොකරගන්නා තාක්කල් අපි වගේ අහසේ ලස්සනට බබළන, කළුවරේ ලෝකෙට හොරෙන් අඬන චරිත උපදිනවා. ඒක කාටවත් වළක්වන්න බෑ.....

ඇය මගෙන් සමුගෙන යාමට නැගී සිටියාය. ඇයට සමුදුන් මම නිසසල දියමත වැටුණු විවිධ වර්ණාවලි දෙස බලා සිටියෙමි. කවුරුන් හරිද? කවුරුන් වැරදිද, තීරණය කළ යුත්තේ කුමක්ද?

සටහන - කුමාරි හේරත්
රැකියා කරන ස්ථානයේදී අහිංසකව හා නිහඬව සිටින කාන්තාවන්ට සිදුවන අයුතු ලිංගික බලපෑම් හා වෙනත් අපයෝජන පිළිබඳව බෙහෙවින් අසන්නට ලැබේ. එවැනි ක්‍රියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළද සිදුවන බැව් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක ලබා දුන් වාචික ප්‍රකාශයක්  මගින් අනාවරණ වී තිබේ.

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ ඇදහිය නොහැකි කටයුතු සම්බන්ධ තොරතුරු හෙළිදරව් වූයේ එහි අලෙවි අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්‍රි වික්‍රමසිංහ විසින් එම ආයතනය මගින් පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණයකදී කරන ලද අනාවරණයකදීය.

“මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ අවදියේ කාර්ය මණ්ඩලයේ ඇතැම් පුද්ගලයන්ගේ අයුතු ලිංගික බලපෑම් ඇතුළු විවිධ අතවර රැසකට මුහුණ දුන්නා. සවස් යාමයේ බීම වර්ග ඇණැවුම් කිරීම සඳහා ඔවුන් මට සමාජශාලා සාමාජිකත්වයක් ලබා දීමට යෝජනා කළා. ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ අනියම් සබඳතා පිළිබඳව සේවා කාලයේදී මට පවසා තිබෙනවා. මා ශාරීරික වශයෙන්ද ලිංගික බලපෑම්වලට ලක් වුණා. 2012 සිදු වූ එවැනි එක් අතවරයක් සම්බන්ධයෙන් මා විසින් එවක සිටි ප්‍රධාන විධායක නිලධාරි අජිත් ජයසේකර මහතාට පැමිණිලි කරනු ලැබුවා. ඔහු එය සභාපති උපාලි ධර්මදාස මහතාට යොමු කළ අතර ඔහු එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට පියවර ගත්තා.

මට අතවර කළ පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ  එක්තරා පිරිසක්. ඒ අතර හිටපු කමිටු සාමාජිකයන්ද සිටියා. මේ අවස්ථාවේ මා ඔවුන්ගේ නම් අනාවරණ නොකළත් අවශ්‍ය අවස්ථාවක සියලු දෙනා හෙළිදරව් කිරීමට සූදානම්. අවිවාහක කාන්තාවක වශයෙන් මෙවැනි දේ සම්බන්ධයෙන් පැමිණිලි කොට මගේ ප්‍රතිරූපය කිලිටි කර ගැනීමට මට අවශ්‍ය වූයේ නැහැ. එහෙත් නිර්දෝෂී පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යාම නිසා මේ පිළිබඳව හෙළිදරව් කිරීමට සිදු වුණා. මා පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක් විවිධ පුවත්පත්වල පළ කෙරුණා. කෙසේ වුවද මා පිළිබඳව පළ කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එක්තරා  පුවත්පතක් 2014 සැප්තැම්බර් 17 දින සමාව ඉල්ලා තිබුණා.

තරගාවලි සංවිධානය කිරීමේදී එයට සම්බන්ධ වූ එකම නිලධාරිණිය මායි. තරග සංචාර සංවිධානය කිරීමට සම්බන්ධව සිටි සමයේ සහය කාර්ය මණ්ඩලයේ ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික අතවරවලට හා දුරාචාර ක්‍රියාවලට මුහුණ දීමට මට සිදු වුණා.” යනුවෙන් ගයාත්‍රි වික්‍රමසිංහ ප්‍රකාශකොට තිබුණාය.

ඇය විසින් සියලු තොරතුරු හෙළිදරව් කිරීමට තීරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ඇයගේ සේවය අවසන් කළ බවට කරන ලද දැනුම් දීමත් සමඟිනි. එහි ඇතැම් නිලධාරින්ගේ දුරාචාර ක්‍රියා සඳහා ඇය සහය නොදැක්වීම ඇයගේ සේවය අවසන් කිරීමට බලපා තිබිණි.

“අතීතයේ සිදු වූ අතවර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණත් මා වෙත නිකුත් කර ඇති චෝදනාපත්‍රය අර්ථ විරහිත, පදනම් විරහිත, සාවද්‍ය හා ඔවුනට අවනත නොවූ බැවින් මගෙන් පලිගැනීම සඳහා ඉදිරිපත් කළ එකක් බැව් මට හැඟී ගියා”

කිසිදු ප්‍රබල සාක්ෂියකින් තොරව විවිධ වෙබ් අඩවිවල ගයාත්‍රි වික්‍රමසිංහට එරෙහි තොරතුරු පළවී තිබූ අතර ඒවායේ ස්වරූපය අනුව  තමා විනාශ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ අනුදැනුම මත ඒවා පළ කෙරී ඇති  බැව් ඇයට වැටහිණි.

මෙම වෙබ් අඩවි සහ පුවත්පත් ලිපි මගින් එල්ල කෙරුණු චෝදනා බරපතළ හෙයින්, ඇය මුහුණ පෑ අතවර සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න සැප්තැම්බර් 7 වැනි දින ඇයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි ඇය තුළ වූ විශ්වාසය කඩවී තිබූ හෙයින් එයට ප්‍රතිචාර දැක්වීමෙන් ඇය වැළකී සිටියාය. එම වාර්තාව යොදා ගනිමින් ඇය ඉලක්ක කර යළි වෙබ් අඩවි මගින් මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට දරන උත්සාහයක් ලෙස ඇයට හැඟිණි.

කෙසේ වුවද ගයාත්‍රි වික්‍රමසිංහ එතරම් පිරිසක් නමින් හඳුනාගෙන සිටි චරිතයක් නොවූවාය. ඇය ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක් වූයේ සයිබර් අවකාශයේ ඇය සම්බන්ධයෙන් පළවූ පුවත් නිසාය. කිසිදු අධීක්ෂණයකින් හා පාලනයකින් තොරව සැමට ප්‍රවිශ්ට විය හැකි අන්තර්ජාල මාධ්‍යකරණය නිසා ඇය කතා බහට ලක්වූවාය.

තමාගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගත නොහැකි වීමෙන් ඉච්ඡාභංගත්වයට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් තමා සම්බන්ධ අසත්‍ය තොරතුරු වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කළ බැව් වික්‍රමසිංහ සඳහන් කරන්නීය. කෙසේ වුවද සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති වූ එම පුවත් ලැව් ගින්නක් සේ ඕපාදූප මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් කෙරුණද කිසිවක් සිදු නොවීය.

වික්‍රමසිංහට එරෙහිව ඕපාදූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනා අතර ටෙස්ට් තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයකු සමග රැයක් ගත කළ බවට වූ පුවත හා ව්‍යාජ ලෙස මුදල් ලබා ගැනීම සඳහා බිල්පතක අගය වෙනස් කිරීම යන චෝදනා ප්‍රධාන විය. ක්‍රිකට් ලෝකය තුළ ඇය ජනප්‍රිය වීමටත් අප්‍රසාදයට පත්වීමටත් බල පෑ ප්‍රධාන කරුණු වූයේ මේවාය.

වික්‍රමසිංහ ඉතා සුහදශීලී, විශ්වාසි, සෘජු චරිතයකි. ඇය කාර්යශූරය. තම කාර්යය දක්ෂ ලෙස ඉටු කරන්නියකි.  වික්‍රමසිංහගේ මෙම දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නූගත්, අදක්ෂ නිලධාරීන්ගේ සහ එම ආයතනය තුළ හැසිරෙන ඔවුන්ගේ හෙංචයියන්ට ගෝචර නොවීය. එහෙයින් ඔවුහු ඇයට අඩන්තේට්ටම් කිරීමට හා ඇයට එරෙහි අසත්‍ය ප්‍රචාර  ගෙන යෑමට ක්‍රියා කළහ. අවසානයේ ඇයගෙන් නිදහස් වීමට ඔවුනට හැකි වුවද ඔවුන් ඉදිරිපත් කළ චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් ඇයගේ ඉහළ නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු චෝදනා අතර ඇය අදක්ෂ බවට සඳහන් කිසිදු චෝදනාවක් නොවීය. ඇයට එරෙහි චෝදනා වූයේ රාජකාරි කාලය තුළ හිස පීරීම, මේකප් දැමීම, නිය වර්ණ ගැන්වීම, දුරකථනයෙන් ශබ්ද නඟා කථා කිරීම හා පමා වී සේවයට පැමිණීම වැනි දේය. කෙසේ වුවද පමා වී සේවයට වාර්තා කළ දිනවල සේවා කාලයෙන් පසුව කාර්යාලයේ රැඳී සිටිමින් තමාට පැවැරුණු  රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසු කාර්යාලයෙන් නික්ම යාම ඇගේ සිරිත විය. ඇයගේ සේවා කාලය තුළ වැඩ කළ යුතු නියමිත පැය ගණනට වඩා පැය 39ක් හා මිනිත්තු 2ක කාලයක් වැඩිපුර සේවය කර තිබූ බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වන ලද විමර්ශනයේදී අනාවරණ වූයේය. ඇය සේවයට ප්‍රමාද වී පැමිණියේ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ අනුග්‍රාහකයන්ගෙන් ආයතනයට ලැබිය යුතු චෙක්පත් ලබා ගැනීමට යෑම හේතුවෙන් බැව් ඇගේ ඉහළ නිලධාරියා විසින් තහවුරු කර තිබිණි.

වික්‍රමසිංහ තමාට සිදුවූ අතවර සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට තීරණය කරනු ලැබුවේ  කිසිදු අවවාදාත්මක ලිපියක් හෝ ලබා නොදී එක්වරම සේවයෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් ගන්නා ලද තීරණය මත ඇතිවූ දැඩි කලකිරීම හේතුවෙනි. සේවයේ නිරතව සිටි සමයේ මේ පිළිබඳව හෙළි කිරීමට ඇය බිය වූයේ එමඟින් ප්‍රශ්න රැසක් මතු වේයැයි ඇය සිතූ බැවිනි. එහෙත් ඇයට එල්ල වූ චෝදනාවලින් පසු  තව දුරටත් මෙම ගැහැට නොවිඳිය යුතුයැයි සිතූ ඇය  සියල්ල හෙළි කිරීමට තීරණය කළාය.

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන බවට ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු සැක පහළ කළ අතර, තමා සේවයෙන් ඉවත් කිරීම සඳහා එයද එක් හේතුවක් කරගත් බව ඬේලි මිරර් පුවත්පත සමඟ පවසා සිටියාය. එකල අලෙවි අංශයේ ප්‍රධානියා මෙන්ම වික්‍රමසිංහගේ ඉහළ නිලධාරියා වූ වජිර දසනායකගේ ප්‍රකාශයේ සියල්ල සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් වී තිබිණි.

මැයි 30 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ පැවැති  සාකච්ඡාවකදී ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් රහස්‍ය තොරතුරු වෙනත් පාර්ශ්වවලට ලැබෙන බව තමා දන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසූ බැව් දසනායක සඳහන් කළේය. එවැනි බාධක ඉවත් කිරීම සඳහා තමන් නිසි පියවර ගන්නා බවත් ඒ සඳහා වන නීති රාමුව තමා දන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළ බැව් දසනායක වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මෙම රැස්වීම සම්බන්ධයෙන් ගයාත්‍රි වික්‍රමසිංහ ප්‍රකාශ කොට තිබුණේ රහස්‍ය තොරතුරු මාධ්‍යයට ලබා දීම සම්බන්ධයෙන් සභාපතිවරයා එම සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිසට චෝදනා කළ බවය. තමන්ට තොරතුරු සපයන්නන් මගින් විරුද්ධවාදීන්ට සහය දක්වන පුද්ගලයන් කවුරුන්දැයි තමා හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව පසුදිනම ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කොට තිබිණි. තමා නීතිය හොඳින් දන්නා බවද, මෙවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති බවද සභාපතිවරයා පැවසූ බැව් වික්‍රමසිංහගේ ප්‍රකාශයේ සඳහන් විය.
පසු දින සිදු වූයේ කුමක්දැයි අනාවරණ කළ දසනායක, “ප්‍රධාන විධායක නිලධාරියා මා ඔහුගේ කාමරයට කැඳවා අකැමැත්තෙන් මෙන් මට ලිපියක් බාර දුන්නා. තුන් මසක කාලයකට මගේ වැඩ තහනම් කර ඇති බව එම ලිපියේ සඳහන් වුණා. ඉන් අඩ හෝරාවකට පමණ පසු මට දැන ගන්නට ලැබුණා වික්‍රමසිංහටද එවැනි ලිපියක් ලැබී තිබූ බව” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.

lankadeepa -
ලෝචනා කියන්නේ පවුලේ බඩපිස්සි. ඇගේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙලා ගොඩාක් ඈතට ගිහින්. ගෙදර ජීවත් වුණේ අම්මයි, තාත්තයි ලෝචනයි විතරයි. ලොකු දෝණි දීග දුන්නට පස්සෙ අම්මගෙයි, තාත්තගෙයි හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි ලෝචනා. අහිංසක මාපියෝ දෙන්නා මහපොළවත් එක්ක ඔට්ටු වුණේ රජ වෙන්න නෙමෙයි. ගෙදර හිටපු පුංචි එකීට හොඳට උගන්නන්න. ආදරේ ගැන ජීවිතේ ගැන හයක් හතරක් නොතේරෙන වයසෙදිම ලෝචනා පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත්තා. සොඳුරු විදිහට දැනුණු ආදරෙත් එක්ක ඇගේ ජීවිතේට ළං වෙච්ච සමීර යුද හමුදා සෙබළෙක්. සමීරව ලෝචනාට මුණ ගැහෙන්නේ ලෝචනාගේ ඥාති නිවසකදි. පුංචි කොළ කෑල්ලක ලියලා දීපු සමීරගෙ දුරකථන අංකයට කථා කරන්න ලෝචනා දෙවරක් සිතුවෙ නැහැ. ඒ ඇතිවුණ කථාබහ පේ‍්‍රමයකට පෙරළෙන්න ගියේ දින කිහිපයක් විතරයි.

13_PAGE_05_RASA
කොළඹ ප‍්‍රදේශයේ සේවයේ නියුතු සමීර ඔහුට ලැබෙන හැම නිවාඩුවකටම ලෝචනා මුණ ගැහෙන්න ගියා. ඒ වෙනකොට මේ ආදරේ බොහෝ දුර ගිහින් තිබුණා. ලෝචනාගෙත් සමීරගෙත් පෙම් සුවේ නවාතැන් වුණේ පාසල් මාවතේම පිහිටි ලැගුම් හලක්. ලෝචනාව තමන්ගෙ කරගන්න හිතේ පුරවගත්තු බලාපොරොත්තුවත් එක්ක ඇගේ අවශ්‍යතාවලට බොහෝ අවස්ථාවල වියහියදම් දැරුවා. ලෝචනාගෙ මාපියෝ මහා ලොකු සල්ලිකාරයො නෙමෙයි. තරුණ වයසෙ විලාසිතා කරන්න අනවශ්‍ය වියදම්වලට දෙන්න ඒ තාත්තා ළඟ මුදල් තිබුණෙ නැහැ. මේ නිසා ලෝචනා ඇගේ සමහර අඩුපාඩුකම් මාපියන්ට වඩා පැවසුවෙ සමීරට. අහිංසක අම්මයි තාත්තයි පුළුවන් විදිහට මහ පොළව එක්ක ඔට්ටු වෙලා ලෝචනාට උගන්නන්න ලොකු කැපකිරීමක් කළා. ඒත් ඒ කැපකිරීමේ දාඩිය කඳුළු ලෝචනාට දැනුණෙ නැහැ.

ඇය ආසකරන දේවල් ගන්න සෑම මාසෙකම මුණගැහෙන්න එන අවස්ථාවල සමීර මිල මුදල් දුන්නා. ඇඳුම් අරන් දුන්නා. මේ දේවල් දකින අම්මා අහන ප‍්‍රශ්නවලට දෙන්න උත්තරත් ඇය ළඟ තිබුණා. මම අම්මට ගොඩාක් බොරු කිව්වා. ඒ කියපු හැම බොරුවක් ගාණෙම මම අද විඳවනවා. අම්මා මාව ගොඩාක් විශ්වාස කළා. අම්මට මං ගැන පුංචි සැකයක්වත් ඇති වුණේ නැහැ. අම්මයි, තාත්තයි හිතන් හිටියෙ මම හොඳට ඉගෙන ගනීවි කියලා. ඒ දෙන්නා ගොඩාක් සතුටින් හිටියෙ මම පන්තියෙ ගොඩක් ඉස්සරහින් හිටපු නිසා. ඒ හැම දේම අද බොඳවෙලා ගිහිල්ලා. හැම දේකටම වඩා මට  ඕන වුණේ සමීර අයියා ළඟින් තියාගන්න. සමීර අයියා මට නැති වේවි කියලා බය හිතුනා. ඒ නිසාම මම සමීර අයියාට ගොඩාක් ළං වෙන්න උත්සාහ කළා. මම එයාගෙ ආදරේ දැක්කෙ හරිම සොඳුරු විදිහට. පුළුවන් හැම වෙලාවකම අපි මුණ ගැහුණා. ඒ අතර මගේ අඩුපාඩුකම් ගොඩක් සොයලා බැලූවෙ සමීර අයියා. මට කවදාවත් සමීර අයියා ගැන අවිශ්වාසයක් ඇති වුණේ නැහැ. මම මටත් වඩා එයාව විශ්වාස කළා. ඒ විශ්වාසය නිසාම සමීර අයියා එක්ක  ඕනම තැනකට යන්න මට බයක් දැනුණෙ නැහැ. මම මගේ මුළු ආත්මෙම එයා වෙනුවෙන් පූජා කළා. මේ හැමදේම කළේ සමීර අයියව මගේ ළඟින් තියාගන්න.
tdfjh
සිහින ලෝකෙක තනි වෙච්ච ලෝචනාට තමන්ගෙ මාපියන්ටත් වඩා ජීවිතේ වටිනාම පුද්ගලයා වුණේ සමීර. ඒ වෙනකොට ලෝචනා මුළු ලෝකෙට හොරා ගැහැණියක් වෙලා ඉවරයි. හෝටල් කාමරය ඇතුළෙ තාවකාලික සතුටක් එක්ක ජීවත් වුණ ලෝචනා තමන් පණ වගේ ආදරය කරපු සමීර මහාමෙරක් තරම් විශ්වාස කළා. පෙම් සුව විඳින බොහෝ අවස්ථාවලට සමීර ලෝචනාගෙ ඡුායාරූප ලබාගත්තෙ ඇයට හොර රහසෙමයි. ඇගේ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශන සමීරගෙ ජංගම දුරකථනය ඔස්සේ ලබා ගැනීමට තරම් සමීර ඇය සමග මුණ ගැසුණ බොහෝ අවස්ථාවලදී සූක්‍ෂම වුණා.

රත්තරං මාපියො දෙන්නගෙ දෙපා වැඳලා ආශිර්වාද අරන් පාසල් යන්න ගෙදරින් එන ලෝචනා නගරයේ පොදු වැසිකිළිය තුළදී පාසල් ඇඳුම උනාදමා වෛවර්ණ ඇඳුමකින් සැරසී සමීර සමඟ හෝටල් කාමරයට ගියා. පාසල අවසන් වෙන වෙලාවට ගෙදර ගියේ කිසිවක් නොවුණ ගාණට. මේ රවට්ටන්නෙ අහිංසක මාපියො නෙමෙයි තමන්මයි කියලා ඇයට තේරුම් යනකොට ජීවිතේ විනාශ වෙලා ඉවරයි.

කාලය දින සති මාස ගෙවිලා ගියේ පුදුම ඉක්මනට. ඔය අතරතුර හදිසියේම සමීරට උතුරු පළාතට ලැබුණු ස්ථාන මාරුවීමත් සමග ලෝචනාගේ ලෝකෙම කඩා වැටුණා. ස්ථාන මාරුවත් එක්ක වෙනදා වගේ මුණ ගැහෙන්න, කථා කරන්න හැකියාවක් ඔහුට ලැබුනෙ නැහැ.

ඔය අතරේ සමීර අයියගෙ යාළුවෙක් මට නිතර දුරකථනයෙන් කථා කළා. සැප දුක හෙව්වා. යාළුවෙක් වගේ හිටියා. සමීර අයියත් දැනගෙන හිටියා එයාගෙ යාළුවො මාත් එක්ක කථා කරනවා කියලා. ඒ අයියා ටිකක් අමුතු කෙනෙක්. එයා මගේ ජීවිතේට ටිකටික ළං වෙන විදිහට කථා කළා. සමහර දවස්වලට සමීර අයියගෙන් කෝල් එකක්වත් නැති වෙලාවට ඒ අයියට කථා කරලා මම දුක කිව්වා.’’

කාලයත් සමග ලෝචනාගෙ දුක සැප සොයපු සමීරගෙ හොඳම යාළුවා සහ ලෝචනා අතර තිබුණු හිතවත්කම පේ‍්‍රමයකට හැරෙන්න මහ කාලයක් ගියේ නැහැ.

ලෝචනා පේ‍්‍රම සබඳතාවන් දෙකම සමබරව පවත්වාගෙන ගියේ දෙදෙනාගේම හිත රිදවන්න බැරි කමට. එහෙත් නිවාඩුවට ගමට පැමිණෙන සමීරට තමන්ගෙ මිතුරන් හරහා මේ පෙම්පලහිලව්ව කන වැටෙන්න මහ කාලයක් ගතවුණේ නැහැ. යහළුවන් සමග විනෝද වෙන සමීරට මධුවිත තොලගාපු යාළුවො ලෝචනාගෙ චරිතය පිළිබඳ පවසන ඇතැම් කථාවලින් සමීර තමන්ගෙ හොඳම යහළුවන් සමග පවා අඩදබර ඇති කරගත්තා. එහෙත් සත්‍ය වසන් වුණේ කෙටි කාලයක් පමණයි.

ලෝචනාගේ මේ අමුතු සෙල්ලම අල්ලන්න සමීර ලෝචනා පස්සෙ ලූහුබැන්දා. කිසිදු වෙනසක් නොපෙන්වා සමීර ලෝචනාට වෙනදටත් වඩා ආදරේ කළා. ඒත් සමීර ලෝචනාගෙ මේ සෙල්ලමේ අවසානයක් දැක්කේ නැහැ. ඒ පේ‍්‍රමය වෛරයට පෙරළෙන්න ගියේ තත්පර ගාණයි. සමීරගේ මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් මත සමීර ලෝචනා පසුපස ලූහුබැන්දා. තමන් පණ වගේ ආදරේ කරපු පෙම්වතිය තමන්ගේම මිතුරෙකුගෙ අතේ එල්ලිලා හෝටල් කාමරයේ පෙම් සුව විඳිනවා බලා ඉන්න පුළුවන් කාටද?

ක්ෂණික ආවේගශීලිත්වය පාලනය කරගත නොහැකිව සමීර ලෝචනාට අත ඉස්සුවා. ලජ්ජාව සහ අසරණකමින් සමීරගෙ දෙපා ළඟ ඇද වැටුණ ලෝචනා සමීරගෙන් සමාව යැද්දා.

‘‘උඹ දැනගනිං ලෝචනා මම උඹට මැරෙනකම් විඳවන්න දෙයක් කරනවා’’

‘‘උඹ දන්නෙ නැහැ සමීර කියන්නෙ කවුද කියලා’’

සමීරගෙ ක‍්‍රියා කලාපයන් එන්න එන්නම දරුණු වුණා. ඉවසීම ඉක්මවා ගිය සමීර ලෝචනාගෙ ගෙදරට ගිහින් ලෝචනා කොල්ලොත් එක්ක කාමර ඇතුළෙ පෙම්සුව විඳපු හැටි, ලෝචනා වෙනුවෙන් කරපු දේවල් හැමදේම මාපියො ඉදිරියේ වැමෑරුවා. ලෝචනාගෙ අහිංසක මාපියො දෙන්නගේ ඇස්වල කඳුළු හිතේ ගින්දර පෑන් තුඩකින් ලියලා ඉවර කරන්න බැහැ.

ලෝචනා කළේ බරපතළ වරදක් කියලා ඇය තේරුම් ගන්න කොට ඇගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. සමීරගේ සිතේ ලෝචනා පිළිබඳ පළිිගැනීමේ චේතනාව දිනෙන් දින දරුණු වුණා.

ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණු ලෝචනාගෙ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශණ යහළුවන් අතර මුදා හැරියෙ ආදරය පිට පෙරළුණු වෛරය නිසා. සීඞී තැටි හරහා දුරගමන් බස්රථ වලට, පිටකොටුව ක්‍ෘ වෙළඳසල් වලට, ත‍්‍රීරෝද රථවලට ඇගේ නිරුවත් ඡුායාරූප බෙදාහැරියා.

මේ දේවල් එක්ක ලෝචනාගෙ දෙමාපියන්ට ගමේ ජීවත්වීමට තරම් වාතාවරණයක් තිබුණෙ නැහැ. දහදුක් විඳලා දරුවො හදලා ඒ අහිංසක මාපියො විඳින අපවාදවලට අද ලෝචනා මුළු ජීවිතෙන්ම වන්දි ගෙවනවා.

සමීරගෙ ක්‍ෂණික කෝපය ලෝචනාගෙ මුළු ජීවිතේම විනාශ කරන්න ගියේ තත්පර ගාණයි. ආදරය කියන්නෙ එක්තරා විදිහක රැුවටීමක්. තරුණ හිත් ව්‍යාකූලයි. මෙවැනි සැබෑ ආදරය හඳුනා නොගත් පෙම්වතුන් මේ සමාජයේ  ඕන තරම් ඉන්නවා. ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක්. ආදරය කරද්දි ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ආදරය සුන්දරයි වගේම අසුන්දර වෙන්න යන්නෙත් සුළු වෙලාවයි. ඔයාගේ ජීවිතේ කොතැනක හරි වැරදුණොත් පණ දෙන්න ආපු පිරිමි එදාට නැහැ. ඉතුරු වෙන්නෙ ඔයාගෙ අහිංසක මාපියො දෙන්නා විතරයි. ඔයාගෙ රොඞ්ඩ වුණත්, දරුකැක්කුමට ඔයාව තාම රත්තරං මාපියන්ට වටිනවා.

මෙහි නම් ගම් මනඃකල්පිතය.

නදිෂා අතුකෝරල -
මගේ බිරියගේ පියා මියගොස් අවුරුදු විස්සකට කිට්ටුය. වත්තේගම සිට විහිදෙන ඇල්කඩුව පාරේ කඳුහෙල් - දියදහරා - තේවතු ගහන රමණීය පරිසරයක පිහිටි ඉඹුල්පිටිය ගම්මානයේ ඔහු ජීවත් විය. ඔහු රැකියාවෙන් සමූපකාර කළමනාකරුවෙකි. කමිසය හැඳ ගමනක දී කබාය අඳින ඔහු ගැමියන් හැඳින්වූයේ ලියන මහත්තයා නමිනි.

ඔහු නිතර පුවත්පත් කියවයි. ඔහුගේ අත්අකුරු මුද්‍රණය කරන අත්අකුරුවලට වඩා ලස්සනය. මා ඉඹුල්පිටිය ගිය විට අතීතයේ රසමුසු කතන්දර ජීවිතයේ ලද විවිධ අත්දැකීම් ඇසු දුටු සිද්ධි පැය ගණනක් විස්තර කරයි. ඉන් වැදගත් සමහර සිද්ධි සටහන් කර තැබීමට මම පුරුදු වූයෙමි.

පැරැණි පන්නයේ රටඋළු වැසු නිවසේ පුටුවක වාඩි වී සුරුට්ටුවක් දල්වාගෙන දුම් ගුලි පිට කරමින් ඔහු මා හා කතාවට වැටෙයි.

“මහත්තයා, අහල තියෙනවද අක්බාර් නඩුකාර තුමා ගැන?”

ඔහු කතාවකට මුල පුරයි.

“ටිකක් අහලා තියෙනවා. විස්තර දන්නෑ.”

“දැන් කාලෙකට ඉස්සර රටේ බොහොම ප්‍රසිද්ධ නඩුකාරතුමෙක් තමා අක්බාර් කියන්නෙ. බොහොම වැදගත් මුස්ලිම් කෙනෙක්. බොහොම පොහොසත් ප්‍රභූ පවුලකින් තමා පැවත ආවේ. සල්ලි බාගේ ඉඩකඩම් වස්තුව හරියට තිබුණා. පරම්පරා කීපයක පොහොසත්තු. ඒ වගේම පිටරට ගිහින් ඉගෙන ගෙන හොඳ දැනුමක් තිබුණු සමාජ සේවය, හොඳ වැඩ කරපු කෙනෙක් තමා එයා. උගත්කම වගේ ම ඒ කාලේ හිටපු බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, වගේ උගත් වැදගත් අයත් එයා ආශ්‍රය කළා. ලංකාව වගේ රටවල පාරම්පරිකව පිළිගෙන තිබුණු ආයුර්වේදය - නක්ෂත්‍රය - පැරැණි සිරිත් විරිත්වලට ගුරු කළා. ඒ අංශ දිහා උගත්කමෙන් කරුණු හෙව්වා. උගත්තුත් එක්ක ඒවා ගැන සාකච්ඡා කළා. තර්ක විතර්ක කළා. ඔය කාලේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ බොහොම උගත් - සිල්වත් - තැන්පත් නායක හාමුදුරු කෙනෙක් විදිහට මේ ප්‍රසිද්ධ වෙලා හිටියා. ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ පිරිසුදු බුද්ධාගම හොඳින් දැනගෙන හිටපු හින්දු ඉගැන්වීම් - වේද ග්‍රන්ථ - නක්ෂත්‍රය - නාඩි ශාස්ත්‍රය හොඳින් හදාරපු කෙනෙක්. උන්වහන්සේ කොළඹ වැඩිය ම අක්බාර් නඩුකාරතුමා හමුවෙන්න එනවා. දෙන්නා සතුටු සාමීචියේ යෙදිලා අදහස් හුවමාරු කරගන්නවා. නඩුකාරතුමා ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ට දාන - මාන - ගිලන්පස පිරිනමනවා. දෙන්නගේ කතාබහ නොයෙක් මාතෘකා උඩ පැය ගණන් කෙරෙනවා.

“ඉතින්, මොකද වුණේ?” මම ඇසුවෙමි.

“අක්බාර් පරම්පරාව බොහොම පොහොසත් වගේ ම පරණ වංශවත්තු. ඒ අය සිටුවරු වගේ තමා ජීවත්වුණේ. පරම්පරාවෙන් ලැබුණු වස්තු පොත්පත් මැණික් යම් යම් තවත් ගුප්ත වස්තු නිවාඩු වේලාවල ඇද බැලීම අක්බාර් තුමාගේ සිරිතක් වුණා. එවැනි දෙයක් හමුවුණාම පැය ගානක් හරව හරවා සෝදිසි කිරීම පුරුද්දක් වුණා. එක නිවාඩු දවසක නඩුකාර තුමා උදේ තේ බීලා පුස්තකාල කාමරේ අද්දර තිබුණු නිතර ම වහල තිබුණු කාමරයක් අරගෙන ඇතුළු වුණා. ඒකේ වැඩි හරිය තිබුණේ පරම්පරාවෙන් ආපු වටිනා පුරා වස්තු. ඒවා සමහරක් පරම්පරා පහ හයක් පරණයි. අක්බාර් පරපුරේ ආරක්ෂකයා විදිහට රැකවල් කරන ආරක්ෂක භූතයෙක් ඉන්න බව අක්බාර් නඩුකාර තුමාට එයාගේ සීයා කියලා තිබුණු බව එයාට මතක් වුණා. අරාබි නිසොල්ලාසය කතාවේ එන විදියට ඒවා බොහොම පරණ අද්භූත අරාබි ගුරුකම්. අක්බාර් නඩුකාරයා අල්මාරියක ලාච්චුවක් ඇරියම ඒකේ රිදී තහඩුවක ලියලා තිබුණු අරාබි මන්ත්‍රයක් එක්ක මුද්දක් හමුවුණා. සීයා කියපු ගුප්ත මන්ත්‍රය අත්හදා බලන්න එතුමා හිතුවා. මුද්ද අල්ල මැදට අරගෙන රිදී තහඩුවේ තිබුණු අරාබි මන්ත්‍රය කීප වරක් කිව්වා. හිටපු ගමන් පරිසරය වෙනස් වෙන්න පටන් ගත්තා. හොඳට පායලා තිබ්බ ඉර අඳුරු වෙලා වැහි අන්ධකාරය වගේ දැනුණා. බාගෙට වහල තිබුණු කාමරයේ දොර - ජනෙල් තද හුළඟට අහුවෙලා ගස් ඇඹරෙනවා වගේ සටසට ගා ඇරෙන්න වැහෙන්න ඉහළට නැග්ගා. අද්භූත නුහුරු කටහඬක් දුමාරය මැදින් නඩුකාරතුමාට කතා කරනවා ඇහැව්වා.

“උඹ කවුද?” නඩුකාරයා තදින් ඇහුවා.

“මම ඔබතුමාලගේ පරම්පරාවේ ආරක්ෂකයා. ඔබතුමාගේ පරපුරේ ඉස්සර අය ආරක්ෂා කළේ මම. කාලෙකින් මට කතා කළේ නෑ. ඔබතුමාට ඕනෑ වේලාවක ආරක්ෂාව - රැකවරණය දෙන්න පුළුවන්. මට කතා කරන්න” දුම මැදින් ආපු කටහඬ කිව්වා.

“හොඳයි. අපේ පරම්පරාවේ ඉස්සර අය ආරක්ෂා කළා වගේ උඹ මාවත් ආරක්ෂා කරන්න ඕනෑ. මම ළඟදීම උඹට කතා කරලා රාජකාරියක් පවරනවා. ඒක අකුරට ඉෂ්ට කරන්ට ඕනෑ.” නඩුකාරයා කිව්වා.

“හොඳයි, මම ඒ ඉෂ්ට කරන්ට පොරොන්දු වෙනවා.” ඒත් එක්කම අද්භූත කටහඬ නැතුව ගියා.

නඩුකාරතුමා ගල් ගැහිලා ඔළුට අත තියාගෙන තනියම කල්පනා කරන්ට පටන් ගත්තා.

“එයාගේ සීයාගේ කාලෙන් පස්සෙ මේ පවුලේ ආරක්ෂක භූතයාගෙන් පරම්පරාවේ කවුරුත් උදවුවක් අරගෙන නෑ. අර අවට වෙනස් වෙච්චි පරිසරය ආයෙත් අලුත් වුණා. අඳුර මැකිලා ගිහින් ආලෝකය ආවා.”

“ඉතින්, සතියකට විතර පස්සෙ හොඳ සුබ වෙලාවක නිවාඩු දවසක නඩුකාරතුමා අර කාමරය ඇරලා අල්මාරියේ තිබුණු මුද්ද අතට අරගෙන රිදී තහඩුව බලාගෙන වාර ගණනක් මතුරලා ආයෙත් එදා වගේ ම මුළු පරිසරයම ආලෝකය මැකිලා අඳුරු ගතියක් වැටුණා. සුළි සුළඟකට අහුවුණා වගේ මිදුලේ ගස්වැල් - ගෙදර දොර - ජනෙල් වෙව්ලන්න පටන් ගත්තා. අල්මාරිය පිටුපස්සෙන් දුම් කඳක් ඉහළට නැඟුණා. දුමාරය මැදින් මිනිස් රූපයක් මැවුණා.

“ඔබතුමා මට කතා කළේ ඇයි?” ආරක්ෂක භූතයා ඇහුවා.

“උඹට අද කතා කළේ ඉස්තීරවම මට ආරක්ෂාවක් ලබාගන්ට...” “මොකද්ද මගෙන් කෙරෙන්න ඕනෑ ආරක්ෂාව?” භූතයා ඇහුවා.

“අද දැන් ඉඳලා උඹ මගේ ගේ ගේට්ටුව ළඟ රෑ දවල් මුර කරන්න ඕනෑ. මුරකාරයෙක් විදිහට රෑ දවල් ගේට්ටුව මුර කරලා මට බංගලාවට ආරක්ෂාව දෙන්න ඕනෑ.”

භූතයා එකඟ වුණා. එදා ඉඳලා තරුණ කොලු ගැටයෙක් විදිහට එයා වෙස් මවාගෙන ගේට්ටුව මුර කරනවා. නඩුකාර තුමා එනකොට ඒ පරම්පරාවේ කෙනෙක් එනකොට මුරකාරයා විශේෂ සැලකිලි - ආචාර සමාචාර විධි කරන්න පටන් ගත්තා. ඔහොම මාසයක් දෙකක් ගෙවිලා ගියහම දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ නඩුකාර බංගලාවට වැඩියා. කොලු ගැටයෙක් ගේට්ටුවේ මුර කරනවා. හාමුදුරුවෝ විනාඩි කීපයක් මුරකාරයා දිහාවේ බලාගෙන හිටියා. මොනවත් කතා කළේ නෑ. නඩුකාරතුමා හාමුදුරුවන්ට වැඳලා ආචාර සමාචාර කරලා කතාවට වැටුණා. මේ මුරට ඉන්න ඉලන්දාරියා ටිකක් අමුතු පාටයි... හාමුදුරුවෝ කටට හිනාවක් මවාගෙන කිව්වා... “ඔබ වහන්සේට ඒක තේරුණා ද?” නඩුකාරයා ඇහුවා. මොකද නැත්තෙ? මේ ඉලන්දාරියා මනුස්සයෙක් නෙමෙයි. ඇහිපිය ගහන්නෙත් නෑ. හෙවණැල්ලත් නෑ. වැඩි කතාබහක් නෑ”. හාමුදුරුවෝ කීවා. “ඇත්ත තමා අපෙ හාමුදුරුවනේ. අපේ පරම්පරාවේ තිබුණු රිදී තහඩුවක ලියපු පරණ මන්ත්‍රයක් මට ලැබිලා අත්හදා බැලුවා. මෙයා අපේ පවුලේ පරම්පරා කීපයක් ආරක්ෂා කරපු අරාබි භූත ආත්මයක්. මම තහඩුව අත්හදා බලපුවාම එයා ආවා. ඔබ වහන්සේට දැනුම තියෙන හින්දා අඳුනා ගත්තා. වෙන කාටවත් වෙනසක් පේන්නෑ...”

ලියන මහත්තයා කතාව අවසන් කළේය.

silumina -