කෙට්ටුවෙන්න ගොස් ඇනගත්ත නිළියක්
ඇතැම් විට මෙය උන්මාදයක් බවට පත්වන අවස්ථාද ඇත. එම උන්මාදය බොහෝ කාන්තාවන්ට ජීවිත තර්ජන පවා එල්ල කරන්නට සමත්ය. එකී උන්මාදය වැල`දුණු කාන්තාවෝ ආහාර නොගෙන සිරුර කෙට්ටු කර ගැනීමට පෙලඹෙති.
ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ 37 හැවිරිදි නිළියක වූ රේචල් ෆරොක්ද මුහුණ පෑවේ එවැනි තත්ත්වයකටය. මෙයින් දස වසරකට ඉහත ආහාර පාලනය කිරීම මගින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කළ රේචල්, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන්නීය. රාත්තල් 125 පමණ බරකින් යුතු වූ ඇයගේ ශරීරය ආහාර පාලනය හේතුවෙන් රාත්තල් 40 දක්වා අඩු වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඇයට තනිව කිසිවක් කර ගැනීමට නොහැකි තරමට ඇය දුර්වල වීමයි. කලක් තිස්සේ දැඩි ලෙස ආහාර වර්ජනය කිරීම හේතුවෙන් මේ වන විට ඇය ගන්නා කිසිදු ආහාරයක් ජීර්ණ කරගත නොහැකි වී ඇති අතර ගන්නා සියලූ ආහාර ශරීරය මගින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

ඇනොරෙක්සියා නර්වෝසා රෝගය වර්ධනය වනුයේ වැඩිවිය පැමිණීමත් සමඟිනි. මෙම රෝගයට බ`දුන්වන දස දෙනකුගෙන් නව දෙනකුම කාන්තාවන් වීම විශේෂත්වයකි. ඇමෙරිකානු කාන්තාවන් සිය දෙනකු අතුරින් එක් අයෙක් මෙම රෝගයට ගොදුරු වන බව සොයාගෙන ඇත. කිසිවකු මෙම රෝගයට ගොදුරු වී ඇති බව හ`දුනාගත හැක්කේ එම පුද්ගලයා ක්‍රමයෙන් ආහාර පාලනයට යොමුවීම සමඟිනි. සිරුර කෙතරම් කෘෂ වුවද තමා තවමත් තරබාරුය යන අනියත බියක් මොවුන් තුළ පවතී.
ඇනොරෙක්සියා නර්වෝසා රෝගයේ ප්‍රභේද දෙකකි. එක් ප්‍රභේදයක් වනුයේ බුලිමියා නමින් හැ`දින්වෙන ආහාර ප්‍රතික්ෂේප කිරීමේ කි‍්‍රයාවලියයි. එයට ගොදුරු වූ රෝගියා ආහාර අනුභව කොට ම`ද වේලාවකින් සියලූ ආහාර වමනය කොට ඉවත දමයි. ආහාරවල පෝෂණය සිරුරට උරා ගැනීම වැළැක්වීම මෙහි අරමුණය. අනෙක් ප්‍රභේදය දැඩි ලෙස ආහාර පාලනය කොට ශරීරයට ලැබිය යුතු පෝෂණය අවම කිරීමය. බුලිමියා රෝගයට බොහෝ විට බ`දුන්වනුයේ ලිංගික අපයෝජනයට ලක්වූවන් බැව් විශ්වාස කෙරේ.
මොවුහු තමනට ආවේණික වූ ආහාර රටාවකට පෙළැඹී සිටිති. පිරිසක් ඉදිරියේ ආහාර නොගන්නා අතර පිළිවෙළකට ආහාර බෙදාගැනීමද ප්‍රතික්ෂේප කරති. එහෙත් තමා ආහාරවලට දැඩි ගිජු බවක් දක්වන බව පෙන්වීමට මොවුන් කැමතිය. සූප ශාස්ත්‍ර පොත් විශාල වශයෙන් එකතු කිරීමට සහ තම හිතවතුනට සහ මිතුරනට භෝජන සංග්‍රහ පැවැත්වීමට කැමැත්තක් දක්වන මොවුහු පිරිසත් සමඟ එක්ව ආහාර ගැනීමෙන් වැළකී සිටිති. වැඩි වැඩියෙන් ව්‍යායාමවල නිරත වීමටද මොවුහු කැමැත්තෝය.

ඇනොරෙක්සියාව වැල`දුණු රෝගියා දැඩි ලෙස ආහාර පාලනය කිරීම හේතුවෙන් ඌන පෝෂණයට ලක්වන අතර, එමඟින් සිරුරේ බර අඩුවීම ආරම්භ වෙයි. ඌන පෝෂණය හේතුවෙන් මොළයේ ෙසෙල සහ ශරීර ධාතූන් ව්‍යාකූලවීමට පටන් ගනී. ආහාර රුචිය නොමැති වන අතර ධාරණ ශක්තිය හීන වෙයි. වෙනත් රෝගවලට පහසුවෙන් ගොදුරු වන අතර ඔස්ටියොපොරොසීස්, අවිධිමත් හෘද ස්පන්දන රටා, විවිධ අතුරු ආබාධ සහ විෂාදිය වැනි මානසික රෝගී තත්ත්වයනට ලක්විය හැකිය.
ඇනොරෙක්සියා රෝගියකුට කිසිවකුගේ උපකාරයෙන් තොරව යළි යථා තත්ත්වයට පත් විය නොහැකිය. ආරම්භක අවධියේ රෝගය හ`දුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි වන අතර එසේ නොවුණහොත් කඩිනමින් මරණය ළඟාවිය හැකිය.
37 හැවිරිදි රේචල් ෆරොක් මෙම රෝගයට ගොදුරු වූයේ මින් වසර 10කට පමණ ඉහතය. ‘‘මට අවශ්‍ය වූයේ රාත්තල් කිහිපයකින් සිරුරේ බර අඩු කර ගැනීමටයි. ඒ ස`දහා මා ව්‍යයාම කළා. මගේ සැමියා වන රොඞ් එඞ්මන්සන් මට හමුවුණේ එලෙස ව්‍යායාමවල නිරතවීමට ගිය අවස්ථාවකයි. පසුව ඔහු මගේ ව්‍යායාම උපදේශක ලෙස කටයුතු කළා. මගේ රැුකියාව අහිමි වූයේ මේ කාලයේ. එයින් මා දැඩි මානසික කම්පනයකට පත් වුණා. මා මේ රෝගයට ගොදුරු වූයේ එම කම්පනය නිසයි’’ යනුවෙන් රේචල් පැවසුවාය.
රේචල්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇගේ සැමියා වන රොඞ් තම රැුකියාවෙන් ඉවත්ව පූර්ණ කාලීනවම ඇය රැුකබලා ගැනීමට පියවර ගත්තේය. කලකට ඉහත රේචල්ගේ හෘදයේ සහ අක්මාවේ කි‍්‍රයාකාරීත්වය හීන වූ අතර අවස්ථා ගණනාවකදී වරින්වර ඇයගේ රුධිරය මාරු කිරීමට සිදු විය. ඇගේ මනසේ පාලනයද ඇනහිටි අතර මොහොතකට පෙර පැවසූ දෙයක් ඊළඟ මොහොතේ අමතක වන තරමට එය පහත වැටිණි. කිසිදු
රෝහලක් ඇයට ප්‍රතිකාර කිරීම භාර නොගත්තේ ඇය එතරමටම දුර්වල තත්ත්වයට පත්ව සිටි හෙයිනි. ඇයගේ ජීවිතය පිළිබ`ද වගකීම තමනට භාර ගත නොහැකි බව බොහෝ රෝහල් ප්‍රකාශ කොට තිබිණි. මේ වන විට ඩෙන්වර්හී හෙල්ත් මෙඩිකල් සෙන්ටර් නම් රෝහල ඇයට ප්‍රතිකාර කිරීම ආරම්භකොට තිබේ. රෝහල කරා රැුගෙන යාමට සුදුසු තත්ත්වයක නොසිටින හෙයින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ නිවසටම පැමිණ ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇත. ඇගේ වෛද්‍ය වියදම් ස`දහා ඩොලර් 140,000 අවශ්‍ය වූ බැවින් තමාට උපකාර කරන මෙන් ඉල්ලා එක්තරා සමාජ වෙබ් අඩවියක් මගින් රේචල් කළ ඉල්ලීමට බොහෝ ප්‍රතිචාර ලැබිණි. මේ වන විට ඩොලර් 200,000 පමණ සොයා ගැනීමට හැකි වී ඇති අතර තම ප්‍රතිකාර සඳහා වැය වන මුදලට අමතරව ඇති මුදල් මෙම රෝගයට ගොදුරුව ලැබී ඇති වෙනත් රෝගීන් වෙනුවෙන් ලබා දීමට රේචල් සූදානමින් සිටින්නීය. තමාට උපකාර කළ සියලූ දෙනාට ස්තුති කළ රේචල් ‘‘ඔබ දැනගතයුතු දෙයක් තිබෙනවා. ඔබේ ආධාරයෙන් යළි ජීවත් වන්නේ මා පමණක් නොවෙයි. තවත් බොහෝ දෙනකුගේ ජීවිත ගලවා ගැනීමට මෙම මුදල් උපකාරී වනවා. මෙම රෝගයට ගොදුරු වූවන් පමණක් නොව පිළිකා රෝගයට ගොදුරු වූ ජීවිතය අයැදින මිනිසුන් සුවපත් කිරීම ස`දහාද ඔබේ ආධාරයට හැකි වේවි. ඔබ සැමට ස්තුතියි’’ යනුවෙන් තම වෙබ් අඩවියේ ස`දහන් කොට තිබිණි.
Category: book, facebook, lakdiva news, sinhala
0 comments