මිනී මස් කන සාධුවරු

Lanka Journalist | 2:09 PM | 0 comments

ඉන්දියාව අපූරු රටකි. මිහිපිට ස්වර්ගය මෙන්ම අපාය ද එහි ඇත. එය විවිධ භාෂා, සම්ප‍්‍රදායන්, සංස්කෘතීන් හා ආගම්වලින් පිරුණකි. එහි වෙසෙන ජන වාර්ගිකයන් අතර අගෝරි සාධුවරුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටාව හේතුවෙනි. මොවුහු සාම්ප‍්‍රදායික හින්දු දහමට විරුද්ධ වූවන් ය. මිනිස් මාංශ අනුභවය, සතුන් බිලි දීම හා මිනිස් හිස්කබල් උපයෝගී කර ගනිමින් කරන ආගමික වතාවත් සහ මත්පැන් හා මිනීමස් භාවිත කරමින්  සිදු කරන පූජාකර්ම හා අද්භූතජනක වත්පිළිවෙත් මානව සංකල්පරූප ඉක්මවා යන්නකි.

අගෝරි යන නාමය බි`දී ඇත්තේ අගෝර් යන සංස්කෘත වදනිනි. අගෝර් යන්නට විවිධ අරුත් ඇත. ‘මතකයෙන් බැහැර නොවන’ ‘දරුණු නොවන’ නැතිනම් ‘අ`දුරින් තොර’ යන අරුත් එයින් ගම්‍ය වෙයි. අගෝරි සාධුවරුනට අනුව නම් එහි අරුත ‘බියෙන් තොර වූ’ හා ‘හිංසනයෙන් වියුක්ත වූ’ යන්න ය. එම අර්ථකථනය අනුව අගෝරි සාධුවරුන් බියෙන් හා ජුගුප්සාවෙන් තොර පුද්ගලයන් විය යුතු වුව ද ඔවුන්ගේ පූජාකර්ම ජනතාව බිය ගන්වන හා ජුගුප්සාජනක ඒවා ය. ඔවුහු ශිව දෙවියන්ගේ අනුගාමිකයෝ ය. ශිව යනු සියලූ දෙවිවරුන් අතරින් බලවත්ම දෙවියා හා සියල්ල විනාශ කරන්නකු ලෙස ප‍්‍රකටය. ඔවුන්ගේ විශ්වාසය අනුව සෑම මිනිසකුගේම හදවත ශිව දෙවියන් ය. එහෙත් ඒ වටා ඉන්ද්‍රිය පිනවීම, කෝපය, ලෝභය, සිත තුළ ඇති හැ`ගීම්, බිය, වෛරය, ද්වේශය වැනි බැ`දීම් රැුසක් පවතී. අගෝරි සාධුවරයකුගේ ප‍්‍රධාන අරමුණ මෙම බැ`දීම්වලින් විනිර්මුක්ත වීම ය. අමු සොහොනක වාසය කිරීම තුළින් බිය සහ ලිංගික ආසාවන් තුරන් කිරීම හා නිරුවත්ව සිටීම තුළින් ලජ්ජාව නැති කිරීම අරමුණු වෙයි. මේ සියල්ලේ අපේක්ෂාව මෝක්ෂය සාක්ෂාත් කර ගැනීම ය.

අගෝරි සාධුවරු විශ්වයේ සරල නීතිය අනුව ජීවත් වෙති. මේ මායා ලෝකයේ ජීවිතය මරණයෙන් අවසන් වන බව ප‍්‍රත්‍යක්ෂ කරමින් ඔවුහු නිරුවතින් සැරිසරති. ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව සහ මමංකාරය වැනි මිනිස් හැඟීම්වලින් විනිර්මුක්ත මොවුහු තමා විසින්ම සියල්ල අවබෝධ කර ගැනීම මඟින් සම්බෝධියට පත්වීම අරමුණු කරගෙන සිටිති. ඒ ස`දහා ඉතා උසස් අයුරින් සියලූ පූජාකර්මවල නිරත වෙති. දෙවියෝ සියලූ දෙය තුළ වාසය කරන බව ඔවුහු අදහති. ලොව ඇති සියල්ල ශුද්ධ වස්තු ලෙස සලකන මොවුහු සෑම මොහොතක්ම සුබ මොහොතක් ලෙස සලකති.

ඔවුනට පවුල් බැ`දීම් නැත. ජීවිත කාලය පුරා අමු සොහොනක වාසය කරමින්, මිනී හිස්කබලක ආහාර පාන ගනිමින් ජීවිතය ගෙවති. ඔවුන්ගේ ජීවන රටාව අපට අනුමත කළ නොහැකි වුව ද දෙවියන් සොයාගත හැකි සැබෑ මාර්ගය ඇත්තේ එම ජීවන රටාව තුළ යැයි ඔවුහු අදහති. තාන්ති‍්‍රක හින්දු දහමේ  ප‍්‍රධාන සංඝටකයන් අතුරින් ශිව ශක්ති (විශ්වය මැවීම), ඉච්ඡුා ශක්ති (චේතනාවේ බලය) ගයාන් ශක්ති (දැනුමේ බලය), කි‍්‍රයා ශක්ති (කාර්යය බලය) යන ශක්තීන් පමණක් විශ්වාස කරන අගෝරි සාධුවරු ශිව දෙවියන්ගේ සංකේතයක් වන බහිරව දෙවියන්ට පුද පූජා පවත්වති.

ඔවුන්ගේ පි‍්‍රයතම ආහාරය වන්නේ ගංගානම් ගංගාව දිගේ් පාවී එන කුණු වූ මිනිස් මළ සිරුරු ය. ඒ හැර මිය ගිය සතුන් හා ඉවත දැමූ ආහාර වළ`දති. මොවුන් ආහාර ගැනීම ස`දහා භාවිත කරන්නේ මිනිස් හිස් කබලකි. ඔවුන් ගිනි මෙලවීම ස`දහා භාවිත කරන්නේ චිතක දැල්වීමෙන් පසු ඉතිරි වූ දැව ද`ඩු ය. සිරුර වසන්නේ මළ සිරුරු ඔතා ඇති පිළිවලිනි. ගත තවරන්නේ දැවුණු මළමිනීවලින් ශේෂ වූ අළු ය. විවිධ ඇට වර්ගවලින් තැනූ අභරණ පළ`දිති. ශිව දෙවියන් අදහන අගෝරින්්ට නිවාස නැත. ඔවුන්ගේ වාසස්ථාන වන්නේ අමු සොහොන් ය. හින්දු සාධුවරුන් අතර ඉතා භයානක හා අන්තගාමී සාධුවරුන් ලෙස මොවුන් පිළිගැනෙයි. කාලි, දුර්ගා, කමක්්‍ය හෝ චම්මුණ්ඩ වැනි දේවතාවියන් පිදීම ස`දහා පවත්වන තාන්ත‍්‍රික කි‍්‍රයාකාරකම් සමඟ සතුන් සහ මිනිසුන් බිලිදීම, මිනී මස් අනුභවය වැනි ශිව දෙවියන්ගේ කි‍්‍රයාකාරකම් සමඟ සබ`දතාවක් පවතී.

අගෝරි සාධුවරු 14 වැනි සියවසේ ජීවත් වූ කපාලික නම් ශිව භක්තිකයන්ගෙන් විභේදනය වූ පිරිසක් ලෙස සැලකේ. වර්තමාන අගෝරින්ගේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කිනා රාම් ය. ඔහු 18 වැනි සියවසේ වාසය කළ වසර 150කට වැඩි කලක් ජීවත් වූ අගෝරි සාධුවරයෙකි. අගෝරි සාධුවරුන්ගේ ප‍්‍රධානතම පුද භූමිය වරාණාසියේ රවීන්ද්‍රපූරියේ පිහිටා ඇති කිනරාම් ආශ‍්‍රමයයි. කිනා රාම්ගේ සොහොන පිහිටා තිබෙන්නේ මෙම ආශ‍්‍රමයේ ය. අගෝරි සාධුවරු සහ අගෝරි බැතිමත්තු මෙම ස්ථානයට වන්දනාමාන ස`දහා පැමිණෙති.

අගෝරි සාධුවරයකුගේ ජීවිතය පහසු වුවක් නොවේ. අගෝරි සාධුවරයකු වීමට ගුරු සාධුවරයකුගේ මඟ පෙන්වීම යටතේ වසර 12ක් නොකඩවා භාවනා කළ යුතු ය. අධ්‍යාත්මික ශක්තියකට ළඟා විය හැක්කේ ඉන් පසුව ය. අගෝරි සාධුවරයකු වීමට අපේක්ෂා කරන්නා නීති රීති රැුසක් අනුගමනය කළ යුතු ය. ප‍්‍රථමයෙන් ඔහු ගුරු සාධුවරයකු සොයා ගත යුතු ය. ඉන්පසු ගුරු සාධුවරයාගේ සියලූ බැල මෙහෙවර කරමින් ඔහු සමඟ කාලය ගෙවිය යුතු ය. ‘කප්පල’ නමින් හැ`දින්වෙන මිනිස් හිස් කබලක් සපයා ගැනීම ඔහුගේ ඊළඟ රාජකාරිය වෙයි. යෝගියකු බවට පත්වන තෙක් ඔහු සතු එකම පූජාකර්ම භාණ්ඩය වන්නේ එය පමණි. ශිව දෙවියන්ගේ ස්වරූපය සංඛේතවත් කරමින් තම සිරුරේ අළු තැවරීම කළ යුතු ය. අවසන් වෘතය වන්නේ කුණු වූ මිනිස් මළ සිරුරු  අනුභව කිරීම සහ මළ සිරුරක් මත භාවනාවයි. ඔවුන් පානය කරනුයේ සතුන්ගේ මුත‍්‍ර ය.

බැතිමතුන් විශ්වාස කරන අයුරින් අගෝරි සාධුවරු සතුව සුවකිරීමේ හැකියාවක් පවතී. අගෝරි සාධුවරයකුගේ සිරුර සහ මනස එක්තැන් කිරීම තුළින් ලබා ගන්නා ශක්තිය මඟින් කෙරෙන එම සුව කිරීම ඔවුන් හ`දුන්වන්නේ රූපාන්තරණ සුවකිරීමක් ලෙසිනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා -

Category: , ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments