රාවණා රජතුමා පිළිබඳ ජාතික පිළිගැනීමක් ඇතිවී තිබේ. එතුමා හෙළ රජ පරපුරේ ආදි මුත්තෙක් බව ඇසීම කෙනෙකුට රිදීමක් වන්නට පුළුවන. නමුත් අපි ලියන්නේ විජාතික බලයක් හෝ විජාතික බලවේගයක් ගැන නොවේ. අපි රාම ගැන ලියුවා නම් එතැන ගැටලූවක් වීම සාධාරණය.

රාවණ රජතුමා, රාම ගේ දෘෂ්ඨියෙන් දැකීම බරපතළ දොසකි. රාම කුමරු හින්දුන්ගේ පූජාවට පත්වන බව නොරහසකි. නමුත් හින්දුන් විසින් රාවණාට එම තැන ලබා දී නැත. එයට හේතු වන්නට ඇත්තේ එක්කෝ රාවණ රජතුමා රාමට විරුද්ධවීම විය හැකිය. නැතිනම් රාවණ ලක්දිව රජකු වීමත් රාම ඉන්දීය රාජ පරපුරකවීමත් විය හැකිය. මේ දෙදෙනාම හින්දු අය ලෙස සලකනවා නම් එය නිවැරදි දැනුමින් පිටස්තර දෙයක් බව අපි විශ්වාස කරමු.

රාවණ රජතුමා යුද ශිල්පයෙහි ප‍්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි. න්‍යෂ්ටික අවි පවා රාවණා සතුව තිබූ බව පුරාණ තොරතුරු ඇසුරේදී පෙනී යයි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස රාවණ රජතුමා ඇතැම් යුද උපකරණ භාවිත කළේ නැත. එයට හොඳම උදාහරණයක් මේ ලිපිය ඔස්සේ සපයමු. රාවණාට සහශ‍්‍රගත නම් විශිෂ්ට යුද යානයක් තිබිණි. මෙම යුද යානය අද ”මල්ටි බැරල්” යුධෝපකරණයට වඩා බෙහෙවින් දියුණු වූවකි.

සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කළේ එවකට සිටි දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකු වූ ධීර රකුසාය. ඔහු මහා රාවණාගේ උපදෙස් අනුව මේ යානය නිපදවා ඇත.

දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු කුමරු විසින් සපයන ලද රත්තරන්ද, වීර රකුසා සැපයූ රිදීද, අටකලම්පන්නේ ඉන්දීර රකුසා විසින් ලබා දුන් පිරිසිදු වානේද ඊට යොදා ගත් බව කියැවේ. මෙම සහශ‍්‍රගත යානය වෙනත් ග‍්‍රහලෝකයකට වුවද පහසුවෙන් පහරදිය හැකි තරම් බලවත් නිෂ්පාදනයක් විය.
විශේෂයෙන් රාවණ රජතුමා මෙම යුද ගුවන් යානය මගින් අඟහරු ලෝකය වැනි ජනාවාස ගත ග‍්‍රහලොවක බලය අල්වා ගැනීමට බලාපොරොත්තු වූවා වන්නටද පුළුවන. විටෙක මෙය අපට පුදුම උපදවන්නක් වුවද ගැඹුරින් කල්පනා කර බැලීමේ දී කිසියම් මතයක පිහිටන්නට බැරි නැත.

ලෝකය සම්පූර්ණයෙන් නොදියුණු යුගයක රටක් විසින් තවත් රටක් අල්ලා ගනු ලැබීම දුෂ්කරය. නමුත් බලසම්පන්න ආයුධ ඇති කලෙක ප‍්‍රබල රටක් විසින් දුර්වල රටක් අල්වා ගැනීම දුෂ්කර නොවේ. අප බැලිය යුත්තේ මේ න්‍යාය මත පිහිටා රාවණ යුගය යනු නොදියුණු යුගයක් ලෙස නොව වර්තමානයටත් වඩා දහස් සංඛ්‍යාත දියුණු තැනක සිටය. එවැනි තැනෙක සිට බලද්දී ග‍්‍රහලෝක අල්ලා ගන්නා තරමේ යුද උපකරණ තිබීම ගැන පුදුම ඉපදවිය යුතු නැත.

සහශ‍්‍රගත යානය සෑදීමේදී ඉන්දියාවේ හිමාල කඳුකරයෙන් ගෙන්වන ලද ”මයුර දණ්ඩ” නමැති ලී කොටස්ද මෙහි සවිකර තිබිණි. එය රියදුරුගේ ආරක්ෂාවට සවිකරන ලද බව රාවණා කතා තල්පතෙහි සඳහන් වෙයි.

විශේෂයෙන් සහශ‍්‍රගත යානය යුද්ධයට යොදා ගැනීමෙන් බලවත් මිනිස් සංහාරයක් වන බව දැන සිටි රජතුමා එය රාම හා සටනට යොදා ගත් බව නොපෙනේ.

මෙම නව ගුවන් යානය නිපදවන පුවත විභීෂණගෙන් රාමට දැන ගන්නට ලැබුණු අතර, යුද්ධය අතරමග නවතා දමා ආපසු යා යුතුයැයි යෝජනා කළේ රාමගේ අග‍්‍ර පුරෝහිත හනුමන්ත් ය.

”මම ආවේ ලංකාව බලන්න නෙවෙයි, මෙහි සඟවා සිටින සීතා රැුගෙන යන්නයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත් මා ආපසු හැරෙන්නේ නෑ”
සිරුරින් කුඩා වුවත් රාම විසින් හනුමන්ත්ට පවසන ලද්දේ දැවැන්ත රණකාමියෙකු පරිද්දෙනි.

රාවණා රජතුමා දක්ෂ සටන්කාමියෙක්. එතුමා මේ සටනට සහශ‍්‍රගත යානය යොදා ගන්නේ නෑ. එතුමා මේ සටන සලකන්නේ පුංචි සටනක් ලෙසයි.
රාවණා රජතුමා පිළිබඳ මනා අවබෝධයක් තිබූ විභීෂණ රාමාට දැන්වූයේය. මේ විභීෂණ රාවණ රජතුමාගේ බාල සහෝදරයා වූ නමුත් ඔහු කටයුතු කළේ රාම කුමරුගේ පැත්තගෙනය.

සහශ‍්‍රගත යානය ගුවනේ එක තැනක හෝරාවක් වුවද නවතා සටන් කළ හැක්කක් බව කියැවේ. එකවර වෙඩි උණ්ඩ දහස් ගාණක් මුදාහල හැකි යානයකි. වෙඩි උණ්ඩ පොකුරු පිටින් මුදාහරින අතර උණ්ඩ නිකුත් කරන ප‍්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරවා ගත හැකිය.

සහශ‍්‍රගත යානය නිපදවා එහි ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ පැවැත්විණි. එහි පහසුව පිණිස එවක එහි සිටි ධීවර ප‍්‍රජාවද ඉවත් කෙරිණි. මෙම යානය පණ ගැන්වූ පසු පළාතක් ගිනිබත් වන තරමට යානය බලවත් විය.

කල්පිටියේ යුද අභ්‍යාසයක් සඳහා සහශ‍්‍රගත යානය ලකේගල සිට පදවාගෙන ආවේ මේඝනාද (ඉන්ද්‍රජිත්) කුමරුය. යානය කල්පිටියේ විශාල ගල් පීඨිකාව මත ස්ථානගත කෙරිණි. මේ යුද අභ්‍යාසය දුර ඈත සිට නරඹන්නට විශාල ජනතාවක් ඒකාරාශි වූහ. ඔවුහු මෙය මහා වික‍්‍රමාන්විත ක‍්‍රියාවලියක් හැටියට දැක ප‍්‍රීති ඝෝෂා නඟමින් සතුට ප‍්‍රකාශ කරන්නට වූහ.

එදා කල්පිටිය වෙරළට රාවණ රජතුමා ද පැමිණ සිටියේය. යානය රජතුමාට පිළිගැන්වූයේ මේඝනාද කුමරු විසිනි. මේ සහශ‍්‍රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය. එහි මංගල ගමන රාවණ රජුට භාර විය.

”මෙම ගුවන් යානයෙන් මේ රටේ කිසිම මිනිසෙක් ඝාතනය කිරීමට මම අදහස් නොකරමි. මෙය වෙනත් ග‍්‍රහලෝක සමග සටනට පිළියෙල කළ එකකි. දරුවනි, සහශ‍්‍රගත යානය තොපගේ ජයකි” යි කී රාවණ රජතුමා යානයට ගොඩ විය.

යානය පණගැන්වූ රජතුමා අහසට නැගුණේ දක්ෂ යුද නියමුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. යානයෙහි හඬ කල්පිටියේ සිට පුත්තලම දක්වා හෙණ ගසන්නාක් මෙන් පැතිර ගියේය. එම ප‍්‍රදේශයේ සිටි වන සතුන් බියට පත්ව වන රොදවල, ගල්ගුහාවල, ගස් බෙනවල සැඟවී දින ගණනක් විසූ බව රාවණ කතා පුස්කොලහි සඳහන් වේ.

සහශ‍්‍රගත යානය මුහුදේ හා ගංගාවල පවා ස්ථාන ගත කර තැබීමට වුවද දියුණු එකක් විය.

යානය අහසේ දස්කම් පාද්දී කිතුල්ගල අසල වන රොදක් යානයේ බලවත්කම ඉදිරියේ ගිනිබත් විය. එම ගිනිදැල් ඉතා ශීඝ‍්‍රයෙන් කිතුල්ගල සිට යටියන්තොටට පැතිර ගියේය.

සහශ‍්‍රගත යානය නිසා ගිනිබත් වූ මේ ප‍්‍රදේශයට දැන් ගිනිගත්හේන යැයි කියන බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා කියයි. එදා මෙම යානය නිසා සිදුවූ බලවත් විනාශය දුටු රාවණ රජතුමා බොහෝ සෙයින් කම්පාවට පත්විය.

සහශ‍්‍ර ගුවන් යානය පෘථිවිය මත කිසිම යුද්ධයකට භාවිත නොකරන ලෙස මේඝනාද කුමරුට තදබල ආඥාවක් නියම කළේය.

රාම සමඟ සටන බලවත් සටනක් බව රාවණ සිතුවේම නැත. රාම බලවත් තර්ජනයක් බව රාවණ සිතුවා නම් ඉතා පහසුවෙන් ඔහු මැඩපැවැත්වීමේ ශක්තිය රාවණ ලබා සිටියේය.

සහශ‍්‍රගත යානය රාමට එරෙහිව ක‍්‍රියාත්මක කළේ නම් රාම, හනුමන්ත් පමණක් නොව රාම සහායකයන් සියල්ලන් එක තැනක ඝාතනය කිරීමේ කාර්යය රාවණට සරල කාරණයක් විය.

රාවණ රජතුමා බොහෝ දුරදක්නා නුවණින් කටයුතු කළ අතරම, බොහෝ දෙනාගේ හිත සුව පැතූ බවද ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. රාවණා රජතුමා තමන්ගේ ආත්මාභිලාෂය පමණක් තැකුවා නම් රාවණා පිළිබඳ වෙනස් ආකාරයකට මේ ලිපි ලියැවෙන්නට තිබිණි.

රාවණා යනු හෙළයාගේ ”පෞරුෂය” රැුකගෙන යුද බිමට ගිය හා අභීත තීන්දු ගත් රජකු හැටියට සටහන් කළ යුතුය. එතුමා හෙළයා රැුකගත්තා මිස හෙළයා නැසුවේ නැත. හෙළයා නසන්නට පැමිණි රාමා ට රාවණ රජතුමා සටන් කළ පිළිවෙලක් තිබිණි. එබැවින් රාවණ ගැන දකින බොහෝ දොස් නිවැරදි කර ගැනීමට මේ කාලයයි.

සටහන - අසංක ආටිගල
දෙවන ලෝක මහා යුද්ධයේ අවසන් අදියරේදී නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් රැඳී සිටි ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන භූගත බංකරයේ ආකෘතියක් බර්ලින් නගරයෙහි ප්‍රදර්ශනය කෙරෙයි.










ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල රජ මහා විහාරය අසලින් වැටී ඇති ගලපිටමඩ පාරේ යන විට අලවල හන්දිය හමුවෙයි. ගම්බද කුඩා කඩමණ්ඩියක් අසලින් බැස යන පුංචි දොළ පහරකින් එගොඩ වී මහකන්ද ආරණ්‍ය සේනාසනයට මාර්ගය වැටී තිබේ. මග බොහෝ දුෂ්කරය. වනස්පති අතරින් කඳු මුදුනට පාර වැටී තිබේ. මීටර් හත් අටසීයක් එපිටට යන විට හමුවන්නේ  රූස්ස ගස්වලින් පිරීගිය මහ වනයයි.ගස්වලින් ඉහළ අහස් කුස පෙනෙන්නේ යාන්තමට තැන් තැන්වලිනි.
හිරුඑළිය ඇතැම් තැන්වලින් මහ පොළොවට යාන්තමට වැටේ. එනිසාම වනය පුරා කිසියම් අඩ අන්ධකාරයක් රැඳී තිබේ. වනය වෙතින් ඇසෙන කන බිහිරි කරවන තරමේ රැහැයියන්ගේ හඬත්, වනයට නුහුරු අපට හඳුනාගත නොහැකි බිහිසුණු සතුන්ගේ හඬත් වනය පීරා විත් කන වැකේ.  මහකන්ද සෙනසුන ඇති වන අරණේ විවිධත්වයක් දක්නට ලැබේ. එක ප‍්‍රදේශයක් පයිනස් ගස්වලින් වැසී ගිය රටේ මධ්‍යම කඳුකරයේ ශීත ප‍්‍රදේශයට සමවෙයි.
තවත් පැත්තක් පහතරට සිංහරාජ වන අරණ මෙන් සදාහරිත ස්වරූපයක් පෙන්නුම් කරයි. වාහනයකින් යන්නේ නම් මහකන්ද ආරණ්‍ය සේනාසනයේ එක්තරා සීමාන්තයකට පමණක් යා හැකිය. එතැන් සිට කඳු මත්තට මහ ගස් කළු ගල් ශිඛර වලින් සම්පූර්ණයෙන් වැසී ගිය ප‍්‍රදේශය ඔස්සේ පියගැට පෙළක් නැග යා යුතුවෙයි.
 දඩගමුවේ හිමි.

අලවල හන්දියේ සිට කිලෝමීටර් දෙකකට වැඩි මේ ගමන තනිව පා ගමනින් එන්නකුට බොහෝ වෙහෙස කර වන්නකි. ඊටත් වඩා දවාලකටත් මේ වන මැදින් යාම පාළුව, තනිකම බියකරු බව දනවන්නකි. මහකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි ගණ කැලයේ මේ වත්මන් තත්ත්වයයි. නමුත් මීට දශක අටකට පමණ එහා මේ ප‍්‍රදේශය කෙබඳු වන්නට ඇත්දැයි ඔබට සිතා ගන්නටත් අපහසු වනු ඇත. ගෙයක් දොරක් නැති, පාරක් නැති, පාළු වනයක් හැටියට මේ මහා රූස්ස කැලය පවතින්නට ඇත. එදා මහකන්දේ විසූ දඩගමුවේ නාහිමියන් ගැන අපට ආරංචිය ලැබුණේ සල්ගල ආරණ්‍ය සේනාසනයේ කෘත්‍යාධිකාරී හැඳල දමිත නාහිමියන්ගෙනි.
ඒ ආරංචියට අනුව බොහෝ රූක්ෂ ප‍්‍රතිපත්ති රැකි, සිල්වත් ගුණවත් හිමිනමක් හැටියට දඩගමුවේ හිමියන් ප‍්‍රකටය. උන්වහන්සේ ගැන අපි ආරණ්‍යයට පිවිසීමට පෙර අලවල ප‍්‍රදේශයේ ගම්වාසීන්ගෙන් විමසීමු.
දඩගමුවේ නායක හාමුදුරුවෝ කියල ස්වාමීන් වහන්සේ නමක් දැන් අවුරුදු හතළිහකට විතර කලින් මහ කන්දෙ වැඩ ඉඳල තියෙනවා. උන්වහන්සේ සසර කෙළවර කරගන්නටම තමයි මේ මහ කැලේ භාවනාවට තනිවම වඩින්නට ඇත්තේ, ගම්වාසියෙක් අපට කීය.
දැනට මහකන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිටින්නේ අතපත්තුකන්දේ ඥානවිමල නාහිමියන්ය. අපි උන්වහන්සේගෙන් දඩගමුවේ හිමියන් පිළිබඳ විමසීමු.
කතාබහට අනුව දඩගමුවේ හිමියන් බුදු බවම ප‍්‍රාර්ථනා කළ උතුම් මහ තෙර නමකි. සියලූ ඇලීම් බැඳීම්වලින් මිදී බුද්ධත්වය සඳහාම පාරමී දහම් පුරමින් ප‍්‍රතිපත්ති පුරා ඇති බව කතාවට අනුව පැහැදිලි වේ.
මාර්ග ඵල හෝ රහත් ඵලයට පත්වීම හැර බුදුබව ප‍්‍රාර්ථනා කළේ ඇයිදැයි අපි අතපත්තු කන්දේ ඥානවිමල නාහිමිගෙන් විමසීමු.

”බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේත් උන්වහන්සේගේ ප‍්‍රාතිහාර්යයන්, පැවැත්ම දුටු අය බුදු බව ප‍්‍රාර්ථනා කළ බව සඳහන් වෙනවා. ඒ ඒ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශාසනවල අගසව් ආදී තනතුරු පිරිනමද්දී ඒ දෙස බලා සිටි අය කවදා හෝ ශාසනයක තමන්ටද අග‍්‍ර ශ‍්‍රාවක තනතුරු ලැබේවායි සිතා ඒ ප‍්‍රාර්ථනාවෙන් පින් දහම් කළා. සැරියුත් මුගලන් හිමිවරුන්ටත් පෙර ආත්ම භාවවල දී කළ එම ප‍්‍රාර්ථනා අග‍්‍රශ‍්‍රාවක පදවි ලැබීමට හේතුවුණා. මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් වීමට ප‍්‍රාර්ථනා කළ අයත් මේ අතර සිටියා. දඩගමුවේ හාමුදුරුවෝ අප දන්නා විදිහට බුදු බවයි ප‍්‍රාර්ථනා කළේ.”
දඩගමුවේ ඤාණරතන නාහිමියන් පැවිදි වී ඇත්තේ මුල්ලේරියාව ගල්වාන විහාරස්ථානයේය. පැවිදි වී උන්වහන්සේ එදා විද්‍යෝදය පිරිවෙනෙන් බණ දහම් ප‍්‍රගුණ කර ඇත. නමුත් කාලයක් ගතවන විට සසර පුරුද්දට මෙන් උන්වහන්සේ ආරණ්‍ය ජීවිතය ගත කරන්නට උනන්දු වී ඇති බව පෙනේ. 29 වැනි වියට එළැඹෙද්දී දඩගමුවේ නායක හාමුදුරුවෝ මහකන්දට පා ගමනින්ම වැඩම කර ඇත. ඒ 1929 වසරයි. එදා වලසුන්ගෙන් පවා ගහන වූ දැඩි පාළුවෙන් පිරි මහ කන්දේ ගල් ලෙනක් වෙත වැඩම කර එහි වැඩ සිටිමින් ප‍්‍රාර්ථනා කටයුතු බෝධිය සාක්ෂාත් කරගන්නට පසුබිම් සකස් කර ගත් බව ජනප‍්‍රවාද ගත තොරතුරුවල සඳහන් වෙයි.
ගල්ලෙන ලෑලි වලින් ආවරණය කරගෙන උන්වහන්සේ දවසේ වැඩි කාලයක් භාවනාවෙන්ම ගත කළහ. ”මහකන්දේ රුක්ෂ ප‍්‍රතිපත්ති පුරණ හිමිනමක් වැඩ සිටිනවාය”  යන ආරංචිය අවට ගම්වලද පැතිර ගියේය.දානය අවශ්‍ය වූ විට දවසේ නියමිත වේලාවක වන අරනේ එක්තරා සීමාවකට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරති. උදේ 9.00 පමණ වන විට දඩගමුවේ නාහිමියන් පිණ්ඩපාතයට වැඩම කරන බව දන්නා අවට ගම්වැසියෝ දානය පිළිගැන්වීමට ඒ මග බලා සිටිති. දඩගමුවේ නාහිමියන් දානය වළඳා ඇත්තේ දවසේ එක් වරක් පමණි. එය බොහෝ දුෂ්කර ප‍්‍රතිපත්තියකි. උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරන වේලාවට දානය සූදානම් නැතිනම් ආපසු මහ වනයට පුරුදු ශාන්ත ගමනින් වැඩම කිරීම උන්වහන්සේගේ ප‍්‍රතිපදාව විය. යළිත් දානය පිණිස දඩගමුවේ නාහිමියන් වැඩම කරන්නේ පසුවදාය.
ඥානවිමල හිමි.
මහකන්දේ වැඩ සිටි කිිසිම දිනෙක දඩගමුවේ හිමියන් සිවුරු පිරිකර පිළිගෙන නැත. උන්වහන්සේ සිවුරු සාදා ගන්නා ලද්දේ තැන් තැන්වල දමා ගිය සුදු රෙදි පඬු ගසා ගැනීමෙනි. සිවුරු පිරිකර භාර නොගන්නා නිසා ගම්මු සුදු රෙදි කැලයේ ගස්වල එල්ලා තබා, බිම දමා ගියහ. ඒ පාංශුකූල රෙදි බව ඇඟවීමේ අදහසිනි. දින ගණනක් කැලයේ තැන් තැන්වල දමා ගොස් ඇති රෙදි පාංශු කූල රෙදි හෝ අයිතිකරුවකු නැති රෙදි බව දැන දඩගමුවේ හාමුදුරුවෝ එම රෙදි රැුගෙන ගොස් පඬු ගසා සිවුරු වශයෙන් පරිහරණය කර ඇත. ඝෝර වන මෘගයන්ගෙන්ද, මහ ගස්වැලින්ද පිරි වනය පෘථග්ජන හුදු බලාපොරොත්තු සියල්ල හැරදා, එක් වේලක් වළඳා, ශරීරයට රුක්ෂ ප‍්‍රත්පත්ති පුරුදු කර පෘථග්ජන ලෝකයෙන් ඈතට වී භාවනාව ඔස්සේ දඩගමුවේ නාහිමියන් මීට දශක හත අටකට පෙර කළ ඒ ව්‍යායාමය සසරේ එක්තරා නිමාවක් පිණිසම බව නම් හොඳින්ම පැහැදිලිය.
එක්දහස් නමසිය හැත්තෑවේ මුල් භාගයේදී දඩගමුවේ ඤාණරතන නාහිමියෝ අසනීප වූහ. ඉන්පසු උන්වහන්සේ වතුරුවිල වනවාසී මූලස්ථානයට වැඩම කරවා ගෙන අවශ්‍ය උපස්ථාන කටයුතු කළහ. කෙතරම් අසනීපව, අසාධ්‍යව සිටියද උන්වහන්සේ හොඳ සිහිකල්පනාවෙන්, යුතුවූහ. ඇස් පෙනීමත්, කන් ඇසීමත් හොඳ මට්ටමක විය. කිසිම විටෙක උන්වහන්සේ අවේලාවේ කිසිවක් වැළඳුවේ නැත. අසනීප තත්ත්වයේ සිටියද දවසේ දහවල දානයෙන් පමණක් සෑහී දුෂ්කර ප‍්‍රතිපත්ති පිරූහ. සියලූ සැප හැරදා ජීවිතයේ නියමාර්ථය සොයන්නට දඩගමුවේ නාහිමියෝ වෙහෙස වූහ. එය බොහෝ දුෂ්කර ප‍්‍රතිපදාවක් විය. එනිසාම ප‍්‍රාර්ථනීය බෝධිය බෝසත්වරු ප‍්‍රගුණ කරන්නේ යම් සේද ජීවිතය පරදුවෙන් භාවනාදී ප‍්‍රතිපදාවෙන් කල් ගෙවූ උන්වහන්සේ 1978 ජූනි මාසයේදී අපවත් වී වදාළහ.

සටහන/ඡායාරූප - අසංක ආටිගල
ඉතා දියුණු පිටසක්වළ ජීවීන් පිරිසක්, පුරාණයේ, පෘථිවියට පැමිණ මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බවට සාක්ෂි තිබෙන්නේ කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති පමණක් නොව අභිරහස් සිතියමක් පවා ඇති බව ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන්ඩයිකන්ගේ ගවේෂණ වාර්තාවල දැක්වෙයි.



වසර 45 ක් පුරා වොන්ඩයිකන් සිදු කළ ගවේෂණ ඇතුළත් කරමින් පළ කළ පොත පත, වෙබ් පිටු අදත් අතිශයින් ජනපි‍්‍රයය. වොන්ඩයිකන්ගේ කෘති අතුරින් වඩාත් ප‍්‍රකට 1968 දී මුද්‍රණය කෙරුණු ‘චැරියට්ස් ඔෆ් ද ගෝඞ්ස්’ ය. වොන්ඩයිකන් ලියූ පොත් මිලියන 60 කට වඩා අලෙවි වී ඇති අතර ඒවා භාෂා 40 කට පරිවර්තනය වී ඇත. වොන්ඩයිකන් උපන්නේ 1935 අපේ‍්‍රල් 14 වැනිදා ය. වොන්ඩයිකන්ගේ ගවේෂණ ඇසුරින් රූපවාහිනී කතා මාලා සහ චිත‍්‍රපට පවා නිර්මාණය වී ඇත.

වොන්ඩයිකන්ගේ ගවේෂණයට පාදක වී ඇත්තේ ප‍්‍රධාන සාධක දෙකකි. පළමු සාධකය සාහිත්‍යය, මිථ්‍යා කතා, පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් හෙළිවන කරුණු කාරණාය. දෙවැනි සාධකය, දැකිය හැකි සහ අත ගා බැලිය හැකි වස්තූන්ය. කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති ඊට අයත් වෙයි. පුරාණ පිරමීඩත් ඊට ඇතුළත් වෙයි. වොන්ඩයිකන් පිරමීඩ සම්බන්ධයෙන් අපූරු අදහස් කිහිපයක් පළ කර ඇති අතර ඒවා බොරු යැයි පහසුවෙන් බැහැර කළ නොහැකිය.

ඊජිප්තුවේ පිරමීඩ ඒ අතරින් කැපී පෙනෙයි. අප දන්නා පරිදි ඉපැරණි මිසර වැසියන් පිරමීඩ ඉදි කළේ දෙවියන් උදෙසාය. මිසර වැසියන් දෙවියන් ලෙස විශ්වාස කළේ, අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්ය. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කිරීමට නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබියු යුතුයි. එහෙත්, එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට තිබුණාද යන්නට පුරාවිද්‍යාඥයන්ට පිළිතුරු දීමට හැකියාවක් ලැබී නැත. පිරමීඩ හැදුවේ මිසර වැසියන්ම ද යන්න සහතිකව ඔප්පු කිරීමට ද කිසිදු ප‍්‍රබල සාක්ෂියක් හෝ ඇසින් දුටු සාක්ෂියක් හෝ නැත.
එරික් වොන්ඩයිකන්
ලෝකයයේ පැරැුණි පුදුම 7 ටත් අයත් අදටත් නොනැසී පවතින ගීසාහි යෝධ පිරමීඩය සැබැවින්ම විස්මිත අභිරහසක් බව වොන්ඩයිකන් පෙන්වා දෙයි. ඊජිප්තුවේ ඇති පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය වෙන්නේ ද ගීසා මහා පිරමීඩයයි. එය පිහිටා ඇත්තේ ගීසා පළාතේය. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියට සැළකෙයි.

පිරමීඩය ඉදි කළා යැයි පැවැසෙන්නේ වසර විසි දෙකක කාලසීමාවක් ඇතුළතය. පිරමීඩය සාදා නිම කළා යැයි පැවැසෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීය. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළ කරන විද්වතුන් පෙන්වා දෙන පරිදි, එය එසේ විය නොහැකිය. පිරමීඩය ඉදි කිරීමට අවශ්‍ය යෝධ බර ගල් කුටිටි කපා වෙන් කිරීම, ප‍්‍රවාහනය, නිසි ලෙස ගොඩ ගැසීම පැවැති නොදියුණු තාක්ෂණය යටතේ වසර 22 කින් කළ නොහැකි දෙයකි.

එය වසර 22 කින් කළා නම්, සෑම තත්ත්පර නවයකට වරක්, ගල් කුටිටි කපා වෙන් කිරීම, ප‍්‍රවාහනය, නිසි ලෙස ගොඩ ගැසීම සිදු කළ යුතු වෙයි. එය කළ හැකි දෙයක්දැයි වොන්ඩයිකන් විමසා සිටී. වර්තමානයේ දියුණු තාක්ෂණය යොදා ගනිමින් පවා වසර 22 කින් මෙවැනි නිර්මාණයක් කළ නොහැකි බව ද වොන්ඩයිකන් සිය ගවේෂණවලින් තහවුරු කර ගෙන ඇත. ගීසා පිරමීඩය වැනි පිරමීඩයක් වර්තමානයේ තාක්ෂණය යොදා ගනිමින් වසර 22 කින් ඉදිකිරීමට නොහැති යැයි වර්තමානයේ සිටින අති දක්ෂ ඉන්ජිනේරුවෝ පවා පවසති.

ගීසාහි යෝධ පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක් ඉදිරිපත් වී ඇත. පිටසක්වළ ජීවීන්ගේ මැදිහත්වීමක් මගින්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සලස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක් වී ලීවර, ලී කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යායයන් අතරට ඇතුළත් වෙයි. එහෙත් සත්‍යය කුමක්දැයි තහවුරු වී නැත. පිරමීඩ සාදා ඇත්තේ, යෝධ බර ගල් කුට්ටි ඉතාම නිවැරදි ව එකිනෙකට සම්බන්ධ කිරීමෙනි. ඉතා සියුම් එහා මෙහා වීමක්වත් ඒවායේ දකින්න නොලැබෙයි. නවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන නිර්මාණකරුවන්ටවත් එලෙස ඉතා නිවැරදිව සහ සූක්ෂමව නිර්මාණයක් කිරිමට හැකියාවක් නැත.





ග‍්‍රැනයිට් සහ කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත සොහොන් ගැබ් නිර්මාණය කිරීම තවත් විස්මිත කටයුත්තකි. පිරමීඩ ඇතුළත නිර්මාණය කර ඇත්තේ, ඉතා ම පිරිසිදුවය. ඉතා ම නිවැරදිවය. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැති ව දෑත්වලින් පමණක් මෙවැනි නිර්මාණයක් කළේ කෙසේද ? ඔවුන්ට පිටසක්වළින් පැමිණි අමුත්තන්ගේ සහාය හිමිවුණාද ?

‘මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන මා කිසිසේත් ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත් පුරාණ මිනිසා හැදු සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න  ඕනෑ. ඔවුන්ට තනිව ම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ.’ පුරණ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකානු ජාතික ජේසන් මාටෙල් කියා සිටී.

මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වන අන්දමට, පිරමීඩ නිර්මාණය කරනු ලැබුවේ සවුරිට් නම් පාරාවෝ විසිනි. සවුරිට් යනු හිබෲ ජනයාගේ ඉනොක් නමැත්තාටය. ඉනොක් යනු පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් අන්දමට අනාගත වක්තෘවරයෙකි. ඉනොක් ගැන සඳහන් පුරාණ පොත පත බොහොමයක් තිබේ. ඒ අතරින් ‘බුක් ඔෆ් ඉනොක්’ නමැති පොත වැදගත් තැනක් ගනී. අහසේ සිට පැමිණි අමුත්තන් පිරිසකට ඉනොක් හමුවුණු බවත්, එම අමුත්තන් ඉනොක්ට දැනුම දුන් බවත් එහි සඳහන් වෙයි. වසර දහස් ගණනක් ගත වුනත් විනාශ නොවන ආකාරයේ ගොඩනැගිලි ඉදිකිරීමට මෙම අමුත්තන් පිරිස ඉනොක්ට උපදෙස් දුන් බව එම පොතේ වැඩි දුරටත් සඳහන් වෙයි.

වොන්ඩයිකන් ඒ ගැන මෙසේ අදහස් දක්වා සිටී. ‘ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. අද අප පිටසක්වළයන් යැයි කියන්නේ, අතීතයේ මේ දෙවිවරුන් යැයි කී පිරිසට වෙන්න බැරිද ?’
ලෝකයේ පුදුම හතට ඇතුළත් පිරමීඩය පුරා විද්‍යා අභිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙයි. 1877 වසරේ දී ආතර් ඇන්තියොලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන් අන්දමට, ගීසා හි යෝධ පිරමීඩය ඇතුළු සෙසු පිරමීඩ දෙක ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැදය. පිරමීඩ ඉදි කර ඇත්තේ, පෘථිවියේ දිග ම අක්ෂංශකය හා දේශාංෂකය හමු වන ස්ථානයේය. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේ ම කේන්ද්‍ර ස්ථානය ලෙස සැලකෙන්නේ ද එතැනය.  එපමණක් නොව, මාලිමාවක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙයි. එහෙත් පිරමීඩ ඉදි කළ අවධියේදී මාලිමා තිබුණේ නැත. මාලිමාව නිර්මාණය කළේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. මෙය ඇත්තටම පුදුමයක් නොවේද ?

ඊජිප්තුවේ පමණක් නොව, ලොව සෙසු රටවලත් පිරමීඩ දකින්නට ලැබීම තවත් පුදුමයකි. ලොවෙන් හුදකලා වූ පැසිෆික් සාගර ¥පත්වල පවා පිරමීඩ ඉදිකර තිබේ. දකුණු ඇමෙරිකාවේත් මෙක්සිකෝවේත් පිරමීඩ දකින්න ලැබේ. ඉන්දියාවේ ද පිරමීඩ ඇත. අතීතයේ දී පිරමීඩ නිර්මාණ කලාව ලොව පුරා පැතිරුණු උන්මාදයක් මෙන් පෙනෙන බව වොන්ඩයිකන් පවසයි. මුහුදින් හා ගොඩබිමින් වෙන් ව ජීවත් වෙන, කිසිදා එකිනෙකා මුණ නොගැසුණු එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, පිරමීඩ යනුවෙන් අද අප හඳුන්වන හැඩයට අනුකූලව නිර්මාණ කළේ කෙසේ ද යන්න අභිරහසකි. ස්වරූපයේ වෙනස්කම් තිබුණ ද පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකට ම පොදු බවක් දකින්න ලැබේ.

මධ්‍යම මෙක්සිකෝවේ වසර දෙදහසකට වඩා පැරැුණි නගරයක නටඹුන් දකින්න ලැබේ. මෙම නගරය නම් කර ඇත්තේ ‘ටියෝටිවකාන්’ යනුවෙනි. එහි සරල අර්ථය ‘දෙවියන්ගේ පුරවරය’ යන්නය. ‘හිරු’ගේ පිරමීඩ නමින් හැඳින්වෙන පිරමීඩයක් මේ නගරය මැද ඉදිකර තිබේ. හැඩයෙන් සමාන වුනත් ඊජිප්තුවේ පිරමීඩවලට වඩා මෙක්සිකෝවේ සහ ලතින් ඇමෙරිකාවේ නටබුන් වූ පිරමීඩවල පෙනුම වෙනස්ය.

පුදුමයකට මෙන් ‘ටියෝටිවකාන්’ හිරුගේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියට ම සමානය. එය අහඹු සිදුවීමක්ද ? නැතිනම් පිරමීඩ දෙක ම නිර්මාණය කරනු ලැබුවේ එක ම නිර්මාණකරුවන් පිරිසක් විසින් ද ? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙසේ අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. ‘මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ හදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන් පිරිසක්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා.
පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාර්යයක්, නිර්මාණකරුවන්ගේ දස්කමක්, කියන දේ නම් එකහෙළා ම පිළිගන්න ටිකක් අමාරුයි නේද ?’ එම විද්‍යාඥයෝ විමසා සිටිති.
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් දකින්න ලැබේ. පුරාවෘත්තවලට අනුව මෙම පිරමීඩ ඉදි කළ බව පැවැසෙන්නේ යෝධයන්ය. ඔවුන් මේ පිරමීඩ නිර්මාණය කර ඇත්තේ, ලෝකය විනාශ වන මොහොතේදී යැයි සෙල් ලිපිවල සඳහන් වී ඇත. ඇස්ටෙක් සහ මායාවරුන්ගේ විශ්වාසවලට අනුව අතීතයේ දී අපේ ලෝකය සිව්වරක්් විනාශ වී තිබේ. ඒ, අයිස්වලින්, සුළඟින්, ගින්නෙන් හා ජලයෙනි. මායා කැලැන්ඩරයට අනුව 2012 වසරේ දී ද ලෝකය විනාශ වන බවක් සඳහන් වුවත් එවැන්නක් සිදුවූයේ නැත. කෙසේ නමුත් ලෝකය විනාශ වුණැයි පැවැසෙන සෑම අවස්ථාවකදීම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබේ. ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.

පිරමීඩය තුළ ඇති දේ...



පිරමීඩ වැනි මෙම දැවැන්ත නිර්මාණ ඉදිකළේ ඇයි ? ඒවායේ අරමුණ කුමක්ද ? ඇතැමුන් පවසන්නේ, මිසරයේ රජවරුන් වූ පාරාවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වීමට යෝධ පිරමීඩ නිර්මාණය කළ බවය. එසේ නැතිනම් පැරැුන්නන්, අපව දමා යන්නට පෙර අපට යමක් ඉතිරි කර ගියා වෙන්න පුළුවනි. පිරමීඩ ඉදි කළේ ඇයි යන්න පුරාණ මිසර ලේඛනවල සඳහන් වෙයි. ඒ අනුව, පිරමීඩ ඉදිකර ඇත්තේ දැනුම ගබඩා කිරීමටය. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම මනුෂ්‍ය වර්ගයාට ලබා දීමටය. මේ දැනුම අපට දුන්නා යැයි පැවැසෙන්නේ දෙවියන් විසිනි. එපමණක් නොව, මිසරයේ පිරමීඩ නිකම්ම නිකම් පාරාවන්ගේ සොහොන් ගැබ් නොවන බව පැහැදිලිය.


ධම්මපදයේ චිත්ත වග්ගයේ 153 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.
අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්භිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ධම්මපදයේ චිත්ත වග්ගයේ 154 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.

ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං - තණ්හානං ඛය මජඣගා

වඩුව මම ඔබ දිටිමි. හොඳින් හඳුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ල නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි. යනුවෙන් දැක්වෙන්නේ මිනිසා ඇතුළු සත්ත්වයා මැරි මැරී ඉපිද ඉපිදී සසර සැරි සරන බව බුදු දහමේ විස්තර කැර ඇති ස්ථානයකි.
බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.
එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.
එඞ්ගාර් කේසි පවසන්නේ තමන්ට ස්වයං නිද්‍රාවකට පත්වීමෙන් අන් අයගේ රෝගාබාධයන්ට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතින බවයි. මෙහි දී ඔහු රෝගයට වස්තු බීජ සොයා යන්නේ යම් පුද්ගලයකුගේ පෙර භවයන්ට එබිකම් කිරීමෙනි. මේ ක‍්‍රමයට විවිධ වූ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී ඔහු තැබූ සටහන් රාශියක් තවමත් ඉතිරිව තිබේ. මේවායින් බොහොමයක් මහත් ආන්දෝලනාත්මකය.
එඞ්ගාර් කේසිගේ ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු ගැන සඳහන් කරනු ලැබුවේ වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා යනුවෙනි. ඔහු අන් අයගේ අතීත ආත්ම ගැන කියන ලද කරුණු හේතුවෙන්ම ඔහුට මෙවැනි අන්වර්ථ නාමයක් ලැබුණ ද සැබැවින්ම ඔහු ප‍්‍රාතිහාර්යකරුවෙක් නොවේ. රෝගීන් මත අත තබා ආශිර්වාද කිරීමෙන් හෝ මන්තර ගුරුකම් ශක්තියකින් හෝ එඞ්ගාර් කේසි රෝගීන් සුවපත් කළේ නැත. ඔහු ඇතැම් විට තමන් සිටින ස්ථානයට සැතපුම් දහස් ගණනක් ඈත සිට දිවැසින් කියනු ලබන විශ්මයජනක තොරතුරු අනුව රෝගීන්ට සුවය ලැබිණි.
ඔහු මෙය කරන ලද්දේ සම්මෝහ නිද්‍රාවක් හෙවත් තමන් විසින්ම හෝ වෙනත් අයකු විසින් යෝජනා කරන ලදුව කෘත‍්‍රිම නින්දකට සමවැදීමෙනි. එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට හැකියාවක් ලැබුණේ නැත. යන්තම් නම වැනි ශ්‍රේණිය දක්වා උගත් එඞ්ගාර් කේසි ගොවිතැනට හුරු කරන්නට ඔහුගේ මාපියන් කොතෙක් උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වූයේ කේසි නගරයට යාමෙනි. අනතුරුව පොත් සාප්පුවක ලියන්නකු ලෙස සේවය කළ කේසි රක්ෂණ සමාගමක වෙළෙඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නට වූවේය.


තරුණ වියේදීම කේසි බලාපොරොත්තු නොවූ අකරතැබ්බකට මුහුණ දුන්නේ හඩ පිට නොවීමේ රෝගයකින් පෙළීමෙනි. විටෙක ගොරෝසු හඩක් පිටකරන කේසිට තවත් විටෙක කිසිදු හඩක් පිටකිරීමට නොහැකි වෙයි. මේ රෝගයට කොතෙක් ප‍්‍රතිකාර ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. රෝගයට ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍යවරු ගණනාවක් සොයා ගිය ද අවසානයේ සිදුවූයේ බලාපොරොත්තු කඩවීම පමණි. මේ නිසාම ඔහුට තම කාර්යයන් කරගෙන යාම පවා අපහසු විය. ඒ නිසාම තම සේවයෙන් සමුගත් කේසි අවසානයේ ඡායාරූප ශිල්පියකුගේ සහායකයකු ලෙස එක්වූයේ ඒ සඳහා කට හඩ අවශ්‍ය නොවන බැවිනි.
මේ අලූත් වෘත්තිය කරගෙන යන අතරතුර දී ඔහු සිටි නගරයට අමුත්තකු පැමිණියේය. ඒ විනෝද කී‍්‍රඩකයකු මෙන්ම මෝහන නිද්‍රාව ප‍්‍රගුණ කළ හාට් නම් පුද්ගලයෙකි. මේ අමුත්තා නගරයේ දී කේසි හමුවූ අවස්ථාවක දී මෝහන නිද්‍රාව උපයෝගී කරගනිමින් ඔහුගේ රෝගය සුව කළ හැකිදැයි උත්සාහ කිරීමට තමන් කැමති බව කීවේය.
තමන්ට කරන්නට කිසිදු දෙයක් නොවුනෙන් තම රෝගය සුවකැර ගැනීම සඳහා ගත හැකි අවසන් තුරුම්පුව වූ මේ අවස්ථාවට මුහුණ දීමට කේසි ඉටාගත්තේය. අවසානයේ කේසි නිද්‍රාවට භාජන කැරිණි. කේසි නිද්‍රාවට යොමු කරන අවස්ථාවේ ලේන් නම් පුද්ගලයෙක් ද බලා සිටියේය. ඔහු ද ඒ වනවිටත් මෝහ නිද්‍රාව ප‍්‍රගුණ කරමින් සිටි තැනැත්තෙකි. හාට් මෝහ නිද්‍රාව උපයෝගී කරගනිමින් එඞ්ගාර් කේසිගේ රෝගයේ අක්මුල් සොයා යාමට උත්සාහ ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. නමුත් ලේන් කේසිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග එක්ව නිද්‍රාවට පත්ව මේ සඳහා තවත් උත්සාහයක් යොදන ලෙසයි.
ලේන්ගේ සිතේ වෙනත් අදහසක් තිබෙන්නට ඇත. ලේන්ගේ පෙරැත්තය නිසාම කේසි මේ දෙවැනි උත්සාහය සඳහා ද එකග වූවේය.
ලෙන් ක‍්‍රමයෙන් කේසි මෝහ නිද්‍රාවට පත් කළේය. අනතුරුව ඔහු කළේ නිද්‍රාවේ සිටි කේසිට ඔහුගේ රෝග ස්වභාවය විස්තර කරන්නට යැයි යෝජනා කිරීමයි. මෙතෙක් කතා කිරීමට නොහැකිව සිටි කේසි කතා කරන්නට වූවේය. ටිකෙන් ටික තම හ`ඩ අවදි කළ කේසි තමන්ගේ රෝග ස්වභාවය විස්තර කරන්නට වූයේ එතැන සිටි ඔහුගේ හිතවතුන් පවා මවිත කරමිනි. සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව සිටි කේසි කියා සිටියේ පුදුම කථාවකි.
‘‘සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව ඇත්තේ ස්නායු දුර්වලතාවක් හේතුවෙන් ස්වර රජ්ජුන්ගේ පිටුපස ඇති පේශි අඩක් අකි‍්‍රයවීම හේතුවෙනි. මේ නිසා කායිකව රෝගී තත්වයක් ඇතිවී තිබේ. නිද්‍රාවේ පසුවෙද්දී රෝගය වැළැඳී ඇති ස්ථානයන්ට ලේ ගමන් කරනු ඇතැයි යෝජනා කිරීමෙන් මේ රෝග තත්ත්වය ඉවත් කළ හැකිවනු ඇත.’’ මේ කථාව කීවේ කේසි විසිනි. එයට වහාම කි‍්‍රයාත්මක වූ ලේන්, කේසිගේ ස්වර රජ්ජුවලට ලේ ගමන් කිරීමේ දුර්වලතාව මග හැරී යනු ඇතැයි ද, එයින් මේ අපහසුතාව ඉවත්වනු ඇතැයි ද කේසිට යෝජනා කළේය.
විනාඩි කිහිපයක් ගතවිය. නිද්‍රාවේ පසුවූ මිනිසා යළි මෙසේ කීවේය. ‘‘දැන් සියල්ල හරි. රුධිර ගමනය නිසි පරිදි සිදුවනවා. ලේ ගමන ප‍්‍රකෘති තත්ත්වයට පත්වන්නටත් ඉන්පසු නැගිටින්නටත් යෝජනා කරන්න.’’ කේසිගේ මේ විධානය අනුව ද ලේන් කි‍්‍රයාත්මක වූවේය. නින්දෙන් පිබිදුණු කේසි සාමාන්‍ය තත්ත්වයෙන් කතා කරන්නට වූවේය. නමුත් වරින් වර ඔහුට මේ රෝගය යළි යළිත් වැළඳුනේය. ඒ සෑම අවස්ථාවකදීම ලේන් ලේ ගමනාගමනය නිසි පරිදි සිදුවන්නට යැයි කියා උපදෙස් දෙයි. එවිට කේසි යළි සාමාන්‍ය පරිදි කථා කරන්නට පටන් ගනී.
ලේන් සිටියේ ද කලක පටන් පවතින උදර රෝගයකින් පීඩා විඳිමිනි. මේ රෝගයට පිළියම් සෙවීම සඳහා ලේන් කේසිගේ සහය පැතුවේය. නමුත් මෙහිදී ලේන් කළේ සාමාන්‍යයෙන් කරන දෙයක් නොවේ. රෝගය ඇති තමන් වෙනුවෙන් කේසි නිද්‍රාවට භාජනය කිරීමයි. ඒ අනුව නිද්‍රාවේදී කේසි ලේන්ගේ ශරීර තත්ත්වය විස්තර කරමින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ද යෝජනා කළේය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලේන් අත්හදා බැලූවේ කිසිදු පැකිලීමකින් තොරවය. අවසානයේ දී කේසි ජයගෙන තිබිණි. ප‍්‍රතිකාර ආරම්භ කොට සති කිහිපයකින් ලේන්ගේ උදරාබාධය සුව අතට හැරුණි.
කේසි මේ වනවිට කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහුගේ අපේක්ෂාව වූයේ ආගමික දේශකයකු වීමයි. එහෙත් ඔහුට අන්‍යයන් සුවපත් කිරීමේ හැකියාව ලැබී ඇතැයි ලේන් පෙන්වා දෙන්නට වූවේය. ලේන්ගේ පෙරැත්තය ප‍්‍රබල වෙමින් තිබිණි. අවසානයේ මේ ගැන සොයා බලන්නට ඔහු නොයෙක් ග‍්‍රන්ථ කියවුව ද අගක් මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ කේසි ලේන්ගේ ඉල්ලීමට එකගවූයේ මෙය පරීක්ෂණයක් වශයෙන් පමණක් සිදුකිරීමට කැමති බවත් කිසිසේත්ම තම සේවය වෙනුවෙන් මුදලක් නොගන්නා බවත් පවසමිනි.
මෙය පර්යේෂණයක් වූ බැවින් නිද්‍රාවේදී කේසි කියන දේ සටහන් කරගන්නට විය. ඔවුන් මෙලෙස සටහන් තබා ඇති පිටපත්වලට  කේසිගේ පුනරුත්පත්ති සටහනින් නම තබා තිබේ. කේසිගේ මේ කියැවීම් දිනෙන් දින ජනපි‍්‍රය වන්නට විය. මේ අතර ඔහු විස්මිත ඇදහිය නොහැකි කියවීම් පිළිබඳ සටහන් තබා තිබේ. දිනක් කේසිට ලැබුණු පණිවිඩයකින් කියවුණේ දැරියක පිළිබඳ තොරතුරකි. පස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වසර තුනක කාලයක සිට මොළයේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන බවත් එම කාලයේ සිට මනස නිසි පරිදි නොවැඩෙන බවත් මෙය ආරම්භ වූයේ සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසුව බවත් කේසිට ලැබුණු තොරතුරු විය.
මේ දැරිය පිළිබඳ සොයා බැලීමට කේසි තීරණය කළේය. ඒ අනුව ඔහු එහි ගියේ ලේන් සහ සිය යතුරු ලියන්නා ද සමගිනි. වසර තුනකට පෙර සෑදුණු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසු දැරිය මේ තත්ත්වයට පත්ව තිබේ. මාපියන් පවසන්නේ මේ දැරිය රැගෙන හැකිතාක් විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ගිය බවත් ඒ කිසිදු වෛද්‍යවරයකු මේ රෝගය නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත් කේසි දැන ගත්තේය.
දුප්පත් ගොවියකුගේ පුතකු වන කේසි වෛද්‍යවරුන්ට පවා සුව කළ නොහැකි යැයි කියා තිබූ මේ දැරිය සුවපත් කරන්නේ කෙසේදැයි කාගේත් අවධානයට ලක්ව තිබිණි. වෛද්‍යවරු කියා සිටියේ මේ රෝගය මාරාන්තික බවයි. නිතර නිතර වෙව්ලීමෙන් පීඩා විඳි දැරිය මරණාසන්නව සිටින බව පැවසූ වෛද්‍ය විශේෂඥයන් කියා සිටියේ දැරිය නිවසට ගෙනගොස් කැමැත්තක් කරගන්නා ලෙසයි.
දැරිය නිවසට රැගෙන ගිය පසු එඞ්ගාර් කේසිගේ හැකියාව පිළිබඳ දැනගත් මාපියෝ ඔහුට ආරාධනා කළහ. දැරියගේ නිවසටම කේසි ගියේය. ඒ ලේන් ද සමගිනි. ලේන් යෝජනාව කළේය. අනතුරුව කේසි කියන දේ වචනයෙන් වචනය සටහන් කළේය. කේසි කියා සිටියේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීමට ටික දිනකට පෙර දැරිය වාහනයකින් වැටී ඇති බවයි. මේ වැටීමෙන් තැලූණු ස්ථානයේ සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතු වන විෂබීජයක් තැන්පත්ව ඇති බැවින් වෙව්ලීම සිදුවන බවත් කේසි කියා සිටියේය. මේ සඳහා සුදුසු ප‍්‍රතිකාර ද කේසි පැවසීය.
දැරිය වාහනයකින් වැටුණු බව ඇගේ මව කීවාය. බාහිරින් කිසිදු තුවාලයක් පෙනෙන්නට නොමැති බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවූ බව ද මේ රෝගයත් වැටීමත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කිසිවකුත් විශ්වාස නොකළේය. රෝගයත් එයට ප‍්‍රතිකාරත් විස්තර කිරීමෙන් පසු කේසි නිද්‍රාවෙන් අවදි වූවේය. ලේන් උපදෙස් දුන් ආකාරයට දැරියගේ මාපියෝ අදාළ ප‍්‍රතිකාර ආරම්භ කළහ. සති කිහිපයක් ඇතුළත දැරියගේ වෙව්ලීම නැතිවී ගියේය. ටික කලකින් දැරියට පැරණි දේ පිළිබඳ මතකය යළි ලැබෙන බව පෙනෙන්නට තිබිණි. ඉන්පසු ඇය තම මාපියන්ට කලකට පසු කථා කළාය. අවසානයේ දී ප‍්‍රධාන පෙලේ විශේෂඥ වෛද්‍යවරුන්ට පවා නොහැකි වූ දේ ගොවියකුගේ පුතකු වූ එඞ්ගාර් කේසි සිදුකිරීම පුදුම සහගත දෙයක් වී තිබිණි.

සටහන - සජීව විජේවීර
වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.
කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර  තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්.  අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.
ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ  ජේ.පී.ඉරේෂන්  මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා  විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.
මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි.






අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කීවේත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස විරුදාවලිය ලැබුවේත් මේ සිරිලක් දිවයිනයි. එහි පතල කීර්තිය කොතෙක් ද යත් බයිබලයේ සඳහන් සමෘද්ධිමත් ම නගරය ටාර්ෂිස් නමැති පුරවරය අතීත සිරිලක මහ තොටමුණක් හා ප‍්‍රධානත ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ  වත්මන් ගාල්ල පුරවරය යැයි බොහෝ විද්වතුන්ගේ විශ්වාසයක් ව පවතී.

අතීතයේ පෙරxඅපරදිග රටවල නායක කාරකාදීන් මෙන්ම වෙළෙන්දෝ ද දේශ ගවේෂකයෝ ද මේ දිවයින දුටුවේ මිහිබට සුර පුරයක් ලෙසිනි. අතීත ලෝක සිතියම් සකස් කිරීමේදී ශී‍්‍ර ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවන්නේ ද එබැවිනි.

ලෝකයේ මුල්ම සිතියම කි‍්‍රස්තු පූර්ව 2800 දී මැටි පුවරුවක සටහන් කැර තිබියදී කැණීමකින් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව වරින් වර නිර්මාණය වූ ලෝක සිතියම් රාශියක් හමුවී ඇත. වත්මන් සිතියම් හා සැසඳීමේ දී එදා ඇඳි ලෝක සිතියම් ද බොහෝ දුරට නිවැරදි සාධක හා තොරතුරු මත පදනම්ව සකස් කැර ඇති බව පෙනී යන කරුණකි.

එදා සිතියම් ඇඳීමේ දී අද මෙන් ගුවන් යානා, චන්ද්‍රිකා වැනි දියුණු තාක්ෂණික ක‍්‍රමෝපායයන් තිබුණේ නැත. දේශ ගවේෂකයන්ගෙන් ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගනිමින් දීර්ඝ වෙහෙසකර කාර්යයක ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සිතියම් සැකසුණි. ඒවායේ නිරවද්‍යතාවෙන් පෙනී යන්නේ ඔවුන් සිය කාර්යය කොතරම් හොඳින් ඉටුකැර ඇත්ද යන්නයි.

අතීතයේ මෙරටට පැමිණි විවිධ ජාතීහූ අප රටට විවිධ නම් කියූහ. සිංහළය, සිංහලද්වීපය, ලක්දිව්, සෙරන්ඩිබ්, තැප්‍රොබේන් යන නම් භාවිතා කළ බවට සාධක තිබේ. මේ අතරින් මේරට මුල් වරට ලෝක සිතියමක දැක්වෙන්නේ තැප්‍රොබේනය යන නමිනි. මේ සිතියම සකස් කැර ඇත්තේ ගී‍්‍රක ජාතික ක්ලෝසියස් ටොලමි විසිනි. ගී‍්‍රකයෝ එකල සිතියම් සකස් කිරීමෙන් ලොව අග‍්‍රගන්‍ය ස්ථානයක සිටියහ. ඒ සඳහා තාරකා ශාස්ත‍්‍රය හා ගණිතය පිළිබඳව ඔවුන් සතුවූ පුළුල් දැනුමත් හැකියාවත් උපයෝගී කරගන්නට ඇත. ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ විසූ ටොලමි, තැප්‍රොබේන් හෙවත් වත්මන් ශී‍්‍ර ලංකාව ඇතුළත් ලෝක සිතියම නිර්මාණය කැර ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 90 ත් 168 ත් අතර කාලයේදීය. ටොලමි වත්මන් ශී‍්‍ර ලංකාවට හෙවත් එදා තැප්‍රොබේනයට කිසිදා පැමිණ නැත. මෙහි යන එන වෙළෙඳුන් හා රාජ්‍ය දුතයන් ටොලමිට පැවසූ තොරතුරු අනුසාරයෙන් ඔහු පෙරදිග මහා වෙළෙඳ මධ්‍යස්ථානය සිතියමට නගා තිබේ.

ටොලමිගේ සිතියම පිළිබඳ පැසසුම් මෙන්ම විවේචනද ඇත. ඔහු තම සිතියමේ අක්ෂාංශ හා දේශාංශ කිසියම් පරිමාණයකට අනුව ලකුණු කැර ඇත. නිවර්තන රේඛා තීරණය කැර ඇත්තේ අක්ෂාංශ 23ත් 50ත් ලෙසිනි.  ටොලමිට ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහු පෘථිවියේ ප‍්‍රමාණය අවප‍්‍රමාණ කැර ඇති බවයි. තව ද ඔහු ඇතැම් රටවල් වෙනස් වූ පුදුමාකාර හැඩ වලින් ද දක්වා තිබේ. ඇතැම් රටවල් විශාලව ද දක්වා තිබීම ටොලමිගේ සිතියමේ ඇති විශේෂත්වයකි.

වත්මන් ශී‍්‍ර ලංකාව හෙවත් තැප්‍රොබේනය ද ටොලමි දක්වා ඇත්තේ විශාලත්වයෙන් බව පැහැදිලි සහ අප කවුරුත් දන්නා කරුණකි. ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ ටොලමි එකල තැප්‍රොබේනය නිසි විශාලත්වයකින් යුතුව සලකුණු කැර ඇතත් වර්තමානයේ මුහුදු ඛාදනය හේතුවෙන් දැනට ඇති ශී‍්‍ර ලංකාව නිර්මාණය වී ඇති බවයි. නමුත් බොහෝ විද්වතුන් පවසන්නේ ශී‍්‍ර ලංකාව අතීතයේ අත්කැරගෙන තිබූ ජාත්‍යන්තර කීර්තිය හා සමෘද්ධිමත් බව හේතුවෙන් ටොලමිට අසන්නට ලැබූ තොරතුරු අනුව තැප්‍රොබේනය විශාල දුපතක් ලෙස ඔහු දකින්නට ඇති බවයි.

ටොලමි මේ සිතියම අඳින ලද්දේ කි‍්‍රස්තු වර්ෂ 139 හෝ ඒ ආසන්න කාලයේදීය. මහා වංශයට අනුව එවකට මෙරට රාජ්‍යත්වය දරා ඇත්තේ මහළුනා රජු හෝ දෙවැනි භාතිය තිස්ස රජුය. මේ කාලයේ මෙරට රජු රෝමය, ඊජිප්තුව, ඉතියෝපියාව, ගී‍්‍රසිය හා අරාබි රටවල් සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකැර ගත් බවට තොරතුරු ඇත. ඒ හේතුවෙන්ම තැප්‍රොබේනය හෙවත් සිංහලද්වීපය ලොව පුරා ප‍්‍රචලිත රටක්ව පවතින්නට ඇති බවට කිසිදු සැකයක් නැත.

ටොලමිගේ සිතියමේ විශේෂත්වය වන්නේ තැප්‍රොබේනය ප‍්‍රමාණයට වඩා විශාලව දක්වා ඇතත් ඔහු මෙරට බොහෝ ස්ථාන නිවැරදිව ලකුණු කැර ඇති බවයි. බටහිර භාරතයෙන් මෙහි සංක‍්‍රමණය වූ ආර්යයන්ගෙන් පැවත එන මුල් කාලීන සිංහලයන් මෙරට බටහිර පෙදෙස්හි ජීවත් වූ බවත් ඔවුන් එකළ සංස්කෘත භාෂාවට සමාන වූ භාෂාවක් භාවිත කළ බවත් රටේ නම වශයෙන් යෙදුණු තැප්‍රොබේනය යන්නෙන් ද ඒ බව සනාථ වන බවත් විද්වතුන්ගේ මතයයි.

තප්‍රොබේන් යන්න තම්බපණ්ණි යන මාගධික පදයක් නොව තාම‍්‍රපර්ණි යන සංස්කෘත පදයෙන් සෑදුනක් බව පැහැදිලිය.

තව ද ටොලමිගේ සිතියමේ වඩාත් නිවැරදි ස්ථානයක් වන්නේ එකල රටේ රාජධානිය වූ අනුරාධපුරය නිවැරදිව දක්වා තිබීමයි. ඔහු එය සටහන් කැර ඇත්තේ අනුරෝග‍්‍රාමන් යනුවෙනි. අනුරාධග‍්‍රාමය යන්න ගී‍්‍රකයන්ට ඇසුණු ආකාරය විය යුතුය. එකල සංස්කෘත බස වෙනුවට හෙළ බසක් භාවිතයට ගත්තේ නම් රුහුණු දනව්වක් ලංකාවේ තිබිය යුතුය. නමුත් ටොලමි දක්වා ඇත්තේ රෝහණ දනව්ව යන්නයි. මෙයින් ද පෙනෙන්නේ ටොලමි ලංකාවේ සිතියම අඳින යුගයේ මෙරට ග‍්‍රාම නාම ව්‍යවහාරයන් සංස්කෘත ඌරුවකින් යුක්ත වූ බවයි.

ටොලමි, නාගදීපය ද පැහැදිලිව සටහන් කැර ඇත. ටොලමි ලෝක සිතියම අඳින කාලයේ රටක් හැඳින්වීමට රෝමක, ජාවක, පාරසික ආදී වශයෙන් අගට ‘ක’ යෙදීම සිරිතක්ව පැවතිණි. මේ අනුව යමින් තැප්‍රොබේන් යනුවෙන් සිරිලක හැඳින්වූ ටොලමි මෙරට ‘සලිකේ’ යනුවෙන් හැඳින්වූ බව ද සටහන් කැර තිබේ.

දඹදිව ගංගා නිම්නයේ සිට පැමිණි සංක‍්‍රමණිකයෝ මෙරට විශාලත ම ගංගා ව වූ මහවැලි නදිය වටා පදිංචිව සිටියහ. ඔවුන් මහවැලිය හඳුන්වන ලද්දේ ගං`ගා යන නමිනි. පසු කළෙක සිංහලයෝ රටේ ඇති සියලූ නදී ගංගා යැයි නම් කරන ලදී. ටොලමිගේ සිතියමේ මහවැලි නදිය හඳුන්වා ඇත්තේ ගැන්ජීස් යන නමිනි. ඒ මෙරටට පැමිණි පිරිස් ටොලමි හමුවන විට ගං`ගා යන්න වැහැරූ ආකාරය විය යුතුය.

අතීතයේ මෙරට වූ මහානාගකුල නම් පෙදෙසක් රෝහණ පුරවරයේ වැදගත් ස්ථානයක් විය. එය අද රම්බා විහාර ප‍්‍රදේශය ලෙස විශ්වාස කැරේ. ටොලමි සිය සිතියමේ මේ ස්ථානය නම් කැර ඇත්තේ නාගථූප යනුවෙනි. දෙවුන්දර නගරය ද ටොලමිගේ කාලයේ පවා පූජනීය පෙදෙසක් වූ බව සිතීමට පුළුවන. එය ඔහු දගන යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම එය සඳ දෙවියන්ගේ පුද බිමක් බව ද ටොලමි සඳහන් කරයි. දෙවුන්දර, චන්ද්‍රයාගේ බලය සහිත ස්ථානයක් යැයි යන්න අදට ද විශ්වාසයක් පවතී.

ටොලමිගේ සිතියමේ දැක්වෙන තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ රට මධ්‍යයේ පිහිටි කඳුකරයයි. එය ද එකල ඇඳි සිතුවම් අනුව ඉතාමත්ම නිවැරදි සඳහන් කිරීමකි. එහි තවත් සුවිශේෂී කරුණක් තිබේ. කඳුකරය ඔහු හඳුන්වා දී ඇත්තේ ‘මලය කඳු’ යනුවෙනි. අතීතයේ මධ්‍යම කඳුකරය හැඳින්වීමට යෙදුවේ මලය රට යන්නයි. ටොලමි වඩාත් නිවැරදි බවට එය ද සාක්කියකි. කෙසේ වෙතත් අද අප භාවිතා කරන නගරය යන වචනය ටොලමි භාවිතා කැර ඇත්තේ රෝහණ දනව්වේ අග නගරය වූ මාගම රාජධානිය හැඳින්වීමට බව ඔහුගේ සිතියම පිරික්සීමේ දී පෙනී යයි. එදා මාගමට නගරය යන්න භාවිතා කළ හේතුවක් හෝ දැන් සියලූ පුරවරයන්ට නගරය යන වදන ව්‍යවහාරයට පැමිණි ආකාරයක් ගැන හෝ සාධක නැත.

ටොලමිගේ සිතියමේ මර්ගන නම් වෙළෙඳ නගරයක් ගැන සඳහන් වේ. කණිට්ඨතිස්ස රජු පිහිටුවන ලද ඔච්චාප්පුකල්ලූ සෙල්ලිපියේ මගන නම් නගරයක් සඳහන් වේ. විද්වතුන්ගේ මතය වන්නේ මේ දෙකම එකක් බවයි. වසභ හා කණිට්ඨතිස්ස රජවරුන්ගේ කාලයට අයත් විල්පත්තු ආරාම නටඹුන්වල ඇති සෙල්ලිපි සාධක අතර ද මගණ නම් පුරවරයක් ගැන සඳහන්ය. මෙය ටොලමි විසින් සඳහන් කැර ඇති මර්ගන යන වරාය ආශි‍්‍රත පුරවරය විය යුතුය.



මේ සියල්ල සලකා බැලූ විට ටොලමි කිසි දිනක තැප්‍රොබේනයට පය තබා නැතත් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් දැනගත් තොරතුරු අනුව ඔහු ඇඳ ඇති ලක් සිතියමේ එකල භාවිත බොහෝ ස්ථාන ආසන්න වශයෙන් නිවැරදිව දක්වා ඇති බව පැහැදිලි කරුණකි. ඔහු මෙරට වඩාත් විශාල ලෙස සිතන්නට ඇත්තේ මෙහි ඇති ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී ගිය සම්පත් සමුදාය හා සංචාරකයන් කරන වර්ණනාවන් අසා විය යුතුය.
අතීතයේ ලොව කීර්තිමත් රාජධානියක් වූ සිංහලද්වීපය හෙවත් තැප්‍රොබේනය ලෝකවාසීන්ට පමණට වඩා විශාලව පෙනෙන්නට ඇත්නම් එය අරුමයක් ද නොවේ.

වේරගොඩගේ සජීව විජේවීර 
සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසුණු ඇය රාති‍්‍ර 9.00 පමණ දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථයකට ගොඩවූයේ සිය නිවස වෙත යාමට අවශ්‍ය බව පවසමිනි. බැලූ බැල්මට ඇය සතු රූමත් බව නිසාම චුට්ටා යන අන්වර්ථ නමින් හඳුන්වන ති‍්‍රරෝද රථ රියදුරු අනෙකුත් සහෝදර රියදුරන්ට පෙර එම කුලී ගමන යාමට ඉදිරිපත්විය.
දෙවිනුවර කපුගම පාරේ ටික දුරක් ගොස් ති‍්‍ර රෝද රථය නතර කෙරිණි. එම ස්ථානය තරමක් පාළුවට ගොස් ඇත. ඒ නිසා චුට්ටාට යම් අමුත්තක් ද දැණිනි. එහෙත් ඈතින් පෙනෙන නිවසක විදුලි බුබුලක් යාන්තමින් හෝ පෙනෙන්නට තිබූ නිසා යම් සැනසීමක් ඔහුට තිබුණි.
ති‍්‍රරෝද රථයෙන් බැසගත් කාන්තාව සිය අත්බෑගය පරීක්ෂාකොට ”මල්ලී දැන් පොඩි සල්ලි නැහැ. හෙට උදේට ගෙදරට එන්න. මම හයර් එක දෙන්නම්” යයි කියා විදුලි ආලෝකය දල්වා තිබූ නිවස වෙත පිටත්ව ගියාය.
ඒ අනුව චුට්ටා නැවත දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථ ගාල වෙත පැමිණි අතර ආ අද හොඳ කෑල්ලක් අරගෙන ගියානේ කියමින් අනෙක් තරුණ රියදුරන් ඔහුට නිකමට විහිළු කළහ. කෙසේ වෙතත් පසුදින උදෑසන ඔහු ති‍්‍රරෝද රථ ගාස්තුව ලබා ගැනීම සඳහා අදාළ ස්ථානය වෙත ගොස් ඇත.
අදාළ නිවස වෙත ගොස් පෙරදින රාති‍්‍ර පැමිණි කාන්තාව පෙනෙන්නට ඇත්දැයි සොයා බැලීය. එහෙත් එම නිවසේ දොරකඩට පැමිණියේ වයස්ගත කාන්තාවකි.
”අම්මේ ඔයාලගේ දුවද කොහෙද? ඊයේ රෑ මාත් එක්ක හයර් එකක් ආවා. උදේට සල්ලි ගෙනියන්න එන්න කීවා” යයි චුට්ටා කියන විටම ”මොන දුවද, මෙහෙ ඇති දුවෙක් නැහැ. යයි වයස්ගත කාන්තාව ඊට පිළිතුරු දුන්නාය.”
චුට්ටා තව දුරටත් ඒ ගැන ඇසුවද එයින් ඵළක් නොවීය. ආපසු හැරී ඒමට පෙර ඔහුගේ ඇස එම නිවසේ සාලයේ මේසය මත තිබූ රාමු කරන ලද ඡායාරුපයක් දෙසට යොමු වූයේ ඉබේටමය. මෙන්න මෙයා තමා ඊයේ රෑ ආවේ. චුට්ටා කියන විට ”ඒ අපේ දුව දැන් අවුරුද්දක් විතර වෙනවා මිය ගිහින්” කියා වයස්ගත කාන්තාව කියන විටම චුට්ටාට ක්ලාන්තය සැදී ඇද වැටුණි.
මුහුණට වතුර ස්වල්පයක් ඉසීමෙන් පසු ඔහුට පියවි සිහිය ලැබුණි. මෙම සිද්ධිය මේ වනවිට මුළු දකුණු පළාත පුරාම පැතිර ගොස් ඇත. කටකතාවක් ලෙස පවතින දෙවිනුවර කපුගම පාරේ හොල්මන් සිද්ධිය ගැන සොයා බැලීමට මා එම ප‍්‍රදේශය වෙත පිටත්ව ගියෙමි.
පළමුව චුට්ටා සොයා ගැනීමට වෙහෙසුනද එය අසාර්ථක වූයේ ඔහු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින බව දැන ගන්නට ලැබීම නිසාය. කලකට පෙර කළ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව මීට දින කිහිපයකට ඉහතදී මාතර මහාධිකරණය ”චුට්ටා” යන අන්වර්ථ නමින් හඳුන්වන ති‍්‍ර රෝද රථ රියදුරුට මරණ දඬුවම ලබාදී තිබුණි.
ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවද මා හට චුට්ටාගේ ඥාති සහෝදරයෙකු මුණ ගැසීමට හැකියාව ලැබුණි. හැලවත්තේ පදිංචි තමීර හෙන්දාවිතාරණ (32) නම් වන ඔහු එම සිද්ධිය තහවුරු කරමින් මෙසේ කීය.
”මම ධීවර රැකියාව කරනවා. දරුවෙකු සිටිනවා. චුට්ටා මගේ බාප්පාගේ පුතෙක්. ඔහු රාති‍්‍ර කාලයේ තමයි දෙවිනුවර නගරයේ ති‍්‍රරෝද රථ රැකියාව කළේ. අදාළ කාන්තාව කුලී ගමනක් යන්න නැගලා සල්ලි නොදී බැහැලා ගිහින් පහුවදා එන්න කියපු කතාව චුට්ටා මට කියා තිබෙනවා. පසුව බලද්දී ඒ ”හොල්මනක්” තමයි රැගෙන ගිහින් තිබෙන්නේ. ගෙදර තිබූ ෆොටෝ එකෙන් අඳුරගෙන තිබුණා. ඔහු හොඳටම බය වෙලා තිබූ නිසා තොවිලයක්ද නටන්න වුණා. ඒත් ඊට පසුවත් ඔහුට වගතුවක් වුණේ නැහැ. අවසානයේ හිරේට යන්නත් වුණා.”
හොල්මන් සිද්ධියෙන් පසු චුට්ටාට හිරේ යාමට සිදුවුවද දෙවිනුවර කපුගම පාරේ නුගගස අසළදී පසුගියදා තවත් ති‍්‍රරෝද රථ රියදුරෙකුට සිය ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවිය.
හැලවත්තේ පදිංචි ඔහු එක්දරු පියෙකි. ඒ පිළිබඳ මූලික තොරතුරු මා හට ලබා දුන්නේ මාතර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන යූ. එම්. මාධව දසුන් නමැති මාගේ සගයෙකි. ඔහු ඒ ගැන වඩාත් දන්නේ අදාළ ති‍්‍රරෝද රථය එම මූළ්‍ය ආයතනයෙන් ලීසිං වාරික ක‍්‍රමය යටතේ මිලදීගෙන තිබූ නිසාවෙනි.
දෙවිනුවරට ගිය ගමනේ දී එම රිය අනතුර පිළිබඳවද සොයා බැලූවෙමි. ඒ පිළිබඳවද නොයෙක් කට කතා පැතිර යයි. එම අනතුර ද සිදු වී තිබුණේ කපුගම පාරේ නුග ගස අසලමය. ති‍්‍ර රෝද රථය පාරෙන් ඉවතට ගොස් පෙරළී රියදුරා ඊට යටවී තිබුණි. එහෙත් ප‍්‍රදේශවාසීන් පැමිණෙන විටත් ති‍්‍රරෝද රථය නැවත පෙර තිබූ ආකාරයටම පාර අයිනේ තිබී ඇත. තී‍්‍ර රෝද රථ රියදුරාට ද පෙනෙන්නට තුවාලයක් බාහිරව නොවීය.
කෙසේ වෙතත් ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම දෙනෙත් පියා ගත්තේ සියලූ දෙනාට කුතුහලයක් එකතු කරමිනි. ශරීර අභ්‍යන්තරයට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවිය.
කෙසේ වෙතත් එම මරණය සම්බන්ධයෙන් ඥාතීන් තවමත් කම්පාවට පත්ව සිටින නිසා ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට ඔවුන් අකමැත්ත ප‍්‍රකාශ කරන ලදී. මේ සිද්ධිය ගැනද බොහෝ දෙනා කතා කරති.
කාන්තාවක් එම ති‍්‍රරෝද රථයට ගොඩවී ඇති බවද අතරමග දී ඇය පෙනෙන්නට නොසිටීමත් සමග ති‍්‍රරෝද රියදුරු බියට පත්ව එය පෙරළී අනතුර සිදුවී ඇති බවද කියති.
එහෙත් සිදුවූ දෙය හරියටම දන්නේ මිය ගිය තැනැත්තාම පමනි. අජං ගෙදර පදිංචි චන්දරේ අයියාද එවැනිම සිද්ධියකට මුහුණ දුන් අයෙකු බව මට කීවේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ ධර්මේ කපු මහතාය. මා චන්දරේ අයියාගේ ජංගම දුරකථන අංකය සොයා ගෙන ඔහුට ඇමතුමක් ලබාගෙන හමුවීමට අවශ්‍ය බව පැවැසීය.
ඔහු රාති‍්‍ර 10.30 රැකියාව සඳහා දෙවිනුවර නගරයේ ති‍්‍රරෝද රථ ගාලට පැමිණෙන බව දැන්වූ නිසා මා තව දුරටත් එම ප‍්‍රදේශය තුළ රැඳී සිටියෙමි. පවසන ලද වේලාවටම ඔහු පැමිණියේය.
කපුගම කුරුඳුවත්තේ පදිංචි පී. එච්. චන්ද්‍රසේන (50) යන නමින් හඳුන්වන ඔහු මෙසේ කීය.
”මහත්තයෝ මම මේ රැකියාව කරන්න අරගෙන දැන් අවුරුදු 16 ක් විතර වෙනවා. රෑට විතරයි. වැඩ කරන්නේ. රෑ වැඩකරලා උදේ 8.00 විතර ආපසු යනවා. දවල් දවසේ ගෙදරට වී නිදා ගන්නවා.
අළුයම 2.00 විතර හොඳට ඇඳ පැළඳ ගත් පුද්ගලයෙකු ති‍්‍රරෝද රථය අසලට ආවා. ඔහු අත ගමන් මල්ලක්ද තිබුණා. කපුගමට යමු කියලා මට කතා කළා. මම පිටුපසට ගිහින් සීට් එක උස්සලා බෑගය යටින් තිබ්බා. එය විශාල නිසා හිර වෙලයි තිබුණේ. ඒ යන අතරතුරදී ඔහු ති‍්‍රකුණාමලයේ යුද හමුදා කඳවුරේ සේවය කරන බවද කීවා.
ටික දුරක් යද්දී කළුවර තැනක් තිබුණා. ඈතින් සුදු කොඩි එල්ලා තිබෙනවා මම දැක්කා. ති‍්‍රරෝද රථයට නැග සිටින පුද්ගලයාද මළ ගෙදරක යන බව කියපු නිසා මම එය ඒ තරම් ගණන් ගත්තේ නැහැ. අනේ මහත්තයෝ ඉස්සරහද බහින්නේ කියා ඇසුවා. කිසි ශබ්දයක් නැහැ. ආපසු සැරයක් ඇහුවා. නින්ද ගිහිල්ලවත් ඇති දැයි සිතා පිටුපස හැරී බැලූවා. ඒ පුද්ගලයා පෙනෙන්න නැහැ. මම ති‍්‍රරෝද රථය නවතා හොඳට බැලූවා. ඔහුට කුමක් වුණාද කියලා. හිර වෙන්න දමලා තියපු ගමන් මල්ලත් නැහැ. මම ආපු වේගයට කාටවත් අතරමගදි පනින්න අමාරුයි. එහෙම පැන්න නම් බිම වැටිලා අතපය කැඩෙන්න  ඕනෑ. හිතට යම් අමුත්තක් දැනුණු නිසා ඉක්මනින් ති‍්‍ර රෝද රථය හරවා ගෙන ආපසු පැමිණියා.ඒ ඇවිත් ගුරුකම් කරන ආඩිෂන් අයියට කීවා. ඔහු මෙය භූත දෝෂයක් බව කියන විට මට උණ හැදුනා. ඊට පසු මොනවාදේ මතුරලා දුන්නා. මම විවාහකයි. දරුවන් දෙදෙනෙකු සිටිනවා. දැනටත් දවල්ට කපුගම පාරෙන් යනවිට ඒ සිද්ධිය මතක් වී හිතට බයක් දැනෙනවා. මා එක්ක ගිය පුද්ගලයා වගේ කෙනෙක් ඉන්නවද කියා සොයා බැලූවත් හමුවුණේ නැහැ.
තවත් ති‍්‍රරෝද රථ රියදුරෙකු වූ ඞී. ටී. ජනක් (52) මහතා මෙසේ කීය.
මම 1982 ඉඳලා කාර් හයර් කරලා දැන් ති‍්‍රරෝද රථ රැකියාව කරනවා. ලියන මහත්තයා කියලා මා දන්න මාළු ව්‍යාපාරිකයෙකු සිටිනවා. ඔහුගේ බෝට්වලට මාළු අහුවෙන්නේ නැහැ කියලා අපි දෙවිනුවර පොදු සුසාන භූමිය අසළ හූනියමක් කැපීමේ වැඩක් කළා. මිනී අළු ආදිය අවසානයේ මුහුදට දැමුවා.
ඒ ගිහින් ඇවිත් මම ති‍්‍රරෝද රථ ගාලට ඇවිත් වැඩ ආරම්භ කළා. අළුයම 1.30 විතර සුදු පැහැති ඇඳුමක් ඇඳගත් මහත්තයෙක් ති‍්‍රරෝද රථයට ගොඩවුණා. කතරගම යන බස් එකකින් බැහැලයි ආවේ. ටික දුරක් යනකම් කතා කරමින් ගියා. කළුවර හරියකදී ඔහු කතා කළේ නැහැ. ඒ නිසා පිටුපස හැරී බැලූවා. ඒ පුද්ගලයා පේන්න හිටියේ නැහැ. මම ති‍්‍රරෝද රථය හරවගෙන ආපසු ආවා.
අදටත් ඒ සිද්ධිය මතක් වෙනවිට ඇඟේ මයිල් කෙලින් වෙනවා. ඒවගේම ඊට පසු තවත් සිද්ධියක් මට වුණා.
”සුදු ගවුමක් ඇඳගත් අවුරුදු 25 පමණ තරුණියක් ති‍්‍රරෝද රථයට ගොඩවුණා. රුපියල් 100ක් දීලා යමු කීවා. ඇය කිසිවක් කතා කළේ නැහැ. කපුගම පාරේ ගිහින් එකේ කණුව ළඟදී කොහාටද කියා ඇසුවාම අතින් තමයි පාර පෙන්නුවේ. ඊට පසු ති‍්‍රරෝද රථය නතර කරන්න අතින් කීවා. ඒ අනුව මම නතර කරන විට ති‍්‍රරෝද රථයෙන් බැසගත් කාන්තාව පේන්න හිටියේ නැහැ. මම අවට බැලූවත් සොයා ගන්න බැරිවුනා. ඈතට යන්නත් ඇයට වෙලාවක් තිබුණේ නැහැ. මේ පාරේ රෑට මොනව හරි දේවල් වෙනවා. ඒ වගේම අනතුරු වෙනවත් වැඩියි. ඔහු කීය.
දෙවිනුවර කපුගම පාරේදී පිරිමින් ගැහැනුන් මෙන්ම සතුන්ද දැක බියට පත්වූ අය සිටිති.
සුනඛයෙකුගේ වැනි ඡායාවකට බියවී අනතුරට ලක්ව තලල්ලේ පදිංචි එන්. එම්. ඩබ්ලිව්. දයාරත්න (49) මහතා තුවාල ලැබීය. ඔහු දෙවිනුවර නගරයේ එළවළු වෙළෙඳසැලක සේවය කරයි. ඒ පිළිබඳව ඔහු මෙසේ කීය.
දයාරත්න මහතාගේ කකුලට තුවාල සිදුවී.
”මම ගෙදර ඉඳන් යතුරු පැදියෙන් තමයි රැකියාවට එන්නේ. පසුගිය දවස්වල බයික් එකේ රක්ෂණ සහතිකය අවසන්ව තිබූ නිසා ප‍්‍රධාන පාරේ එන්නේ නැතිව කපුගම පාරෙන් තමයි ආවේ ගියේ. දවසක් රෑ 9.00 විතර ගෙදර යද්දි මාලියංගොඩ හංදිය ආසන්නයේ දී කළු පැහැති බල්ලෙක්ගේ වගේ ඡායාවක් දැක්කා. ඒ වගේම මට බයක් ඇතිවුණා. හරියටම මොකාද කියලා හිතාගන්න බැරිවුණා. යතුරු පැදිය නවත්ව ගන්න තිරිංග තද කළත් හරි ගියේ නැහැ. එක පාරටම යතුරු පැදිය පාරෙන් ඉවතට ගියා.
පස් කණ්ඩියකට දාලයි නතර කර ගත්තේ. බේරා ගන්නා ලෙස මම කෑ ගැසුවා. ඒ අවට කිහිප දෙනෙකු පැමිණ මට උදව් කළා. තුවාලත් සිදුවී තිබුණා. දෙවිනුවර නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් වෙත ගොස් ප‍්‍රතිකාර ලබාගත්තා. මැහුම් හතක් දැමුවා. අදටත් කකුලට වූ තුවාලය සුව වෙන්නේ නැහැ.
දෙවිනුවර කපුගම පාර ආසන්නයේම පදිංචි එච්. පී, මංගලිකා (54) මහත්මිය
”මේ පාරේ රෑට විවිධ දේ වෙනවලූ. ඒ නිසාම බයිසිකල් පෙරළෙනවා. ති‍්‍රරෝද රථ පෙරළෙනවා පුද්ගලයින්ට තුවාල වෙනවා. මීට පෙර එක් අයකු මිය ගියා. නුග ගහ ආසන්නයේ දී තමයි මේ දේවල් වෙනවා කියන්නේ. අපේ කඬේ වැඩ කරන කිරි මහත්තයත් හොඳටම බයවෙලා. කොහොම වෙනවද මොනව වෙනවද කියලා හිතාගන්න බැහැ. කෙසේ නමුත් කාලයක ඉඳලා මේ ”හොල්මන” තිබෙනවා. රෑට බයවෙලා අපේ ගෙදරට දුවගෙන ආපු ගොඩක් අය ඉන්නවා.”
මේ පිළිබඳව අදහස් දැක්වූ දෙවිනුවර ඉන්ධන පිරවුම්හල අසළ ශ්‍රී මහා භද්‍රකාලි දේවාලයේ ගමගේ සවිරු අනුරුද්ධ (22) කපු මහතා මෙසේ කීය.
”හොල්මන් කියන්නේ සත්‍යයක්. මළගිය අය මිනිසුන්ගේ ඇඟට වහන්න පුළුවන්. දෙවිනුවර කපුගම පාරෙදි හොල්මන්වලට බයවෙලා ගොඩක් අය මා ළඟට ඇවිත් තිබෙනවා. සමහර අයට දෙහි කපනවා. තවත් අයට නූල් බඳිනවා. තොවිල් කරලා සුව කරන්න වෙන අවස්ථාත් තිබෙනවා. කොහොම හරි අපේ මන්ත‍්‍ර ශාස්ත‍්‍ර බලයෙන් ඒ අයව සුව කරලා දෙන්න පුළුවන්.
මේ සියලූ තොරතුරු රැස්කර ගෙන අවසන් වනවිට වේලාව රාති‍්‍ර 12.30 පමණ විය. දැන් මා හට අවශ්‍ය වී තිබෙන්නේ දෙවිනුවර කපුගම පාරේ හොල්මන් තිබෙනවා යැයි කියන ස්ථානය වෙත යාමටය. බොහෝ අය ලබාදුන් තොරතුරු අනුව මාගේ සිත තුළද යම් දෙගිඩියාවක් හටගෙන තිබුණි.
පළමුව එම පාරේ ගිහින් ඇවිද තොරතුරු සොයා ගත්තා නම් හොඳ යයි මට සිතුණේ ඉන් පසුවය. හොල්මන් තිබෙන බව කීවද රාති‍්‍ර කාලයේ ඒ ඉසව්ව සොයා ගැනීමට මා හට තනිවම අපහසුය. ටික වේලාවක් ඒ ගැන සිතමින් දෙවිනුවර දේවාලය වටේ ඇවිදිමින් සිටින විට ගාමිණි හෙට්ටි ආරච්චි යකදුරු මහතා මා හට මුණ ගැසුණේ අහම්බෙනි.මගේ අවශ්‍යතාවය පවසන විටම ඔහු උදවු කිරීමට ඉදිරිපත්විය.
අළුයම 2.00ට පමණ වන තෙක් අප දෙවිනුවර කපුගම මාර්ගයේ හොල්මන් තිබෙන බව කියන ස්ථාන අසල රැඳී සිටියෙමු. මා ඡායාරූපද ලබා ගත්තෙමි. ඒවායෙහි විවිධ දේ සටහන්ව තිබිණි. එහෙත් සියැසින් අපට හොල්මනක් දැකගත නොහැකි විය.
මෙතැන ගොඩක් වෙලාවට අපි පෙරේත තටු ගෙනවිත් තබනවා. දුම්මල ගහලා දිෂ්ඨි නවත්වන්නේ මේ නුග ගහ යටයි. කාලයක් තිස්සේ කරන දෙයක්. අපේ යන්තර ශාස්ත‍්‍ර සත්‍යයක්. ඒ නිසා මෙතැන කිසියම් අදෘෂමාන දෙයක් පවතින්න පුළුවන්” යයි ගාමිණි හෙට්ටිආරච්චි මහතා මා සමග කීය.
දෙවිනුවර නගරයේ බොහෝ ති‍්‍රරෝද රථවල මේ දිනවල ආරක්ෂක යන්තර එල්ලා තිබේ. ඒ විපතක් සිදු නොකර ගැනීමටය. යම් හෙයකින් කපුගම පාරේ කුලී ගමනක් යාමට ති‍්‍රරෝද රථ රියදුරෙකු රාති‍්‍ර කාලයේ ඉදිරිපත් වුවද ඔහු ගමන අවසන් වනතෙක් ඉතිපිසෝ ගාථාව සිතින් කියමින් වැඩි ආරක්ෂාව සලසා ගන්නා බව ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.
මීට පෙර මාතර කැකණදුර ප‍්‍රදේශයෙන්ද මෙවැනිම සිද්ධියක් වාර්තාවිය. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳවද මේ දක්වා හෙළිවී නොමැත. ඒ ගැන කටකතා තවමත් පැතිර යයි.
කැකණදුර සිද්ධිය අප හෙළිදරව් කිරීමෙන් පසු ”ඉරිදා ලංකාදීප”යෙන් යැයි පවසා වෙනත් පුද්ගලයින් එම ගම්මානය වෙත ගොස් ගම්වැසියන්ගෙන් තොරතුරු රැස්කර ගැනීමට උත්සාහ කර ඇත. ඔවුන් කවරුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත. එහෙත් මෙවැනි සිද්ධීන් හරහා තොරතුරු රැස් කිරීමේ අදහසින් ගම්මාන තුළට පැමිණෙන එවැනි පුද්ගලයින් ගැනද විමසිල්ලෙන් සිටීම වඩා වැදගත්වේ.
කැකණදුර මෙන්ම දෙවිනුවර කපුගම මාර්ගයේද සිදුවන බව කියන මේ අදෘෂ්‍යමාන සිද්ධීන් පිළිබඳ විමසිල්ලෙන් සිට එහි පසු විපරම පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමට අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙමු.
සටහන හා ඡායාරූප : මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්
පසුගිය සතියක ඔබ වෙත ගෙන ආ කරඳගොල්ල උමඟේ සුවිශේෂී අන්‍යතාවය එම ප්‍රදේශය තුළ තවත් වැදගත් කරන එක්තරා ස්ථානයක් වන අද චාරිකාව පිළිබඳ මීට පෙර ඔබ අසා හෝ දැක නොමැති බව විශ්වාසයයි. මෙය  ඌවේ ගුප්ත බව හා ජන සමාජයේ පැවැත්ම පිළිබඳ තවත් කතිකාවක් ගොඩනැගීමට සමත් ස්ථානයකි. මෙම ස්ථානය පිළිබඳ අනාවරණය වූයේ මීට දශකයකට පමණ පෙරය. නමුත් මෙම ස්ථානයේ වැදගත්කම බොහෝ විට වසර 5000 ක් පමණ අතීතයට දිව යන බව තතු දන්නෝ පවසති. ඇල්ල කරඳගොල්ල මහ වනයක තනිවූ මෙම කඳු ගැටයේ සිරස් තිරයක ඇඳි සිතුවම් සමුදායක ඔබ නොදන්නා කතාවක් ඒ ස්ථානයට ගමන් ගන්නා අතිශය දුෂ්කර ක්‍රියාදාමය පිළිබඳවත් අද මෙසේ දිග හරින්නෙමු.

කුරුලන්ගල යනු අද ගමනේ සන්ධිස්ථානයයි. එය විශාල කඳු ගැටයකි. උමා ඔය ව්‍යාපෘතිය පෙනෙන මානයේ ලඳු කැලයක තනිව නැගී සිටින ත්‍රිකෝණාකාර පැතලි කන්දකි. දළ වශයෙන් කන්දේ උස මීටර 700 ක් පමණ වන නමුත් මෙම කන්ද මීටර 200 කට වඩා පළලින් පිහිටි හොඳින් පාෂාණ ස්ථර දැකිය හැකි කන්දකි. පයිනස් ගස්, පඳුරු අතරින් පතර දැකිය හැකි නමුත් ගල් තලය කහ පැහැතිව හොඳින් දර්ශනය වේ. මෙම ප්‍රදේශයේ තිබෙන තවත් විශේෂ ස්ථානයක් වනුයේ රක්ඛිත්තාකන්ද පුරාණ රාජමහා විහාරයයි. රාවණ ඇල්ල පසුකොට වැල්ලවාය දෙසට කි.මී. 3.5 පමණ එන විට එම නාම පුවරුවක් සවිකොට තිබෙන බැවින් කාපට් ඇතිරූ උමා ඔය ව්‍යාපෘතිය දිවෙන මාර්ගයේ තවත් කි.මි. 2 ක් පමණ යා යුතුය.  අපගේ ගමනේ නවාතැන මෙම පුරාණ භූමිය වන අතර මෙම විහාරය පිළිබඳවද විශේෂයෙන්ම යමක් කිව යුතුමය. සමස්ථ විහාර භූමියම සුවිශාල ගල් වලින් වැසී ඇත. විහාර ගෙය බුදු මැදුර, හිමිවරුන්ගේ කුටි, ආරාධිත කුටි, භාවනා කුටි ඇතුළු සෑම ස්ථානයකම වහළය වනුයේ මහ විශාල ගල් පර්වතයි. විහාර භූමිය පිටුපස අලංකාර දියඇල්ලක් තිබෙන අතර ඊට එහායින් ඇත්තේ මහා කැලයයි. උමං හා ගුහා කිහිපයක් තිබෙන අතර වනගත භාවනා සඳහා සකස් කොට ඇති ස්ථාන වනයේ තැනින් තැන දක්නට ලැබේ.



කෙසේ හෝ උදෑසන 10ට පමණ අප පන්සල් භූමියෙන් පිටත්ව උමා ඔය මාර්ගය අසලට පැමිණියේ වතුර බෝතල් 2ක් හා කැමරාව පමණක් අතැතිවය. මෙම ගමනේ අතිශය දුෂ්කර ජීවිත අවදානම පිරුණු කඳු නැගීම් තිබෙන අතර ඒ සඳහා කිසිදු කඹයක්වත් නොමැතිව ඒවා තරණය කිරීමට අදිටනින් මහ කැලයට පිවිසුනෙමු. ආරම්භයේ පටන් තරමක නැග්මක් තිබෙන අතර පාළු වී ගිය වගාවන් අතරින් දිශාව මානගෙන යා යුතුය. කිසිදු අඩිපාරක්වත් නොමැති අතර මුළු කැලයම අඳුරු ස්වභාවයකින් වෙලී තිබුණි. අහස් කුස වසාගෙන නැගී ඇති මහා රූස්ස ගස් වලින් පාවී වැටෙන වියළි ශාඛ පත්‍ර වලින් මුළු පොලෝ තලයමත් වසාගෙන තිබුණි. මීටර් 300ක් පමණ ගිය පසු හෙමිහිට දකුණු පසට බර වන්නට කැලය තුළට ගමන් ගත් අතර දිරා ගිය කොළ රොඩු යට තිබෙන බුරුල් පසට විටෙක අපව ලිස්සුණි. තවත් අප කැලයට ඇඳුණු අතර අප ආ මග නිවැරදි යැයි දක්නට ලැබුණේ ඉදිරියෙන් පිහිටි මාන පඳුරු යාය නිසාය.

මාන පඳුරු වල උස අඩි 5කටත් වැඩිය. ඒවා පීරගෙන පඳුරු මුල් මත නැග ගල් කුට්ටි මතට නැග අපි ඉදිරියටම ගමන් කළෙමු. මාන පඳුරු යායේ මීටර් කිහිපයක් ගමන් කළ පසු දකුණු පස වූ විශාල ගලට එපිටින් අප රිංගා ගත්තේ ඔඬේ සොයා ගැනීමේ අටියෙනි. අපගේ ගමන් මග නිවැරදි යැයි වැටහුණේ එම ගලට එපිටින් වූ ඔඬේ හමුවීමෙනි. මෙය ගල් ලෙනක් බඳුය. එහි මඳක් නැවතුණු අප පරිසරය විඳින්නට වූයෙමු. ඔඬේ යනු දිය පහර ගලාගෙන යන කුඩා නිම්නයයි. මෙම ඔඬේ නම් මාස ගණනකින් දිය පහරක් ගලාගෙන ගොස් නොමැත. මන්ද වැල් ගල් සහිත පතුල වනන්තරය හා එකලෙසම තිබීමයි. මෙම කැලයේ දිය දහරක් නැවත හමු නොවේ. ඉහත්තාවේ උල්පත් වලින් බට මගින් ජලය රැගෙන යන අතර අපට එම බට මාර්ග නම් හමුවූයේ නැත.



දැන් අපගේ ගමන යා යුත්තේ ඔඩය දිගේය. ඔඬේට ඉහළ බුරුල් පසේ හරහට අඩි තබමින් විටෙක දෑතින් පොළව අල්ලන් අප ඉදිරියට ගමන් කළේ අඩි තබන විට පස ගැලවී යන නිසාය. මෙසේ තවත් මීටර්  500ක් පමණ ගමන් ගත් අප ඔඬේට බැස ගත්තෙමු. ඔඩය දිගේ යෑම පහසුය. නමුත් තරමක් ක්‍රියාන්විතය. මන්ද ඔඬේ පුරා ඇත්තේ විශාල ගල් පර්වත හා ගල් කුට්ටි පමණි. ඒ අතර කඩා වැටී දිරාපත් වූ විශාල ගස් කඳන් බොහෝමයක් දක්නට තිබුණි. ගල් පර්වත වලට නැග පනිමින් ගලින් ගලට ඇවිද යමින් ක්‍රමයෙන් කඳු නැගීමක් නැවත ආරම්භ විය. ශුෂ්ක පළාතට අනුකූල සර්ප ගහණයක් මෙහි පවතින නමුත් අපට නම් කිසිදු සත්වයකු හමු නොවුණි. ඕලු මුවන් හා වල් ඌරන් සිටින බැවින් වනාන්තරයේ එක් පසෙක තුවක්කු බැඳ ඇති බව අපට දැනගන්නට ලැබුණි. එක්තරා අලංකාර ස්ථානයකට පැමිණි අප නැවතත් එහි විවේකයක් ගත්තේ ඒ පරිසරයෙ වූ සුන්දරත්වය නිසාය. විශාල ගස් වල පහළට එල්ලෙමින් ඇති වැල් රාශියකි. ඒවා මත නැග ඔංචිලි පැදීමටත් නිදාගෙන සිටීමටත් පුළුවන. එම වැල් සහිත ප්‍රදේශයේ මද වෙලාවක් නැවතුණු අපට කුඩා කළ සිහිවූයේ මෙම ස්වභාවික සෙල්ලම් රටාවන් නිසාවෙනි.

තවමත් අපට කඳු වළල්ල දැකිය නොහැක. ඒ මන්දයත් උඩු වියන කොළ පාටින් වසාගෙන ඇති හෙයිනි. විශාල ගල් මත නැග එහි වූ අතු රිකිලි මත එල්ලෙමින් අප බොහෝ ඉහළකට ඇදෙන බව දුටුවේ නැවත ආ මග දෙස හැරී බැලුවිටදීය. මෙම ගමන දළ වශයෙන් කිලෝමීටර් 4කට ආසන්නය. ඉතාමත් දුෂ්කර හා වෙහෙසකර ගමනක් වන මෙහි මගපෙන්වන්නෙකු නොමැතිව යා නොහැක. නමුත් අප මග පෙන්වන්නෙකු හෝ කඹයක්වත් නොමැතිව තනිවම මෙම ගමන ආවේ ක්‍රියාන්විත අත්දැකීම් පිණිසය. නැවතත් ගමන ඇරඹූ අපි එක එල්ලේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ඇදුනෙමු. ගිනි කාෂ්ටක අව්වේ අපට සරණය වූ ජල පරිමාවද ක්‍රමයෙන් අඩු වෙමින් පැවතින. කෙසේ නමුත් කටු අකුල් මැදින් ගල් පර්වත නගිමින් අප හිතට සැනසීමක් ගෙන දෙන ස්ථානයකට ආවෙමු. එනම් සිරස් ගල දිගේ ඉහළට නැගීමටයි.





මෙම ගල් තලාව මැද දෙබොක්කාවකි. වම් පස ගල් තලාව ඉහලට ඇදෙන බැවින් එහි නැගීම කිසිසේත්ම කළ නොහැක. දකුණු පස ගල් තලාව දිගට පැතිර තිබෙන නමුත් කඹයක් නොමැතිව එහි ගමන් කළ නොහැක. එම නිසා ගල් දෙබොක්කාව දිගේ ඉහළට නගින්නට පටන් ගත්තේ අප නිරුවත් දෙපයිනි. ගලේ තිබෙන කුඩා ගැටිති වලට අත් තබමින් ඉහළට එසවෙමින් එම ස්ථානයටම දෙපා තබමින් ගමන් කළ හැක. නමුත් දෙබොක්කාවේ මැද කොටසේ කුඩා දිය සීරාවක් වූ බැවින් ලිස්සන සුලු විය. නමුත් එයද ඉතා දුෂ්කරව ජයගත් පසු ඉහළට නගින අන්තිම කොටසේ කඩා වැටුණ ගස් කඳක් අල්ලාගෙන එය යටින් හීන් සීරුවට රිංගා යා යුතුය. ගස් කඳටද වැඩි බරක් නොදිය යුතුය. මන්ද කඳ ගැලවී ඉදිරි යා හැකි බැවිනි. තනිකරම ගල දිගේ ඉහළට නැගීමක් වූ බැවින් යන්තම් හෝ ලිස්සුවහොත් මරණය නියතය. මන්ද අපගේ දෑතටත් දෙපයටත් ඇති එකම පිහිට වූයේ ගල් තලාව වූ බැවින් කෙසේ හෝ අප එකිනෙකා වෙලාවගෙන පරිස්සමින් ඉහලට නැග ගත් පසු ගිමන් නිවා ගත් සේ ගල මත තිරස්ව වැතිරෙමිනි. මෙතැන සිට ඉහළටම යා යුත්තේ මේ දෙබොක්කාව මැදිනි. ඉහලට යන විට ගස් වැවී තිබෙන බැවින් ඒවා අල්ලගෙන ගල් කුට්ටි මත අඩි තබමින් යා හැක.



එසේ මීටර් 100ක් පමණ ඉතා දුෂ්කරව ඇදුණු පසු මීටර් 5ක පමණ කොටසක් යාමට සිදුවූයේ අගලකට වඩා දිගැති කටු සහිත යායක් මැදිනි. අප යන මගට එම කටු ගස වැටී තිබුණු අතර කටු ගස අල්ලාගෙන ගස යටින් රිංගා ඉතාමත් කුඩා ඉඩකින් ඉහළට නැගිය යුතු විය. ඉතාමත් දුෂ්කර ලෙස අමාරුවෙන් එම කොටස නැග ගත්ත ද කටුවක් දෙකක් අපේ අත් කකුල් වල ඇනී ලේ ගලන්නට විය. නමුත් ඒවා ගණනට නොගෙන ගමන ඉදිරියටම ඇදගත් අපට නැවතත් මීටර් 20ක පමණ ගල දිගේ නගින්නට ස්ථානයක් හමු විය. මෙම ස්ථානයේ දෙබොක්කාව දිගේ භාගයක් නැගිය හැකි නමුත් ඉතිරිය නැගිය නොහැක. ඒ අසල වූ ගුහාව ළඟට පමණක් යා හැක. නමුත් දකුණු පස විවෘත ගල් තලාවේ ඉහළ සිට පහළට වැටුණ විශාල වැල් 3ක් තිබුණා. අප වැරෙන් ඒවා ඇද්දත් කැඩෙන සුලු නොවූ හෙයින් මලිත් ප්‍රථමයෙන් එම වැල් අල්ලාගෙන ගල දිගේ ඇවිද යමින් ඉහළට නැග ගත්තේය. පසුව මාද නැග ආව අතර ඊළඟට අකිල කෙසේ හෝ අමාරුවෙන් නැග ගත්තේ හදිසියේ හෝ වැල කැඩුණහොත් මරණ නියත වූ නිසාය. එම ස්ථානය නම් ඉතාමත් භයානකය. අප ස්වභාවිකවම කඳු තරණය කළේ ගස් වැල් වල එල්ලෙමිනි. මෙය අපට ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමකි. මෙම ගමන ජීවිත අවදානම සම්පූර්ණයෙන් ඇති භයානක ගමනකි. නමුත් අප ක්‍රමානුකූලව පෙර අත්දැකීම් මගින් ලද පන්නරය තුළින් මේ ගිරි දුර්ගය තරණය කළෙමු.



ඉන් පසු නැවත විශාල පඳුරු යටින් රිංගමින් විටෙක බඩ ගා යමින්ද අවසන් නැග්ම තිබෙන ස්ථානයට ආවෙමු. මෙතැන ගසක් තිබෙන අතර එය මීටර් 10ක් පමණ ඉහළට ඇදී ඇත්තේ වම් පස ගල දිගේය. අප ගල ඉහලට යා යුතු වන්නේ මෙම ගස දිගේය. එහිදී දකුණු පසට ගලත් වම් පසට හිස් අවකාශය නැත්නම් වැටුණහොත් මරණය පමණි. කෙසේ හෝ ක්‍රමානුකූලව ගස දිගේ නැගගත් අප තවත් අඩි 5ක් පමණ ගල්තලාවට නැග නැවතත් මීටර් 6ක් පමණ ගල් තලාවට හේත්තු වීගෙන හරහට ගමන් කළෙමු. ඉන් පසු අප පැමිණියේ කුරුලන්ගල සිතුවම් ඇඳි ස්ථානයටයි. එතැන වර්ග අඩි 100ක පමණ ඉඩක් පවතින අතර ආ පයින්ම ගල් තලාව දිගේ වැතිර ගිමන් හැරියෙමු.

මෙම ස්ථානය නම් චිත්‍ර කිහිපයක් ඇඳි ගල් තලාවකි. මෙය සිරස් ඉහළ ගල් තලාව පුරා චිත්‍ර ඇඳ ඇත. කොටින්ම කිවහොත් සීගිරි බිතු සිතුවම් ඇඳි ආකාරයටම ඇඳ තිබේ. මෙම චිත්‍ර රේඛාමය චිත්‍ර වන අතර ඇඳ ඇත්තේ රතු වර්ණයෙනි. මෙහි ඉතාමත් පැහැදිලිව දකින්නට ලැබෙන රූප වනුයේ කුරුල්ලන්, මොනරු, පිහාටු, සත්ත්ව හිස්, ලියවැල් රටා, ඩයිනෝසරයින් බඳු රූප වේ. විවිධ ආකාරයේ කුරුල්ලන්ගේ රූප ඇඳ තිබේ. වර්ග අඩි 20ක පමණ ප්‍රදේශය පුරාවටම මෙම සිතුවම් දක්නට ලැබෙයි. මේවා ඇන්දේ කවුරුන්ද? කුමන කාලයේද? මෙහි තේරුම කුමක්ද? මෙම සිතුවම් වර්ෂ ගාණක් පුරා අව්වට වැස්සට ඔරොත්තු දෙන ලෙස ඇන්දේ කෙසේද? මෙම ස්ථානය සොයාගනු ලැබුවේ කෙසේද? මෙහි වාසය කළේ කවුරුන්ද? මෙම සිතුවම් පිළිබඳ තවමත් නිශ්චිත පුරා විද්‍යාත්මක ඇගයීමක් සිදු කොට නොමැත. මන්ද මෙම ස්ථානය පිළිබඳව ලංකාවෙන්ම දන්නේ බොහෝ සුළු පිරිසකි. තවද මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සුළු පිරිසකි. ළඟා වීමට අතිශය අසීරු වන දුර්ගයක පිහිටි මෙම ස්ථානය පිළිබඳ මේ අවට නගරවාසීන් පවා දන්නේ නැත. සුමනරංසි හිමියන් පවසන අන්දමට මේවා වසර 5000ක් පමණ පැරණිය. තවද මෙම පර්වතය ආශ්‍රිත වන ලැහැබ තුළ කුරුල්ලන් බොහෝමයක් දක්නට ලැබෙන අතර හිරු උදාව හා සබැඳියාවක් පවතින බවත් උන්වහන්සේ අපට පැවසීය.


මන්ද මෙම ස්ථානයට දකුණු වෙරළ දක්වා විවෘත ප්‍රදේශය පවා දැක ගත හැකි අතර උදෑසන හිරු කිරණ හා මෙම ස්ථානය හරහා පියඹා යන සියොතුන් අතර යම් සංසිද්ධියක් මෙම ප්‍රදේශයේ තිබේ. එය ස්වභාවධර්මයේ තවත් අපූරු හමුවීමක් විය හැක. කෙසේ නමුත් අපි දැඩි ආයාසයක් ගෙන හැකි පමණ ඡායාරූප ගත්තෙමු. නමුත් මෙම චිත්‍ර මෙහි සිතුවම් කළ ජන කොට්ඨාසය මෙවැනි අතිශය දුර්ග බිමක සිටියේ කෙසේදැයි සිතන විට පුදුමයක් ඇතිවේ. අංශක 180ක සම්පූර්ණ ඉදිරිය පෙනෙන අතර මෙම ස්ථානයේ සුවසේ රාත්‍රිය ගත කිරීමට සුදුසු බව අපට වැටහුණි. නමුත් මෙම කන්දෙන් ඉහළ කොටසේ කිනිතුල්ලන් සිටින බැවින් ප්‍රවේශම් විය යුතුයි. වර්ෂාව නැති නිසාදෝ කුඩැල්ලන්ගෙන් කිසිදු කරදරයක් සිදු නොවුණි.

කෙසේ හෝ හෝරා දෙකක් පමණ නිදහසේ මෙහි කාලය ගත කළ අප නැවත කන්ද බැසීමට පටන් ගත්තෙමු. අප කන්ද නැගි සමහර ස්ථාන බසින විට ඉතාමත් අමාරු කාර්යයක් වූ බැවින් ඉදිරියෙන් ගිය මම සෙසු සගයන්ට නිවැරදි ඉරියව්ව හා ආ යුතු ආකාරය පෙන්නුවෙමි. පසුව එක එල්ලේ බැසගත් අප වැල් වල එල්ලී පහළට බැසීමට පටන් ගත්තේ කන්ද නැගී ආකාරයෙන්ම පිටුපසට යමිනි. ස්වභාවධර්මයේ චමත්කාරය විඳිනු පිණිස අප මෙවැනි ආකාරයේ ජීවිත අවදානමක් ගැනීම විටෙක අපට ද පුදුමයක් විය. මන්ද ගවේෂණශීලි මනසින් සිටි අප අපට හමුවන බාධක වල බැරෑරුම් කම ගැන නොසිතා ඉදිරියට ගමන් කළේ මෙවැනි අත්දැකීම් නැවත විඳීමට නොහැකි වේ යැයි සිතමිනි.


ගලේ නැගි අවස්ථා දෙකම ඒ ආකාරයටම පසුපසට යමින් බැසගත් පසු කටු අකුල් කැලයට බට ඔඬේ දිගේ ඉදිරියට ගමන් කළෙමු. නමුත් එක් සලකුණකදි ඔඬේ මග හැර කැලය දිගේ පාරක් සොයාගෙන ගිය අප අතරමං වුණි. නමුත් ස්වභාවධර්මයේ හැසිරීමට අනුව දිශාව තීරණය කරමින් අපි නේක විධ බාධක මැද දෑත දෙපා සීරෙමින් ඉදිරියටම ඇදුනෙමු. එහිදී අපට මීටර 200ක පමණ දිග මාන පඳුරු යායක් මැදින් යාමට සිදුවුණි. අපටත් වඩා උසයි. මාන පඳුරු පීරගෙන ගල් කුට්ටි මතින් පනිමින් ඉදිරියක් නොපෙනෙන ඉසව්වක් බලා හිතේ මිම්මකට ගමන් කළෙමු. පසුව අප එක්තරා රූස්ස ගස් පිරි ප්‍රදේශයකට පැමිණ මදක් විවේක ගෙන වම් පසට බරව ගමන් කළෙමු.  කෙසේ හෝ ගම්මානයට ජලය ගෙන යන බට පේලිය අපට හමුවුණි. එම බටයෙන් පිපාසය නිවාගෙන විඩාව නිවාගත් අප මීටර් 20ක් පමණ ඇවිද ගිය අතර එහිදී අපට ත්‍රීරෝද රථයක හඬ ඇසුණි. සියල්ලන්ගේම සිතට සැනසීම ආවේ එවිටයි.
කෙසේ හෝ අප පැමිණ තිබෙන්නේ අප ගමන ආරම්භ කළ තැනට මීටර් 100ක් පමණ පසුපසිනි. ප්‍රධාන මාර්ගයට ආ අපි එහි වැතිර නිදාගත්තෙමු.
සවස 6 වූ අතර අඩ අඳුර ප්‍රදේශයට ගලමින් තිබුණි. විහාරයට ගිය පසු ගත දොවාගෙන ආහාර ගෙන රාත්‍රී 8.30ට ඇල්ලෙන් පිටත් වූ අපි කිටි කිටි ගාන සීතලේ බණ්ඩාරවෙල, හපුතලේ පසු කරමින් පසු දින අලුයම 2.30 වන විට කොළඹට පැමිණියෙමු. අපගේ දෙපා හා දෑත හතළිස් පලක් පමණ සීරි ඇත. නමුත් අපගේ ක්‍රියාදාමය අතිශය සාර්ථකය. Travel in Sri Lanka-Sobasini හරහා එකතුව සම්පූර්ණ ඡායාරූප හා තවත් ගමන් නැරඹීමට ආරාධනා කරන්නෙමු.

විශේෂ ස්තූතිය මුහුණුපොතේ Adventure Holidays & Tours yg

සංචාරක සටහන ඡායාරූප - ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු