සුද්දන් දුටු ශ්‍රි පාදය
රොබට් නොක්ස් කියන්නේ කන්ද උඩරට මහනුවර නගරයට දකුණු දෙසින් සිංහලයන් කියන පරිදි ලංකාවේ උස්ම කන්ද පිහිටා ඇති බවය. එයට ඔවුන් කියන්නේ හිමපොල යනුවෙනි. පෘතුගීසින් හා වෙනත් යුරෝපීයන් එයට ඇඩම්ස් පීක් නොහොත් ආදම්ගේ කන්ද යනුවෙන් භාවිත කරයි. මෙම කන්ද සීනි ගොඩක් ගොඩ ගැසුවා වැනිය. එහි මුදුන සමතලා ගල් තලාවකි. එහි මිනිසකුගේ පා සටහනක් වැනි ලාංඡනයක් ඇත. නමුත් එය මිනිසකුගේ පා සටහනට වඩා විශාල දිග අඩි දෙකක් පමණ සලකුණකි.


කුණාටුවකට අසු වූ ඉබන් බතූතා ක්‍රි.ව. 1347 දී පුත්තලමට ගොඩ බැස්සේය. ඔහු එහි සිට ගම්පොළ හරහා ශ්‍රී පාද කන්ද තරණය කළේය. එහිදී ඔහු විශේෂයෙන් සඳහන් කරන්නේ එවකට සිටි විශාල වඳුරු රංචු සහ කූඩැල්ලන්ගෙන් පැමිණෙන ගැහැට පිළිබඳවය. ඉබන් බතූතා සමග යෝගීන් හතර දෙනකු, බමුණන් දහදෙනකු හා රජුගේ ආවතේව කළ පහළොස් දෙනකු ද ආහාර ද්‍රව්‍ය ආදී කලමනා පොදි බැඳගෙන ශ්‍රී පාදය නැග්ගෝය. ඔවුන්ගෙන් යෝගීහු හතර දෙනා අවුරුදු පතාම ශ්‍රී පාද කන්ද තරණය කළෝය.
සර් විවියන් මජෙන්ඩි නම් විදේශිකයකු 1896 ජනවාරි 1 දින සිරිපා කඳු වැටිය තරණය කළේය. ඔහු මෙසේ සටහන් තබා තිබුණි. වන්දනා සමයේ උච්චම අවස්ථාව වන ජනවාරි මාසයේ මා ශ්‍රී පාදය නගින විට දහස් සංඛ්‍යාත ජනතාව අතර සමහරු තරුණ මහලූ වැඩිහිටි බාල මෙන්ම අත් පා කොර වූ අයද වූහ. මෙම ගමනේදී
මරණයට පත්වන අය සැදැහැතියන් අතර විය. මෙම පිරිස සිංහල දෙමළ ඉන්දීය චීන ජපන් අරාබි බුරුම සියම් අප්‍රිකා ආදී රටවල ප්‍රධාන ආගම් තුනක ආගමික නායකයන් රජවරු කුමර කුමරියෝ ද වූහ.
සමහරු ඔසවාගෙන ද යන ලදී. මෙම සියලූ දෙනා මෙන් මමද මස්කෙළියේ දකුණු දෙසින් පිහිටි ඌසාමලේ දුෂ්කර මාර්ගයේ පැමිණියෙමි. එසේ පැමිණියේ එය සබරගමුව දෙසින් පැමිණෙන මාර්ගයට වඩා දුෂ්කර මාර්ගයක යාමෙන් පින්පල වැඩිවේ යැයි යන ඇදහීම නිසාය. සියලූම වන්දනාකරුවන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් ඌසාමලේදී ගසක නූල් ගැට ගැසීම සිරිතකි. ඒ බුදුන් වහන්සේද එහිදී නැවතී තම සිවුර මසාගත් බවට පැවතෙන විශ්වාසයක් නිසාය.
නැගීම දුෂ්කර වන විට දී ක්‍රි.පු 300දී
පමණ ලංකාවට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් සවිකරනු ලැබුවා යයි සැලකෙන යකඩ දම්වැලේ එල්ලී නැගීම සිදු වේ. දම්වැල් පුරුක් අල්ලන හැම විටම සිංහලයා හඬ නගා යමක් කෑ ගසයි.
දහතුන්වැනි සියවසේදී මෙහි පැමිණි මාර්කෝ පෝලෝද මේ පිළිබඳ සටහන් තැබුවේය. මෙහි හිටුවා ඇති සීනුව තම තමන් පැමිණි වාර ගණනට අනුව වන්දනාකරුවන් විසින් නාද කරනු ලබයි. කඳු මුදුනෙහි දැකිය හැකි මනමෝහන දර්ශනයක් නම් හිරු පෑයීමයි. මිහිඳුම් ධාරා පීරාගෙන හිරු රැස් සැතපුම් අසූවක් පමණ කඳු වටයෙන් මුහුදට පතිත වෙයි. මෙහි අලංකාරය දැකීමම දුලබ දර්ශනයෙකි. මෙම ස්වාභාවික සිදුවීම පිළිබඳ බොහෝ වියතුන් අදහස් පළ කරන නමුදු රැල්ෆ් ඇබක්‍රොම්බි 1887 ජනවාරි මාසයේ ‘‘ෆිලෝසොපි’’ නම් සඟරාවෙහි දැක් වූ අදහස් ඉතාම විද්‍යානුකූල වූත් ශාස්ත්‍රීය වූත් අදහසයි.

යොදාගෙන ඇත්තේ අලූත් අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා කන්ද නැගීමටය. අපි රාත්‍රි නවාතැන් ගත්තේ මස්කෙළිය රජයේ රෙස්ට් හවුසියේය. මා සමග ලන්තෑරුමක් සහ මගේ කැමරාව රැගත් කුලී කරුවෙකු ද, මාරු කිරීමට අවශ්‍ය රෙදි සහ කෑම බීම රැගත් කුලීකරුවන් දෙදෙනෙකු ද ගමනට එක් විය.
රාත්‍රී 10ට මස්කෙළියෙන් පිටත්ව පාන්දර 5 පසුවී විනාඩි 10ට ශ්‍රී පාද මළුවට ගොඩ උනෙමු. අධික සීතල හා සුළං පැවති බැවින් අපි උදේ හයට පහළට බැස්සෙමු. මගේ දෙකකුල් පණ නැතිව දනහිස වේදනා ඇති විය. සමහරු කියන පරිදි ශ්‍රී පාදය නැගීමට වඩා බැසීම දුෂ්කර බව දැණින.
(ආච්බොල්ඞ් ලොරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමාගේ සටහනක් ආශ්රයෙනි)
එස්.බී. කරල්ලියද්ද
Category: old sri lanka, Sri Lanka history
0 comments